settings icon
share icon
ප්‍රශ්නය

බයිබලය අදට උචිතද?

පිළිතුර


හෙබ්‍රෙව් 4:12 පවසනවා, “මක්නිසාද දෙවියන් වහන්සේගේ වචනය ජීවමානය, බලවත්ය, කොයිම දෙමුහත් කඩුවකටවත් වඩා තියුණුය, ප්‍රාණය හා ආත්මයද සන්ධි හා ඇටමිදුළුද වෙන්කරන තරමට කාවදින්නේය, සිතේ සිතිවිලිද අදහස්ද විමසන්නේය.” බයිබලය ලියන ලද්දේ අවුරුදු 1500 කට පෙර කාලයක් තුළ කතෘවරු 40 ක් විසින් වන අතර එය අදටත් නිවැරදිව උචිතව නොවෙනස්ව තිබෙනවා. බයිබලය අපට දීමේ එකම අරමුණ නම් එය දෙවියන් වහන්සේ ගැන හා උන් වහන්සේගේ සැලැස්ම මනුෂ්‍යා පිළිබඳව කුමක්ද යන්න අපට එළිදරව් කිරීමය.

බයිබලයේ බලවත් ලෙස කටයුතු කරනවා ස්වභාවික ලෝකය පිළිබඳ තොරතුරු, ඒවා විද්‍යාත්මකව නිරීක්‍ෂණය හා පරීක්‍ෂණය කර ඇති අතර ඒවා ස්ථීරවද ඇත. සමහර බයිබල් කොටස් අඩංගු වෙනවා ලෙවී 17:11, දේශනාකාරයා 1:6-7, යෝබ් 36:27-29, ගීතාවලිය 102:25-27 හා කොලොස්සි 1:16-17. බයිබලයේ කථා වස්තුන් දෙවියන් වහන්සේ මනුෂ්‍යා පිළිබඳව ඇති ගැලවීමේ සැලැස්ම විදහා දක්වයි. බොහෝ වරිත පැහැදිලි ලෙස විස්තර කරයි. එසේ කිරීම නිසා බයිබලයේ මිනිසාගේ චරිතය හා හැසිරීම් රටාව, ස්වභාවය පිළිබඳව ඉතා පැහැදිලිව කථා කරයි / කටයුතු කරයි. අපගේ එදිනෙදා අත්දෑකීම් මනා ලෙස පෙන්නුම් කරනවා මේ තොරතුරු වඩාත් නිවැරදි බවත් මනුෂ්‍යයාගේ තත්වය විස්තර කරනවා වෙන කිසිම මනෝවිද්‍යා පොතකටත් බැරි ලෙසට. බයිබලයේ බොහෝ ඓතිහාසික තත්වයන් සඳහන් කර ඇත, ඒවා බයිබලානුකූල මූලාශ්‍ර පොත් කරණකොට එම තත්වයන්ම ස්ථීර කරයි. ඓතිහාසික සොයා ගැනීම් බොහෝ විට මනා ලෙස කටයුතු කරයි, එකඟත්වයට පැමිණෙයි, බයිබලානුකූල තත්වයන් හා අතීරේක බයිබලානුකූල තත්වයන්. බොහෝ තත්වයන් බයිබලය ඓතිහාසාත්මකව සත්‍ය බව සනාථ වේ.

බයිබලය ඓතිහාසික පොතක් හෝ මනෝවිද්‍යාත්මක පොතක්ද නොවන අතර එය විද්‍යාත්මක සඟරාවක්ද නොවේ. එය දෙවියන් වහන්සේ තමන් කව්ද යන්න පැහැදිලි කිරීමට දුන් හැඳින්වීමය / සඳහනයි. එමෙන්ම එහි උන් වහන්සේ මනුෂ්‍යා ගැන උන් වහන්සේගේ සැලැස්මද සඳහන් කරයි. ඉතාමත් වැදගත්ම පැහැදිලි සාධකය මේ එළිදරව්වේ ඇති දේ නම් අපගේ පාපය නිසා දෙවියන් වහන්සේගෙන් වෙන්වීම හා උන් වහන්සේගේ එම සම්බන්ධතාවය නැවත ගොඩ නැගීම උන් වහන්සේගේ පුත්‍රයා වන යේසුස් වහන්සේගේ කුරුස පූජාව තුළින් සැපයීම. අපගේ මේ මිදීමේ අවශ්‍යතාව කිසිම විටක වෙනස් නොවේ. නැත්නම් දෙවියන් වහන්සේගේ ආශාවද උන් වහන්සේ සමග අපව යළි සම්බන්ධ කිරීමටයි.

බයිබලය දැඩි ලෙස කටයුතු කරනවා සත්‍ය හා උචිත තොරතුරු පිළිබඳව. බයිබලයේ ඉතා වැදගත් පණිවිඩය නම් -මිදීම- එය විශ්වීය හා නිරන්තරයෙන් මනුෂ්‍යාට අදාල වේ (නැති නම් මෙය මනුෂ්‍යාට සැබවින්ම අදාල වේ). දෙවියන් වහන්සේගේ වචනයට කිසිසේත් කාලය ඉකුත් වීමක් නොවේ. එමෙන්ම අවලංගුද නොවේ, අලුතින් අලුත් වැඩියාවක්ද අවශ්‍ය නොවේ. සංස්කෘති වෙනස් වේ, නීති වෙනස් වේ, පරම් පරා එයි, යයි, නමුත් දේව වචනය එදා එය ලියූ කාලයේ සිට අදටත් උචිතයි. එහි සඳහන් සෑම පරිච්ඡේදයක්ම අදට අවශ්‍ය ලෙසටම ආදල නොවෙන්න පුලුවන්. නමුත් සියළු පරිච්ඡේද සත්‍ය දරණ බවත් එය අපට අදට අදාල කර ගත යුතු බවත්, අඩංගු කර ගැනීමට හැකි බවත් වේ.

English



නැවතත් සිංහල මුල් පිටුවට

බයිබලය අදට උචිතද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries