settings icon
share icon
ප්‍රශ්නය

බයිබලයේ ඉගැන්වීම් බොහෝමයක් වියවුල් සහගත වන්නේ ඇයි?

පිළිතුර


දෙවියන්වහන්සේ අපට බයිබලය දුන්නේ උන්වහන්සේ ගැන සහ උන් වහන්සේගේ මාර්ගයන් ගැන ඉගැන්වීම පිණිස වන අතර දෙවියන්වහන්සේ වියවුල් සහගත දෙවි කෙනෙකු නොවන බැවින්, ඕනෑම සහ සියලුම වියවුල්තා පැමිණෙන්නේ ලෞකික විනාශකාරි පීඩන, මාංශය, සහ යක්ෂයා තුළිනි. “ලෝකය” යනු, දේව වචනය තේරුම් නොගන්නා සහ සැලකිල්ලට නොගන්නා මනුෂ්‍යයාය. ලෝකය, අභක්තික ලෞකික පද්ධතියකි; “මාංශය” යනු දෙවියන්වහන්සේ තුළ ගමන් කරන කිතුණුවන් දූෂණය කරන පාපිෂ්ඨ ස්වභාවයකි; “යක්ෂයා” යනු සාතන්, දේව වචනය පෙරලන්නට උත්සහ දරන, ආලෝකයේ දූතයන් මෙන් වෙස් ගන්නා සාතන්ගේ යක්ෂයෝය (2 කොරින්ති11:14-15).

ඉහත සඳහන් එක් එක් පීඩන, තනියාකාරව නැතහොත් එකට මනුෂ්‍යයන්ව දේව වචනය ගැන වියවුල් කරන ආකාරයෙන් ක්‍රියා කරයි. ඛේදජනක ලෙස, බයිබලය ගැන වියවුල්තාවය, ගැළවීමේ අසත්‍ය බලාපොරොත්තුවකට තුඩු දිය හැකිය. යක්ෂයා, දේව වචනය වරදට පත්කරමින් යේසුස්වහන්සේව පරීක්ෂා කළේය (මතෙව් 4:1-11). මෙලෙසම සාතාන් අදටත් මෙවැනි උපායයන් යොදා ගනිමින් බයිබලයෙන් සත්‍යතාවයක් රැගෙන එය වැරදි ලෙස යොදා ගනියි. දේව වචනය පෙරලන්නට සහ එයින් විනාශකාරී ප්‍රතිවිපාක උපද වීමට යක්ෂයා ඉතා දක්ෂවේ.

සමහරක් විට වියවුල්තාවය, බයිබලයේ ඉගැන්වීමට අනුව දුර්වල බයිබල් පරිවර්තණය නිමිත්තෙන් ඇති විය හැක. බොහෝ අවස්ථාවලදී, ඇදහිලිවතුන්ගේ නොසැලකිලිමත් බයිබල් අධ්‍යනය නිමිත්තෙන් සහ වැරදි මූලධර්ම උගන්වන ගුරුවරු, දේශකයන් සහ ලියන්නන් නිසා අවුල් සහගත සිතුවිලි ඇතිවිය හැක (2 කොරින්ති 11:12-13). එවැනි අසත්‍ය ප්‍රොපේතවරු සත්‍ය සහ නිවැරදි පරිවර්තනය දැන නුමුත් ඔවුන්ගේ නොදැනුවත් කමින් නැතහොත් ඔවුන්ගේ මතයන් හා ලෞකික අදහස් ඉදිරිපත් කිරීමට දේව වචනය පෙරලා දමා ඇද කරයි. දේව වචනය ඉගෙන ගැනීමට අන් අය කෙරෙහි බලාපොරොත්තු ඇති කර ගැනීමට වඩා ශුද්ධාත්මයාණන් වහන්සේ කෙරෙහි විශ්වාසය තබමින් දේව වචනය ඉගෙන ගැනීමට අප පුරුදු විය යුතුයි.

බොහෝ විට, වියවුල්තාවය ඇති වන්නේ සුභාරංචියේ සත්‍යතාවය පිළිබඳවය. බයිබලයේ සඳහන් වන ලෙසට, යේසුස්වහන්සේ මාර්ගයද, සත්‍යයද, ජීවනයද (යොහාන් 14:6, ක්‍රියා 4:12), යැයි සඳහන් වන නමුත් කිතුනුවන් ලෙස නමට පමනක් ජීවත්වන මනුෂ්‍යයන් සිතන්නේ වෙනත් දේවල් තුළන් සහ වෙනත් ධර්මයන් නැතහොත් ආගම් තුළින් ස්වර්ගයට ඇතුල්විය හැකි බවය. වියවුල්තා තිබියදි පවා සැබෑ බැටළුවන් තම එඞේරාගේ හඬ අසා ඒ මාර්ගය අනුගමනය කරයි (යොහාන් 10:27). එඞේරාට අයිති නැති බැටළුවෝ, “සාරවත් ඉගැන්වීම නොඉවසා, කසන කන් ඇතුව, තමුන්ගේ ආශාවල් ලෙස තමුන්ටම ගුරුවරුන් රැස්කරගෙන, සත්‍යයට කන් නොදී, ප්‍රබන්ධවලට හැරී යන කාලය පැමිණෙන්නේය” (2 තිමෝති 4:3). දෙවියන් වහන්සේ උන්වහන්සේගේ ආත්මය අපට දී, වචනය දේශනා කිරීමටද, සියලු ආකාර ඉවසිලි වන්තකමෙන් සහ ඉගැන්වීමෙන් තරවටු කිරීමට, කලට පමනක් නොව අකලටත් (2 තිමෝති 4:2), සැබෑවේ වචනය හරි ආකාරව පහදා දී, ලජ්ජාවෙන්ට ඕනෑ නැත්තාවු වැඩකාරයෙක්ව, දෙවියන්වහන්සේට ඒත්තු වුණාවු කෙනෙකු මෙන් පෙනෙන්ට උත්සහ කිරීම (2 තිමෝති 2:15). යේසුස්වහන්සේ නැවත පැමිණ, සියලුම වියවුල්තා අහෝසි කරන තුරු, අප මෙලෙස ජීවත් විය යුතුවේ.



English



නැවතත් සිංහල මුල් පිටුවට

බයිබලයේ ඉගැන්වීම් බොහෝමයක් වියවුල් සහගත වන්නේ ඇයි?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries