settings icon
share icon
ප්‍රශ්නය

බයිබලය, අපට සත්‍යතාවය ලෙස පරිවර්ථනය කළ හැකි ද?

පිළිතුර


අප විසින් බයිබලය, බයිබලීය සත්‍යතාවය ලෙස පමණක් නොව බයිබලය ඇත්ත වශයෙන්ම සත්‍ය බව පිළිගත යුතු වේ. දෙවියන්වහන්සේ විසින් අපට ප්‍රකාශ කරන දේවල් වල පරිවර්ථනය තේරුම් ගැනීමට ඇති මාර්ගය වන්නේ සත්‍යතාවයයි. එම සාහිත්‍යයේ කුමන හෝ කොටසක් කියවීමෙන්, කර්තෘ අදහස් කරන දේ අපට තේරුම් ගැනීමට හැකි විය යුතුයි. බොහෝ දෙනෙක් බයිබලයේ පදයක් හෝ කොටසක් කියවා එහි සන්දර්භය සහ කර්තෘ විසින් අදහස් කරන කරුණ නොසලකා තමන්ගේ අදහස් එම වචන, පද හා ඡේදයන්වලට යොදා ගනියි. නමුත් දෙවියන්වහන්සේ අදහස් කරන කාරණය මෙය නොවේ, උන්වහන්සේ අපට පවසන්නේ වචනය නිවැරදිව හා සත්‍යතාවයට අනුකුලව පරිහරණය කළ යුතු බවය (2 තිමෝති 2:15).

යේසුස්වහන්සේ වචනය සත්‍ය ලෙස පිළිගත් බැවින්, අපත් කිසි සැකයකින් තොරව වචනය සත්‍ය බව පිළිගත යුතුයි. යේසුස්වහන්සේ පරණ ගිවිසුමේ කොටස් උපුටා ගත් සෑම අවස්ථාවකදීම එහි සත්‍යතාවයේ පරිවර්ථනය විශ්වාස කළ බව අපට පැහැදිලි වේ. ලූක් 4 වන පරිඡේදයේ සදහන් වන ලෙසට යේසුස් වහන්සේ යක්ෂයා විසින් පරීක්ෂා කරනු ලැබූ අවස්ථාවේදී, උන්වහන්සේ පරණ ගිවිසුමේ පදයක් උපුටා ගෙන උත්තර දීම මෙයට නිදසුනකි. ද්විතිය කථාව 8:3, 6:13 සහ 6:16 යන පදයන්හි සඳහන් වන දෙවියන්වහන්සේගේ පනත් අසත්‍ය නම්, යක්ෂයාගේ මුඛය වැසීමට යේසුස්වහන්සේට බලය නොතිබෙන්නට හැකි විය හැක. නමුත් එසේ නොවීය. වචනය බලවත් සත්‍යතාවයයි.

යේසුස්වහන්සේගේ ගෝලයෝද උන්වහන්සේගේ ආඥා (බයිබලයට අයත් කොටස්) සත්‍ය බව පිළිගත්තෝය. මතෙව් 28:19-20 හි සඳහන් වන ලෙස “නුඹලා ගොස් සියලු ජාතීන් මට ගෝලයන් කරන්න” යි යේසුස්වහන්සේ තම ගෝලයන්ට අණ කළ සේක. ක්‍රියා පොතෙහි දැක්වෙන ලෙසට, ගෝලයන් එම ආඥාව සත්‍ය ලෙස පිළිගෙන ගොස් සියලුම ජාතින්ට ශුභාරංචිය ප්‍රකාශ කරමින් “යේසුස්වහන්සේ විශ්වාස කරන්න එවිට ඔබ ගැළවීම ලබන්නේය” යි ඔවුන්ට පැවසුවෝය (ක්‍රියා 16:31). එසේම අපත් උන්වහන්සේගේ වචනයේ සත්‍යතාවය පිළිගත යුතුයි. උන්වහන්සේ නැතිවු දේ සෙවීමටත් ගළවන්නටත් ආ බවද (මතෙව් 19:10) අපගේ පාපය වෙනුවෙන් වන්දිය ගෙවු බවත් (මතෙව් 26:28) උන්වහන්සේ අපට සදාකාල ජීවනය දුන් බවටත් (යොහාන් 6:54) විශ්වාස නොකළහොත් අපගේ ගැළවීම ගැන නිසැක වන්නේ කෙසේද? බයිබලයේ සත්‍යතාවය කෙතරම් තිබුණත් රූප කථනය එයත් සමඟම මතු වේ. යම්කිසි පුද්ගලයෙකු විසින් “හිරු නැගීම” යැයි පැවසීම මෙයට නිදසුනක් ලෙස දැකිය හැක. නීත්‍යානුකුලව බැලු විට, ඉර නොනගියි, නමුත් පෘථිවිය හිරු නගිනා ආකාරයෙන් භ්‍රමණය වේ. නමුත් මෙවැනි අදහස් ඇති රූප කථන සියල්ලන් විසින් තේරුම් ගත හැක. බයිබලයේද සත්‍ය ලෙස පිළිනොගන්නා, නමුත් පැහැදිලිවම පෙනෙන රූප කථන දක්නට ලැබේ (ගීතාවලිය 17:8 මෙයට නිදසුනකි).

අවසාන වශයෙන්, බයිබලයේ සත්‍ය හා අසත්‍ය කොටස් විනිශ්චය කිරීමෙන්, අප අපව දෙවියන්වහන්සේට වඩා ඉහලින් උසස් කරගන්නෙමු. උන්වහන්සේ අපට උන්වහන්සේගේ වචනය දුන්නේ අපට උන්වහන්සේ සමඟ සබඳතාවයක් ඇති කිරීමටය. අසත්‍ය පරිවර්ථනයකින් ඇති වන්නාවු වියවුල්තාවය සහ වරදවා තේරුමි ගැනීම අනිවාර්යයෙන්ම හිස්වු හා නිෂ්ඵල සත්‍යතාවයක් ලෙස සැළකේ.



English



නැවතත් සිංහල මුල් පිටුවට

බයිබලය, අපට සත්‍යතාවය ලෙස පරිවර්ථනය කළ හැකි ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries