settings icon
share icon
ප්‍රශ්නය

දෙවියන්වහන්සේ සාතන්ට අපට පහර දීමට ඉඩ දෙන්නේ ඇයි?

පිළිතුර


සාතන් අපට විරුද්ධව කරන ප්‍රහාර විවිධ ස්වරූප වලින් පැමිණේ.

1) ඔහු පාපයට අපව පොළඹවන මාංසික තෘෂ්ණාවන් ඇවිස්සීමට අභක්තික ලෝකය (ඔහු පාලනය කරන) (1යොහාන් 5:19 එනම් අපි දෙවියන් වහන්සේගෙන් වන බවද මුළු ලෝකයා නපුරා තුළ බවද දනිමුව.) භාවිතා කරයි.

2) දෙවියන්වහන්සෙගේ සත්‍යයට විරුද්ධ වචනමය "ප්‍රඥාවෙන්" අපව රවටා ගැනීමට ඔහු නොඇදහිලිකාර ලෝකය භාවිතා කරයි.

3) ව්‍යාජ යේසුස්වහන්සේ කේන්ද්‍ර කරගත් ව්‍යාජ ශුභාරංචියකට අපව නොමඟ යැවීමට ඔහු ව්‍යාජ කිතුනුවන් යොදා ගනියි.

4) ඔහු සමහර පිට අයට හෝ අපේ ආදරණීයන්ට අසනීප, අපරාධ, ඛේදවාචක, හෝ පීඩා වලින් ශාරීරික පීඩා කරයි.

දෙවියන්වහන්සේ විශ්වයේ පරමාධිපත්‍යය පාලකයා බව දැන, දෙවියන් වහන්සේ සාතන්ට මේ ආකාරයෙන් අපට පහර දීමට ඉඩ දෙන්නේ ඇයි? අපි ස්වභාවයෙන්ම අසන්නෙමුව.

දෙවියන්වහන්සේ සාතන්ට යම් නිදහසක් ලබාදෙන බව බයිබලය උගන්වයි. (ජෝබ් 1:12 බලන්න. එවිට ස්වාමින් වහන්සේ සාතන්ට කථාකොට: බලව, ඔහුට ඇති සියල්ල නුඹේ අත යටතේය: නුමුත් ඔහුට විරුද්ධව නම් නුඹේ අත දිගු නොකරන්නැයි කී සේක. සාතන් ස්වාමින් වහන්සේ ඉදිරියෙන් පිටතට ගියේය). නුමුත් එම නිදහස සැමවිටම සීමිතය. සාතන්ට තමා කැමති සියල්ල කළ නොහැක. සාතන් දෙවියන්වහන්සේගේ දරුවන්ට පහර දීමට තෝරා ගනියි. (1ප්‍රේත්‍රැස් 5:8 බලන්න. එනම් සිහි ඇතිව, අවදිව ඉන්න.නුඹලාගේ විරුද්ධකාරයාවූ යක්ෂයා ගොරවන සිංහයෙකු මෙන් කවරෙකු ගිලිම්දෝහෝයි සොයමින් ඔබ මොබ ඇවිදින්නේය). ඔහුගේ සැළසුම සැමවිටම නපුරුය. ඔහු මිනීමරුවෙකි. (යොහාන් 8:44 එනම් නුඹලා නුඹලාගේ පියවූ යක්ෂයාගෙන්ය, නුඹලා නුඹලාගේ පියාගේ තෘෂ්ණාවන් ඉෂ්ටකරන්ට කැමතිය. ඔහු පටන් ගැන්මේ සිට මිනී මරන්නෙක්ය, ඔහු තුළ සැබෑකම නැති හෙයින් ඔහු සැබෑවෙහි නොපැවතුණේය. ඔහු බොරුවක් කියන කල තමාගේම දේ කියයි. මක්නිසාද ඔහු බොරුකාරයෙක්ය, බොරුවේ පියාය). ඊට වෙනස්ව සාතන්ට ඇතැම් ප්‍රහාරයන්ට ඉඩදීමේ දෙවියන් වහන්සේගේ සැලැස්ම සැමවිටම යහපත්ය: දෙවියන්වහන්සේ තම දරුවන්ට ප්‍රේම කරයි (1ජොහාන් 4:16 එනම් දෙවියන් වහන්සේ අප කෙරෙහි ඇති ප්‍රේමය අපි දැන විශ්වාස කරගෙන සිටිමුව. දෙවියන් වහන්සේ ප්‍රේමයය: ප්‍රේමයෙහි පවතින්නා දෙවියන් වහන්සේ තුළ සිටියි. දෙවියන් වහන්සේද ඔහු තුළ සිටින සේක.). යෝසෙප් සිය ජීවිත කාළය තුළ බොහෝ විට සාතන්ගේ ප්‍රහාරයන්ට මුහුණ දුන් නමුත්, අවසානයේදී එකම සිදුවීම් පිටුපස ප්‍රතිවිරුද්ධ අරමුණු දෙකක් ගැන ඔහුට විශ්වාසයෙන් කථා කළ හැකිය. "ඔබ අදහස් කළේ මට හානි කිරීමටයි. නමුත් දෙවියන්වහන්සේ එය අදහස් කළේ යහපත සඳහායි." (උත්පත්ති 50:20- එනම් නුඹලා වනාහි මට නපුර කරන්ට අදහස් කළහුය: එහෙත් බොහෝ සෙනඟ දිවි සහිතව රක්ෂා කරන පිණිස අද තිබෙන ප්‍රකාර ඉෂ්ට කිරීමට දෙවියන් වහන්සේ ඒක යහපතට අදහස් කළ සේක).

සාතන් කරන දේ ගැන අපට දෙවියන් වහන්සේට දොස් පැවරිය නොහැක. සාතන්ගේ ප්‍රහාරයට අප ගොදුරු වීමට පටන් ගන්නේ ආදම් ඒදන් උයනේදී සාතන්ගේ බොරු යෝජණා අනුගමනය කිරීමට තෝරා ගැනීමෙනි. සාතන් තම පවුල, ධනය, හා සෞඛ්‍යය අහිමි කිරීමෙන් ජෝබ්ට පහර දුන් විට, ජෝබ් දෙවියන්වහන්සේට දොස් පැවරුවේ නැත. ජෝබ් 1:21-22 ට අනුව "ඔහු (ජෝබ්) මෙසේ පවසමින් නිරුවතින් මම මාගේ මව් කුසින් ආවෙමි. නිරුවතින් මම නැවත එහි යමි. සමිදාණන්වහන්සේ දුන් සේක. සමිදාණන්වහන්සේ ගත් සේක. දෙවියන්වහන්සේට වැරැද්දක් නොකියන්න." මේ සියල්ලේදී ජෝබ් පව් කළේවත් දෙවියන්වහන්සේට චෝදනා කළේවත් නැත.

ඇදහිලිවන්තයන් සාතන්ගේ ප්‍රහාර අත්විඳින විට රෝම 8:28 සත්‍යය විශ්වාස කළ හැකිය. "දෙවියන්වහන්සේට ප්‍රේම කරන්නන්ට යහපත පිණිස සියල්ල එකට ක්‍රියා කරන බව අපි දනිමු. "එබැවින් උපකල්පනය නම් "අප යහපත අත්විඳිනු ඇති බවයි." එමනිසා උපකල්පනය නම්, අපි "හොඳ" සහ "නරක" දේවල් අත්විඳිනු ඇත, නමුත් මේ සියල්ලම "යහපත් " අරමුණු සඳහා දායක වීමට හැකි වන්නේ හොඳ ඒවා ක්‍රියාත්මක වන හෙයිනි. එබැවින් සාතන්ගේ ප්‍රහාර පවා නපුරක් වුවද "යහපත්" ප්‍රතිඵලයක් ලබාගත හැකිය. අවසානයේදී දෙවියන්වහන්සේ අපට උන්වහන්සේගේ පුත් ක්‍රිස්තුස්වහන්සේට අනුකුල කිරීමට යොදාගනී. (රෝම 8:29 බලන්න- එනම් මක්නිසාද උන් වහන්සේ පූර්වයෙන් ඇඳිනගත්තවුන් තමන් වහන්සේගේ පුත්‍රයා බොහෝ සහෝදරයන් අතරේ කුලුඳුලා වන පිණිස ඒ පුත්‍රයාගේ ස්වරූපයට සමාන වෙන්ට පූර්වයෙන් නියම කළ සේක). සාතන්ගේ පහර දීම් සහ අනෙකුත් සියළු පීඩා සමඟ ඇදහිලිවන්තයන්ට දෙවියන් වහන්සේට වැඩියෙන් ප්‍රේම කිරීමටත්, සාතන්ට වඩා විරුද්ධ වීමටත්, ඉවසීමට පුරුදු වීමටත්, තවත් බොහෝ ආකාර වලින් අපගේ ඇදහිල්ල ශක්තිමත් වීමටත් හේතු විය හැකිය. දෙවියන් වහන්සේගේ පරමාධිපත්‍ය ආරක්ෂාව වෙනුවෙන් ඔහුට ප්‍රශංසා කරන්න. සාතන්ගේ ප්‍රහාර පවා ඔබ වෙනුවෙන් "යහපත පිණිස සියල්ල එකට ක්‍රියා කිරීම "යන සෑම දෙයක්ම නිර්මාණය කිරීමේ ඔහුගේ සැලැස්මට ඔහුට ස්තුතියි.

English



නැවතත් සිංහල මුල් පිටුවට

දෙවියන්වහන්සේ සාතන්ට අපට පහර දීමට ඉඩ දෙන්නේ ඇයි?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries