settings icon
share icon
ප්‍රශ්නය

දෙවියන්වහන්සේට නමස්කාර කරන්න කියා දෙවියන්වහන්සේ සොයන්නේ හෝ ඉල්ලන්නේ ඇයි?

පිළිතුර


නමස්කාරය යනු "උසස් පුද්ගලයෙකුට ගෞරවය, උපහාර දැක්විම, වැදුම් පිදුම් කිරිම (නමස්කාරය), ප්‍රශංසාව හෝ මහිමය ලබාදීමයි." දෙවියන් වහන්සේට නමස්කාරය ඉල්ලා සිටින්නේ උන්වහන්සේ සහ උන්වහන්සේ පමණක් එයට සුදුසු නිසාය. නමස්කාරයට සැබවින්ම සුදුසු එකම තැනැත්තා උන්වහන්සේය. උන්වහන්සේගේ ශ්‍රේෂ්ධ්ත්වය, බලය සහ මහිමය අප පිළිගන්නා ලෙස උන්වහන්සේ ඉල්ලා සිටී. එළිදරව් 4:11 පවසනවා, "ස්වාමීනි, මහිමය, ගෞරවය හා බලය ලැබීමට ඔබ සුදුසුය. මක්නිසාද ඔබ සියල්ල මැව්වේය, ඔබගේ කැමැත්තෙන් ඒවා පවතිනු ඇත, මැවිණෙහිය." දෙවියන්වහන්සේ අපව මැවූ සේක, උන්වහන්සේගෙන් පැහැර ගැනිමට නොහැක. උන්වහන්සේ ඉශ්‍රායෙල්වරුන්ට මෙසේ අණ කළේය. "මා ඉදිරියෙහි ඔබට වෙනත් දෙවිවරුන් නොසිටිනු ඇත. ඉහත ස්වර්ගයේ හෝ පොළොවේ හෝ පහළ ජලයේ කිසිම දෙයක රූපයක් ඔබ විසින්ම සාදා නොගත යුතුය. ඔබ ඔවුන්ට වැඳ වැටී නමස්කාර නොකළ යුතු ය. මක්නිසාද මම නුඹලාගේ දෙවි සමිඳාණන්වහන්සේ ඊර්ෂ්‍යා කරන දෙවිකෙනෙක් වන අතර, මට වෛර කරන අයගේ තුන් වන හා හතරවන පරම්පරාවට දෙමාපියන්ගේ පාපයට දඩුවම් කරමි"(නික්මයාම 20:3-5). දෙවියන් වහන්සේගේ ඊර්ෂ්‍යාව යනු ආඩම්බරයෙන් උපත ලද අප අත් විඳින පව්කාර ඊර්ෂ්‍යාව නොවන බව අප තේරුම් ගත යුතුය. එය ශුද්ධවූ හා ධර්මිෂ්ධ ඊර්ෂ්‍යාවකි. උන්වහන්සේට පමණක් ගෞරවය තවත් කෙනෙකුට දීමට ඉඩදිය නොහැක.

දෙවියන්වහන්සේට ගරු කිරීම හා ස්තුති කිරීම යන ප්‍රකාශයක් ලෙස දෙවියන්වහන්සේට නමස්කාර කිරීම දෙවියන්වහන්සේ අපේක්ෂා කරයි. නමුත් දෙවියන්වහන්සේ අපෙන් බලාපොරොත්තු වන්නේ අප උන් වහන්සේට කීකරුවීමයි. උන් වහන්සේට අවශ්‍ය වන්නේ අප උන්වහන්සේට ප්‍රේම කිරීම පමණක් නොවේ; උන්වහන්සේට අවශ්‍ය වන්නේ අප එකිනෙකාට සාධාරණව ක්‍රියා කිරීම, අන් අයට ප්‍රේමය හා අනුකම්පාව දැක්වීමයි. මේ ආකාරයෙන්, අපි උන්වහන්සේට ජීවමාන පූජාවක් ලෙස සලකන්නෙමු. මෙය දෙවියන්වහන්සේව මහිමවත් කරන අතර අපගේ "ආත්මික සේවය"වේ (රෝම 12: 1). අප කීකරු හදවතකින් හා විවෘත හා පසුතැවිලි වන ආත්මයකින් නමස්කාර කරන විට, දෙවියන්වහන්සේ මහිමයට පත්වේ, කිතුනුවන් පවිත්‍ර කරනු ලැබේ, සභාව ශක්තිමත් කරනු ලැබේ, නැතිවූවන් එවැන්ජලිස්ත කරනු ලැබේ. මේ සියල්ල සැබෑ නමස්කාරයේ අංගවේ.

දෙවියන්වහන්සේද අප උන්වහන්සේට නමස්කාර කිරීමට කැමැත්තක් දක්වන්නේ නමස්කාරය යනු යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන අපව ගලවා ගැනීමේ ස්වාභාවික හා අපේක්ෂිත ප්‍රතිචාරයයි. පිලිප්පි 3:3 විස්තර කරන්නේ සැබෑ සභාව, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිලිවන්තයන්ගේ ශරීරය වන සදාකාලික ඉරණම ස්වර්ගයයි. "මක්නිසාද අපි චර්මච්ඡේදනය කරන්නෙමු, දෙවියන්වහන්සේට ආත්මයෙන් නමස්කාර කරන්නෙමු, ක්‍රිස්තුස්යේසුස්වහන්සේ ගැන ප්‍රීතිවෙමු, මාංසය කෙරෙහි විශ්වාසයක් නැත." වෙනත් වචනවලින් කිවහොත්, සභාව අද්විතීය ලෙස දෙවියන්වහන්සේගේ සෙනඟ ලෙස හඳුනාගෙන ඇත, නමුත් ශාරීරික චර්මච්ඡේදනය තුළින් නොවේ. සභාව සෑදී ඇත්තේ දෙවියන්වහන්සේට නමස්කාර කරන අයගේ ආත්මයෙන් ක්‍රිස්තුස්වහන්සේ ගැන ප්‍රීතිවන අතර ගැලවීම සඳහා තමන් කෙරෙහි විශ්වාසය නොතබන අයගෙනි. සැබෑ හා ජීවමාන දෙවියන්වහන්සේට නමස්කාර නොකරන අය උන්වහන්සේගෙන් කිසිවෙකු නොවන අතර ඔවුන්ගේ සදාකාලික ඉරණම නිරයයි. නමුත් සැබෑ නමස්කාරකයින් හඳුනා ගනු ලබන්නේ ඔවුන් දෙවියන්වහන්සේට කරන නමස්කාරයෙනි. ඔවුන්ගේ සදාකාලික නිවස ඔවුන් නමස්කාර කරන හා නමස්කාර කරන දෙවියන්වහන්සේ සමඟය.

දෙවියන්වහන්සේ අපගේ නමස්කාරය සොයන්නේ හා ඉල්ලන්නේ උන්වහන්සේ එයට සුදුසු නිසාත්, කිතුනුවකුට නමස්කාර කිරීම ස්වභාවය නිසාත්, අපගේ සදාකාලික ඉරණම එය මත රඳා පවතින නිසාත්ය. මිදීමේ ඉතිහාසයේ තේමාව එයයි: සැබෑ, ජීවමාන හා මහිමාන්විත දෙවියන් වහන්සේට නමස්කාර කිරීම.

English



නැවතත් සිංහල මුල් පිටුවට

දෙවියන්වහන්සේට නමස්කාර කරන්න කියා දෙවියන්වහන්සේ සොයන්නේ හෝ ඉල්ලන්නේ ඇයි?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries