settings icon
share icon
ප්‍රශ්නය

දෙවියන් වහන්සේ අවයවයන් අහිමිවූවන් සුවපත් නොකරන්නේ මන්ද?

පිළිතුර


සමහර අය මෙම ප්‍රශ්ණය පරිහරණය කරනු ලබන්නේ දෙවියන් වහන්සේගේ පැවැත්ම "නිෂ්ප්‍රභා" කිරීමටය. තව දුරටත් පැවසුවහොත් "දෙවියන් වහන්සේ අවයවයන් අහිමිවුවන් සුවපත් නොකරන්නේ මන්ද?" යනුවෙන් අන්ත ක්‍රිස්තුස් වෙබ් අඩවියක්ද ඇත. argument: http//www.whywontgodhealamputees.com දෙවියන් වහන්සේ සර්ව බලධාරී නම් යේසුස් වහන්සේ අපි ඉල්ලන ඕනෑම දෙයක් කරන්ට පොරොන්දු වූයේ නම් (මෙසේ තර්කයන් පවතිත්දී) කිසි දිනක දෙවියන් වහන්සේ අවයවයන් අහිමි වූවෙකුට අප යාච්ඤා කරන මොහොතේදී සුව නොකළේ මන්ද? උදාහරණයක් ලෙස දෙවියන් වහන්සේ පිළිකා වලින් සහ දියවැඩියාවෙන් පෙළෙන අය සුව කරන්නේ මන්ද? එහෙත් එතුමාණන් කිසිදිනෙක ඉවත් කරන ලද අවයවයක් නැවත පුනර්වර්ධනය වීමට සලස්වන්නේ නැත්තේ මන්ද? අවයවයන් ඉවත් කරන ලද තැනැත්තා එලෙසම සිටිමට (අවයවයන් ඉවත් කරන ලද කෙනෙක් ලෙසම) සිටීමට හේතුව දෙවියන් වහන්සේ නොපවතින බවට "ඔප්පුවක්" වන අතර යාච්ඤාවෙන් පලක් නොමැති බවත්, එවැනි සුවවීම් සහසිද්ධි බවත් සහ එම ආගම මිත්‍යාවක් බවත්ය.

ඉහත සඳහන් තර්කය සාමාන්‍යයෙන් ඉදිරිපත් කරනු ලබන්නේ කල්පනාකාරී, මනා කරුනු කාරණා සහිත ආකාරයකින් ලියවිල්ලෙහි නිදහස් මතධාරි සංඛ්‍යාවක් ඉසිරූ බිඳක් තව දුරටත් යුක්ති සහගත සහ නීත්‍යානුකුල බව පෙන්වීමක් සමඟමය. කෙසේ වුවද මෙම තර්කය දෙවියන් වහන්සේ පිළිබඳ සාවද්‍ය මතයක් මත සහ ලියවිල්ල වැරදි ආකාරයක අර්ථ නිරූපණයක් මත පදනම් වී ඇත. කරුනු ගොඩනැඟී ඇති ආකාරය අනුව "අවයවයන් අහිමි වූවන් දෙවියන් වහන්සේ සුවපත් නොකරන්නේ මන්ද" යන තර්කය අඩුම වශයෙන් සාවද්‍ය උපකල්පනයන් හතක් ගෙන එයි.

උපකල්පනය1: දෙවියන් වහන්සේ කිසි දිනක අවයවයන් අහිමි වූවන් සුවපත් කර නැත.ලෝක ඉතිහාසය තුළ කිසි දිනක දෙවියන් වහන්සේ අවයවයක් පුනර්වර්ධනය වීමට සැලැස්සුවේ නැතයි කීමට කාට පුළුවන්ද? එසේ කීමට " මට අවයවයන් පුනර්වර්ධනය වීම සිදුවිය හැකියි පැවසීමට අනුභාවික සාක්‍ෂියක් නැති බැවින්, ලෝක ඉතිහාසයේ කිසිදිනක අවයවයන් අහිමි වූවෙකු සුවපත් වූයේ නැත" යන්න පැවසීමට එක හා සමානකම් ඇති කියමන දෙස යොමු වෙමු මගේ ගෙවත්තෙහි හාවුන් ජීවත්වූ බවට ආනුභාවික සාක්‍ෂියක් නොමැති බැවින් ලෝක ඉතිහාසයේ කිසිදිනක මගේ ගෙවත්තෙහි හාවූන් ජීවත් වූයේ නැත. එය ඉතා සරල වුවද ඇද ගත නොහැකි නිගමනයකි. මීට අමතරව ඵෙතිහාසික වාර්ථාවන් අපට ඇත්තේ යේසුස් වහන්සේ ලාදුරු රෝගීන් සුව කළ බව, සමහර අය තමන්ගේ ඇඟිළි වැනි හෝ මුහුණෙහි ස්වරූපය අහිමි වූවෙකු විය හැකිය. මේ සෑම කාරණාවකදීම ලාදුරු රෝගීන් සම්පූර්ණයෙන්ම සුවපත් විය (මාර්ක් 1: 40-42, ලූක් 17: 12-14). එමෙන්ම වියළි ගිය අතක් ඇතිව සිටි මනුෂ්‍යයෙක් පිළිබඳව සඳහන් වේ (මතෙව් 12: 9-13) සහ මල්කස් ගේ කණ ප්‍රතිස්ථාපනය කිරීම (ලූක් 22 : 50-51) යේසුස් වහන්සේ මළවුන් නැඟිටවූ බවසඳහන් නොකළ යුතුය (මතෙව් 11 :5, යොහාන් 11) මන්ද යත් අවයව අහිමි වුවෙකු සුව කලායයි පැවසීමට වඩා ප්‍රතික්‍ෂේප කළ නොහැකි අසීරු කරුනක් විය හැකිය.

උපකල්පනය 2: හැම කෙනෙක් සුව කිරීමට දෙවියන් වහන්සේගේ යහපත්කම සහ ප්‍රේමය එතුමන්ට අවශ්‍ය වේ. ශාපලත් ලොවක් තුළ අපගේ ජීවත්වීමේදී රෝග, දුක්විඳීම සහ වේදනාව එහි ප්‍රතිඵලයන් වේ. ශාප කරනු ලැබුවේ අපගේ පාපය නිසාය (උත්පත්ති 3:16 -19, රෝම 8: 20-22). දෙවියන් වහන්සේගේ යහපත්කම සහ ප්‍රේමය අපව ශාපයෙන් මුදවන්නට ගැළවුම්කරුවෙක් දෙන පිණිස පෙළඹවූ සේක (1 යොහාන් 4: 9-10), නමුත් අගේ අවසාන මුදාලීම දෙවියන් වහන්සේ ලෝකයෙහි පාපය අවසන් කරනතුරු අපට වටහා ගන්නට නොහැකි වනු ඇත. ඒ දවස දක්වාම අප මාංසික මරණයට යටත්ව සිටියි.

සෑම රෝගයක් සහ දුර්වලකමක් සුවපත් කරන්නට දෙවියන් වහන්සේට එතුමන්ගේ ප්‍රේමය අවශ්‍ය වූයේ නම් කිසිවෙකු මරණයට පත් නොවනු ඇත මන්ද "ප්‍රේමය" සෑම කෙනෙකුවම සම්පූර්ණ සුවයෙන් තබනු ඇත. ප්‍රේමයට බයිබලීය නිර්වචනය නම් "ප්‍රේම කරන්නන්ට වඩාත් යහපත් දෙය සොයා බැලීමට පූජාවීම". ශාරීරික සුවතාවය හැමවිට අපට ඉතාම හොඳ දෙය නොවේ. අපෝස්තළු පාවුල්තුමා තමාගේ "මාංසයෙහි ඇති කටුව" ඉවත් කරන පිණිස යාච්ඤා කලේය. දෙවියන් වහන්සේ "නැත" යන්න ප්‍රකාශ කරන ලදී. මන්ද යත් දෙවියන් වහන්සේගේ අනුග්‍රහය මත රුඳීමට ශාරීරික සම්පූර්ණ සුවයක් අවශ්‍ය නොවන බව පාවල්තුමා වටහා ගැනීම එතුමන්ට අවශ්‍ය විය (2 කොරින්ති 12: 7-10).

ශාරීරික ඛේදවාචකයක් තුළින් දෙවියන් වහන්සේට කුමක් කළ හැකිද යන්න පැවසීමට ජොනි එරික්සන් ටාඩා නූතන උදාහරණයක් ඉදිරිපත් කරයි. තරුණියක් ලෙස ජොනි කිමිදුම් අනතුරකට ලක්වීමෙන් ඇය අත් පා සතර පණ නැති කෙනෙකු විය. ඇයගේ ජොනි නැමති පොතෙහි ඇදහිල්ලෙන් සුවය බලා සිටින අයව බොහෝ අවස්ථාවල බැහැ දැක ඔවුන්ගේ සුවය උදෙසා ඉතා උනන්දුවෙන් යාච්ඤා කල නමුත් කිසි දිනක සුව නොවූ බව සඳහන් කළාය. අවසානයේදී ඇයගේ එම තත්වය දෙවියන් වහන්සේගේ කැමත්ත ලෙස පිළිගෙන ඇය මෙසේ ලියන ලදී. "ඒ ගැන සිතන හැම වාරයකදී, මට බොහෝසේ අවබෝධ වුන දෙය නම් හැම කෙනෙක්ම හොඳින් / සුවයෙන් සිටීම දෙවියන් වහන්සේට අවශ්‍ය නොවන බවය. එතුමාණන් අපගේ ප්‍රශ්ණ එතුමාගේ මහිමයසහ අපගේ යහපත උදෙසා පරිහරණය කරයි. (පිටුව 190).

උපකල්පනය 3: දෙවියන් වහන්සේ එදා අතීතයේ කළාක් මෙන්ම වර්ථමානයේද හාස්කම් කරන සේක. බයිබලය මඟින් ආවරණය කරන අවුරුදු දහස් ගණනක ඉතිහාසයේ, ඉතා පූළුල් ලෙස හාස්කම් සිදුවු කෙටි කාලීන,කාලපරිච්ජේදයන් හතරක් අපට මූණ ගැසේ. එනම් (නික්මයාම කාල පරිච්ජේදය, අනාගතවක්තෘන් වන එලියා සහ එලීෂා, යේසුස් වහන්සේගේ සේවය තුළ සහ අපෝස්තළුවරුන්ගේ කාළය තුළ). මුළු බයිබලය පුරා හාස්කම් සිදුවු අතර මෙම කාල පරිච්ජේදයන්හිදී හාස්කම් "නිතර සිදුවන" දෙයක් විය.

අපෝස්තළුවරුන්ගේ කාල පරිච්ජේදය එළිදරව් පොත ලිවීම සහ යොහාන්තුමාගේ මරණයත් සමඟ නිමා විය. එයින් අපට වැටහෙන්නේ වර්ථමානයේ හාස්කම් විරල බවය. අපෝස්තළුවරුන්ගේ නව ප්‍රජාවක් / බිහිවිමක් සමග ගෙන යන සේවයක් බවට හෝ සුව කිරීමේ හැකියාව ඇති බවට ප්‍රකාශ කරන ඕනැම සේවයක් මනුෂ්‍යයන් මුළා කරයි. "ඇදහිල්ලෙන් සුව කරන්නන්" හැඟීම් මත ක්‍රියා කරමින් සත්‍යෙක්‍ෂණය කළ නොහැකි "සුවයන්" නිෂ්පාදනය කිරීම සඳහා ව්‍යංගයේ බලය පරිහරණය කරයි. මෙයින් පැවසීමට උත්සාහ කරන්නේ දෙවියන් වහන්සේ වර්ථමානයේ මනුෂ්‍යයන් සුව නොකරන බව නොවන අතර — අපගේ විශ්වාසයඑතුමාණන් සුවපත් කරන බව නමුත් සංඛ්‍යාත්මකව හෝ සමහර මනුෂ්‍යයන් ප්‍රකාශ කරන ආකාරයට නොවේය.

නැවත වාරයක්,වතාවක් ඇදහිල්ලෙන් සුව කරන්නන්ගේ උපකාරය සෙවූ ජොනි එරික්සන් ටාඩාගේ කතන්දරය දෙසට අපි හැරෙමුව. වර්ථමාන සුව කිරීමේ විෂයේදී, "අපගේ කාලයේ සහ සංස්කෘතියේදී දෙවියන් වහන්සේ හා මනුෂ්‍යයාගේ ගනුදෙණුව / ආශ්‍රය රඳා පැවතිය යුත්තේ "පුදුම සහ ලකුණු" මත නොව එතුමාණන්ගේ චවනය මත විය යුතුය (උපුටා දක්වන ලද ක්‍රියාවට විරුද්ධ, පිටුව 190). එතුමාණන්ගේ කරුණාව අපට සෑහෙන අතර, එතුමාණන්ගේ වචනය ස්ථීරය.

උපකල්පනය 4 ඇදහිල්ලෙන් කරන ලද ඕනෑම යාච්ඤාවකට "එසේය" පවසන්නට දෙවියන් වහන්සේ බැඳී සිටින සේක. " මා පියාණන් වහන්සේ ළඟට යන නිසා, නුඹලා මාගේ නාමයෙන් ඉල්ලන කොයි දෙයක් වුවත්, පුත්‍රයා තුළ පියාණන් වහන්සේ මහිමය ලබන පිණිස මම ඒක ඉෂ්ට කරන්නෙමි. නුඹලා විසින් මාගේ නාමයෙන් කොයි දෙයක් ඉල්ලුවත් මම ඒක ඉෂ්ට කරන්නෙමි" (යොහාන් 14" 12-14) යේසුස් වහන්සේ ප්‍රකාශ කරන ලදී. සමහර අය මෙම කොටසඅප ඉල්ලන ඕනෑම දෙයක් දෙන්නට යේසුස් වහන්සේ එකඟ වූ බවට අර්ථකථනයන් දෙන්නට උත්සාහ දරා ඇත. නමුත් යේසුස් වහන්සේගේ බලාපොරොත්තුව "වැරදි කියවීමකට" ලක් කර ඇත. පළමුව, යේසුස් වහන්සේ කතා කරන්නේ එතුමන්ගේ අපෝස්තළුවරුන්ට බවත්, පොරොන්දුව ඔවුන්ටය. යේසුස් වහන්සේගේ ස්වර්ගාරෝහණයෙන් පසුව අපෝසතළුවරුන්ට බලය දෙනු ලැබුවේ ඔවුන් සුභාරංචිය ප්‍රකාශ කරන බැවින් හාස්කම් කරන්නටය (ක්‍රියා 5:12). දෙවනුව, යේසුස් වහන්සේ දෙවතාවක් "මාගේ නාමයෙන්" යන වාක්‍ය ඛණ්ඩය පරිහරණය කරයි. මෙයින් අපොස්තළුවරුන්ගේ යාච්ඤාවේ පදනම හඟවා දෙන අතරම, මෙයින් ගම්‍ය වන්නේ ඔවුන් කුමක් උදෙසා යාච්ඤා කළත් එය නිරතුරුවම දෙවියන් වහන්සේගේ කැමැත්ත විය යුතුය. ආත්මාර්ථකාමී යාච්ඤාවක්, උදාහරණයක් ලෙස කෑදරකමින් පොළඹවනු ලැබ යේසුස් වහන්සේගේ නාමයට යාච්ඤා කළ නොහැකි බවත් සැලකිල්ලට භාජනය කරන්න.

අපි යාච්ඤා කරන්නේ ඇදහිල්ලෙන් වෙමු. නමුත් ඇදහිල්ල යනු අප දෙවියන් වහන්සේ විශ්වාස කිරීමයි. ඉතාමත්ම යහපත් දෙය කරණ පිණිසත් ඉතාමත් යහපත් දෙය දැන ගන්නා පිණිසත් අපි යාච්ඤා කරන්නෙමුව. බයිබලයේ ඇති සියළුම යාච්ඤාවන් වල ඉගැන්වීම් සළකා බලන විට (අපෝසතුළුවරුන්ට දෙන ලද පොරොන්දුව පමණක් නොව) අපගේ යාච්ඤාවට එතුමන්ගේ බලය කරණකොටගෙන ප්‍රතිචාර දැක්විය හැකිවාක් මෙන්ම එසේ නැතහොත් අපව පුදුමයට පත් කරන වෙන ක්‍රියා මාර්ගයකට යා හැකිය. එතුමාණන් ගේ ඥාණය තුළ නිරතුරුවම එතුමන් ඉතා යහපත් දෙය සිදු කරයි (රෝම 8:28).

උපකල්පනය 5 :දෙවියන් වහන්සේගේ අනාගත සුව කිරීම් (මළවුන්ගෙන් උත්ථාන වීමේදී ) පොළොවෙහි දුක් විඳීම් වලට හිලව් කළ නොහැක. සැබෑව නම් " මක්නිසාද මේ වර්තමාන කාලයේ දුක් වනාහි අප කෙරෙහි එළිදරව් කරනු ලබන්නාවූ මහිමයට සමාන කරනු ලබන්ට නොවටීයයි සිතමි" (රෝම 8:18). ඇදහිලිවන්තයෙකුගේ අවයවයක් අහිමි වූ කළ, අනාගත සම්පූර්ණත්වයේ දෙවියන් වහන්සේ පොරොන්දුව ඔහුට ඇති අතර ඇදහිල්ල යනු " ඇදහිල්ල නම් බලාපොරොත්තු වන දේවල් ගැන සහතිකයය. නොදක්නා දේවල් ගැන ඔප්පුවය" (හෙබ්‍රෙව් 11:1). " දැත හෝ දෙපය ඇතුව සදාකාළ ගින්නට හෙළනු ලැබීමට වඩා අබ්බගාතව නොහොත් කොරව ජීවනයට පැමිණීම නුඹට යහපත" (මතෙව් 18:8) යේසුස් වහන්සේ පවසන ලදි. සදාකාල ජීවනය සමඟ සසඳන කල එතුමාණන්ගේ වචනය ලෝකයෙහි ම්ංසික / ශාරීරික තත්වයන් වල ඇති නොවැදගත්කම ස්ථීර කරයි. අබ්බගාතයෙක් හෝ කොරෙක්ව සදකාල ජීවනයට ඇතුල්වී ( ඉන්පසු සම්පූර්ණත්වයට පත්වීම) අනිවාර්යෙන්ම සම්පූර්ණත්වයෙන් සිට නිරයට ඇතුල්වීමට වඩා ඉතා යහපත්ය (සදකාලිකවම දුක් විඳීමට වඩා).

උපකල්පනය 6: දෙවියන් වහන්සේගේ සැලැස්ම මනුෂ්‍යයාගේ අනුමැතියට යටත්ය. "දෙවියන් වහන්සේ අවයවයන් අහිමි වූවන් සුවපත් නොකරන්නේ මන්ද" යන විවාදයට බොහෝවිට ඉස්මතු වෙන තර්කය නම් දෙවියන් වහන්සේ අවයවයන් අහිමි වුවන් කෙරෙහි "සාධාරණ" නොවන බවය. නමුත් ලියවිල්ල දෙවියන් වහන්සේ සම්පූර්ණයෙන්ම ධර්මිෂ්ට / සාධාරණ බවත් (ගීතාවලිය 11:7, 2 තෙසලෝනික 1:5-6) සහ එතුමන්ගේ ස්වාධිපත්‍යය කිසිවෙකුට උත්තර සපයන්නේ නැති බවත් (රෝම 9:20-21) පවසයි. ඇදහිලිවන්තයෙකුට දෙවියන් වහන්සේගේ යහපත්කම ගැන තමන්ගේ බාහිර තත්වයන් දුෂ්කරව තිබියදීත් ධෛර්ය හීනවන්නට කරුණු තිබියදීත් විශ්වාසයක් / ඇදහිල්ලක් ඇත.

උපකල්පනය 7: දෙවියන් වහන්සේ නොපවතින බව. "දෙවියන් වහන්සේ අවයවයන් අහිමි වූවන් සුව නොකරන්නේ මන්ද" යන්නට අවධාරණය කර ගෙනෙන උපකල්පනය මත ගොඩනැඟී ඇත්තේ මේ මතය මතය. "දෙවියන් වහන්සේ අවයවයන් අහිමි වූවන් සුව නොකරන්නේ මන්ද" යන තර්කය වෙනුවෙන් සටන් කරන අය තමන්ගේ තර්කය දෙවියන් වහන්සේ නොපවතින බව යන උපකල්පනයෙන් ආරම්භ කර තමන්ට හැකි හොඳම ආකාරයෙන් අනුබල දෙමින් ඉදිරියට ගෙන යයි. ඔවුන්ට "ආගම මිත්‍යාවක්ය" යන්න නිසැක නිගමනයක් වන අතර තර්කානුකුල අපෝහනයක් ලෙස ඉදිරිපත් කෙරුනත් සැබෑවටම තර්කයේ අත්තිවාරම ලෙස ඉදිරිපත් කරයි.

එක ආකාරයකින් බැලුවහොත් දෙවියන් වහන්සේ අවයවයන් අහිමි වූවන් සුව නොකරන්නේ මන්ද යන ප්‍රශ්ණයට සසඳමින් දෙවියන් වහන්සේට තමන්ට උසුලන්ට නොහැකි පර්වතයක් නිර්මාණය කරන්ට හැකිද" යන ප්‍රශ්ණයට වඩා දුෂ්කරය. මෙවැන්නක් සාදනු ලැබුවේ සත්‍යය සොයන්නට නොව ඇදහිල්ලට අපකීර්තියක් ගෙනෙන්නටය. තවත් ආකාරයකින් පැවසුවහොත් එය වලංගු ප්‍රශ්ණයක් විය හැකි බයිබලීය පිළිතුරක් සමඟ. කෙටියෙන් පැවසුවහොත් පිළිතුර මෙවැනි එකක් විය හැකිය. එනම් "ක්‍රිස්තුස් වහන්සේව තමන්ගේ ගැළවුම්කරු ලෙස අදහන / විශ්වාස කරන අය මෙන්ම අවයවයන් අහිමි වූවන් දෙවියන් වහන්සේට සුව කරන්ට හැකිය. සුවය පැමිණෙන්නේ දැන් සුව කරන්න කියා අප අණ කරන නිසා නොව දෙවියන් වහන්සේගේ කාලයට අනුවය, සමහරවිට මේ ජීවිතයේදී, නමුත් අනිවාර්යෙන්ම ස්වර්ගයෙහිදී. ඒ දවස දක්වා අපි ඇදහිල්ලෙන් යුතුව, ක්‍රිස්තුස් වහන්සේ තුළ අප මුදවා ගත් සහ ශාරීරික උත්ථානයක් පිළිබඳ දුන් පොරොන්දුවත් සමඟ ගමන් කරමු."

පුද්ගලික සාක්‍ෂියක්.

අපගේ පළමු පුතා උපදිනු ලැබුවේ කකුලේ පහළ කොටසේ අස්ථි වල අඩුවක් සමඟ වූ අතර පාදයෙහි වූයේ ඇඟිළි දෙකක් පමණි. ඔහුගේ පළමුවෙනි උපන් දිනයෙන් දවස් දෙකකට පසුව ඔහුගේ පාදයන් (ඇඟිළි සහිත කොටස) කකුල් දෙකෙහිම කපා ඉවත් කරන ලදී. ඉන් පසු මෙවැනිම තත්වයක සිටින ඔහුටත් මෙවැනිම ආකාරයක ශෛල්‍යය කර්මයක් අවශ්‍ය චීනයේ දරුවෙක්ව හදා ගන්නට අප සලකා බලන ලදී. මෙවැනි විශේෂ දරුවන් හදා වඩා ගැනීමට විශේෂ මවක් ලෙස මාව තෝරා ගන්නට ඇතැයි මට හැඟීමක් තිබුණද, මනුෂ්‍යයන් විසින් දෙවියන් වහන්සේගේ පැවැත්ම පිළිබඳ සැකයන් ඉස්මතු කරන්ට ගෙනෙන මේ මාතෘකාව වන දෙවියන වහන්සේ අවයවයන් අහිමි වූවන් සුව නොකරන්නේ මන්ද යන්න දකින තුරාවට මට මේ පිළිබඳව අදහසක් නොතිබුණේය. කකුල් නැති දරුවෙකුගේ මවක් ලෙස සහ තවත් එවැනිම කකුල් වල පහත කොටස් වල අඩුවක් ඇති දරුවෙකුට මවක් වීම කිසි දිනක මම ඒ ආකාරයෙන් නොසිතුවෙමි. දෙවියන් වහන්සේගේ අශීර්වාදයන් පිළිබඳ අන් අයට උගන්වන ලෙස දෙවියන් වහන්සේ මාව විශේෂ මවක් ලෙස කැඳවනු ලැබුවේය. එලෙසම මෙම දරුවන් කිතුණු පවුලකට ඇතුල්වීමට අවස්ථාව දෙන පිණිසත් ඔවුන් ගේ විශේෂිත තත්වයන් මධ්‍යයේ ස්වාමින් වහන්සේට ආදරය කරන්නට ඉගැන්වීමටත්, සියළු තත්වයන් තුළදි අපට සියල්ල ක්‍රිස්තුස් වහන්සේ තුළ ජය ගැනීමට හැකි බව වටහා දීමටත් දෙවියන් වහන්සේ මාව කැඳවන ලදී. සමහරුන්ට එය පැකිළෙන බාධාවක් විය හැකි වුවද අපට එය ඉගෙන ගැනීමට අත්දැකීමක් සහ අභියෝගයක් විය. අවශ්‍ය ශෛල්‍යය කර්මයන් කිරීමට සහ මගේ පුතාට සහ අනෙක් පුතාට ඇවිදින්න, දුවන්න, පනින්න සහ සියල්ලෙහිදි දෙවියන් වහන්සේව මහිමයට පත්වන පිණිස සිරුරේ අඩුවක් පිරිවීමට ගන්නා අවශ්‍ය අංගයන් සාදා ගැනීමටද අපිට දෙන ලද ඥාණය සහ ප්‍රඥාව නිසා දෙවියන් වහන්සේට ස්තුති කරමු. "තවද දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නන්ට, එනම් උන්වහන්සේගේ අභිප්‍රාය අනුව කැඳවනු ලැබූවන්ට, සියලු දේම යහපත පිණිස එකට ක්‍රියා කරන බව අපි දනිමුව (රෝම 8:28)

English



නැවතත් සිංහල මුල් පිටුවට

දෙවියන් වහන්සේ අවයවයන් අහිමිවූවන් සුවපත් නොකරන්නේ මන්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries