settings icon
share icon
ප්‍රශ්නය

බයිබලය දෙවියන්වහන්සේගේ හුස්ම යැයි යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?

පිළිතුර


2 තිමෝති 3:16 හි පාවුල් පවසන පරිදි, “සියළු ලියවිල්ල දෙවියන් වහන්සේ ආශ්වාස කරන ලද අතර එය ඉගැන්වීමට, තරවටු කිරීමට, නිවැරදි කිරීමට හා ධර්මිෂ්ඨකම පුහුණු කිරීමට “ප්‍රයෝජණවත්වේ. දෙවියන් වහන්සේගේ ආනුභාවයෙන් දෙවියන්වහන්සේ විසින් ආශ්වාස කරන ලද දෙවියන්වහන්සේ විසින් දේවානුභාවයෙන්, දෙවියන්වහන්සේ, ආනුභාවයෙන් යන අර්ථය ඇති තියෝප් නෙස්ටොස් යන ග්‍රීක වචනයේ ඇති එකම යෙදුම මෙයයි.

දිව්‍යය ආනුභාවයෙන් දෙවියන්වහන්සේගේ හුස්ම ගැනීමේ බලය ශුද්ධ ලියවිල්ල පුරා පැතීරී ඇත. “දෙවියන්වහන්සේ ආදම්ට ජීවනයේ හුස්ම” ආශ්වාස කළ සේක. (උත්පත්ති 2:7 ට අනුව දෙවි සමිදාණන්වහන්සේ පොළොවේ දූවිල්ලෙන් මනුෂ්‍යයා මවා ඔහුගේ නාස් පුඬු තුළට ජීවන හුස්ම හෙළු සේක. මෙසේ මනුෂ්‍යයා ජීවමාන කෙනෙක් විය). යේසුස්වහන්සේ ඔවුන් මත හුස්ම හෙළමින්, ශුද්ධාත්මය පිළිගන්න. (යොහාන් 20:22 ට අනුව උන් වහන්සේ ඉක්බිති ඔවුන් පිට හුස්ම හෙළා, ශුද්ධාත්මයාණන් පිළිගන්න) 2 පේත්‍රස් 1:21 (මන්ද කිසිම දිවැස් වැකියක් කිසි කලෙක මනුෂ්‍ය ප්‍රයත්නයකින් ඇති නොවීය. මනුෂ්‍යයෝ ශුද්ධාත්මානුභාවයෙන් පොළඹවනු ලැබ දෙවියන්වහන්සේගේ වචනය කථා කළහ). හි අපට පවසා ඇත්තේ අනාවැකිය කිසිවිටෙකත් මනුෂ්‍යයාගේ අභිමතය පරිදි ආරම්භ නොවූ නමුත් මිනිසුන් ශුද්ධාත්මයන් විසින් ගෙනයන විට මිනිසුන් දෙවියන්වහන්සේගෙන් කථා කරනු ලැබූ බවයි . මෙහිදී අපට දැන ගත හැකි වන්නේ ශුද්ධ ලියවිල්ලේ සත්‍යතාවයන් දෙවියන් වහන්සේගෙන් සෘජුවම පැමිණ ඇති ඒවා මිස ඔහු ඒවා පටිගත කිරීමට භාවිතා කළ ලේඛකයන්ගේ කැමැත්තෙන් නොවේ.

පාවුල් සඳහන් කරන්නේ දෙවියන්වහන්සේ ඔහුට දුන් ප්‍රඥාවෙන් මෙය ලියූ බවත් මෙම පණිවිඩවලට අවනත නොවීමෙන් පාඨකයාගේ විනාශය සිදුවන බවත්ය (2පේත්‍රස් 3:15-16 ට අනුව අපගේ සමිදාණන් වහන්සේ බොහෝ කල් ඉවසන්නේ ඔබට ගැළවීම දෙන පිණිස බව සිහි කරන්න. අපගේ ප්‍රේමවන්ත සහෝදර පාවුලු, තමා ලත් ප්‍රඥාව අනුව ඔබට ලියා එව්වේත් මේ දේම ය). ශුද්ධ ලියවිල්ල පැමිණෙන්නේ ශුද්ධාත්මයාණන් ගෙනි. එය අපිට ලබා දෙන්නේ ආත්මයාණන් විසින් උගන්වන ලද වචන වලිනි, අධ්‍යාත්මික සත්‍යයන් අධ්‍යාත්මික වචන වලින් ප්‍රකාශ කිරීම” (1කොරින්ති 2:13 ට අනුව අප මේ සියල්ල පවසන්නේ මිනිස් ප්‍රඥාවෙන් උපදින වචන වලින් නොව, අධ්‍යාත්මිකදේ, අධ්‍යාත්මික සත්‍යයන් හා සසඳමින් ශුද්ධාත්මයාණන් අපට උගන්වන වචන වලින්ය). ඇත්ත වශයෙන්ම බෙරියානු ඇදහිලි වන්තයන් පාවුල්ගේ විශ්වාසනීයත්වය පරික්ෂා කිරීම සඳහා දෙවියන්වහන්සේගේ ආනුභාවලත් වචනය විශ්වාසවන්තව භාවිතා කළහ. පාවුල් පැවසූ දේ සත්‍යය දැයි බැලීමට ඔවුන් දිනපතා ශුද්ධ ලියවිල්ල පරික්ෂා කළහ.

දෙවියන්වහන්සේගේ ආනුභාවලත් වචනයේ වලංගුභාවය හෝ වටිනාකම ඕනැම කෙනකුට ලැබෙන්නේ කෙසේද යන්න කෙරෙහි ඇදහිල්ල ප්‍රධානවේ. ආත්මයාණන් නැති මිනිසා දෙවියන් වහන්සේගේ ආත්මයාණන්ගෙන් එන දේ පිළිගන්නේ නැත. මක්නිසාද ඒවා ඔහුට මෝඩකමකි. ඔහුට ඒවා තේරුම් කළ නොහැක. මන්ද ඔවුන් ආත්මිකව වටහා ගෙන ඇත. (1 කොරින්ති 2:14 ට අනුව එහෙත් ශුද්ධාත්මයාණන් ලබා නැති තැනැත්තාට දෙවියන්වහන්සේගේ ශුද්ධාත්මයාණනගෙන් එන සත්‍යයන් පිළිගත නොහැකිය. ඒවා ඔහුට ප්‍රලාපයකි. ඒවා අධ්‍යාත්මික ලෙස විමසා දැන ගත යුතු නිසා ඒවා ඔහුට නොතේරේ). අධ්‍යාත්මික මිනිසා ඔහුගේ ආත්මයේ ගැළවීම උදෙසා (එපීස 2:8-9 ට අනුව ඔබ ගැළවී සිටින්නේ දේව වරප්‍රසාදය මඟින්වූ ඇදහීම කරණකොටගෙනය. එයඔබගේමක්‍රියාවක් නොව, දෙවියන්වහන්සේගේ දීමනාවය). ඇදහිල්ල නමැති ත්‍යාගයලබාදී ඇත. හෙබ්‍රෙව් 11:1 පවසනවා ඇදහිල්ලයනු අප බලාපොරොත්තු වනදේ ගැනත් අප නොදකිනදේ ගැනත් විශ්වාසයයි. ශුද්ධ ලියවිල්ලෙහි දෙවියන් වහන්සේ විසින් එළිදරව් කරන ලද ශුභාරංචියේ ධර්මිෂ්ඨකම ඇත. නමුත් ධර්මිෂ්ඨකම පැමිණෙන්නේ එය පවත්වාගෙන යන්නේ ඇදහිල්ලෙන් පමණි. ධර්මිෂ්ඨයා ඇදහිල්ලෙන් ජීවත් වන්නේය. (රෝම 1:17 ට අනුව මනුෂ්‍යයන් දමිටු කරනු ලැබීමේ මාර්ගය, මුල සිට අග දක්වාම ඇදහිල්ලෙන් වන බව දැන් සුබ අස්න නිසා එළිදරව් වී ඇත. ශුද්ධ ලියවිලිවල සඳහන් පරිදි: ඇදහිල්ලෙන් දමිටු බවට පැමිණි අය ජීවනය අත් කර ගනිති).

දෙවියන් වහන්සේගේ වචනය විස්තර කිරීම සඳහා දෙවියන් හුස්ම ගන්න. යන වාක්‍යය කාණ්ඩය භාවිතා කරන එකම ස්ථානය 2 තිමෝති 3:16 විය හැකි නමුත්, ශුද්ධලියවිල්ලෙහි සමාන ප්‍රකාශනයන්ගෙන් පිරී තිබේ. මේවා ඇත්ත වශයෙන්ම දෙවියන්වහන්සේගේ වචන වන අතර ජීවිතයේ සැම අංශයකින්ම අපට මඟ පෙන්වීම සඳහා උන්වහන්සේගේ සත්‍යය හා ප්‍රේමය එහි සොයා ගත හැක. ප්‍රේරිත යාකොබ් ශුද්ධ ලියවිල්ලෙහි ස්වභාවය (සහතවත් බොහෝ දේ) ගැන කථා කරමින් සිටින්නට ඇත. ඔහු ප්‍රකාශ කළ විට සැම යහපත් හා පරිපූර්ණ ත්‍යාගයක්ම ඉහළින්, ස්වර්ගික ආලෝකයේ පියාණන්ගෙන් පහළ වන අතර සෙවණැලි මාරු කිරීමක් මෙන් වෙනස් නොවේ. (යාකොබ්1:17 ට අනුව සෑම යහපත් දීමනාද සියළු අගනා ත්‍යාගද නොවෙනස් වන සුලු, පහව යන බවට ඡායා මාත්‍රයකුදු නැති ආලෝකයේ පියාණන්වහන්සේ කෙරෙන් ඉහළින් බැස එන්නේය).

English



නැවතත් සිංහල මුල් පිටුවට

බයිබලය දෙවියන්වහන්සේගේ හුස්ම යැයි යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries