settings icon
share icon
ප්‍රශ්නය

කිතුණු විවාහය සම්බන්ධයෙන් වෙනස් විය යුත්තේ කුමක්ද?

පිළිතුර


කිතුණු විවාහයක් සහ කිතුණු නොවන විවාහයක් අතර ඇති මූලික වෙනස් කම වූ කලී විවාහයේ කේන්ද්‍රය ක්‍රිස්තුස්වහන්සේ වීමය. ක්‍රිස්තුස් වහන්සේ තුළ දෙදෙනෙකු එක් වූ කල ඔවුන්ගේ අරමුණ වන්නේ ඔවුන්ගේ විවාහ ජීවිතය මුළුල්ලේම ක්‍රිස්තුස්වහන්සේගේ සමානත්වයෙන් වර්ධනය වීමය. කිතුණු නොවන්නන්ට ඔවුන්ගේ විවාහයට අරමුණු බොහෝමයක් තිබෙන්නට හැකි නමුදු ක්‍රිස්තුස්වහන්සේගේ සමානත්වය උදෙසා කටයුතු කිරීමට ආරම්භ කරන බව මෙයින් ප්‍රකාශ නොවේ. බොහෝ තරුණ කිතුණුවන් මෙය අරමුණක් බව අවබෝධ කර නොගන්නා නමුත් ශුද්ධාත්මයාණන් වහන්සෙගේ අභිමුඛත්වය ඔවුන් එකිනෙකා තුළ ක්‍රියාත්මක වෙමින් ඔවුන්ව පරිණතභාවයට ගෙන එනු ලබන්නේ ක්‍රිස්තුස්වහන්සේගේ සමානත්වයට පැමිණීමේ අරමුණ වැඩි වශයෙන් ඔවුනට පැහැදිලි කරමිනි. සහකරුවන් දෙදෙනාම ක්‍රිස්තුස්වහන්සේ හා සමාන වීමට තමුන්ගේ පෞද්ගලික අරමුණ කර ගන්නා කල ශක්තිමත් උද්දීප්ත වූ කිතුණු විවාහයන හැඩය ගනීයි.

කිතුණු විවාහයක් ආරම්භ වනුයේ දේව වචනයෙහි ස්වාමි පුරුෂයාගේ සහ භාර්‍යයාවගේ භූමිකාවන් පිළිබද පැහැදිලි විස්තරයක් ලබා දෙන බවට අවබෝධය හා සමගය – මෙය මූලිකවම සම්බවන්නේ එපිස 5 වන පරිච්ඡේදයේය – එම භූමිකාවන් ඉෂ්ට කිරිමට ඇති කැපවීමක් හා සමගය. නිවසෙහි නායකත්වය ස්වාමි පුරුෂයා විසින් භාරගත යුතුවේ (එපිස 5:23–26). එම නායකත්වය සර්වාධිකාරිවූ, සද්කාර්‍යයවූ හෝ තම භාර්‍යයාවට ලොකුකම් පාන්නාවූ එකක් නොවිය යුතු අතර සභාවට මග පෙන්වන්නාවූ ක්‍රිස්තුස් වහන්සේගේ නිදර්ශණයකට අනුකූල විය යුතුවේ. ක්‍රිස්තුස්වහන්සේ සභාවට (උන්වහන්සේගේ සෙනගට) අනුකම්පාවෙන්, දයාවෙන්, සමාව දීම තුළින්, ගෞරවයෙන් යුතුව සහ පරාර්ථකාමිත්වයෙන් යුක්තව ප්‍රේම කළ සේක. මේ අයුරෙන්ම ස්වාමි පුරුෂයන්ද තම භාර්‍යයාවන්ට ප්‍රේම කළ යුතුවේ.

භාර්‍යයාවන්ද තම ස්වාමිපුරුෂයන්ට යටහත් විය යුත්තේ “ස්වාමින්වහන්සේට මෙන්ය” (එපීස 5:22) එසේ කළ යුත්තේ ඇය ඔහුට ඉතාමත් යටහත් විය යුතු හෙයින් නොව භාර්‍යයාව සහ ස්වාමිපුරුෂයා යන දෙදෙනාම “ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇති භය ඇතුව” එකිනෙකාට යටත් විය යුතු හෙයිනි. (එපීස 5:21) ඒ ආකාරයෙන්ම එය එසේ විය යුත්තේ ක්‍රිස්තුස්වහන්සේ හිස වී සිටින නිවසෙහි ආධිපත්‍යයමය ව්‍යූහයක් තිබිය යුතු හෙයින්ය. (එපීස 5:23–24) යටහත් වීමට ඇති අභිප්‍රාය වෙනුවෙන් ගෞරවය කිරිම ප්‍රධාන මූලාංගයක්වේ; භාර්‍යයාවන් තම ස්වාමිපුරුෂයන්ට ගෞරවය කළ යුත්තේ ස්වාමිපුරුෂයන් තම භාර්‍යයාවන්ට තමාට මෙන් ප්‍රේම කළ යුතු හෙයිනි (එපීස 5:33). අන්‍යෝන්‍ය ආදරය, ගෞරවය සහ අවනත වීම වනාහී කිතුණු විවාහයක ප්‍රධාන ප්‍රතිෂ්ඨාව වේ. මෙම මූලධර්ම මත ගොඩ නැගීමෙන් අනතුරුව ස්වාමිපුරුෂයා සහ භාර්‍යයාව යන දෙදෙනාම ක්‍රිස්තුස්වහන්සේගේ සමානත්වයෙන් වැඩෙනු ලබන්නේ වෙන් වශයෙන් නොව එකට වර්ධනය වනු ලබන්නේ දේව භක්තිය තුළ පරිණත වෙමින්ය.

පිලිප්පි 2:3–4 හී විස්තර කර ඇති පරිදි කිතුණු විවාහයේ තවත් ප්‍රධාන මූලාංගයක් වන්නේ පරාර්ථකාමිභාවයවේ. මෙම පදයන්හී නිරූපනය කොට ඇති නිහතමානීභාවය නමැති මූලධර්මය ශක්තිමත් කිතුණු විවාහයකට නිර්ණායකවේ. භාර්‍යයාව සහ ස්වාමිපුරුෂයා යන දෙදෙනාම තම විවාහ සහකරුවාගේ අවශ්‍යයතාවය තමන්ට වඩා ඉහළින් සැලකිල්ලට භාජනය කල යුත්තේ ඔවුන් තුළ වාසය කරන ශුද්ධාත්යාණන්වහන්සේගේ බලය කරණකොටගෙන පමණක් භව්‍ය වන පරාර්ථකාමිභාවයක් අවශ්‍යය වන හෙයිනි. නිහතමානීභාවය සහ පරාර්ථකාමිභාවය වැටුණාවූ මනුෂ්‍යය ස්වරූපය කරණකොටගෙන ස්වභාවිකව පැමිණෙනු නොලබයි. ඒවා වනාහී දෙවියන් වහවන්සේගේ ශුද්ධආත්මාණන් විසින් පමණක් අප තුළ උපදවිය හැකි, පෝෂණය කළ හැකි මෙන්ම පරිපූර්ණ කළ හැකි ගති ලක්ෂණවේ. බයිබල් අධ්‍යයන, ශුද්ධ ලියවිලි ධාරණය කිරීම්, යාච්ඤාව සහ දෙවියන්වහන්සේගේ කාරණා පිළිබදව භාවනා කිරීම ආදී – අධ්‍යාත්මික ශික්ෂනයක් තුළින් ශක්තිමත් කිතුණු විවාහයන් සංලක්ෂිතවේ. මෙම සහකරුවන් මෙම ශික්ෂණයන් පරිශ්‍රීලනය කරන විට එකිනෙකා එතුළින් ශක්තිමත්භාවයක් සහ පරිණතභාවයක් ලබන්නේ එතුළින් විවාහය ස්වභාවිකවම ශක්තිමත්වී පරිණතභාවයට පත්වන හෙයිනි.

English



නැවතත් සිංහල මුල් පිටුවට

කිතුණු විවාහය සම්බන්ධයෙන් වෙනස් විය යුත්තේ කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries