settings icon
share icon
ප්‍රශ්නය

චෙරුබිම්, චෙරබ්වරු දේවදූතයන්?

පිළිතුර


චෙරුබ් / චෙරුබ්වරු දෙවියන් වහන්සේව නමස්කාර කිරීම උදෙසා ඇතුලත්වූ දේවදූත කණ්ඩායමකි. චෙරුබ්වරු පිළිබඳව බයිබලයේ පළමු වතාවට උත්පත්ති 3:24 හී කථා කරයි, “මෙසේ උන් වහන්සේ මනුෂ්‍යයා පිටතට එළවා ජීවන වෘක්‍ෂයට යන මාර්ගය රැකවල් කරන පිණිස ඒදන් උයනට නැගෙනහිරෙන් කෙරුබ්වරුන්ද හැම අතටම කරකැවෙන්නාවූ ගිනිමයවූ කඩුවක්ද පිහිටෙවු සේක.” සාතන් අකීකරුවීමට පෙර ඔහුද චෙරබ්වරයෙකි (එසකියෙල් 28:12-15). පූජාසනය හා දේවමාලිගාව ඔවුන්ගේ ඉදිරිපත් කරන දෑ තුළ බොහෝ චෙරබ්වරු අන්තර්ගතව ඇත (නික්මයාම 25:17-22; 26:1; 31; 36:8, 1 රාජාවලිය 6:23-35; 7:29-36; 8:6-7; 1 ලේකම් 28:18; 2 ලේකම් 3:7-14; 2 ලේකම් 3:10-13; 5:7-8, හෙබ්‍රෙව් 9:5).

එසකියෙල් පොතේ 1 හා 10 වන පරිච්ඡේදයේ විස්තර කරනවා “සත්වයන් හතරදෙනෙකු” චෙරුබිම්ට සමාන ලෙසම (එසකියෙල් 10). එක් එකකෙනාට මුහුණු හතර බැගින් තිබුණා, මිනිසුන්ගේ, සිංහයෙකුගේ, ගෝනකුගේ හා රාජාලියකුගේ (එසකියෙල් 1:10; එසේම 10:14)-එසේම එකිනෙකාට පියාපත් හතර බැගින් තිබුණා. ඔවුන්ගේ පෙනුම (ලක්ෂණය), චෙරුබිම් “මනුෂ්‍ය ස්වරූපය තිබුණි (එසකියෙල් 1:5). මේ චෙරුබිම්වරු ඔවුන්ගේ පිහාටු දෙකක් පියාසර කිරීමට භාවිතා කරා, එසේම අනෙක් දෙක ඔවුන්ගේ ශරීරය වසා ගැනීමට භාවිතා කරා (එසකියෙල් 1:6; 11, 23). ඔවුන්ගේ පියාපත්වලට යටින් චෙරුබිම්වරුට මනුෂ්‍ය අතකට සමාන පෙනුමක් විය (එසකියෙල් 1:8; 10:7-8; 21).

එළිදරව් 4:6-9 චෙරුබිම්වරු ගැන විස්තර කිරීමක් අපට දැකිය හැක. චෙරුබිම්වරු දෙවියන් වහන්සේගේ ශුද්ධත්වය හා බලය පිළිබ්ඹු කිරීමේ මෙහෙයේ යෙදී සිටිනු ඇත. බයිබලය පුරාවට ඔවුන්ට හිමි එක් වගකීමකි. දෙවියන් වහන්සේගේ ප්‍රශංසා ගැයීමට අමතර, දෙවියන් වහන්සේගේ තේජස හා මහිමය හා තම මනුෂ්‍යයන් සමග උන් වහන්සේගේ වාසය කිරීම මතක් කර දීමද ඔවුන් කළහ.

English



නැවතත් සිංහල මුල් පිටුවට

චෙරුබිම්, චෙරබ්වරු දේවදූතයන්?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries