settings icon
share icon
ප්‍රශ්නය

පියාණන්වහන්සේ යන සංකල්පය මා තේරුම් ගත යුත්තේ කෙසේද?

පිළිතුර


"බලන්න, පියාණන් වහන්සේ අපට කොතරම් ප්‍රේම කර ඇද්ද? අප දෙවියන් වහන්සේගේ දරුවෝ යයි කියන තරමට උන්වහන්සේ අපට ප්‍රේම කළ සේක. ඇත්තෙන්ම අපි උන් වහන්සේගේ දරුවෝමය. ලෝකයා දෙවියන් වහන්සේ නොහඳුනන බැවින්, ඔව්හු අපද නොහඳුනති." (1 යොහාන් 3:1). මෙම පාඨය ආරම්භ වන්නේ විධානයකිනි. "බලන්න" යොහාන්ගේ අපේක්‍ෂාව වන්නේ පිය සෙනෙහසේ චිද්‍යාමානවීම අප නිරීක්‍ෂණය කිරීමයි. ඔහු මීට ඉහත පරිච්ඡේදයේදී (1 යොහාන් 2:5, 15) දේව ප්‍රේමය යන මාතෘකාව හඳුන්වා දී, මෙහිදී එය කෙටියෙන් සාකච්ඡා කර, හතරවන පරිච්ඡේදයේදී එය සම්පූර්ණයෙන් පහදා දෙයි. පියාණන්වහන්සේ දක්වන "අසීමිත ප්‍රේමය" විස්තර කිරීම යොහන්ගේ අරමුණයි. ග්‍රීක වචනය පරිවර්ථනය වීමෙන් සෑදුනු "කොපමණ අසීමිතද" යන්න නව ගිවිසුමේ දැක්වෙන්නේ සය වතාවක් පමණක් වන අතර සෑම අවස්ථාවකම එය හඟවන්නේ විස්මය හා ප්‍රසාදයයි.

මෙතැනද සැළකිල්ලට ගත හැකි සිත්ගන්නාසුළු කාරණය නම් "පියාණන් වහන්සේ අපට ප්‍රේම කරන සේක" යැයි යොහාන් පවසන්නේ නැත. එසේ පැවසුවා නම් එයින් ඔහු කොන්දේසියක් විස්තර කරනු ඇත. ඒ වෙනුවට පියාණන් වහන්සේ අප මත උන් වහන්සේගේ ප්‍රේමය "වැගිරූ" බව ඔහු අපට පවසන අතර මෙය ක්‍රමයෙන් විදහාපාන්නේ දෙවියන් වහන්සේගේ අසීමිත ප්‍රේමයේ එක් ස්වාභවයකි. තවත් සිත්ගන්නා සුළු කාරණයක් වන්නේ "පියාණන්" යන වචනය යොහාන් ඕනෑ කමින්ම තෝරාගෙන තිබීමය. එම වචනයෙන් අදහස්වන්නේ පිය-දරු සම්බන්ධතාවයයි. කෙසේ වෙතත් දෙවියන් වහන්සේ පියෙක් වූයේ අප උන් වහන්සේගේ දරුවන් වූ පසුව නොවේ. දෙවියන් වහන්සේගේ පීතෘත්වය සදාකාලිකය. උන් වහන්සේ සදාකාලයටම යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පියාණන් වන අතර යේසුස්වහන්සේ තුළින් උන් වහන්සේ අපගේ පියාණන් වන සේක. යේසුස්වහන්සේ තුළින් පියාණන් වහන්සේගේ ප්‍රේමය අපට ලැබෙන අතර අපට "දේව දරුවෝ"යැයි කියනු ලබමු.

දෙවියන්වහන්සේ අප උන්වහන්සේගේ දරුවන් ලෙස පිළිගනිමින් උරුමක්කාරයෝ කරමින් ක්‍රිස්තුස්වහන්සේ හා සමග හවුල් උරුමක්කාරයෝය (රෝම 8:17) යන සහතිකය දීම කොතරම් ගෞරවයක්ද? තවද යොහන් තම සුවිශේෂය තුළින් අපට පවසන්නේ ක්‍රිස්තුස් වහන්සේ ස්වාමින් හා ගැළවුම්කරුවාණන් ලෙස අදහා ගන්නා අයට දෙවියන්වහන්සේගේ දරුවන් වීමේ වරම දෙවියන්වහන්සේ දානය කරන බවයි (යොහන් 1:12). දෙවියන් වහන්සේ සෑම දේව දරුවෙකුටම උන් වහන්සේගේ පුතණුවන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළින් ප්‍රේම කරන සේක.

"අපේ ස්වභාවය එයයි!" කියා යොහන් පවසන්නේ අපගේ ස්ථාවර යථාර්ථය ප්‍රකාශ කරමිනි. මේ දැන්, මේ මොහොතේ, අප උන්වහන්සේගේ දරුවෝය. තවත් ලෙසකින් කියතොත් මෙය දෙවියන්වහන්සේ විසින් අනාගතයේදී ඉටු කරනු ලබන පොරොන්දුවක් නොවේ. නැහැ, සත්‍යනම් දැනටමත් අප දෙවියන් වහන්සේගේ දරුවන්ය. අපව දරුවන් ලෙස භාර ගැනීමේ සෑම හිමිකමක් හා වරප්‍රසාදයක්ම අප භුක්ති විඳින්නේ දෙවියන් වහන්සේ අපගේ පියාණන් ලෙස අප හඳුනාගෙන ඇති බැවිනි. උන් වහන්සේගේ දරුවන් ලෙස අප උන්වහන්සේ අපගේ පියාණන් ලෙස පිළිගනු ලබන්නේ අපට දෙවියන් වහන්සේ පිළිබඳව ප්‍රායෝගික දැනුමක් ඇති බැවිනි. අපට ප්‍රේම කරන උන් වහන්සේ කෙරෙහි අපගේ විශ්වාසය හා ඇදහිල්ල තැබූ විට උන් වහන්සේ අපට සපයා දෙමින් අප ආරක්‍ෂා කරන්නේ ලෞකික පියවරුන් කළ යුතු පරිදිමය. එසේම මෙලොව පියවරුන් කළ යුතු පරිදිම උන් වහන්සේගේ ආඥාවන්ට අකීකරු වී හෝ ඒවා නොතකන විට දෙවියන් වහන්සේ අපව හික්මවන සේක. අපගේම යහපත සඳහා උන් වහන්සේ මෙසේ කරන්නේ "උන්වහන්සේගේ පාරිශුද්ධත්වයට අප පංගුකාරයන් වන පිණිසය " (හෙබ්‍රෙව්12:10).

දෙවියන්වහන්සේට ප්‍රේම කරමින් උන්වහන්සේට අවනත වන අය පිළිබඳව ශුද්ධ ලියවිල්ල විස්තර කරන ආකාර බොහෝමයකි. දෙවියන්වහන්සේ සමග උරුමක්කාරයෝද, ක්‍රිස්තුස්වහන්සේ සමග හවුල් උරුමක්කාරයෝද වෙමු (රෝම 8:17), අප ශුද්ධ පූජක පිරිසක් වෙමු (1 පේදුරු 2:5), අප නව මැවිල්ලකි (2 කොරින්ති 5:17) සහ ඳේව ස්වභාවයට පංගුකාරයන්ය (2 පේදුරු 1:4). එහෙත් ඉහත සඳහන් කවර පදවියකට හෝ තත්වයකට වඩා බෙහෙවින් සුවිශේෂි වන්නේ අප දෙවියන්වහන්සේගේ දරුවන් වන බව හා උන්වහන්සේ අපගේ ස්වර්ගීය පියාණන් වන සරල කාරණයයි. English



නැවතත් සිංහල මුල් පිටුවට

පියාණන්වහන්සේ යන සංකල්පය මා තේරුම් ගත යුත්තේ කෙසේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries