settings icon
share icon
ප්‍රශ්නය

දෙවියන්වහන්සේ සාධාරණද?

පිළිතුර


අපට භාග්‍යයකට මෙන් දෙවියන්වහන්සේ සාධාරණය. සාධාරණත්වය වූ කලී සියලූදෙනා තත්වාකාරයෙන්ම ඔහුට හෝ ඇයට සුදුසුව සිටින ආකාරයට ලබා ගැනීමයි. බොහෝ මනුෂ්‍යයන්ගේ මනසේ රැදී ඇති ආකාරයට සාධාරණත්වය යනු සියල්ලන්ම එකාකාරව සලකනු ලැබීමයි. දෙවියන් වහන්සේ සර්ව සාධාරණ වන සේක් නම් අප සියල්ලන්ම අපගේ පාපයන් හේතුකොටගෙන සදාකාලිත්වය නිරයේ ගත කරනු ලබන්නේ තත්වාකාරයෙන්ම අපට සුදුසු වන ආකාරයටයග අප සියල්ලන්ම දෙවියන් වහන්සේට විරුද්ධව පව් කරනු ලැබ ඇති හෙයින් (රෝම 3:23) අප යෝග්‍යය වන්නේ සදාකාල මරණයටය (රෝම 6:23). අපට සුදුසු වන දේ අපට ලැබෙනු ඇති නම් අප අවසාන වන්නේ ගිනි විලේය (එළිදරව් 20:14–15). නමුත් දෙවියන් වහන්සේ සාධාරණ නොවේ; ඒ වෙනුවට උන්වහන්සේ කරුණාවන්ත මෙන්ම යහපත්ය, එහෙයින් එතුමන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේව අපගේ ස්ථානය ගෙන අපට යෝග්‍යයවූ දඩුවම දරාගෙන කුරුසියෙහි ජීවිතය පූජා කිරීමට එවූ සේක (2 කොරින්ති 5:21). අප විසින් කළ යුතු එකම දෙය නම් උන්වහන්සේ කෙරෙහි විශ්වාස කිරීමය, එවිට අප ගැළවීම සහ පව් කමාව ලබා ස්වර්ගයෙහි සදාකාල නිවසක් ලබා ගන්නෙමු (යොහාන් 3:16).

කෙසේ නමුත් දෙවියන්වහන්සේගේ ප්‍රේමණීය කරුණාව තිබීයදී පවා කිසිඳු කෙනෙකු තමන් තනිවම උන්වහන්සේ කෙරෙහි විශ්වාස කරනු නොලබති (රෝම 3:10–18). අප විශ්වාස කරනු වස් දෙවියන් වහන්සේට අපව උන් වහන්සේ වෙතට ඇදගත යුතු වන සේක (යොහාන් 6:44) දෙවියන්වහන්සේ සෑම කෙනෙකුම උන්වහන්සේ වෙතට ඇදගනු නොලබන සේක, උන් වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය කරණකොටගෙන තෝරාගනු ලැබූ සමහර මනුෂ්‍යයන්ව පමණි (රෝම 8:29–30; එපීස 1:5, 11). අපට පෙනෙන ලෙස මෙය “සාධාරණ” නොවන්නේ දෙවියන්වහන්සේ සියලූ මනුෂ්‍යයන්ට එකාකාරව සලකනු නොලබන ආකාරයක් පෙනී යන හෙයිනි. කෙසේ නමුත් දෙවියන්වහන්සේ කිසි කෙනෙකු තෝරා ගැනීමට අවශ්‍යය නොවන සේක. නැවතත් සියල්ලන්ම තමන්ගේ සදාකාලිත්වය නිරයේ ගත කිරීම මුළුමනින්ම සාධාරණවේ. දෙවියන්වහන්සේ විසින් සමහරුන්ව ගළවා ගැනීමල ගැළවීම නොලැබූවන්ට අසාධාරණයක් නොවන්නේ ඔවුන්ව නිවැරදිවම ඔවුන්ට යෝග්‍යය වූ දේ ලබා ගනු ලබන හෙයිනි.

දෙවියන්වහන්සේ විසින් තෝරා ගනු ලැබූවන් දෙවියන්වහන්සේගේ ප්‍රේමය සහ කරුණාව ලබන්නහුය. දෙවියන්වහන්සේ විසින් අපගේ හදවත් ඇදගනු ලැබ අපගේ මනස විවෘත කළ කල්හී මැවිල්ලේ එළිදරවිවට සහ (ගීතාවලිය 19:1–3) උන්වහන්සේ අප තුළ තබා ඇති අපගේ හෘද සාක්ෂියට (රෝම 2:15), ප්‍රතිචාර දක්වා උන්වහන්සේ වෙතට හැරීමට අපට අවස්ථාවක් දෙනු ලබන සේක. එසේ නොකරන්නවුන් ඔවුන්ට සැබවින්ම සුදුසු වන දේ ලබාගන්නේ උන්වහන්සේව ඔවුන් ප්‍රතික්ෂේප කරනු ලබන හෙයින්ය. උන්වහන්සේව ඔවුන් ප්‍රතික්ෂේප කරනු ලබන්නන් සාධාරණ දඩුවමක් ලබා ගන්නහුය (යොහාන් 3:18, 36). විශ්වාස කරනු ලබන්නන් බොහෝ වශයෙන් සහ ඔවුන්ට යෝග්‍යයවූ දේට වඩා ඉතා යහපත්වූ දේ ලබා ගන්නවා ඇතග කිසි කෙනෙකු ඔහුට හෝ ඇයට තමන්ට යෝග්‍යය වන දේට ඔබ්බට දඩුවම් නොලබන්නාහුය. දෙවියන්වහන්සේ සාධාරණද? එසේ නොවේ. ස්තුතිවන්තව දෙවියන්වහන්සේ සාධාරණ වනවාට වඩා කෙනෙකිග උන්වහන්සේ දයාන්විතයල කරුණාවන්ත සහ පවි කමා කරන සේක – එසේම ශුද්ධල සාධාරණ සහ ධර්මිෂ්ඨ තැණන්වහන්සේය. English



නැවතත් සිංහල මුල් පිටුවට

දෙවියන්වහන්සේ සාධාරණද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries