කිතුණුවන් දෙවියන් වහන්සේ නමස්කාර කළ යුතු නිවැරදි ආකාරය කුමක්ද?



ප්‍රශ්නය: කිතුණුවන් දෙවියන් වහන්සේ නමස්කාර කළ යුතු නිවැරදි ආකාරය කුමක්ද?

පිළිතුර:
"ප්‍රොස්කුනියෝ" අළුත් ගිවිසුමෙහි ග්‍රීක් වචනයයේ බහුල ලෙස පරිවර්තනය වනුයේ "නමස්කාරය" යනු "ඉදිරියේ බිම ඇද වැටීම" හෝ "ඉදිරියෙහි ගෞරව දැක්වීම" වේ. නමස්කාරය යනු ආත්මයේ ආකල්පයකි. එය ඇතුලාන්තර, පෞද්ගලික ක්‍රියාවලියක් බැවින් කිතුණුවන් සෑම වේලෙහිම නමස්කාර කරනූ ලැබේ. කිතුණුවන් නමස්කාරය සඳහා එකතු වුන කල්හි අවධාරනය විය යුත්තේ තමන් පුද්ගලිකව ස්වාමින් වහන්සේ නමස්කාර කිරීමයි. ආගමික සභාව එක්වූ කල්හි පවා සහභාගි සෑම කෙනෙක්ම ඔහු හෝ ඇය දෙවියන් වහන්සේව පෞද්ගලිකව නමස්කාර කිරීමේ පදනම මත සිටින්නේද යන්න පිළිබඳ මනා දැනුමකින් යුක්තව සිටිය යුතුය.

කිතුණු නමස්කාරයේ ස්වභාවය වනුයේ ඇතුලතින් පිටතට වන අතර, එහි සමාන වූ ඉතා වැදගත් ගුණාංග දෙකක් වේ. අප ආත්මයෙන් සහ සැබෑකමෙන් නමස්කාර කළ යුතුය (යොහාන් 4:23-24). ආත්මයෙන් නමස්කාර කිරීමේදි අපගේ ශාරීරික ඉරියව්වන් හා කිසිම සම්බන්ධතාවයක් නොමැත. යම් සම්බන්ධතාවයක් වේ නම් ඒ අපගේ ඇතුලාන්තර මනුෂ්‍යයා හා වන අතර සමහර අවශ්‍යතාවයන්ද වේ. පළමුව අප නව උත්පාදනය ලැබිය යුතුය. අප තුළ ශුද්ධාත්මයාණන් වහන්සේගේ වාසය කිරීමක් නොමැතිව අපට දෙවියන් වහන්සේට ප්‍රතිචාර දැක්විය නොහැක මන්ද අප එතුමාණන්ව නොදන්නා බැවිණි. දෙවියන් වහන්සේගේ කාරණා දෙවියන් වහන්සේගේ ආත්මයාණන් මිස වෙන කිසිවෙක් නොදනියි (1 කොරින්ති 2:11 බී). අප තුළ සිටින ශුද්ධාත්මයාණන් වහන්සේ නමස්කාර කරණ පිණිස අපව බල ගන්වන්නේ එතුමාණන් වහන්සේගේ ස්වභාවය තමන්ව මහිමයට පත් කර ගැනීම වන අතර සියලු සැබෑ නමස්කාරයන් දෙවියන් වහන්සේව මහිමයට පත් කරයි.

දෙවනුව, සැබෑකමින් අළුත් කරගන්නා ලද මනසක් හා දෙවියන් වහන්සේ කේන්ද්‍ර කරගත් මනසක් ආත්මයෙන් නමස්කාර කිරීම සඳහා අවශ්‍ය වේ. පාවුල්තුමා අපට අනුශාසනා කරනු ලැබුයේ එබැවින් සහෝදරයනි නුඹලාගේ ශරීරයන් ජීවමානවූ ශුද්ධවූ දෙවියන් වහන්සේ විසින් පිළිගත හැකිවූ යාගයක් කොට ඔප්පු කරන හැටියට දෙවියන් වහන්සේගේ දයාවන් නිසා ඉල්ලමි (රෝම 12:1 බී, 2බී). ලෞකික දෙයට කේන්ද්‍ර ගත වී ඇති අපගේ මනස දෙවියන් වහන්සේව කේන්ද්‍ර ගත කරගත් කල්හි ආත්මයෙන් අපට දෙවියන් වහන්සේව නමස්කාර කළ හැකිය. දෙවියන් වහන්සේට ප්‍රශංසා කර එතුමන් මහිමයට පත් කරන්ට උත්සාහ කරනවිට අපගේ මනස ව්‍යාකුල කරන්ට සහ සැබෑ නමස්කාරයට බාධා කරන්ට විවිධ දේ මනසට පැමිණිය හැක.

තුන්වෙනුව, විවෘත හා පසුතැවුන පවිත්‍ර හදවතක් ඇතිවිට පමණක් අපට ආත්මයෙන් නමස්කාර කළ හැකි වන්නේය. දාවිත් රජතුමාගේ හදවත බෙත්ෂිබා සමඟ සිදුවූ පාපය පිළිබඳ දොස් තැබූ කල්හි (2 සාමුවෙල් 11), නමස්කාර කළ නොහැකි බව ඔහුට හැඟුණේය. දෙවියන් වහන්සේ තමන් ගෙන් බොහෝ දුරස්ව ඇති බව දැනුන බැවින්, දෙවියන් වහන්සේගේ හස්තය තමන් පිට බරව තිබෙන බව දැන "මුළු දවස පුරා කෙඳිරි ගෑවේය" (ගීතාවලිය 32: 3,4). නමුත් ඔහුගේ පාපය පාපෝච්චාරණය කළ කල්හි, දෙවියන් වහන්සේ හා සබඳතාවය නැවත ප්‍රතිස්ථාපනය වූ අතර නමස්කාරය හා ප්‍රශංසාව ඔහු තුලින් ගලා ආවේය. "දෙවියන් වහන්සේට කළ යුතු පූජා නම් බිදුණාවූ සිතක්" (ගීතාවලිය 51:17) බව ඔහු තේරුම් ගත්තේය. පාපෝව්චාරණය නොකළාවූ පාපයන් ගෙන් පිරුණ හදවතකින් ප්‍රශංසාව හා නමස්කාරය දෙවියන් වහන්සේ වෙතට පැමිණිය නොහැක.

දෙවියන් වහ්සේව නමස්කාර කළ යුතු දෙවෙනි ගුණාංගය නම් "සැබෑකමින්" නමස්කාර කළ යුතු බවය. සෑම නමස්කකාරයක්ම සැබෑවට ප්‍රතිචාර දක්වන අතර , ඒ සඳහා දෙවියන් වහන්සේගේ වචනය හැරෙන්ට වෙනත් වඩා හොඳ පරිමාණයක් වෙත්ද? යේසුස් වහන්සේ තම පියාණන් වහන්සේ අමතමින් මෙසේ පැවසූ සේක "ඔබගේ වචනය සත්‍යතාවයයි" (යොහාන් 17:17බී). ගීතාවලිය 119 "ඔබගේ ව්‍යවස්තාවද සත්‍යයය" (පදය 142 බී) සහ "ඔබගේ වචනයේ මුළු අදහස නම් සත්‍යයය" (පදය 160 ඒ). සැබෑ ලෙස දෙවියන් වහන්සේව නමස්කාර කිරීමට නම්, එතුමාණන් කව්ද යන්නත් එතුමණන් කළ දේ කුමක්ද යන්නත් තමන්වහන්සේව සම්පූර්ණයෙන් එළදරව් කළ ස්ථානය බයිබලය බවත් අප තේරුම් ගත යුතුය. නමස්කාරය යනු වචනය කරණකොට හදුනා ගනු / තේරුම් ගනු ලැබූ දෙවියන් වහන්සේ වෙතට හද පත්ලෙන් නැඟී එන භාව ප්‍රකාශයකි. බයිබලයේ සත්‍යතාවය අප වෙත නැත්නම්, දෙවියන් වහන්සේව අප නොහදුනන අතර, එබැවින් සැබෑ ලෙස නමස්කාර කිරීමද කළ නොහැක.

කිතුණු නමස්කාරයක බාහිර ක්‍රියාවන් ද්වීතීයක වන අතර, නමස්කාරයට ඒකාබද්ධ වීමේදී හිඳ ගැනීම, සිට ගැනීම, බිම වැතිරීම, නිහඬව සිටීම හෝ ශබ්ද නඟා ප්‍රශංසා ගීතිකා ගායනා කිරීම වැනිනීතියක් නොමැත. ආගමික සභාවේ ස්වභාවය අනුව මෙවැනි දේවල් තීරණය කළ යුතු වේ.ඉතාමත් වැදගත් දෙය වන්නේ අප දෙවියන් වහන්සේව ආත්මයෙන් (හදවතින්) සහ සැබෑකමින් (අපගේ මනසින්) නමස්කාර කිරීමය.





නැවතත් සිංහල මුල් පිටුවට



කිතුණුවන් දෙවියන් වහන්සේ නමස්කාර කළ යුතු නිවැරදි ආකාරය කුමක්ද?