settings icon
share icon
ප්‍රශ්නය

දෙවියන්වහන්සේ බයිබලය තුළ එවකට එතරම් පැහැදිලිව දෘෂ්‍යමානවු අතර අද සැඟවී ඇති බව පෙනේන්නේ ඇයි? ඇයි දෙවියන් වහන්සේ අද අපට තමන් වහන්සේව එලිදරව් නොකරන්නේ?

පිළිතුර


"දෙවියන්වහන්සේ බයිබලය තුළ එවකට එතරම් පැහැදිලිව දෘෂ්‍යමානවු අතර අද සැඟවී ඇති බව පෙනේන්නේ ඇයි? ඇයි දෙවියන් වහන්සේ අද අපට තමන් වහන්සේව එලිදරව් නොකරන්නේ?

පිළිතුර: දෙවියන්වහන්සේ මිනිසුන්ට පෙනී සිටීම, පුදුමාකාර හා ප්‍රතික්ෂේප කළ නොහැකි ප්‍රාතිහාර්යයන්, ඇසෙන පරිදි කථා කිරීම සහ අද බොහෝවිට අප නොදකින බොහෝ දේ බයිබලයෙහි සටහන් වේ. ඇයි මේ? බයිබල් කාලවලදී දෙවියන්වහන්සේ තමන්ව හෙළිකිරීමට හා ඔප්පු කිරීමට එතරම් කැමැත්තක් දැක්වූ නමුත් අද "සැඟවුණු" හා නිහඩව සිටින බවක් පෙනෙන්නට තිබෙන්නේ ඇයි?

දෙවියන්වහන්සේ අද සැඟවී ඇති බවක් පෙනෙන්නට තිබීමට ඇති සරලම හේතුවක් නම් හිතාමතාම පසුතැවිලි නොවී පාපයේ සිටිමයි. "එවිට ඔවුන් සමිඳාණන් වහන්සේට මොර ගසනු ඇත, නමුත් උන්වහන්සේ ඔවුන්ට උත්තර දෙන්නේ නැත. ඔවුන් කළ නපුර නිසා ඒ අවස්ථාවේදී උන්වහන්සේ ඔවුන්ගෙන් මුහුණ සඟවා ගත්තේය" (මීකා 3:4; ද්විතීයකථාව 31:18; 32:20). ඇදහිල්ලෙන් තොරව දෙවියන්වහන්සේව සතුටු කිරීමට නොහැකිය (හෙබ්‍රෙව් 11:6). සමහරවිට විශ්වාස කිරීම ප්‍රතික්ෂේප කිරීම නිසා මිනිසුන්ට දෙවියන්වහන්සේ පිළිබඳ සාක්ෂි මග හැරේ (මාර්ක් 6:1-6 බලන්න). ඔබ ඔබගේ දැස් විවර කිරිම ප්‍රතික්ෂේප කරන විට එය දැකීම දුෂ්කර ය.

සැඟවී සිටිනවා වෙනුවට දෙවියන්වහන්සේ මිනිස් සංහතියට ප්‍රගතිශීලී එළිදරව් කිරීමේ සැලැස්මක් සම්පූර්ණ කර ඇත. සිය ශතවර්ෂ ගණනාවක් පුරා සන්නිවේදනය කිරීමේ ක්‍රියා වලියේදී, දෙවියන්වහන්සේ ඇතැම් විට ප්‍රාතිහාර්යයන් හා මිනිසුන් සමඟ ආමන්ත්‍රණය කළේ උන්වහන්සේගේ චරිතය, උපදෙස් සහ සැලසුම් හෙළි කිරීමටය. දෙවියන්වහන්සේගේ කථා කාලය අතර නිශ්ශබ්ද තාවයක් පැවතුනි. උන්වහන්සේගේ බලය එතරම් පැහැදිලිව පෙනෙන්නට නොතිබූ අතර නව එළිදරව්වක් නොපැමිණියේය (1 සාමුවෙල් 3:1 බලන්න).

දෙවියන්වහන්සේගේ පළමු ප්‍රාතිහාර්යය — මැවීම — කිසිඳු ආකාරයකින් සැඟවී නැත. මැවීම යනු දෙවියන්වහන්සේගේ පැවැත්ම පිළිබඳ මූලික සාක්ෂිය වන අතර උන්වහන්සේගේ බොහෝ ගුණාංග ප්‍රදර්ශනය කරන ආකාරයයි. දෙවියන්වහන්සේ බලවත්, පරමාධිපත්‍ය හා සදාකාලික බව මනුෂ්‍යයාට පෙනේ (රෝම 1:20). මැවීම මනුෂ්‍ය වර්ගයාට උන්වහන්සේ කළ පළමු ප්‍රකාශයයි. "අහස දෙවියන්වහන්සේගේ මහිමය ප්‍රකාශකරයි; ගුවන්තලය උන්වහන්සේගේ හස්ත කර්මාන්තය ප්‍රකාශ කරයි" (ගීතාවලිය 19:1). මැවිල්ලෙන් පසුව, දෙවියන්වහන්සේ මිනිසුන්ට තවදුරටත් ප්‍රකාශ කිරීමටත් මිනිසාගේ මාර්ග ගැන දැනුම් දීමටත් කතා කළේය. උන්වහන්සේ මුලින්ම ආදම් සහ ඒවට කතා කොට ඔවුන්ට අණ කළ අතර ඔවුන් අකීකරුවූවිට ශාපයක් ප්‍රකාශ කළේය. අපව පාපයෙන් මුදවා ගැනීම සඳහා ගැළවුම්කරුවෙකු එවන බවට උන්වහන්සේ ඔවුන්ට සහ සියලු මනුෂ්‍යයන්ට සහතික විය.

ඒනොක් ස්වර්ගයට ඔසවා ගත් පසුව, දෙවියන්වහන්සේ නැවත වරක් "සැඟවී" සිටි බව පෙනේ. නමුත් පසුව දෙවියන්වහන්සේ නෝවාට කතා කළේ ඔහුව සහ ඔහුගේ පවුලේ අයව හා මෝසෙස්ව ගලවා ගැනීම සඳහායි. උන්වහන්සේගේ සෙනඟට අනුගමනය කිරීමට නීතිය ලබා දුන්නා. මෝසෙස්ව තම අනාගතවක්තෘවරයා ලෙස පිළිගැනීමටත් (නික්මයාම 4:8) දෙවියන්වහන්ස්සේ ඊශ්‍රායෙල්වරුන්ව ඊජිප්තුවෙන් ගලවා ගැනීමටත් හාස්කම් කළා. පොරොන්දු දේශයේ ඊශ්‍රායෙලය පිහිටුවීමටත්, එලියා සහ එලිෂාගේ කාලයේදීත් අනාගතවක්තෘවරුන්ව සත්‍යාපනය කිරීමටත් රූප වන්දනාවට එරෙහිව සටන් කිරීමටත් යෝෂුවාගේ කාලයේදී දෙවියන්වහන්සේ ආශ්චර්යයන් කළා. පැහැදිලි දිව්‍යමය මැදිහත්වීමක් පැවති කාල වලදී, ප්‍රාතිහාර්යයක් දැකීමෙන් හෝ දෙවියන්වහන්සේගේ හඬටට ඇහුම්කන් නොදී පරම්පරාවන් ගෙවී ගියේය. "දෙවියන්වහන්සේ අද සැඟවී සිටින තත්වයක් දකින්නේ ඇයි? උන්වහන්සේ තමන්වහන්සේව

හෙලිදරව් නොකරන්නේ ඇයි?"

දෙවියන්වහන්සේගේ "නිහඩ අවුරුදු" 400 කට පසු යේසුස්වහන්සේ පොළොවට පැමිණිවිට, උන්වහන්සේ සැබවින්ම දෙවියන්වහන්සේගේ පුත්‍රයා බව ඔප්පු කිරීමටත් උන්වහන්සේ කෙරෙහි ඇදහිල්ල ඇති කිරීමටත් ප්‍රාතිහාර්යයන් කළේය (මතෙව් 9:6; යොහන් 10:38). උන්වහන්සේගේ ප්‍රාතිහාර්යමය නැවත නැඟිටීමෙන් පසුව, උන්වහන්සේගේ ප්‍රේරිතයන්ට තමන් විසින් එවන ලද බව ඔප්පු කිරීම සඳහා දිගටම ප්‍රාතිහාර්යයන් කිරීමට උන්වහන්සේට හැකිවිය. එවිට මිනිසුන් යේසුස්වහන්සේ කෙරෙහි විශ්වාස කර ප්‍රේරිතයන් ලියන අළුත් ගිවිසුමට අවනත විය.

ප්‍රේරිතයන්ගේ කාලයෙන් පසුව, දෙවියන්වහන්සේ තව දුරටත් අපට ඇහුම්කන්දීමට හෝ තමාම පැහැදිලිව ප්‍රකාශ කිරීමට හේතු කිහිපයක් තිබේ. ඉහත සඳහන් කළ පරිදි දෙවියන්වහන්සේ දැනටමත් කථා කර ඇත. උන් වහන්සේගේ වචන විශ්වාසවන්තව ලියා ඇති අතර ඒවා ආශ්චර්යමත් ලෙස අප වෙනුවෙන් යුග ගණනාවක් තිස්සේ තබා ඇත. බයිබලය අවසානයි. දෙවියන්වහන්සේගේ ප්‍රගතිශීලී එළිදරව්ව සිදුවේ (එළිදරව් 22:18). දැන් අපට සම්පුර්ණ කරන ලද ශුද්ධ ලියවිල්ල පිළිගත් ග්‍රන්ථ සමූහයක් ඇති අතර, දැනටමත් වලංගු කර ඇති බයිබලය "වලංගු කිරීම" සඳහා තවත් ප්‍රාතිහාර්යයන් අවශ්‍ය නොවේ. දෙවියන්වහන්සේගේ පරිපූර්ණ වචනය තුළ අපට අවශ්‍යවන්නේ "ධර්මය, අවවාදය, ධර්මිෂ්ධකම නිවැරදි කිරීම සහ ඉගැන්වීම" (2 තිමෝති 3:16). "ක්‍රිස්තුස්යේ සුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල කරණකොටගෙන ගැළවීමට ප්‍රඥාවන්ත වීමට" බයිබලය පරිපූර්ණව සමත්වේ (2 තිමෝති 3:15). එය "ආශ්චර්යමත් අත්දැකීම්වලට වඩා විශ්වාසදායක අනාවැකි වචනයකි. අප ඒ ගැන සැලකිලිමත් විය යුතුය" (2 පේත්‍රැස් 1:19). අපට ඊට වඩා දෙයක් අවශ්‍ය නොවන අතර, අප බයිබලානුකුල නොවන එළිදරව් කිරීම් සෙවිය යුතු නොවේ. එසේ කිරීම දෙවියන්වහන්සේ ප්‍රමාණවත් යැයි ප්‍රකාශ කර ඇති ශුද්ධ ලියවිල්ලේ කාර්යක්ෂමතාව ප්‍රශ්න කරයි.

නමුත් ශුද්ධාත්මයාණන්වහන්සේ අපට කථා කරන්නේ නැද්ද? ඔව්, උන්වහන්සේ මේ ලෝකයේ අපගේ සැනසිලිකාරයාණන්ය (යොහන් 14:16). අපට මඟ පෙන්වීම සඳහා උන්වහන්සේ අපගේ හෘදසාක්ෂිය සමඟ කටයුතු කළ හැකිය. නමුත් ආත්මයාණන්වහන්සේ අද දින නව එළිදරව්වක් ලබා නොදෙන බව තේරුම් ගැනීම වැදගත්ය. ඒ වෙනුවට උන්වහන්සේ අපට කථාකරන්නේ දෙවියන්වහන්සේගේ ලිඛිත වචනය වන "ආත්මයේ කඩුව" (එපීස 6:17). අපට වඩාත්ම අවශ්‍ය අවස්ථාවන්හිදී ආත්මයාණන් වහන්සේ බොහෝවිට ශුද්ධ ලියවිල්ල මතකයට නංවනු ඇත (යොහන් 14:26); වචනය තේරුම් ගැනීමට උන්වහන්සේ අපව දැනුවත් කරන අතර එය ජීවත්වීමට අපට බලය ලබා දෙයි. නමුත් කිසිවෙකුට කිව නොහැක, එනම් ආත්මයාණන්වහන්සේ ස්වර්ගය පිළිබඳ බයිබලයේ නොමැති අළුත් කරුණක් එලිදරව් කලේ යැයි කිව නොහැක . එය ශුද්ධ ලියවිල්ලට එකතු කිරීමක් සහ උපකල්පනයේ උච්චතම අවස්ථාවයි.

අද දෙවියන්වහන්සේගේ "සැඟවුණු" තත්වයට තවත් හේතුවක් අනාගතවක්තෘ හබක්කුක් විසින් සඳහන් කර ඇත: "ධර්මිෂ්ධයා ඔහුගේ ඇදහිල්ලෙන් ජීවත් වන්නේය" (හබක්කුක් 2:4). දෙවියන්වහන්සේ තම සෙනඟට ආශ්චර්යමත් සංඥා නොකඩවා ලබා දෙන්නේ නැත. උන්වහන්සේ එසේ නොවේ. ඒ වෙනුවට, උන්වහන්සේ අපේක්ෂා කරන්නේ තමන්වහන්සේ දැනටමත් කර ඇතිදේ විශ්වාස කිරීම, දිනපතා ශුද්ධ ලියවිල්ල සෙවීම සහ ඇදහිල්ලෙන් ජීවත්වීම මිස පෙනී මෙන් නොවේ (මතෙව් 16:4; යොහන් 20:29; 2 කොරින්ති 5:7).

අවසාන වශයෙන්, දෙවියන්වහන්සේ කිසිවක් නොකරන බව පෙනෙන්නට තිබෙන කාලවලදී පවා, උන්වහන්සේ තවමත් සියලු මැවිල්ලේ පරමාධිපතියාණන් වන අතර, උන්වහන්සේ නිරතුරුවම වැඩ කරමින් සිටින අතර, උන්වහන්සේගේ පරිපූර්ණ සැලැස්ම සම්පූර්ණ කරයි. දෙවියන්වහන්සේගේ "සැඟවුණු" වැඩ කිරීම සඳහා හොඳම උදාහරණය වන්නේ එස්තර්ගේ පොතයි. එහි දෙවියන්වහන්සේ කිසිවිටෙකත් සඳහන් කර නැති නමුත් ආරම්භයේ සිට අවසානය දක්වා උන්වහන්සේගේ පරමාධිපත්‍යය පැහැදිලිව පෙන්වයි.

English



නැවතත් සිංහල මුල් පිටුවට

දෙවියන්වහන්සේ බයිබලය තුළ එවකට එතරම් පැහැදිලිව දෘෂ්‍යමානවු අතර අද සැඟවී ඇති බව පෙනේන්නේ ඇයි? ඇයි දෙවියන් වහන්සේ අද අපට තමන් වහන්සේව එලිදරව් නොකරන්නේ?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries