settings icon
share icon
ප්‍රශ්නය

කිතුනු ආත්මිකත්වය යනු කුමක්ද?

පිළිතුර


අපි නැවත උත්පාදනයවීම තුලින් ශුද්ධාත්මයාණන් වහන්සේව හිමි වන අතර ඒ තුලින් මිදීම සඳහා අපව නියම කරනු ලබනවා ඇත (එපීස 1:13, 4:30). අපව “මුළු සත්‍ය කරා” ශුද්ධාත්මයාණන් වහන්සේ විසින් මග පෙන්වනු ලබන බවට යේසුස් වහන්සේ පොරොන්දුවූ සේක (යොහන් 16:3). ඒ අනුව මෙහි සත්‍යතාවය වන්නේ දෙවියන් වහන්සේ තුලින්වූ සමහරක් දේ අපගේ ජීවිත වලට ඈඳ ගනිමින් ඒ අනුව අපගේ ජීවිත ගෙවීමය. මෙම පසුබිමට මනුෂ්‍යයා පැමිණි කළ, ශුද්ධාත්මයාණන් වහන්සේ තමන්ගේ ජීවිතයට ආරධනා කිරීම හා විවෘත කිරීමට මෙන්ම තමන්ව හැසිරවීමට අවසර ලබා දෙනවා ඇත. ඒ අනුව සත්‍ය කිතුනු ආත්මිකත්වය රඳා පවතින්නේ තමන් විසින් ශුද්ධාත්මයාණන් වහන්සේ හට තමන්ගේ ජීවිතය තුල ඳෙනු ලබන තැන නැතහොත් උන් වහන්සේ හට තම ජීවිතය හැසිරවීමට දෙනු ලබන තත්වය මත පදනම්වය.

තවද පාවුල්තුමා ප්‍රකාශ කර සිටින්නේ සෑම ඇදහිලිවන්තයෙක්ම ශුද්ධාත්මයෙන් පරිපූර්ණ විය යුතු බවයි. “මුද්‍රික පානයෙන් මත් නොවෙල්ලා, එයින් අනාචාරකම් හට ගන්නේය, නමුත් ආත්මයාණන්ගෙන් පූර්ණවී (එපීස 5:18). මෙම පදය පුරාවට එකම දෙයක් පවසන අතර, එහි සාරාංශය ගත් විට ඉන් අරුත් වන්නේ ශුද්ධාත්මයෙන් නිතරම පූර්ණවී සිටින්න යනුයි. ශුද්ධාත්මයෙන් පූර්ණවීම යනු අපගේ ලෞකීක තීරණයන්ගෙන් මිදී ශුද්ධාත්මයාණන් වහන්සේ තුල අපගේ ජීවිත පාලනයට යටත් කිරීමට අවනත වීමකි. මෙම පරිච්ඡේදය තුල පාවුල්තුමා විසින් යම් සැසඳීමක් සිදුකරනු ලබයි. යමෙක් මත් පානය කිරීම නිසා මත්වන්නේද එම පුද්ගලයා තුලින් විවිධවූ චරිත ලක්‍ෂණ ඉස්මතු වන්නට පටන් ගනියි. ඒවා අතර අසංවර වචන, පාලනය නොකල හැකි ගමන, නුසුදුසු තීරණ ගැනීම් ආදිය ඉන් කීපයකි. මේ අනුව යමෙක් මත්පැන් පානය කොට සිටින බව ඔවුන්ගේ හැසුරීම් රටාවෙන් තීරණය කොට නිගමනය කල හැකි සේම, ශුද්ධාත්මයාණන් වහන්සේගෙන් පූර්ණවූ අයෙකුගේ ස්වභාවයද ඔවුන්ගේ ක්‍රියාවන් තුලින් ඉස්මතු වේ. මෙවැනිවූ චරිත ලක්‍ෂණ කීපයක් ගලාති 5:22-23 දක්වා අපට දැක ගත හැකිය. ඒවා “ආත්මික ඵල” ලෙස හැඳින්වේ. ඒ අනුව නියම ආත්මිකත්වය කිතුනුවා තුලින් හා ඔහුගේ ක්‍රියාව තුලින් ඉස්මතු වන්නකි. කිතුනු ආත්මිකත්වය යනු තමා විසින්ම ඉදිරිපත් කොට ඉස්මතු කළ නොහැක්කකි. එනමුදු යේසුස් වහන්සේ තුල නැවත උත්පාදනය ලබා ශුද්ධාත්මයාණන් වහන්සේ විසින් පාලනයට යටත්වූ අයෙක් සැමවිටම තමාගේ කථා බහා හා ආත්මික ගමන මෙන්ම දේවවචනය මූලික කරගනිමින් ජීවිතය තුල ගන්නාවූ තීරණ මගින් ඉස්මතු වේ.

ඒ අනුව කිතුනු ආත්මිකත්වය සැමවිටම ක්‍රිස්තුස් වහන්සේ තුල “දැන ගැනීමෙන් හා වර්ධනය වීම” තුලින් ශුද්ධාත්මයාණන් වහන්සේ තුල ඉදිරියට ගමන් කිරීම තුලින් සිදු වන්නකි. එනම්, අප අපගේ ජීවිත තුල ශුද්ධාත්මයාණන් වහන්සේ සමග පාප කියාදීමකින් යුක්තව එතුමන් හා සබඳකම පැවැත්වීමට තීරණය කිරීමකි (1 යොහන් 1:9). පාපයන් කිරීම තුලින් අප ශුද්ධාත්මයාණන් වහන්සේ ශෝකයට පත් කරන අතර (එපීස 4:30; 1 යොහන් 1:5-8), ඒ තුලින් අපට දෙවියන් වහන්සේ කරා යෑමට බැම්මක් ඉදිකිරීමක් හෝ බාධකයක් වනු ඇත. නමුත් අප ශුද්ධාත්මයාණන් වහන්සේ තුල යටහත්ව සිටින්නේ නම් එවිට අප හා දෙවියන් වහන්සේ අතර බැඳීමට කිසිදු බාධාවක් ඇතිවන්නේ නැත (1 තෙසලෝනික 5:19). කිතුනු ආත්මිකත්වය යනු ලෞකීකත්වයෙන් හා පාපයෙන් බාධා නොවූ, ක්‍රිස්තුස් වහන්සේගේ ආත්මයාණන් වහන්සේ හා ගොඩනගත්තාවූ සහභාගි කමකි. මේ අනුව ගත් කළ කිතුනු ආත්මිකත්වය වර්ධනය වන්නේ නැවත උත්පාදනයවූ කිතුනුවෙක් විසින් තමන්ගේ ස්ථාවරත්වය හා ඉදිරියට ගෙන යනු ලබන තීරණයට අනුව ශුද්ධාත්මයාණන් වහන්සේ ගේ සේවයට යටහත් වීමෙන්ය.

English



නැවතත් සිංහල මුල් පිටුවට

කිතුනු ආත්මිකත්වය යනු කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries