settings icon
share icon
ප්‍රශ්නය

බයිබලයේ දෝෂ, පරස්පර විරෝධ, වෙනස්කම් වලින් සමන්විත වේද?

පිළිතුර


ඔබ බයිබලය මතුපිටින් පෙනෙන දේ බැලුවොත් එහි විරෝධයක් උපද්දගන්නා අදහසින් නැතිව කියෙව්වොත්, ඔබ එය ඉතාමත් පැහැදිලි / බුද්ධිමත්, ස්ථීර, සාපේක්‍ෂව තේරුම් ගැනීමට ලේසි පොතක් බව තේරුම් ගනී. ඔව් සමහර කොටස් අමාරු / අපහසු වේ. ඔව් සමහර පද එකිනෙකට විරුද්ධ බවට පෙනේ. අප මතක තබා ගත යුතු දෙය නම් බයිබලය සාමාන්‍ය වශයෙන් කතෘවරු 40 දෙනෙක් විසින් අවුරුදු 1500 කටත් වැඩි කාලයක් අතර ලියන ලද බව. සෑම කතෘවරයෙක්ම වෙනස් ආකාර ඔවුනට ආවේනිකවූ ආකාරයට ලියන ලදි. ඔවුන් එකිනෙකා එය දුටු ලෙසද වෙනස් එම කෝනයෙන් ඔවුන් ලියන ලදි. වෙනස් කන්ඩායම් වලට ලියන ලදි. වෙනස් හේතුන් මත ලියන ලදි. ඉතින් සමහර වෙනස් කම් බලාපොරොත්තු විය යුතුය. කෙසේ වෙතත් වෙනස් කියා පවසන්නේ පරස්පර විරෝධයි යන්න නොවේ. එය දෝෂයක් වන්නේ පද හෝ පරිච්ඡේද කිසිම ලෙස සම්බන්ධම වන්නේ නැති නම්. කෙසේ වෙතත් පිළිතුර මේ වන විට නොමැති නම්, එයින් අදහස් කරන්නේ නැහැ පිළිතුරට පැවැත්මක් නැහැ කියලා. බොහෝ දෙනා බයිබලයේ වැරුද්ක් සිදුවිය හැකි දැයි සොයා ඇත ඉතිහාසයට හා භූගෝලයට විරුද්ධව. එසේ සිදු කළේ බයිබලය නිවැරදිදැයි සොයා බැලීමට තවත් ඉදිරියට පුරා විද්‍යාත්මක සාදක අනාවරණය වී ඇත.

අපට බොහෝ විට මේ ප්‍රශ්නය නගයි “මේ පද එකිනෙකට පරස්පර විරෝධි නොවන්නේ කෙසේද?” හෝ “බලන්න බයිබලයේ වැරදි දෙයක් ඇත” අපට පිළිගන්න සිදුවන දෙයක් නම් සමහර මනුෂ්‍යයන් නගන්නාවූ ප්‍රශ්න වලට පිළිතුරු දීමට අපහසු වීම. කෙසේ වෙතත් එය අපේ සටනයි ප්‍රායෝගික හා බුද්ධිමත් ලෙස පොළොබවන සුළු පිළිතුරු තිබේ, බයිබල් පරස්පර විරෝධයට හා දෝෂ වලට. සමහර පොත් හා අන්තර්ජාලයේ කරුණු ඇත “බයිබලයේ ඇති දෝෂ සියල්ල.” බොහෝ අය ඔවුන්ගේ තර්කය ගොඩ නගා ගන්නේ මෙවැනි ස්ථාන වලින්. ඔවුන් තමන් විසින්ම එහි ඇති දෝෂ (දෝෂ යැයි සිතන) දේ ඔවුන් විසින්ම සොයා ගත්දේ නොව. එමෙන්ම තවත් පොත් හා අන්තර්ජාලයෙහි සාධක ඇත සෑම බයිබලයේ දෝෂ යැයි පවසන දේවල් නිෂ්ප්‍රභා කිරීමට. නමුත් දුකට කරුණ නම් බයිබලයේ වැරදි සොයන අය ඇත්තටම එහි ඇති සත්‍යතාවයේ පිළිතුරු වලට අවධානය නොදෙයි. ඔවුන්ට අවශ්‍ය දේ නම් විරෝධය පෑමයි. බොහෝ “බයිබල් විරෝධිහු” සැබවින්ම බැලුවොත් ඔවුන්ද පිළිතුර දන්නවා විය හැක. නමුත් ඔවුන් එම පරණ නොගැඹුරු විරෝධයන් දිගින් දිගටම ගෙනාවා.

යම් කෙනෙකු ඔබ වෙතට පැමිණ දෝෂාරෝපනාත්මකව බයිබලයේ දෝෂ ඉදිරිපත් කළ විට ඔබ කුමක් කළ යුතුද? (1) යාච්ඤාවෙන් පූර්ණව ලියවිල්ල අවධානයෙන් යුක්තව කියවා බලන්න සරල පිළිතුරක් සොයා ගත හැකිද කියා? (2) බයිබල් අටුවාවන් රැගෙන හා බයිබල් ගවේෂණ අන්තර්ජාල පරික්‍ෂා කරන්න. (3) ඔබගේ සභාපාලක තුමාට හා සභා නායකින් හට පවසා විකල්පයක් ඇත්දැයි බලන්න. (4) එම අදියරයන් තුළින් පැහැදිලි පිළිතුරු නැති නම් (1), (2) හා (3) එකට අනුගමනය කළ යුතුය, දෙවියන් වහන්සේව විශ්වාස කරන්න, උන් වහන්සේගේ වචනය සත්‍යයි, ඒ වගේම එහි විකල්පයක් ඇත. නමුත් එය තවමත් සොයාගෙන නැත (2 තිමෝති 2:15; 3:16-17).

English



නැවතත් සිංහල මුල් පිටුවට

බයිබලයේ දෝෂ, පරස්පර විරෝධ, වෙනස්කම් වලින් සමන්විත වේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries