.
settings icon
share icon
ප්‍රශ්නය

කිතුනුවන් තමන්ගේ වටිනාකම් (අගයන්) අන් අය මත පැටවීමට උත්සාහ කරන්නේ ඇයි?

පිළිතුර


කිතුනුවන්ට තම වටිනාකම් (අගයන්) හෝ විශ්වාසයන් අන් අය මත පැටවීමට උත්සාහ කළ බවට නිතරම චෝදනා එල්ල වේ. කිතුනුවන් උත්සාහ කරන්නේ “ආගම අපේ උගුරට තල්ලු කිරීමට” උත්සාහ කරන බවයි. මෙම ප්‍රශ්නයට පිළිතුරු දීමේදී කිතුනුවන් යනු අන් අයගේ අයිතිවාසිකම් වලට බාධා කිරීමට උත්සාහ කරන අධිකාරීවාදී කණ්ඩායමක් බවට වන චෝදනාව ද අප යොමු කළ යුතුය. ඇත්ත වශයෙන්ම, කිතුනුවන් යැයි කියා ගත් ඒකාධිපතියන් සිටි නමුත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සැබෑ අනුගාමිකයන් කිසිවෙකුගේ මූලික මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට උත්සාහ නොකරයි. ඇදහිලිවන්තයාට කැමැත්ත දුන් දෙවියන්වහන්සේම නොඇදහිලිවන්තයාට කැමැත්ත ද දුන්නේය.

දෙවියන්වහන්සේ උන්වහන්සේගේ පොදු ආශීර්වාදය සෑම කෙනෙකුටම ලබා දෙයි (මතෙව් 5:45); එබැවින් සැමට නිදහස කිතුනු වටිනාකමකි. මිනිසා දෙවියන්වහන්සේගේ විශේෂ මැවිල්ලකි (උත්පත්ති 1:27); එම නිසා මානව ගරුත්වය සහ පුද්ගලයාට දක්වන ගෞරවය ක්‍රිස්තියානි වටිනාකම් වේ.

සමහරු පවසන්නේ "සදාචාරය නීතිගත කිරීමට" උත්සාහ කිරීම වැරදි බවයි. එසේ නොවන ලෙස කළ නොහැකි බව අපි කියමු. සෑම නීතියක්ම යමෙකුගේ සදාචාරාත්මක “වටිනාකම්” වෙනත් අයෙකු මත “පනවයි”. නිදසුනක් වශයෙන්, මිනීමැරුම තහනම් කරන නීතියකින් මිනීමැරුමක් වැරදි යැයි විශ්වාසයක් පැනවෙන අතර මිනිස් ජීවිතයට ආවේණික වටිනාකමක් ඇතැයි යන ක්‍රිස්තියානි පිළිගත් මතය (මූලධර්මය) තහවුරු කරයි.

මිනීමැරුම්, කාමමිථ්‍යාචාරය, සොරකම් කිරීම, බොරු කීම සහ කෑදරකම වැරදි බව සෑම දෙනාම පාහේ එකඟ වෙති. තම දෙමාපියන්ට ගෞරව කිරීම නිවැරදි බව බොහෝ දෙනා එකඟ වෙති. අපේ සමාජයේ ගොතන ලද මෙම හරි වැරැද්ද පිළිබඳ හැඟීම, බයිබලයේ දස පනතෙන් හයක් පිළිබ්ඹු කරයි. යුදෙව් ක්‍රිස්තියානි සාරධර්ම “පැනවීමට” විරුද්ධ වන අය සමහර විට මිනීමැරුම්, බොරු සාක්ෂි සහ සොරකම් වලට එරෙහි නීති අහෝසි කිරීමට කටයුතු කළ යුතුය.

කිතුවන්ට තමන්ගේ වටිනාකම් පැනවීමට අවශ්‍ය නැති නමුත් සෑම සමාජයකම කෙනෙකුගේ වටිනාකම් උත්තරීතර විය යුතු බව ඔවුන් පිළිගනී. ප්‍රශ්නය නම් කාගේ වටිනාකම්වල ආධිපත්‍යය හිමි වේද යන්නයි. උදාසීන හර පද්ධතියක් කියා දෙයක් නොමැත. එබැවින්, තරඟකාරී විශ්වාසයන් ඇති ලෝකයක ක්‍රිස්තියානි සාරධර්මයන් සාමාන්‍යයෙන් යහපැවැත්ම ඉහළ නැංවීමට සහ ගෘහස්ථ සාමය පවත්වා ගැනීමට හැකි වනු ඇතැයි යන අවංක විශ්වාසයෙන් කිතුනුවන් තම වටිනාකම් ඉහළ නංවා ගැනීමට කටයුතු කරති.

කිතුනුවන්ට තමන්ගේ වටිනාකම් පැනවීමට අවශ්‍ය නැති නමුත් අපට වඩා උසස් අධිකාරියක් තිබීමේ වැදගත්කම ඔවුන් දකිනවා. තනිකරම මානව තාර්කිකත්වය මත පදනම් වූ සදාචාරාත්මක සංග්‍රහයක් නිෂ්පාදනය කිරීමට උත්සාහ කරන සමාජවලට වැඩිපුර ඡන්ද හෝ වැඩි ආයුධ ප්‍රමාණයක් හිමි ඕනෑම අයෙකුට හැසිරවිය හැකිය. ජෝසප් ස්ටාලින් වැනි මානව හිතවාදී ඒකාධිපතියෙකුගේ හෝ ප්‍රංශ විප්ලවය වැනි සාමූහික අත්තනෝමතිකයින්ගේ වේවා ක්‍රිස්තියානි ප්‍රතිපත්ති බැහැර කිරීම අඩු නිදහසක් සඳහා මිස වැඩි යමක් නොවේ.

කිතුන්වන්ට ඔවුන්ගේ වටිනාකම් පැනවීමට අවශ්‍ය නැත, නමුත් ඔවුන් කැමති ඕනෑම සමාජයක සාමකාමීව ජීවත් වීමට ඔවුන්ට අවශ්‍යය (රෝම 12:18; 1 තිමෝති 2:2). කිතුනුවන් සෑම කෙනෙකුටම යහපතක් කිරීමට බැඳී සිටී (1 කොරින්ති 6:10) සහ සෑම කෙනෙකුම වෙනුවෙන් යාච්ඤා කිරීමට (1 තිමෝති 2:1). ක්‍රිස්තුස්වහන්සේ තම අනුගාමිකයින්ට ශාප සඳහා ආශීර්වාද ලබා දෙන ලෙස ඉගැන්වීය (මතෙව් 5:44), උන් වහන්සේ ඉගැන්වීමක් නියම ලෙස ආදර්ශයට ගත්තේය (1 පේතෘස් 2:23).

ආගම මුළුමනින්ම පහත් කොට සියළුම ක්‍රිස්තියානි මතයන් නිහඞ කරන තනිකරම “අනාගමික” සමාජයක් ප්‍රාර්ථනා කරන ඇතැමුන් සිටිති. එම පුද්ගලයින්ට, අපි මෙම මතක් කිරීම් ලබා දෙන්නෙමු:

1) කිතුනුවන්ට මෙන්ම වෙනත් ඕනෑම කෙනෙකුට දේශපාලන ක්‍රියාවලියට සම්බන්ධ වීමේ අයිතියක් ඇත. මෙයින් අදහස් කරන්නේ, තමන්ගේම වටිනාකම් පිළිබ්ඹු කරන නීති ප්‍රවර්‍ධනය කරන අතරම, වෙනත් ඕනෑම පුරවැසියෙකු මෙන් ඔවුන්ට ඡන්දය දීමට, පෙළපාලි යාමට, ලොබියට, බල මණ්ඩලයට හා නිලතල දරන්නට ද පුළුවන. කිතුනුවන් දේශපාලන ක්‍රියාවලිය යටපත් කිරීමට උත්සාහ නොකරති; එය සෑම පුරවැසියෙකුගේම අයිතියක් වන හෙයින් ඔවුහු එයට සම්බන්ධ වෙති.

2) බහුත්වවාදී සමාජයක සිටින කිතුනුවන්ට වෙනත් ඕනෑම කෙනෙකුට මෙන් තම අදහස් ප්‍රකාශ කිරීමට අයිතියක් ඇත. මෙයින් අදහස් කරන්නේ සදාචාරය පිළිබඳ තමන්ගේම අදහස ප්‍රකාශ කරන අතරම, ඔවුන් කැමති පරිදි විකාශනය කිරීමට, ලිවීමට, කථා කිරීමට, ප්‍රකාශයට පත් කිරීමට සහ කලාව නිර්මාණය කිරීමට ඔවුන්ට හැකිය. කිතුනුවන්ට සමහර වාරණයන් ගැන චෝදනා එල්ල වන අතර, ඔවුන් යම් පොතක් විවේචනය කිරීමේ හෝ ක්‍රිස්තියානි විරෝධී කතාවට අරමුදල් සපයන ඔවුන්ගේ බදු මුදලට විරුද්ධ වීම මත, නමුත් ඔවුන් පොත් පුළුස්සා දමන්නේ නැත. යථාර්ථය නම් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ක්‍රිස්තියානි වටිනාකමකි.

3) ආගමික වශයෙන් නිදහස් සමාජයක සිටින කිතුනුවන්ට අන් ඕනෑම කෙනෙකුට මෙන් තම විශ්වාසයන් අනුව ජීවත් වීමට අයිතියක් ඇත. මෙයින් අදහස් කරන්නේ ඔවුන් ශුභාරංචිය දේශනා කිරීමට හා ඉගැන්වීමට සහ බයිබලයට එකඟව හා ඔවුන්ගේ හෘද සාක්ෂියට එකඟව ජීවත් විය හැකි බවයි. කිතුනුවකු කියන විට “ඔබ නැවත ඉපදිය යුතුයි” (යොහන් 3:7), ඔහු තම වටිනාකම් පැනවීමට උත්සාහ නොකරයි; ඔහු සත්‍යය කථා කරන අතර ඕනෑම කෙනෙකුට පිළිගැනීමට හා ප්‍රතික්ෂේප කිරීමට නිදහස ඇත.

කිතුනුවන් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල තුළින් ප්‍රීතිය බෙදා ගන්නා විට සමහරු එය ක්‍රිස්තියානි ආගම අන් අය මත පැටවීමේ උත්සාහයක් ලෙස දකින බවට සැකයක් නැත. නමුත් සත්‍යය නම් කිතුනුවන් වශයෙන් අප දන්නා පරිදි මේ ජීවිතයේ මිනිස් දුක් වේදනා සඳහා ඖෂධයක් සහ ඊළඟ ආත්මයේ සදාකාලික නිරයක් අප සතුව ඇති බවයි. ක්‍රිස්තුස්වහන්සේ විසින් අපට කළ යුතු අණ පරිදි එම ප්‍රතිකාරය අන් අය සමඟ බෙදා නොගැනීම (මතෙව් 28:18-20) පිළිකාවට ප්‍රතිකාරය දැන ගැනීම සහ එය සෙසු ලෝකය සමඟ බෙදා ගැනීම ප්‍රතික්ෂේප කිරීම වැනිය. අපට අපේ විශ්වාසයන් කිසිවෙකුට බල කළ නොහැක; අපට කළ හැක්කේ ඔවුන්ට පිළියම ලබා දීම සහ ඔවුන් එය පිළිගන්නා ලෙස යාච්ඤා කිරීම පමණි. සමහරු එම උත්සාහය අපේ විශ්වාසයන් ඔවුන් මත “පැටවීම” ලෙස සලකන්නේ නම්, එය ඔවුන්ගේ සංජානනය පිළිබඳ කාරණයක් මිස යථාර්ථය පිළිබ්ඹු කිරීමක් නොවේ.

English



නැවතත් සිංහල මුල් පිටුවට

කිතුනුවන් තමන්ගේ වටිනාකම් (අගයන්) අන් අය මත පැටවීමට උත්සාහ කරන්නේ ඇයි?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries