settings icon
share icon
ප්‍රශ්නය

බයිබලයේ ඇති ගිවිසුම් මොනවාද?

පිළිතුර


බයිබලය වෙනස් වූ ගිවිසුම් හතක් ගැන කතා කරන අතර ඉන් හතරක් (ආබ්‍රහමික, පලස්තීන, මොසෙයික, දාවීදික) දෙවියන් වහන්සේ කොන්දේසි විරහිත ස්වභාවයෙන් ඊශ්‍රායෙල් ජාතිය සමඟ ඇති කරගත් ගිවිසුම් වේ. එනම් ඊශ්‍රායෙල්වරුන්ගේ කීකරුකම් හෝ අකීකරුකම් නොසලකා හැර, දෙවියන් වහන්සේ ඊශ්‍රායෙල් සමඟ ඇති කරගත් ගිවිසුම් සම්පූර්ණ කරනවා ඇත. ගිවිසුම් අතර එකක් වන මොසෙයික ගිවිසුම ස්චභාවයෙන් කොන්දේසි සහිත වේ. එනම් මෙම ගිවිසුම ඊශ්‍රායෙල්ගේ කීකරුකම හෝ අකීකරුකම මත අශීර්වාද හෝ ශාපයන් ගෙනෙනවා ඇත. අනෙක් ගිවිසුම් තුන (ආදමික, නොවාහියික, නව) සමාන්‍යය වශයෙන් දෙවියන් වහන්සේ හා මනූෂ්‍යය සංහතිය ඇති කරගත් ගිවිසුම් වන අතර, ඒවා ඊශ්‍රායෙලයට පමණක් සීමා නොවේ.

ආදමික ගිවිසුම දෙයාකාරයකින් සිතිය හැකිය / තේරුම් ගත හැකිය. ඒදනික ගිවිසුම (අහිංසකත්වය) සහ ආදමික ගිවිසුම (අනුග්‍රහය) (උත්පත්ති 3:16-19). ඒදනික ගිවිසුම උත්පත්ති 1:26-30. 2:16-17 හමුවේ. ඒදනික ගිවිසුම මැවිල්ල කෙරෙහි මනූෂ්‍යය සංහතියේ වගකීම සහ යහපත සහ නපුර දැන ගැන්මේ ගස පිළිබඳ දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීම වේ. ආදමික ගිවිසුම ආදම් ගේ සහ ඒවාගේ පාපයන් නිසා මනුෂ්‍යය සංහතියට ප්‍රකාශ කරන ලද ශාපයන් සහ එම පාපය සඳහා දෙවියන් වහන්සේගේ සැපයීම (උත්පත්ති 3:15).

නොවාහියික ගිවිසුම මෙය දෙවියන් වහන්සේ සහ නෝවා (විශේෂයෙන්) සහ මනුෂ්‍යයත්වය (සමාන්‍යයෙන්) අතර සීමා රහිත ගිවිසුමකි. ගංවතුරෙන් පසුව නැවත කිසිදිනක මනුෂ්‍ය ප්‍රජාව ගංවතුරකින් පොළොවෙහි සියලු ජීවිත විනාශ නොකරන බවට දෙවියන් වහන්සේ පොරොන්දු වූ සේක (උත්පත්ති 9 වන පරිච්ජේදය බලන්න). දෙවියන් වහන්සේ ගිවිසුමේ සළකුණ ලෙස දේදුන්න දුන් සේක. එනම් මුළු පොළොව ගංවතුරෙන් යට නොවන බවත්, පාපය විනිශ්වයකරන්ට දෙවියන් වහන්සේට ඕනෑම අවස්ථාවක හැකි බව සහ එසේ කරන බවට දුන් සිහි කැඳවීමේ පොරොන්දුව වේ ( 2 පේත්‍රස් 2:5).

ආබ්‍රහිමක ගිවිසුම (උත්පත්ති 12:1-3, 6-7,13:14-17, පරිච්.15, 17:1-14, 22:15-18). මෙම ගිවිසුමෙහිදී දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට බොහෝ පොරොන්දු දුන් සේක. පුද්ගලික වශයෙන් ආබ්‍රහම්ගේ නාමය විශාල එකක් කරන බවට පොරොන්දු වූ සේක (උත්පත්ති 12:2). එනම් අබ්‍රහම් හට භුමික විශාල පරම්පරාවක් / ආබ්‍රහම්ගෙන් පැවත එන්නන් සිටින බව (උත්පත්ති 13:16) සහ ඔහු බොහෝ ජාතීන්ට පියා වන බවටද (උත්පත්ති 17:4-5). එමෙන්ම දෙවියන් වහන්සේ ඊශ්‍රායෙල් නැමති ජාතියක් ගැනද පොරොන්දු දුන් සේක. ඇත්ත වශයෙන්ම කිවහොත් ආබ්‍රහිමික ගිවිසුමේ භුගෝලීය සිමා මායිම් එක් වරකට වඩා උත්පත්ති පොතෙහි තබා ඇත උත්පත්ති 12:7,13:14-15, 15:18-21). ආබ්‍රහිමික ගිවිසුමේ තවත් ප්‍රතිපාදනයක් නම් ආබ්‍රහම්ගේ භෞතික නියමය අනුව ලොව පවුල් ආශීවාර්ද ලැබිමය (උත්පත්ති 12:3, 22:18). මෙය ආබ්‍රහම්ගේ භෞතික නියමය අනුව පැමිණීමට නියමිත මෙසියස් වහන්සේ පිළිබඳවය.

පලස්තීන ගිවිසුම (ද්වීතීය කථාව 30:1-10) පලස්තීන ගිවිසුම ආබ්‍රහිමික ගිවිසුමේ දේශය / භුමිය පිළිබඳ සවිස්තර කරුණු තව දුරටත් විස්තාරණය කරයි. මෙම ගිවිසුමෙහි නියමය අනුව, සෙනඟ අකීකරු වුවහොත් දෙවියන් වහන්සේ ඔවුන් ලොව පුරා විසුරුවා හරිනු ලබයි (ද්වීතීය කථාව 30:3-4), නමුත් අවසානයේදී එතුමන් ජාතියක් ලෙස නැවත ඔවුන් පිහිටුවනවා ඇත (පදය 5). දේශය නැවත පිහිටුවනු ලැබුවායින් පසුව පරිපූර්ණ වශයෙන් ඔවුන් එතුමන්ට අවනතවනවා ඇත (පදය 8) සහ දෙවියන් වහන්සේ ඔවුන් සපලවන්නට සලස්වනවා ඇත (පදය 9).

මොසෙයික් ගිවිසුම (ද්වීතීය කථාව 11) මොසෙයික් ගිවිසුම කොන්දේසි සහිත ගිවිසුමක් වූ අතරදෙවියන් වහන්සේට කීකරුවීම කරණකොටගෙන ඝෘජුවම ආශීර්වාදද, අකීකරුවීම කරණකොටගන ඝෘජුවම ඊශ්‍රායෙල් දේශය මත ශාපයද විය. දසපණත මොසෙයික් ගිවිසුමේ කොටසක් විය (නික්මයාම 20) සහ අනෙකුත් අණපණත් 600 ක් අතරින් අනුමාන වශයෙන් 300 සුභාවාදී සහ 300 අශුභවාදී ඒවා අඩංගු විය. පරණ ගිවිසුමෙහි ඉතිහාස පොත් වන (යොෂුවා-එස්තර්) හි ව්‍යවස්ථාවට කීකරුවීම, ඊශ්‍රායෙලය සාර්ථකව පැවැත්වූ අන්දමත් ව්‍යවස්ථාව පැවැත්වීමේ අසාර්ථක වූ ආකාරයත් විස්තරාත්මකව සඳහන්වී ඇත. ද්වීතීය කතාව 11:26-28 ආශිර්වාද සහ ශාප පිළිබඳ විස්තරාත්මක ගුරු අරුත වේ.

දාවීදික ගිවිසුම (2 සාමුවෙල් 7:8-16). දාවීදික ගිවිසුම ආබ්‍රමික ගිවිසුමෙහි "බීජය" පිළිබඳ පැතිකඩ විස්තාරණය කරනු ලබයි. මෙම පරිච්ජේදයෙහි දාවිත්ට දී ඇති පොරොන්දු විශේෂිත වේ. දාවිත් ගේ වංශය සදහටම පවතින බවත් ඔහුගේ රාජධානිය කිසි දිනක පහව නොයන බවත් ස්ථීර ලෙස පොරොන්දු දෙන ලදී (පදය 16). පැහැදිලිවම, දාවිත්ගේ සිංහාසනය මෙතෙක් ස්ථීර ලෙස ස්ථානගත නොවීය. එහෙත් නුදුරු කාලයේදී දාවිත්ගේ වංශයේ / පරම්පරාවේ කවුරුන් හෝ සිංහාසනරූඩවී රජ්ජුරුවන් ලෙස පාලනය කරනවා ඇත. අනාගත රජිදුන් යේසුස් වහන්සේය (ලූක් 1:32-33).

නව / අලුත් ගිවිසුම (යෙරමියා 31:31-34).

නව ගිවිසුම පළමුව ඊශ්‍රයෙල් ජාතිය සමඟ ඇති කරගත් ගිවිසුම සහ අවසානයේදී මුළු මනුෂ්‍යය සංහතිය සමඟ ඇති කරගත් ගිවිසුම වේ. නව ගිවිසුමෙහිදී පාපයට සමාවදීම පිළිබඳ දෙවියන් වහන්සේ පොරොන්දු දෙන අතර, එය කරණකොටගෙන දෙවියන් වහන්සේ පිළිබඳ විශ්වීය දැන ගැන්මක් ඇති වේ. ස්වාමිවූ යේසුස් වහන්සේ පැමිණියේ මෝසෙස්ගේ ව්‍යවස්ථාව සම්පූර්ණකර (මතෙව් 5:17) දෙවියන් වහන්සේ හා තමන්ගේ සෙනඟ අතර නව ගිවිසුමක් නිර්මාණය කරණ පිණිසය. දැන් අප නව ගිවිසුම යටතේ සිටින බැවින් යුදෙව්වන් සහ අන්‍යජාතීන් දෙගොල්ලන්ම ව්‍යවස්ථාවේ දඬුවමින් නිදහස් වී ඇත. දැන් අපට ගැළවීම නොමිලයේ දෙනු ලබන තෑග්ගක් ලෙස ලබා ගත හැකිය (එපීස 2:8-9).

බයිබලීය ගිවිසුම් පිළිබඳ සාකච්ජා වලදී කිතුණුවන් එකඟ නොවන සමහර කාරණා ඇත. 1. සියලුම ගිවිසුම් ස්වභාවයෙන් කොන්දේසි සහගත බව සමහර කිතුණුවන් කල්පනා කරයි. නමුත් ගිවිසුම් කොන්දේසි සහගත නම් ඊශ්‍රායලය එය සම්පූර්ණ කිරීම පිළිබඳ ඉතා අවසනාවන්ත ලෙස පරාජයට පත්වේ. කොන්දේසි රහිත ගිවිසුම් තවමත් සම්පූර්ණ වීමට ඇති අතර, ඊශ්‍රායලයේ අකීකරුකම් නොසළකා හරිමින්, නුදුරු අනාගතයේදි බලාපොරොත්තු ඉෂ්ටවනවා ඇත. 2. යේසුස් වහන්සේගේ සභාව ගිවිසුම් වලට සම්බන්ධ වන්නේ කෙසේද? සමහරුන්ගේ විශ්වාසයවන්නේ, සභාව ගිවිසුම් සම්පූර්ණ කරන අතර, නැවත කිසිදිනක දෙවියන් වහන්සේ ඊශ්‍රායලය සමඟ ගනුදෙනු නොකරන බවය. මෙය ප්‍රත්‍යා දේශන දේව ධර්මය ලෙස හදුන්වන අතර ලියවිල්ලෙහිද ඉතා සුළු වශයෙන් සාක්‍ෂි ඇත. අනෙකුත් අයගේ විශ්වාසයවන්නේ සභාව මූලික වශයෙන් හෝ අර්ධවශයෙන් ගිවිසුම් සම්පූර්ණ කරන බවය. ඊශ්‍රායලය පිළිබඳ බොහෝ පොරොන්දු තවමත් ඇත්තේ අනාගතයේ බැවින් , සභාව කොයියම් ආකාරයකින් හෝ මෙම ගිවිසුම් බෙදා ගන්නා බවට බොහෝ අය විශ්වාස කරයි. අනෙක් අය, ගිවිසුම් දී ඇත්තේ ඊශ්‍රායලයට පමණක්ම බවත් සභාවට ඒ සම්බන්ධයෙන් කිසිදු සම්බන්ධයක් නැති බවත් විශ්වාස කරයි.

English


නැවතත් සිංහල මුල් පිටුවට
බයිබලයේ ඇති ගිවිසුම් මොනවාද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries