settings icon
share icon
ප්‍රශ්නය

කිතුණු භුත විද්‍යාව යනු කුමක්ද?

පිළිතුර


භුත විද්‍යාව යනු යක්‍ෂයන් පිළිබඳ අධ්‍යයනය කිරීමයි. කිතුණු භුත විද්‍යාව යනු යක්‍ෂයන් පිළිබඳ බයිබලය අපට උගන්වන්නාවූ දෙයයි. එය දේවදූත විද්‍යාවට සමීප ආශ්‍රයක්වේ. කිතුණු භුත විද්‍යාව අපට යක්‍ෂයන් පිළිබඳවද, ඔවුන් කවුද යන්නද, ඔවුන් අපට පහර ගසන්නේ කෙළෙසද යන්න පිළිබඳවද උගන්වනු ලබයි. සාතන් හා ඔහුගේ දූතයන් වැටුණු දේවදූතයන් වන අතර දෙවියන්වහන්සේට, ශුද්ධ දේවදූතයන්ට සහ මනුෂ්‍යය වර්ගයාට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කළ සැබෑ පුද්ගල භාවයක් ඇති ජීවීන් වේ. කිතුණු භුත විද්‍යාව සාතන්ගෙන් සහ ඔහුගේ හිතවත් සේවකයන් ගෙන් හා ඔවුන්ගේ නපුරු යෝජනා ක්‍රමවලින් ආරක්‍ෂාවීමට උපකාර කරයි. කිතුණු භුත විද්‍යාවේ සමහර වැදගත් සිද්ධි කිහිපයක් මෙහි වේ.

බයිබලය සාතන් ගැන පවසන්නේ කුමක්ද? යක්‍ෂයන් වැටුණු දේවදූතයන් බව බයිබලය පෙන්වා දෙයි-එනම් සාතන් සමඟ දෙවියන්වහන්සේට විරුද්ධව කැරළි ගසන ලද දේවදූතයන්ය. සාතන් සහ ඔහුගේ යක්‍ෂයන්ගේ දැන් කැමැත්ත වන්නේ දෙවියන්වහන්සේව අනුගමනය කරමින් එතුමාණන් නමස්කාර කරන්නවුන් මුළාකර විනාශ කිරීමය.

කෙළෙසද, කුමක් නිසාද සහ සාතන් ස්වර්ගයෙන් පහළට වැටුණේ කවදාද? සාතන් ස්වර්ගයෙන් පහළට වැටුණේ ඔහුගේ උඬඟුකම කරණකොටගෙන දෙවියන්වහන්සේට විරුද්ධව කැරළි ගැසීම නිසාය. ඔහුගේ වැටීම සිදුවූ නිශ්චිත දිනයක් ලියවිල්ලෙහි සඳහන්වී නැත. අප දන්නා ආකාරයට එය සිදුවන්නට ඇත්තේ කාලය ගණනය කිරීමට එපිටින් වන අතර එනම් කාලය සහ අභ්‍යාවකාශය මවන්නට පෙර විය හැක.

සමහර දේවදූතයන්ට පව් කරන්නට දෙවියන් වහන්සේ ඉඩ සලසා දුන්නේ මන්ද? වැටීම කරණකොටගෙන යක්‍ෂයන්වූ දේවදූතයන්ට තෝරා ගැනීමේ නිදහසවූ අතර-දෙවියන් වහන්සේ කිසිම දේවදූතයෙකුට පව් කරණ පිණිස බලපෑමක් හෝ උනන්දු කිරිමක් කළේ නැත. ඔවුන් ඔවුන්ගේ ස්වකීය නිදහස කරණකොටගෙන පව් කළබැවින් දෙවියන් වහන්සේගේ සදාකාලික උදහසට ලක්වීමට සුදුසු වේ.

කිතුණුවන්ට යක්‍ෂයන් ආවේශවිය හැකිද? කිතුණුවෙකුට යක්‍ෂයන් ආවේශවීමට නොහැකිය යන විශ්වාසය මත අපි තදින් එල්බ සිටිමු. යක්‍ෂයාගේ පීඩාවට ලක්වීම සහ යක්‍ෂාවේශ වීම අතර වෙනසක් ඇති බව අපි විශ්වාස කරන්නෙමුව.

යක්‍ෂණික ආත්ම වල ක්‍රියාකාරිත්වයන් අද ලොව තුළ ඇත්ද? 1 පේත්‍රස් 5:8 සළකා බලනවිට ඒ අනුව "කාව ගිල ගනිම්දෝයි සිතමින් ගොරවන සිංහයෙකු මෙන් ඔබ මොබ සැරිසරන්නේද තමන් සර්වස්ථාන නොවන බව දැන ගෙනය. සාතන් තමන්ගේ වැඩය ලොව තුළ කරන පිණිස ඔහුගේ යක්‍ෂයන් එවන බව සිතීම තර්කානුකුලය.

"නෙෆිලිම්" යනු කව්ද හෝ කුමක්ද? නෙෆිලිම් යනු ("වැටුණු අය, යෝධයන්") දෙවියන් වහන්සේගේ පුත්‍රයන් හා මනුෂ්‍ය දූවරුන්ගේ ලිංගික සබඳතාවය කරණකොගෙන හට ගත් ප්‍රතිඵලය වේ. (උත්පත්ති 6:1-4). "දෙවියන් වහන්සේගේ" පුත්‍රයන් පිළිබඳ මහත් විවාදයන් වේ.

සාතන් සහ ඔහුගේ යක්‍ෂයන් නපුරේ පුද්ගලාරෝපණයක් පමණක් බව බොහෝ අය විශ්වාස කරනු ලබයි. කිතුණු භුත විද්‍යාව අපගේ ආත්මික සතුරා හදුනා ගැනීමට උපකාර කරයි. එමඟින් යක්‍ෂයාට විරුද්ධව සිටින්ටත් පරීක්‍ෂාවන් ජය ගන්නටත් උගන්වනු ලබයි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරණකොටගෙන අන්ධකාරයෙන් අපට ඇති ජයග්‍රහණය එතුමන්ට ප්‍රශංසා වේවා. කිතුණුවන් භුත විද්‍යාව සිතේ ග්‍රහණය කර තබා ගැනීමක් අවශ්‍ය නොවන අතර, පැහැදිලිව භුත විද්‍යාව පිළිබඳ පැහැදිලි දැන ගැන්මක් ඇතිව සිටීම බියෙන් අපට නිශ්වලවීමටත් අවදිව සිටීමටත් සහ යේසුස් ක්‍රිස්තුස් වහන්සේට ළංව සිටීමටත් අපට නිරතුරුව සිහි කැඳවයි. ශුද්ධාත්මයාණන් වහන්සේ අපගේ හදවත් තුළ වාසය කරන සේක. ඒ සමඟම "ලෝකයෙහි සිටින තැනැත්තාට වඩා අප තුළ සිටින තැනැන්වහන්සේ උතුම්ය" (1 යොහාන්4:4).

කිතුණු භුත විද්‍යාවට සම්බන්ධ ලියවිල්ලෙහි ප්‍රධාන පදයක් නම් 2 කොරින්ති 11:14-15 වේ. "ඒක පුදුමුයක් නොවේ මක්නිසාද සාතන් පවා ආලෝකයේ වෙස් ගනියි. එබැවින් ඔහුගේ සේවකයෝ ධර්මිෂ්ඨකමේ සේවකයන්ගේ වෙස් ගනිත් නම් ඒක පුදුමයක් නොවේ. ඔවුන්ගේ අන්තිමය ඔවුන් ගේ ක්‍රියා ලෙස වන්නේය"

English



නැවතත් සිංහල මුල් පිටුවට

කිතුණු භුත විද්‍යාව යනු කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries