settings icon
share icon
ප්‍රශ්නය

කිතුනුවෙක් ව්‍යායාම කළ යුතුද? සෞඛ්‍යය පිළිබඳව බයිබලයේ කුමක් පවසයිද?

පිළිතුර


ජීවිතයේ බොහෝ දේවල් සමග, ව්‍යායාම යන පැත්තට ආ විට එය අන්තයටම ගොස්, සමහරු සම්පූර්ණයෙන්ම ආත්මික පැත්තට බර වෙලා, එසේම ඔවුන්ගේ ශරීරය ගැන නොසලකයි. තවත් අය ඔවුන්ගේ ශරීරයේ හැඩය පිළිබඳව වැඩි අවධානයක් යොමු කරයි. එමගින් ආත්මික ජීවිතයට මේ රූ ස්වභාවය අඩු අගයක් දෙයි. මේ කිසිවකට බයිබලීය සම බර තාවයක් නැත. 1 තිමෝති 4:8 අපට දන්වනවා, “මක්නිසාද ශාරීරික ව්‍යායාමයෙන් ප්‍රයෝජන ටිකය, නුමුත් භක්තිවන්තකමට දැන් තිබෙන ජීවිතය ගැනත් මතු ජීවිතය ගැනත් පොරොන්දු තිබෙන බැවින් එය හැම දේටම ප්‍රයෝජන වත්තය.” හොඳින් බලන්න මෙම පදයේ ව්‍යායාම වලට විරුද්ධත්වය පල නොකරයි. එහි තරමක් දුරට ප්‍රයෝජනයක් ඇති බව කියයි. නමුත් එහි ප්‍රමුඛත්වය දෙන්නේ භක්තිවන්තකමේ වටිනා කමටය.

පාවුල්තුමා එසේම පවසනවා ශාරීරික පුහුණුව ගැන සඳහන් කරමින් ආත්මික සත්‍යතාවයන් වලට උපමා ගනී 1 කොරින්ති 9:24-27. ඔහු කිතුනු ජීවිතය දිවීමට (තරඟ දිවීම) ආදේශ කරයි “ත්‍යාගයක් ලැබීමේ.” නමුත් අප සොයන ත්‍යාගය නම් සදාකාල ඔටුන්නකි එය දිස්නය අඩු නොවෙන හෝ ක්‍රමයෙන් නැතිවී යන්නක් නොවේ. 2 තිමෝති 2:5 පාවුල්තුමා පවසනවා, “තවද යමෙක් ක්‍රීඩාවන්හී පොරට යන්නේද, ඔහු නියම ලෙස නොයන්නේ නම් ඔටුන්න පැළඳ ගන්නට ලැබෙන්නේ නැත.” පාවුල්තුමා නැවතත් මලල ක්‍රීඩාවක සාදෘශ්‍යය භාවිතා කරයි. 2 තිමෝති 4:7 “මම යහපත් යුඩයෙහි යුද්ධ කළෙමි, මම දිවීම කෙළවර කළෙමි, මම ඇදහිල්ල රක්‍ෂා කළෙමි.” මෙම ලියවිලි කොටස ශාරීරික ව්‍යායාම වලට යොමු නොවන අතර පාවුල් මෙම මලල ක්‍රීඩාව ව්‍යවහාර කිරීම අපට ආත්මික සත්‍යතාවන් ඉගැන්වීමට භාවිතා කරන අතර පාවුල්තුමා ශාරීරික ව්‍යායාම පිළිබඳව හඟවනවා. එමෙන්ම තරඟාවලියක්ද, සැබෑවූ එලියක් තුළ අප ආත්මික හා ශාරීරික සත්වයන්. අපගේ ආත්මික පැත්ත බයිබලයට අනුව කථා කලොත් වඩාත් වැදගත්ය, අපි අපගේ සෞඛ්‍යයේ ආත්මික හෝ ශාරීරික පැති එකක්වත් අත පසු නොකළ යුතුය.

ඉතින් පැහැදිලිව කිතුනුවකු ව්‍යායාම කිරීම වැරුද්දක් නොව බයිබලයේ අපට පැහැදිලිව පවසනවා අපි අපගේ ශරීරය ගැන බලා ගත යුතු බවට (1 කොරින්ති 6:19-20). එම අවස්ථාවේම බයිබලය පුහු ආටෝපයට විරුද්ධවේ (1 සාමුවෙල් 16:7; හිතෝපදේශ 31:30; 1 පේත්‍රැස් 3:3-4). අප ව්‍යායාම කිරීමේ අරමුණ අපගේ ශරීරයේ හැඩය අලංකාර කරගෙන අනෙක් අය ඒ දෙස බලා අපව අගය කළ යුතුය යන්න නොවිය යුතුය. අපගේ ඉලක්කය විය යුත්තේ අපගේ ව්‍යායාම කරණකොට අපට ශාරීරික සුව තාවය වැඩිවී ආත්මික ඉලක්ක කරා යාමට අවශ්‍ය ශක්තිය ලබා ගැනීම විය යුතුය.

English



නැවතත් සිංහල මුල් පිටුවට

කිතුනුවෙක් ව්‍යායාම කළ යුතුද? සෞඛ්‍යය පිළිබඳව බයිබලයේ කුමක් පවසයිද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries