settings icon
share icon
ප්‍රශ්නය

ක්‍රිස්තියානි බව්තීස්මයේ ඇති වැදගත් කම කුමක්ද?

පිළිතුර


ශුද්ධ බයිබලයට අනුව ක්‍රිස්තියානි බව්තීස්මය යනු ඇදහිලි වන්තයකුගේ ජීවිතයේ ඇතුලාන්තයේ ඇතිවුනු අත් දැකීමක් පිළිබඳව ප්‍රසිද්ධියේ සාක්‍ෂි දැරීමකි. ක්‍රිස්තු මරණය, භුමදානය සහ නැවත නැගිටීම ඇදහිලිවන්තයකු විසින් හඳුනා ගැනීම බව්තීස්මය තුළින් පැහැදිලි කෙරේ. ශුද්ධ බයිබලය ප්‍රකාශ කරන පරිදි “ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුළට බව්තීස්ම ලැබුවාවූ අප සියල්ලන් උන් වහන්සේගේ මරණයට බව්තීස්ම ලැබූ බව නුඹලා නොදැන සිටිනහුද? එබැවින් ක්‍රිස්තුස් වහන්සේ පියාණන් වහන්සේගේ මහිමය කරණකොටගෙන මළවුන්ගෙන් නැගුටුවනු ලැබුවා සේම, අපිත් ජීවනයේ අලුත්කමෙන් හැසිරෙන පිණිස, මරණය තුළට බව්තීස්මය කරණකොටගෙන උන් වහන්සේ සමග තැන්පත් කරනු ලැබුවෙමුව (රෝම 6 : 3-4). බව්තීස්මයේදී වතුරේ ගිල්වීමෙන් ක්‍රිස්තුස් වහන්සේ තුළ තැන්පත් කරනු ලබන බව සංකේතවත් වන අතර, වතුරෙන් ගොඩට පැමිණීමෙන් ක්‍රිස්තුස් වහන්සේගේ නැවත නැගිටීම සංකේතවත් වේ.

බව්තීස්මය ලබාගැනීමට පෙර කෙනෙකු තුළ සුදුසු කම් දෙකක් තිබිය යුතුවේ. (1) බව්තීස්මවීමට සුදානම් අය යේසුස් වහන්සේ තම ගැලවුම්කාරයා ලෙස විශ්වාස කල යුතුය, එසේම (2) එම අය තුළ බව්තීස්මයෙන් අර්ථවත් වන දේ තේරුම්ගෙන තිබිය යුතුය. කිසියම් කෙනෙකු යේසුස් වහන්සේ ගැලවුම්කරු ලෙස හඳුනාගෙන ඇත්නම්, ප්‍රසිද්ධියේ යේසුස් වහන්සේ තුළ ඇදහිල්ල ප්‍රකාශ කිරීමෙන් ක්‍රිස්තියානි බව්තීස්මය යනු විශ්වාසයේ පියවරක් ලෙස පිළිගනී. යම් කෙනෙක් බව්තීස්මවීමට ආශාවක් දක්වන්නේ නම්, ඔහුව බව්තීස්ම කිරීමෙන් වැලැක්වීමට කිසිම හේතුවක් නැත. බයිබලයට අනුව කිතුණු බව්තීස්මය යනු ක්‍රිස්තුස් වහන්සේ පමණක්ම තම ගැලවුම්කරු යනුවෙන් විශ්වාස කරමින් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන සරළ පියවරකි. ප්‍රසිද්ධියේ ක්‍රිස්තුස් වහන්සේ වෙනුවෙන් කැපවී උන් වහන්සේ තුළ ඇදහිල්ල ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමකි. එසේම එය යේසුස් වහ්සේගේ මරණය, තැන්පත් කිරීම හා නැවත නැගිටීම හඳුනා ගැනීමක්ද වේ.

English



නැවතත් සිංහල මුල් පිටුවට

ක්‍රිස්තියානි බව්තීස්මයේ ඇති වැදගත් කම කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries