settings icon
share icon
ප්‍රශ්නය

දෙවියන් වහන්සේ විශාල පව් වලට කමාවන සේක්ද? මිනීමරුවෙකුට දෙවියන් වහන්සේ සමාවන සේක්ද?

පිළිතුර


බොහෝ දෙනෙක් තුළ දෙවියන් වහන්සේ සමාව දෙනු ලබන්නේ බොරුකීම, කෝපවීම හා අපවිත්‍ර සිතිවිලි වැනි කුඩා පාපයන්ට පමණක් බවට වැරදි වටහා ගැනීමක් තුළ විශ්වාසයක් ඇත. නුමුත් දෙවියන් වහන්සේ මිනීමැරීම සහ කාමමිත්‍යාචාරය වැනි විශාල පව් වලට කමාව නොදෙන සේක්ද? මෙය සැබෑව නොවේ. දෙවියන් වහන්සේට සමාව දිය නොහැකි ලෙස කිසිදු පාපයක් විශාල නැත. දෙවියන් වහන්සේ කුරුසිය මත තම ජීවිතය පූජා කලේ සකළ ලෝක වාසී ජනතාවගේ පාපයේ දඬුවම ගෙවන පිණිසය (1යොහාන් 2:2). යමෙක් ගැලවීම ලබන පිණිස යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මත වීශ්වාස තබන කල්හි, ඔහුගේ සියලු පාපයන් කමා කරනු ලබයි. එහි අතීතය, වර්තමානය සහ අනාගතය මෙන්ම කුඩා හෝ විශාල සියලු පාපයන් අන්තර්ගත වන අතර එම සියලු පාපයන්ට සමාව දෙන පිණිස දෙවියන් වහන්සේ කුරුසිය මත මරණය වින්ද සේක. එමෙන්ම වතාවක් කමා කරණු ලැබුවායින් පසුව එම සියලු පාපයන්ට කමාව ලැබුණි (කොලොස්සි 1:14, ක්‍රියා 10:43).

අපි සියල්ලෝම පාපයට වරදකරුවන් වී සිටිමු (රෝම 3:23) එබැවින් සදාකාල දඬුවමට අපි සුදුස්සන් වී සිටිමු (රෝම 6:23). යේසුස් වහන්සේ මරණය වින්දේ අපගේ පාපයේ දඬුවම ගෙවන පිණිසය (රෝම 5:8). ගැලවීම සඳහා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ විශ්වාස කරන්නාවූ ඕනෑම කෙනෙකුට කුමන පාපයක් ඔහු කර තිබුණද කමා කරනු ලැබේ (යොහාන් 3:16). එනමුත් දැනුදු මිනීමරුවෙකුට හෝ කාමමිත්‍යාචාරය කළ අයෙකුට ඔහුගේ නපුරු ක්‍රියාවන්ට සාමාන්‍ය බොරු කරුවෙකුට වඩා තද බල ප්‍රතිඵල අත්විඳිමට (එනම් නීතිමය සහ නෑ සබඳකම් වැනි) සිදුවිය හැක. නමුත් මිනීමරුවාගේ හෝ කාමමිත්‍යාචාරය කළ අයෙකුගේ පාපය සම්පූර්ණයෙන් සහ සදාකාලික ලෙස ඔහූ ක්‍රිස්තුස් වහන්සේ අදහා ගනිමින් තම විශ්වාසය එතුමන් තුළ තබන කල්හි කමා කරනු ලැබේ.

අප මෙහිදී නිවරදව වටහා ගත යුතු කරුණ වන්නේ පාපයේ ප්‍රමාණය නොව, ක්‍රිස්තුස් වහන්සේගේ සමගි කිරීමේ පූජාවේ ප්‍රමාණයයි. පාපය රහිත බැටළුපැටවාණන් ගෙන් වැගුරුනාවූ ලෙය එතුමන් විශ්වාස කරන / අදහන මිලියන ගණනකගේ පාපය වසාලන්නට සෑහෙන්නේ නම් වසාලන්නට හැකි පාපයේ ප්‍රමාණයට සීමාවක් නැත. සන්තෘප්තිකර සහ පූර්ණ සමගි කිරීමේ පූජාවක් දෙන ලද හෙයින් එතුමාණන් වහන්සේ "සියල්ල තීන්දුයි" පැවසූ කල්හි පාපයට නිමාවක් වූ අතර පූර්ණ කමාවක්ද ලැබී සමාදානය ඇති වූ අතර සියලු පාපයන් ගෙන් මීදීමද ළඟා කර ගත්තේය. ගැලවීම සහතික, නිශ්චිත සහ සම්පූර්ණ වූ බැවින් වෙනත් කිසිවක අවශ්‍යතාවයක් හෝ කළ යුතු යමක් හෝ එකතු කළ යුතු යමක්ද නොවීය. ක්‍රිස්තුස් වහන්ස්ගේ ගැලවීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම සිදුවුයේ කිසිදු මනුෂ්‍යයෙකුගේ සහායකින් තොරව බැවින් අහෝසි කළ නොහැකිය.

English



නැවතත් සිංහල මුල් පිටුවට

දෙවියන් වහන්සේ විශාල පව් වලට කමාවන සේක්ද? මිනීමරුවෙකුට දෙවියන් වහන්සේ සමාවන සේක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries