settings icon
share icon
ප්‍රශ්නය

දෙවියන් වහන්සේගේ ප්‍රතිරූපය වන බලහත්කාරය හා කෝපය, මාගේ සිතෙන් ඉවත් කරගන්නේ කෙසේද?

පිළිතුර


"අතීශයින් හෘදයංගම ප්‍රකාශයන් ගෙන් එකක් වන "දෙවියන් වහන්සේ ප්‍රේමයයි" (1 යොහාන් 4:8) යන කියමන සළකා බැලීම සමහර විට ඊට උපකාරයක් වීමටහැකිය. මීට වඩා වැදගත් ප්‍රකාශයක් කිසි විටෙකත් සිදු නොවීය- එනම් දෙවියන් වහන්සේ ප්‍රේමයයි. මෙම කියමන අතීශයින් හෘදයංගම එකකි. දෙවියන් වහන්සේ ආදරය කරන්නේ නැත. එතුමාණන් වහන්සේම ප්‍රේමය වේ. උන්වහන්සේගේ ස්වභාවය සහ හරය ප්‍රේමයයි. ප්‍රේමය උන්වහන්සේගේ පැවැත්මට විනිවිද යන අතර අනෙකුත් සියළු ගුණාංග, කෝපය සහ උදහස පවා ඇති කරයි. දෙවියන් වහන්සේ කෝපයෙන් සිටින බව අප දකින විට, උන්වහන්සේගේ උදහස එතුමාණන්ගේ මහත් ප්‍රේමය තුළින් පෙරහන් වී ඇති බව වටහා ගැනීමට එය උපකාරී වේ.

පාපයට සමාව ලබා ගැනීම සඳහා ඇදහිල්ලෙන් ක්‍රිස්තුස් වහන්සේ වෙත පැමිණි තම දරුවන් සමඟ දෙවියන් වහන්සේ කිසිවිටෙකත් කෝප නොවන බව තේරුම් ගැනීමට එය පහසු වනු ඇත. එතුමාණන් වහන්සේගේ මුළු කෝපය සම්පූර්ණයෙන්ම ඝෘජුවම එල්ල වී තිබුණේ කුරුසිය මත සිටි තමාගේම පුත්‍රයා කෙරෙහිය. එබැවින් ක්‍රිස්තුස් වහන්සේ කවුරුන් සඳහා මිය යනු ලැබුවාද, ඔවුන් කිසිවෙක් කෙරෙහි එතුමන් කිසිදිනක කෝප නොවනු ඇත. "දෙවියන් වහන්සේ සෑම දිනකම දුෂ්ටයන් කෙරෙහි කෝපයෙන් සිටින බව" බයිබලය අපට පවසයි (ගීතාවලිය 7:11). නමුත් ක්‍රිස්තුස් වහන්සේට අයිති අපි දුෂ්ටයන් නොවෙමු. දෙවියන් වහන්සේගේ ඇස් ඉදිරියෙහි අප පරිපූර්ණ වන්නේ, උන් වහන්සේ අප දෙස බලනවිට එතුමාණන්ට පෙනෙන්නේ යේසුස් වහන්සේ බැවින්ය. "අප උන්වහන්සේ තුළ දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම වන පිණිස පාපය නොදත්තාවූ උන්වහන්සේ අප වෙනුවට පාපය වෙන්ට සැලැස්සූ සේක" (2 කොරින්ති 5:21). අපගේ පාපයට එරෙහි සියළු දෙවියන් වහන්සේගේ උදහස යේසුස් වහන්සේ මත කුරුසියේ වැගිරෙවූ අතර, අප ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි අපගේ ඇදහිල්ල තබා තිබේ නම් උන්වහන්සේ නැවත අප සමඟ කෝප නොවනු ඇත. තමාගේ අය උදෙසා එතුමන් මෙසේ කරනු ලැබුවේ, උන්වහන්සේගේ උතුම් ප්‍රේමය නිසාමය.

දෙවියන් වහන්සේ ප්‍රේම කරන නිසා, උන්වහන්සේගේ ශුද්ධ අවශ්‍යතාවය (ඉල්ලුම) වන සම්පූර්ණත්වය / පරිපූර්ණත්වය අවලංගු වන්නේ නැත. කෙසේ වෙතත්, උන්වහන්සේ ප්‍රේම කරන බැවින් අප උදෙසා දිවි පිදුමට එතුමාණන් වහන්සේව එවන ලද අතර එම පූජාව, දෙවියන් වහන්සේගේ අවශ්‍යතාවය වන පරිපූර්ණත්වය මුළු මනින්ම සපුරාලන්නට සෑහේ. උන් වහන්සේ ප්‍රේම කරන බැවින් මිනිසාට තවදුරටත් පාපයෙන් වෙන් නොවී සිටීමට මාර්ගයක් සාදා දෙවියන් වහන්සේ සමඟ සහභාගිත්වයකට පිවිස එමඟින් දෙවියන් වහන්සේගේ පවුලට සාදරයෙන් ඇතුල්ව, එහි ස්ථානගත වන්නට හැකි වන්නේ කුරුසිය මත එතුමන් අවසන් කළ ක්‍රියාව නිසාය (1 යොහාන් 1:12, 5:24).

මේ දේවල් දැන සිටියත්, අපි තවමත් දෙවියන් වහන්සේව කෝපය හා බලහත්කාරකම් කරන්නෙකු ලෙස දකින්නේ නම්, ඒ සමහර විට උන්වහන්සේ සමඟ අපගේ සම්බන්ධතාවය ගැන අපට විශ්වාසයක් නැතිවීම නිසා විය හැක." ඔබ ඇදහිල්ලෙන් සිටිනවාද යන්න පරීක්‍ෂා කරබැලීමට" බයිබලය අපව දිරිගන්වයි (2 කොරින්ති 13:5). අප සැබවින්ම ක්‍රිස්තුස් වහන්සේට අයිති දැයි සැකයක් වේ නම් අප කළ යුත්තේ, පසුතැවිලිවී අප ගලවා ගන්නා ලෙස උන් වහන්සේට අයදීමය. එවිට එතුමාණන් අපගේ පාපයන් කමාකොට, අප තුළ වාසය කරන පිණිස ශුද්ධාත්මායාණන් වහන්සේ අපට දෙමින්, අප එතුමාණන් වහන්සේගේ දරුවන් බවට සහතික කරනු ඇත. අප උන්වහන්සේ දරුවන් බවට සහතිකවූ පසු, එතුමාණන් වහන්සේගේ වචනය කියවීමෙන් හා අධ්‍යයනය කිරීමෙන්, සැබවින්ම උන්වහන්සේ සිටින ආකාරය අපට පෙන්වන ලෙස උන් වහන්සේගෙන් ඉල්ලා සිටීමෙන් උන්වහන්සේට සමීප වීමට අපට හැකි වේ. දෙවියන් වහන්සේ අප සෑම කෙනෙකුටම ප්‍රේම කරන අතරම, පුද්ගලික සම්බන්ධතාවයකින් අපව දැන හදුනා ගැනීමට ආශාවේ. අපි මුළු හදවතින් එතුමාණන් සොයන්නේ නම්, නිසැකවම අප උන්වහන්සේව සොයා ගන්නා බවට සහතික වී ඇත (යෙරමියා 29:13, මතෙව් 7:7-8). එවිට අපට දෙවියන් වහන්සේව කෝපය සහ බලහත්කාරකම් කරන්නෙකු ලෙස නොව, ප්‍රේමණීය සහ කරුණාවන්ත පියෙකු ලෙස දැන ගැනීමට හැකි වනු ඇත.

English



නැවතත් සිංහල මුල් පිටුවට

දෙවියන් වහන්සේගේ ප්‍රතිරූපය වන බලහත්කාරය හා කෝපය, මාගේ සිතෙන් ඉවත් කරගන්නේ කෙසේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries