settings icon
share icon
ප්‍රශ්නය

සිවිල් විවාහයකින් තොරව කිතුණුවකුට ජීවිත සහකරුවෙකු ලබා ගැනීමට අවසර තිබේද?

පිළිතුර


මෙම ප්‍රශ්නයේදී සලකා බැලිය යුතු කරුණු කිහිපයක් තිබේ. මුලින්ම අපි “කිතුණු” යන්න නිර්වචනය කරමු. බොහෝ අය තමන් කිතුණුවන් යැයි උපකල්පනය කරන්නේ ඔවුන් වෙනත් කිසිම ආගමකට සම්බන්ධ නැති නිසා ය. ඔවුන් සභාවට ගොස් බයිබලය පවසන බොහෝ දේවලට එකඟ වෙති. කෙසේ වෙතත්, බයිබලය කිතුණුවකු නිර්වචනය කරන්නේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ගෝලයෙකු හෝ අනුගාමිකයෙකු ලෙසය (ක්‍රියා 11:26). කිතුණුවකු යනු ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුන්වහන්සේගේ මරණය, භූමදානය සහ නැවත නැඟිටීම ඔහුගේ හෝ ඇයගේ පාපයට ගෙවීමක් ලෙස පිළිගත් අයෙකි (යොහන් 1:12; ක්‍රියා 16:31). ක්‍රිස්තුස්වහන්සේගේ ශ්‍රාවකයෙකු තෝරාගෙන ඇත්තේ “තමන්ව ප්‍රතික්ෂේප කර, දිනපතා ඔහුගේ කුරුසිය දරාගෙන, යේසුස්වහන්සේ අනුගමනය කිරීමට” (ලූක් 9:23). එමනිසා, යේසුස්වහන්සේ තම වචනය තුළින් කරන ඕනෑම දෙයක්, කිතුණුවකු කිරීමට උත්සාහ කරයි. අපි කිතුණුවන් වන්නේ යහපත් දේ කිරීමෙන් නොවේ. නමුත්, අපි කිතුණුවන් නිසා, අපට අවශ්‍ය වන්නේ සෑම දෙයකදීම යේසුස්වහන්සේට කීකරු වීමටය (එපීස 2:8-9; යාකොබ් 2:26). යොහන් 15:14 හි යේසුස් වහන්සේ පැවසුවේ, “මා ඔබට අණ කරන දේ ඔබ කරන්නේ නම්, ඔබ මාගේ මිතුරන් ය.”

එබැවින් කිතුණුවකු ජීවිතයේ තේරීම් කරන්නේ යේසුස්වහන්සේව මහිමයට පත් කරන දේ මත පදනම්වය (1 කොරින්ති 10:31). යම් තත්වයක් “අවසර” දැයි ඇසීමට වඩා හොඳයි “මෙය මගේ ස්වාමියාට ගෞරව කරන්නේ කෙසේද?” දෙවියන්වහන්සේ විවාහය නිර්මාණය කළ අතර, එය අපගේ පදනම ලෙස අප භාවිතා කළ යුතු උන්වහන්ටස්ගේ නිර්වචනයයි. දෙවියන්වහන්සේ විවාහය නිර්වචනය කරන්නේ මිනිසෙකු තම පියා සහ මව අත්හැර තම බිරිඳ සමඟ එක්වන ජීවිත කාලය පුරාම පවතින සම්බන්ධතාවයක් ලෙසය. දෙදෙනා “එක මාංශයක්” බවට පත් වන අතර, මිනිස් කැමැත්තෙන් එකමුතුව විසුරුවා හැරිය යුතු නැත (උත්පත්ති 2:24; මාක් 10:7-9; එපීස 5:31). මලාකි 2:14 අපට පවසන්නේ දෙවියන්වහන්සේ දික්කසාදය පිළිකුල් කරන එක් හේතුවක් නම්, යුවළක් පොරොන්දුවක් වන විට උන්වහන්සේ එහි සිටීමයි. බයිබලයට අනුව, විවාහය යනු ජීවිතය සඳහා අධ්‍යාත්මික හා භෞතික ගිවිසුමකට පුරුෂයෙකු හා ස්ත්‍රියක එක්වීමයි. එම එකතුවීම සැමරීමට හේතුවක් වන අතර අපගේ ගෞරවය ලැබිය යුතුය.

අද සමහර යුවලවල් (ජෝඩු), විශේෂයෙන්ම ජ්‍යෙෂ්ඨයන් අතර, නීත්‍යානුකූලව විවාහ නොවී “විවාහක” ජෝඩු ලෙස එකට ජීවත් වීමට අවශ්‍යයි. බොහෝ විට මෙය සිදු කරනු ලබන්නේ යම් අවබෝධ කරගත් මූල්‍ය ප්‍රතිලාභයක් හෝ සරල බවක් සඳහා ය. මෙම යුවළයන්ගෙන් සමහරක් සභාවක ආගමික උත්සවයකට භාජනය වන අතර දෙවියන්වහන්සේ ඉදිරියෙහි තමන් විවාහ වූ බව සලකති. කෙසේ වෙතත්, නීත්‍යානුකූල විවාහයකින් වැළකී “ආත්මික විවාහයක්” අපේක්ෂා කරන යුවලක් නීතියේ අවශ්‍යතාවලින් ගැලවීමට උත්සාහ කරයි, එය කිතුණුවන්ට නව ගැටළු සමූහයක් ඇති කරයි (රෝම 13:1-7). ජ්‍යෙෂ්ඨ යුවළක් ඔවුන් එකට සිටීම දෙවියන්වහන්සේගේ කැමැත්ත යැයි විශ්වාස කරන්නේ නම්, ඔවුන් රටේ නීතියට අනුකූලව විවාහ විය යුතු අතර මුදල් සඳහා දෙවියන්වහන්සේව විශ්වාස කළ යුතුය.

සම්බන්ධ වූ දෙදෙනා ජීවිතය සඳහා ඒකාකාරී වීමට අදහස් කරන විට පවා සජීවී තත්වයක් සඳහා ශුද්ධ ලියවිලිමය පදනමක් නොමැත. චේතනාවන් අසාර්ථක වන අතර සැබෑ විවාහ බැඳීමක් නොමැතිකම නිසා වෙන්වීම පහසු වේ. විවාහයකින් තොරව, සම්බන්ධතාවය ලිංගික දුරාචාරමය වන අතර ශුද්ධ ලියවිල්ලෙහි හෙළා දැක ඇත (ගලාති 5:19; එපීස 5:3; 1 තෙසලෝනික 4:2). “ජීවින සහකරු” යන යෙදුමට තාවකාලික ශබ්දයක් සහ සැක සහිත ඉතිහාසයක් ඇත. මෙම සම්බන්ධතාවය නීත්‍යානුකූලව හෝ සදාචාරාත්මකව අනුමත කර නොමැති බවත් එය නොපවතිනු ඇති බවත් එයින් ගම්‍ය වේ. එය දෙවියන්වහන්සේ විවාහය නිර්මාණය කළ ගිවිසුම මග හරියි. කිතුනණු යුවලක් සඳහා, එවැනි යෙදුමක් ඔවුන්ගේ කීර්ති නාමය සහ අවසානයේ ක්‍රිස්තුස් වහන්සේගේ කීර්තිය මත ක්ෂණික සැකයක් ඇති කරයි. “ජීවිත සහයෝගීතාවයක්” ගැන සලකා බලන ඕනෑම කිතුණු යුවළක් ඇසිය යුත්තේ, “අපගේ සම්ප්‍රදායික විවාහය මඟහැරීම යේසු සමිඳුන් මහිමයට පත් කරන්නේ කෙසේද?”

English



නැවතත් සිංහල මුල් පිටුවට

සිවිල් විවාහයකින් තොරව කිතුණුවකුට ජීවිත සහකරුවෙකු ලබා ගැනීමට අවසර තිබේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries