settings icon
share icon
ප්‍රශ්නය

ක්‍රිස්තියානි විවාහ මංගල්‍යයක්, ක්‍රිස්තියානි නොවන විවාහ මංගල්‍යයකින් වෙනස් විය යුත්තේ කෙසේද?

පිළිතුර


ක්‍රිස්තියානි විවාහ මංගල්‍යයක් සහ ක්‍රිස්තියානි නොවන විවාහ මංගල්‍යයක් අතර ඇති මුලික වෙනස වනුයේ ක්‍රිස්තුස්වහන්සේය. විවාහයේ යෙදෙන කිතුණුවන් ක්‍රිස්තුස්වහන්සේ තුලද, එකිනෙකා තුලද කැපවීමක් කරන අතර, එම කැපවීම විවාහ මංගල්‍යයට සහභාගීවන සෑමදෙනාටම හැඟි යා යුතුය. ක්‍රිස්තියානි නොවන විවාහ මංගල්‍යයකදි සාමාන්‍යයෙන්, එම යුවල විශේෂයෙන්ම මනාලිය ප්‍රධාන ස්ථානය හිමිකර ගන්නීය. ක්‍රිස්තියානි විවාහ මංගල්‍යයකදී ප්‍රධාන ස්ථානය හිමිවන්නේ ක්‍රිස්තුස්වහන්සේටය.

තමන්ගේ විවාහ මංගල්‍යය තුළින් සැබවින්ම ක්‍රිස්තුස්වහන්සේ මහිමයට පත් කිරීමට බලාපොරොත්තු වන යුවලක්, ඔවුන්ගේ විවාහයට සුදානම් වීම ආරම්භ කළ යුත්තේ, විවාහයට පෙර තමන්ගේ දේවගැතිවරයා විසින් පවත්වන දේවවචනානුකූල උපදේශන වලට සහභාගී විමෙනි. සැබෑවු දේවවචනානුකූල නීතිරීති මලාවන් මත සැකසුන මෙම උපදේශන මගින් ඔවුන්ට ස්වාමී පුරුෂයා සහ භාර්ය්‍යාව වශයෙන් එකිනෙකා කෙරෙහි සහ ඔවුන් ලබා ගැනීමට බලාපොරොත්තු වන දරුවන් කෙරෙහි තිබිය යුතු බැඳීම පෙන්වා දෙනු ලැබේ. (එපීස 5:22–6:4) , (කොලොස්සි 3:18–21) එම යුවල හට දෙවියන් වහන්සේගේ සැලැස්ම අනුව ජීවත් වීමට ඇති ආශාව, විවාහය මගින් දෙවියන් වහන්සේ සහ නෑදෑ හිත මිත්‍රාදීන් හට සනාථ කර දේ.

විවාහ මංගල උත්සවය මගින් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මහිමය උදෙසා එම යුවලගේ කැපවීමද පිළිබ්ඹු විය යුතුය. විවාහ මංගල්‍යය දේවමෙහෙයේදී පවත්වනු ලබන අනුශාසනා මෙන්ම, සංගීතය ආදී සෑම අවස්ථාවක්ම යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මහිමයට පත් කරවන සුඵ විය යුතුය. සංගීතය ලෝකයේ රැල්ලට අනුව හා ඝෝෂාකාරී ලෙස නොව යේසුස්වහන්සේ මහිමයට පත් කරන සුඵ විය යුතුය. විවාහ වන යුවල අතර හුවමාරු කරන ගිවිසුම් ඔවුන් විසින් සම්පුර්ණයෙන්ම තේරුම්ගෙන තිබිය යුතු අතර, එමඟින් පවසන වදන් ජීවිත කාලයටම වලංගු කැපවීම් බවත්, ඔවුන් එකිනෙකාට දෙන්නාවු පොරොන්දු, දෙවියන්වහන්සේ සමග වන පොරොන්දු බවත් ඔවුන් දැන සිටිය යුතුය. දේවගැතිතුමා විසින් පවත්වනු ලබන අනුශාසනා මගින් මෙම කැපවීමේ සත්‍යයතාවය පිළිබ්ඹු විය යුතුය.

විවාහ මංගල්‍යයකදී කිතුනු යුවලක් තම සහයකයන් වශයෙන් තෝරා ගන්නා අය ගැනද කල්පනාකාරී විය යුතු අතර, ඔවුන් තුළ ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇති කැපවීමද සොයා බැලිය යුතුය. මනාලියගේ යෙහෙළිය සහ මනාලයාගේ යහඵවා හුදෙක් මංගල උත්සවය අලංකාර කිරීම සඳහාම නොවිය යුතුය. ඔවුන් එම මනාල යුවල හට ඔවුන්ගේ විවාහය මගින් ක්‍රිස්තුස්වහන්සේ මහිමයට පත් කිරීමට උදව්කරුවන් විය යුතුය. එසේම මනාලියගේ ඇඳුම සහ යෙහෙළියන්ගේ ඇඳුම්ද, විනීත සහ දෙවියන්වහන්සේ ඉදිරියේ පිළිගත හැකි වන ලෙස සකස් වී තිබිය යුතුය. එබැවින් ක්‍රිස්තුස්වහන්සේට ගෞරවය පුද කරන විවාහ මංගල්‍යයකදී ඇඟපත ප්‍රදර්ශනය වන ඇඳුම් වලට කිසිම ස්ථානයක් නොදිය යුතුය.

මංගල සාදයක් පවත්වන්නේ නම් එයද, ක්‍රිස්තුස්වහන්සේට ගෞරවය ලබා දෙන අන්දමින් සංවිධානය විය යුතුය. එම මංගල උත්සවයට කිතුණුවන් නොවන ඥාතීන් සහභාගී වුවත්, මත්පැන් පිළිගැන්වීමෙන් යේසුස්වහන්සේ අපගේ ස්වාමීන් ලෙස ප්‍රකාශ කරන අය සහ එසේ නොකරන අය අතර එතරම් සැලකිය හැකි වෙනසක් නොමැති යයි යන වැරදි වැටහීම නොඇදහිලිවතුන් හට ලබා දෙනු ඇත. මංගල සාදය සංවිධානය කරන කිතුණු අය මත්පැන් පිළිගැන්වීම වරදක් නොවන බව හිතට එකඟව පිළිගත්තාවුවත්, එහි සිටින අනෙකුත් කිතුණුවන් ඒ ගැන උරණ වීමට ඉඩ ඇති බැවින්, අපගේ නිදහස තවත් අයගේ හිරිහැරයට මගපෑදීමක් වීමට ඉඩ හැරිය යුතු නැත.

තමාගේ විවාහ මංගල්‍යය මගින් ක්‍රිස්තුස්වහන්සේ ගෞරවයට ලක්කලාවු යුවලකට, එහි ඇති ශෝභනත්වය සහ විවාහයේ ඇති බැරෑරුම් කම තම ජීවිත කාලයේදීම සිහිපත් කරමින්, එය ඔවුන්ගේ යුග දිවිය ආරම්භ කිරීමේ විශ්මජනක පියවරක් බව අත්දකිති.

English



නැවතත් සිංහල මුල් පිටුවට

ක්‍රිස්තියානි විවාහ මංගල්‍යයක්, ක්‍රිස්තියානි නොවන විවාහ මංගල්‍යයකින් වෙනස් විය යුත්තේ කෙසේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries