settings icon
share icon
ප්‍රශ්නය

කිතුනුවකු යක්‍ෂා වේශ විය හැකිද? කිතුනුවකුව යක්‍ෂයා විසින් පොළඹවා ගත හැකිද?

පිළිතුර


බයිබලයේ කිතුනුවකුට යක්‍ෂාවේශ විය හැකිද යන්න ගැන විශේෂිත පැහැදිලි කිරීමක් නොදෙන අතර, කිතුනු බයිබලානුකුල සත්‍යතාවන් පැහැදිලිව පවසනවා කිතුනුවකුට යක්‍ෂාවේශ වීමක් විය නොහැකි බවට. යක්‍ෂාවේශ වීම හා යක්‍ෂයා විසින් පීධනයට හෝ අපහසු තාවයකට පත්කිරීම අතර වෙනසක් ඇත. යක්‍ෂාවේශවීම යනු යක්‍ෂයා විසින් කෙනෙකුගේ සිතුවිලි / ක්‍රියාවන් කෙරෙහි ඝෘජු හා සම්පූර්ණ පාලනයක් ගැනීමයි (මතෙව් 17:14-18; ලූක් 4:33-35; 8:27-33). යක්‍ෂයා විසන් පීඩාවට හෝ අපහසුතාවයකට පත් කිරීම නම් යක්‍ෂයා හෝ යක්‍ෂයින් විසින් මනුෂ්‍යයෙකුව ආත්මිකත්වයට පහර දීමකි. එසේම ඇයට හෝ ඔහුට පාපෂ්ඨ ක්‍රියාවකට දිරිමත් කිරීමකි. හොඳින් අවධානය යොමු කරන්නේ අළුත් ගිවිසුමේ සියලු කොටස් කටයුතු කරන්නේ ආත්මික යුද්ධයක් ගැනය. ඇදහිලිවන්තයකුගේ යක්‍ෂයෙකු පලවා හැරීමට උපදේශ නැත (එපීස 6:10-18). ඇදහිලිවන්තයන්ට පවසා ඇත්තේ යක්‍ෂයාට විරුද්ධ වීමටය (යාකොබ් 4:7; 1 පේත්‍රැස් 5:8-9), ඔහුව පලවා හැරීමක් ගැන නොවේය.

කිතුනුවන් තුළ වැඩ සිටින්නේ ශුද්ධාත්මයාණෝය (රෝම 8:9-11; 1 කොරින්ති 3:16; 6:19). නියත වශයෙන්ම ශුද්ධාත්මයාණන් කිසිම විටක තමා වැඩ සිටින තැනැත්තා තුළට යක්‍ෂයාට ඇතුල්වීමට ඉඩ නොදෙනු ඇත. සිතීමටද නොහැකි දෙයක් නම් දෙවියන් වහන්සේ උන් වහන්ස්ගේ ලේ වලින් මිලදී ගත් දරුවන් හට (1 පේත්‍රැස් 1:18-19) අළුත් මැවිල්ලක් බවට පත් කළ දරුවන් (2 කොරින්ති 5:17), යක්‍ෂයා විසින් පාලනයට ලක්වීමට / යක්‍ෂාවේශවීමට ඉඩ දෙයි කියා, ඔව්, කිතුනුවන් වශයෙන් අපට යක්‍ෂයා හා ඔහුගේ දූතයන් සමග අපට සටනක් ඇත නමුත් එය අප තුළින් එන්නක් නොවේ. යොහන්තුමා පවසනවා “මාගේ ප්‍රිය දරුවනි, නුඹලා දෙවියන් වහන්සේට අයිතිව ලෝකයෙහි සිටින තැනැත්තාට වඩා නුඹලා තුළ සිටින තැනැන් වහන්සේසේ උතුම් බැවින්, නුඹලා ඔවුන්ගෙන් ජය ගෙන සිටින්නෝය (1 යොහන් 4:4). අප තුළ සිටින තැනැත්තා කව්ද? සාතන් හා ඔහුගේ දූතයෝ. එමනිසා ඇදහිලිවන්තයා යක්‍ෂයන්ගේ ලෝකයෙන් ජය ගෙන ඇත. එසේම ඇදහිලිවන්තයෙකු යක්‍ෂාවේශ වීම ලියවිල්ලට එකඟ වීමක් කිරීමට නොහැක.

ඇදහිලිවන්තයෙකු යක්‍ෂාවේශ විය නොහැකි යන්නට බයිබලානුකුල දැඩි සාධක සමග සමහර බයිබල් ගුරුවරු “යක්‍ෂයා විසින් පොළඹවනු ලැබීම” යන වචනය පාවිචිචි කරයි. යක්‍ෂයා කිතුනුවකු කෙ‍ෙරහි පාලන කිරීම පෙන්වීමට. සමහරු තර්ක කරනවා කිතුනුවකු යක්‍ෂාවේශ වීමට නොහැකි බවත්, ඇත්ත වශයෙන්ම යක්‍ෂාවේශවීම හා යක්‍ෂයා විසින් පොළඹවනු ලැබීමයත් වචන දෙක එකම තේරුමක් ඇති වෙනස් වචන දෙකකි. එමනිසා එකම ප්‍රතිඵලයයි. වචනය වෙනස්වූ පලියට එහි සත්‍යතාව වන කිතුනුවකුව යක්‍ෂයා විසින් පාලනය කිරීම හෝ ඔහු / ඇය තුළ යක්‍ෂයාට විසීමට නොහැකි යන්න වෙනස් නොවේ. යක්‍ෂයාගේ පීඩා හා අපහසුතාවන් ඇදහිලිවන්තයන්ට මුහුණදීමට සිදුවන දේවල්ය. සැකයකින් තොරව, නමුත් කිතුනුවකු යක්‍ෂාවේශවීම හෝ පොළඹවා ගැනීම බයිබලානුකුල නොවේ.

මේ යක්‍ෂාවේශවීම පිටුපස ඇති දෙයක් නම් පුද්ගලික අත්දැකීමයි “ඇත්තෙන්ම” කිතුනුවන් යැයි හඳුන්වන කෙනෙකු යක්‍ෂයා විසින් පාලනය කිරීම දැක තිබීම නමුත් අපගේ පුද්ගලික අත්දැකීම් ලියවිල්ලට අනුකුල යැයි අපට පැවසිය නොහැක. ලියවිල්ල ලෙස පරිවර්ථනයද කළ නොහැක. අප අපගේ පුද්ගලික අත්දැකීම් ලියවිල්ලේ සත්‍යතාවට එක් කළ යුතුය (2 තිමෝති 3:16-17). කිතුනුවකු යැයි හැඳින්වූ කෙනෙකු යක්‍ෂාවේශ වීමත් අප දුටුවොත් ඔහුගේ / ඇයගේ ඇදහිල්ලේ සැබෑ තත්වය සෝදිස කර බැලිය යුතුය. එය අපව කිතුනුවකු යක්‍ෂාවේශ විය හැකිද යන මතය තුළ අප දරණ අදහස වෙනස් නොකළ යුතුය. සැබවින්ම පුද්ගලයා කිතුනුවකු විය හැකි නමුත් යක්‍ෂයා විසින් පීඩාවලට කල් කරනවා / ශාරීරික ප්‍රශ්නවලට ලක් කරනවා විය හැක. නමුත් නැවත අපගේ අත්දැකීම් ලියවිල්ලේ නිරීක්‍ෂණය කළ යුතුය, අනෙක් පැත්ත නොවේ.

English



නැවතත් සිංහල මුල් පිටුවට

කිතුනුවකු යක්‍ෂා වේශ විය හැකිද? කිතුනුවකුව යක්‍ෂයා විසින් පොළඹවා ගත හැකිද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries