settings icon
share icon
ප්‍රශ්නය

කිතුණු ධර්මය ආගමක් ද නැතහොත් සබඳතාවක් ද?

පිළිතුර


ආගම යනු “අතිමානුෂික පාලන බලයක්, විශේෂයෙන්ම පුද්ගලික දෙවියන් හෝ දෙවිවරුන් කෙරෙහි විශ්වාසය හා නමස්කාරය” වේ. ඒ අතින් කිතුණු දහම ආගමක් ලෙස වර්ග කළ හැක. කෙසේ වෙතත්, ප්‍රායෝගිකව කථා කරන විට, කිතුණු ධර්මයට ප්‍රධාන වෙනසක් ඇත, එය ආගම් ලෙස සැලකෙන අනෙකුත් විශ්වාස පද්ධති වලින් වෙන් කරයි. ඒ වෙනස සම්බන්ධතාවයයි.

බොහෝ ආගම්, දේවවාදී හෝ වෙනත් ආකාරයකින්, මිනිසා කේන්ද්‍ර කරගත් ඒවා වේ. දෙවියන්වහන්සේ සමඟ ඇති ඕනෑම සම්බන්ධතාවයක් මිනිසාගේ ක්‍රියා මත පදනම් වේ. යුදෙව් ආගම හෝ ඉස්ලාම් වැනි දේවවාදී ආගමක්, උත්තරීතර දෙවියන් හෝ දෙවිවරුන් කෙරෙහි විශ්වාසය තබා ඇත; බුද්ධාගම සහ හින්දු ආගම වැනි දේවවාදී නොවන ආගම්, පාරභෞතික චින්තන රටා සහ අධ්‍යාත්මික “ශක්ති” කෙරෙහි අවධානය යොමු කරයි. නමුත් බොහෝ ආගම් සමාන වන්නේ මිනිසාට තම උත්සාහයෙන් උසස් බලයක් හෝ තත්වයකට ළඟා විය හැකිය යන සංකල්පය මත ගොඩනැගී ඇති බැවිනි. බොහෝ ආගම්වල මිනිසා ආක්‍රමණිකයා වන අතර දෙවියන් මිනිසාගේ උත්සාහයේ, පරිත්‍යාගවල හෝ යහපත් ක්‍රියාවන්හි ප්‍රතිලාභියා වේ. පාරාදීසය, නිර්වාණය හෝ යම් උසස් තත්වයක් යනු ආගම විසින් නියම කරන ඕනෑම මූලධර්මයක් දැඩි ලෙස පිළිපැදීම සඳහා මිනිසාගේ විපාකයයි.

ඒ සම්බන්ධයෙන් කිතුණු ධර්මය ආගමක් නොවේ; එය දෙවියන් වහන්සේ තම දරුවන් සමඟ ඇති කර ගත් සම්බන්ධතාවයකි. කිතුණු ධර්මය තුළ දෙවියන් වහන්සේ ආක්‍රමණිකයා වන අතර මිනිසා ප්‍රතිලාභියා වේ (රෝම 8:3). දෙවියන් වහන්සේ සමඟ තමාව නිවැරදි කර ගැනීමට මිනිසාට කළ හැකි කිසිවක් නොමැති බව බයිබලයේ පැහැදිලිව සඳහන් වේ (යෙසායා 53:6; 64:6; රෝම 3:23; 6:23). කිතුණු ධර්මයට අනුව, අපට අප වෙනුවෙන් කළ නොහැකි දේ දෙවියන්වහන්සේ අප වෙනුවෙන් කළේය (කොලොස්සි 2:13; 2 කොරින්ති 5:21). අපගේ පාපය උන් වහන්සේගේ අභිමුඛයෙන් අපව වෙන් කරයි, පාපයට දඬුවම් කළ යුතුය (රෝම 6:23; මතෙව් 10:28; 23:33). නමුත්, දෙවියන් වහන්සේ අපට ප්‍රේම කරන නිසා, උන්වහන්සේ අපගේ දඩුවම උන්වහන්සේ පිටට ගත්තේය. අප කළ යුත්තේ ඇදහිල්ල තුළින් දෙවියන්වහන්සේගේ ගැළවීම නමැති දීමනාව පිළිගැනීමයි (එපීස 2:8-9; 2 කොරින්ති 5:21). කරුණාව යනු නුසුදුසු අයට දෙවියන්වහන්සේගේ ආශීර්වාදයයි.

දෙවියන්වහන්සේ සහ මිනිසා අතර කරුණාව මත පදනම් වූ සම්බන්ධතාවය කිතුණු ධර්මයේ පදනම සහ ආගමේ ප්‍රතිවිරෝධයයි. ස්ථාපිත ආගම යේසුස් වහන්සේගේ භූමික දේවසේවයේදී උන්වහන්සේගේ දැඩි විරුද්ධවාදීන්ගෙන් එකකි. දෙවියන්වහන්සේ තම ව්‍යවස්ථාව ඊශ්‍රායෙල්වරුන්ට දුන් විට, උන් වහන්සේගේ ආශාව වූයේ ඔවුන් “ඔබේ මුළු හදවතින්ම, ඔබේ මුළු ආත්මයෙන් සහ ඔබේ මුළු ශක්තියෙන් ඔබේ දෙවි සමිඳාණන්වහන්සේට ප්‍රේම කිරීමයි” (ද්විතීය කථාව 6:5; මතෙව් 22:37). “ප්‍රේමය‍” සම්බන්ධතාවය ගැන කතා කරයි. අනෙක් සියලුම අණපනත්වලට කීකරු වීම දෙවියන්වහන්සේ කෙරෙහි ඇති ප්‍රේමයෙන් පැන නැඟිය යුතුය. අපට උන් වහන්සේට ප්‍රේම කිරීමට හැකි වන්නේ “උන්වහන්සේ මුලින්ම අපට ප්‍රේම කළ නිසා” (1 යොහන් 4:19). කෙසේ වෙතත්, යේසුස්වහන්සේගේ කාලය වන විට, යුදෙව් නායකයන් ඔවුන් සමඟ ප්‍රේම සබඳතාවයකින් ජීවත් වීමට දෙවියන්වහන්සේගේ ආශාවෙන් ආගමක් සාදා තිබුණි (1 තිමෝති 1:8; රෝම 7:12).

වසර ගණනාවක් පුරා, ඔවුන් දෙවියන්වහන්සේගේ නීතිය ක්‍රියා මත පදනම් වූ ආගමක් බවට විකෘති කර මිනිසුන් උන්වහන්සේගෙන් ඈත් කර ඇත (මතෙව් 23:13-15; ලූක් 11:42). ඉන්පසුව ඔවුන් එය වඩාත් අවුල් සහගත කිරීම සඳහා ඔවුන්ගේම නීති බොහොමයක් එකතු කළහ (යෙසායා 29:13; මතෙව් 15:9). නීතිය පිළිපැදීමට ඔවුන්ට ඇති හැකියාව ගැන ඔවුන් ආඩම්බර වූ අතර - අවම වශයෙන් බාහිරව - එවැනි දැඩි නීති රීති කිසි විටෙකත් තබා ගත නොහැකි සාමාන්‍ය ජනතාව කෙරෙහි ඔවුන්ගේ අධිකාරය හිමි විය. ඵරිසිවරුන්, ඔවුන් පාලනය කිරීමට තරම් දක්ෂ වූ අතර, දෙවියන් වහන්සේ ඔවුන් ඉදිරියෙහි සිටගෙන සිටින විට උන්වහන්සේවම හඳුනා ගැනීමට අපොහොසත් විය (යොහන් 8:19). ඔවුන් සම්බන්ධතාවයට වඩා ආගම තෝරාගෙන ඇත.

යුදෙව් නායකයන් දෙවියන්වහන්සේ සමඟ ඇති සම්බන්ධතාවයෙන් ආගමක් ඇති කළා සේම, බොහෝ අය කිතුණු ධර්මය සමඟද එසේ කරති. ශුද්ධ ලියවිල්ලේ දක්නට නොලැබෙන නීති රීති නිර්මාණය කිරීමේදී මුළු නිකායන්ම පරිසිවරුන්ගේ මාර්ගය අනුගමනය කර ඇත. ක්‍රිස්තුස්වහන්සේව අනුගමනය කරන බව පවසන සමහරෙක් ඇත්ත වශයෙන්ම යේසුස්වහන්සේගේ නාමයෙන් මිනිසා විසින් සාදන ලද ආගම අනුගමනය කරති. ශුද්ධ ලියවිල්ල විශ්වාස කරන බව පවසන අතරම, ඔවුන් බොහෝ විට බියෙන් හා සැකයෙන් පීඩා විඳිති, ඔවුන් ගැළවීම උපයා ගැනීමට තරම් හොඳ නොවිය හැකි බවට හෝ ඔවුන් යම් ප්‍රමිතියකට ක්‍රියා නොකරන්නේ නම් දෙවියන්වහන්සේ ඔවුන්ව පිළිගන්නේ නැත. මෙය කිතුණු ආගම ලෙස වෙස්වලාගත් ආගම වන අතර එය සාතන්ගේ ප්‍රියතම උපක්‍රමවලින් එකකි. යේසුස්වහන්සේ මේ ගැන මතෙව් 23:1-7 හි සඳහන් කළේ උන්වහන්සේ පරිසිවරුන්ට තරවටු කළ අවස්ථාවේදීය. මෙම ආගමික නායකයන් මිනිසුන්ව ස්වර්ගයට යොමු කරනවා වෙනුවට මිනිසුන්ව දේව රාජ්‍යයෙන් ඈත් කරමින් සිටියා.

ශුද්ධකම සහ ශුද්ධ ලියවිල්ලට කීකරු වීම වැදගත් වේ, නමුත් ඒවා පරිවර්තනය කරන ලද හදවතක සාක්ෂි මිස එය සාක්ෂාත් කර ගැනීමේ මාධ්‍යයක් නොවේ. දෙවියන්වහන්සේ කැමති උන්වහන්සේ ශුද්ධව සිටින්නාක්මෙන් අපද ශුද්ධව සිටීමටය (1 පේතෘස් 1:16). උන්වහන්සේට අවශ්‍ය වන්නේ අප කරුණාවෙන් හා උන්වහන්සේ පිළිබඳ දැනුමෙන් වැඩීමටය (2 පේතෘස් 3:18). නමුත් අපි මේ දේවල් කරන්නේ අපි උන්වහන්සේගේ දරුවන් නිසාත්, උන්වහන්සේ වගේ වෙන්න ඕනේ නිසාත්, උන් වහන්සේගේ ආදරය උපයාගන්න නෙවෙයි.

කිතුණු ධර්මය යනු ආගමක් සඳහා අත්සන් කිරීම නොවේ. කිතුණු ධර්මය යනු දෙවියන්වහන්සේගේ පවුල තුළ උපත ලැබීමයි (යොහන් 3:3). එය සම්බන්ධතාවයකි. දරුකමට හදාගත් දරුවෙකුට දරුකමට හදා ගැනීමට බලයක් නොමැති සේම, අපගේම උත්සාහයෙන් දෙවියන්වහන්සේගේ පවුලට සම්බන්ධ වීමට අපට බලයක් නැත. අපට පිළිගත හැක්කේ උන් වහන්සේව පියා ලෙස දැන ගැනීමට උන්වහන්සේගේ ආරාධනය පිළිගත හැක්කේ දරුකමට හදා ගැනීම හරහා පමණි (එපීස 1:5; රෝම 8:15). යේසුස් වහන්සේගේ මරණය සහ නැවත නැඟිටීම කෙරෙහි ඇදහිල්ල තුළින් අප උන්වහන්සේගේ පවුලට සම්බන්ධ වූ විට, ශුද්ධාත්මයාණන්වහන්සේ අපගේ හදවත් තුළ ජීවත් වීමට පැමිණේ (1 කොරින්ති 6:19; ලූක් 11:13; 2 කොරින්ති 1:21-22). එවිට උන්වහන්සේ රජුගේ දරුවන් මෙන් ජීවත් වීමට අපට බලය ලබා දෙයි. ආගම මෙන් අපගේම ශක්තියෙන් ශුද්ධත්වය ලබා ගැනීමට උත්සාහ කරන ලෙස උන්වහන්සේ අපෙන් ඉල්ලා නැත. උන්වහන්සේගේ බලය අප තුළින් ජීවත් විය හැකි වන පරිදි අපගේ පැරණි ආත්මය උන්වහන්සේ සමඟ කුරුසියේ ඇණ ගසන ලෙස උන්වහන්සේ ඉල්ලා සිටියි (ගලාති 2:20; රෝම 6:6). දෙවියන්වහන්සේට අවශ්‍ය වන්නේ අප උන්වහන්සේව දැන හඳුනා ගැනීමටත්, උන්වහන්සේ වෙත ළං වීමටත්, උන් වහන්සේට යාච්ඤා කිරීමටත්, සියල්ලටම වඩා උන්වහන්සේට ප්‍රේම කිරීමටත් ය. එය ආගම නොවේ; ඒක සම්බන්ධයක්.

English



නැවතත් සිංහල මුල් පිටුවට

කිතුණු ධර්මය ආගමක් ද නැතහොත් සබඳතාවක් ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries