settings icon
share icon
ප්‍රශ්නය

වර්තමානයේ සිටින අපට බයිබලයේ කිනම් කොටස් අදාළ වන්නේදැයි අප දැන ගන්නේ කෙසේද?

පිළිතුර


සාමාන්‍ය ප්‍රේක්‍ෂකයන්ට අදාළ කර ගැනීමට යමක්දීම විනා "යුගයට විශේෂිත" අයුරින් මෙම අණ අනුගමනය කළ යුතු බවට අණක් පවරා දීමෙන් බොහෝ වැරදි වටහා ගැනීම් හටගන්නා අතර නොඑසේ නම් නිශ්චිත ප්‍රේක්‍ෂකයන්ට පවරාදිමට ඇති විශේෂිත සදාකාලික සත්‍යතාවයන් අප වරද්ද ගන්නවා ඇත. අප වෙනස සියුම් ලෙස අවබෝධ කරගන්නේ කෙසේද? අප වටහා ගත යුතු පළමූ කරුණ වන්නේ පළවෙනි ශත වර්ෂයෙදී ලියවිල්ල කැණනීකරණය අවසන් කළ බවය. එයින් ඉමහත් ලෙස අරුත් ගන්වන්නේ එසේ නොවූයේ නම් පටන්ගැනීමේදී මූළු බයිබලය අප උදෙසා නොලියවුන බවය. එදා කාලයේ ශ්‍රාවකයන් පවා ශත වර්ෂ ගණනාවකට පසුව ලොව වටා සිටන සෙනඟ මෙම වචන කියවන බව සමහරවිට දැන නොසිටින බව කතෘවරයන්ගේ මනසෙහි රුඳී තිබෙන්නට ඇත. නූතන කිතුණුවන්ට බයිබලය පරිවර්තනය කිරීමේදී එම කරුණ නිසාම අප ප්‍රවේසම් විය යුතුය. සමකාලීන දේශණයන් බොහෝවිට කාලයට උචිත ලෙස සකසා ගැනීමට බයිබලය නුතන කිතුණුවන්ට අදාල කිරීමට මාළුන් අල්ලන පොකුණක් ලෙස සළකණු ලැබේ. මෙය සිදු කරනු ලබන්නේ පාඩු විදීමට හේතුවන නිවරද්‍ය විවේවනාත්මක පැහැදිලි කිරීමකදී හෝ පරිවර්තනය කිරීමකදීය.

අර්ථ විවරණ ශාස්ත්‍රයෙහි ප්‍රධාන නීති තුන වන්නේ (බයිබලීය පරිවර්තනයේ ශිල්පය සහ විද්‍යාවයි)1. සංදර්භය 2. සංදර්භය 3. සංදර්භය වේ. 21 වෙනි ශත වර්ෂයේ කිතුණුවන්ට බයිබලය අදාළ වන්නේ කෙසේදැයි පැවසීමට ප්‍රථම මුල් ප්‍රේක්‍ෂකයන්ට කිනම් ආකාරයෙන් අරුත් ගැන්විනිද යන වටහා ගැනීමට අප පැමිණිය යුතුය. මුල් කාලීන ප්‍රේක්‍ෂකයන්ට ආගන්තුක, නුපුරුදු අදාළ කරගැනීමක් සමඟ පැමිණියේ නම් අප පරිච්ජේදය යෝග්‍ය ලෙස පරිවර්තනය නොකළ බවට සම්භාව්‍යතාවක් ඇත. මුල් කාලීන ශ්‍රාවකයන්ට පහදා දුන්නේ කුමක්ද යන්න අප හරියාකාරව වටහා ගත් බවට සහතිකයක්වේ නම් ඉන්පසු අප හා ඔවුන් අතර ඇති අසමාන තාවයන් සළකා බැලිය යුතුය. භාෂාවේ, කාලයේ, සංස්කෘතිමය, භුගෝලීය පිහිටීම සහ අවස්ථා න්‍යාය පිළිබඳ වෙනස්කම් සෙවිය යුතුය. යමක් අදාළ කර ගැනීමකට ප්‍රථම මේ සියල්ල පිරික්සා බැලිය යුතුය. අපගේ සංස්කෘතික අප සරණය වටහා ගැනීමෙන් පසු මුල් කාලීන ප්‍රේක්‍ෂකයන් හා අප අතර ඇති පොදුවේ ගත් ලක්‍ෂණයන් ගැන සොයා බැලිය හැක. අවසානයේ අපගේ කාලයට හා තත්වයන්ට අදාළ කරගැනීමක් අප උදෙසා සොයා ගත හැකිය.

සෑම කොටසකටම නිවැරදි එකම පරිවර්තනයක් තිබීම ඉතා වැදගත් කරුණක් වේ. අදාළ කර ගැනීම් පරාසයක තිබීමට හැකි වූවත් එකම පරිවර්තනයක් විය යුතුය. මෙහි අර්ථය වන්නේ සමහර අදාළ කර ගැනීම් අනෙක් ඒවාට වඩා හොඳ බවයි. එක් අදාළ කර ගැනීමක් අනෙකකට වඩා නිවැරදි පරිවර්තනයට සමීප නම් එය එම පාඨයට ඉතා හොඳ අදාළ කර ගැනීමක් වේ. උදාහරණයක් ලෙස 1 සාමුවෙල් 17 (දාවිත් සහ ගෝලියාද් කතන්දරය ) බොහෝ දේශණාවල් දේශණා කර ඇත. එහි අන්තර්ගතය වන්නේ "තමන්ගේ ජීවිතයේ සිටින යෝධයන් පරාජය කිරීමයි". ලියූ හෝ කියූ සිදුවීම් පෙළෙහි කරුණු ඉවත්කර ඝෘජුවම අදාළ කර ගැනීමට යොමුවී එහිදී සංකේතාත්මක ලාංජනය වන ගෝලියාද් ඉතාම අසීරු තර්ජනයෙන් බියපත් තත්වයකට පත්කර එතැනින් ජය ගත යුත්තේ ඇදහිල්ලෙන් බවට ප්‍රකාශ කරයි. එලෙසම දාවිත් අහුලාගනු ලැබූ මට සිළිටු ගල් පහද සංකේතාත්මක ලාංජනයක් බවට පත් කිරීමට උත්සාහ කරයි. මෙවැනි දේශණාවන් නිමවනු ලබන්නේ දාවිත් මෙන් විශ්වාසන්ත විය යුතු අනුශාසනා, උවදෙස් දෙමිනි.

මෙවැනි පරිවර්ථනයන් දේශණයන්ට යොදවා ගනු ලැබේ. නුමුත් සැකයට තුඩු දෙන කරුණ වන්නේ මුල් කාලීන ප්‍රේක්‍ෂකයන්ට / ශ්‍රාවකයන්ට මෙම කථාන්තරයෙන් එවැනි පණිවිඩයක් ලැබුණාද යන්නය. 1 සාමුවෙල් 17 හි සත්‍යතාවය අදාළ කර ගැනීමට ප්‍රථම මූල් කාලීන ප්‍රේක්‍ෂකයන් එය වටහා ගනු ලැබුවේ කෙසේද යන්න දැන ගත යුතුය, මන්ද 1 සාමුවෙල් හි පරමාර්ථය විවේචනාත්මක කරුණු වලට යොමුවීමට පෙර පොතක් ලෙස නිවරදව තහවුරු කර ගත යුතුය. එය යෝධයන් පරාජය කිරිමක් ගැන නොවන ලෙස අපි සිතමු. සමහරවිට එම අදාළ කර ගැනිම පරිච්ජේදයට දුරස්තර එකක් විය හැකිය. නමුත් පරිවර්ථනයක් ලෙස එය, එම කොටසට විදේශිකයෙක් / තමන්ට අයිති නැති එකක් විය හැකිය. එම කතන්දරයේ වීරයා දෙවියන් වහන්සේ වන අතර ඔහුගේ සෙනඟට ගැලවිම ගෙනෙන පිණිස තෝරාගත් භාජනය ගෝලියාද් විය. කතන්දරය සෙනඟගේ රජුන් (සාවුල්) හා දෙවියන් වහන්සේගේ රජුන් (දාවිත්) සසඳා වෙනස දක්වන අතර එය ක්‍රිස්තුස් වහන්සේ (දාවිත් ගේ පුත්‍රවූ) අපට ගැලවීම ගෙනන පිණිස කරන්නට යන දෙය පිළිබඳ පූර්ව දැක්මක් විය.

සංදර්භය නොසළකා පරිවර්තනය කරනු ලැබූ පොදු උදාහරණයක් වන්නේ යොහාන් 14:13-14 දක්වා පදයන් කිහිපයයි. මෙම කොටස සංදර්භයට පිටතින් කියවන කල්හී, අප විසින් දෙවියන් වහන්සේ ගෙන් ඉල්ලන ඕනෑම දෙයකට "යේසුස් වහන්සේ ගේ නාමයෙන්" යන සූත්‍රය පරිහරණය කරන්නේ නම් ලැබෙන බවය. හරියාකාරව අර්ථ නිරූපණ ශාස්ත්‍රය මෙම කොටසට අදාළ කරගන්නේ නම්, අප දකින්නේ යේසුස් වහන්සේ පවා දෙනු ලැබූ රාත්‍රියෙහි උඩුමහලෙහිදී එතුමන්ගේ ගෝලයන්ව අමතනූ ලැබූ බවය. එම වෙලාවෙහි එතන සිටියාවූ සෙනඟ නම් ගෝලයන්ය. යේසුස් වහන්සේ විසින් ගෝලයන්ට පවරනු ලැබූ ඉලක්කය සම්පූර්ණ කරන පිණිස අවශ්‍ය කරුණ සම්පත් අනිවාර්යෙන් සපයන බවට යේසුස් වහන්සේ එතුමාගේ ගෝලයන්ට දෙනු ලැබුවාවූ පොරොන්දුවයි. එම කොටස සනසාලන කොටසක් වේ මන්දයත් තවත් නොබෝ වේලාවකින් යේසුස් වහන්සේ ඔවුන්ව හැර යන බැවින්ය. එහි විසිඑක් වෙනි ශත වර්ෂයේ කිතුණුවන්ට අදාළ කර ගැනීමට යමක් වේද? සැබවින්ම එසේය. දෙවියන් වහන්සේගේ කැමැත්තට අනුව යාච්ඤා කරනු ලැබුයේ නම් (යේසුස් වහන්සේගේ නාමයෙන්) , එතුමන්ගේ කැමත්ත අප තුලින් සම්පූර්ණ කරන ලබන පිණිස අපගේ අවශ්‍යතාවයන් සපයනවා ඇත. තවදුරටත් අප ලබන්නාවු ප්‍රතිචාරයන් සැමවිට දෙවියන් වහන්සේ මහිමයට පත් කරනවා ඇත. අපගේ අවශ්‍යතාවයන් සපයනවා වෙනුවට, මෙම පරිච්ජේදය දෙවියන් වහන්සේගේ කැමැත්තට යාච්ඤාවෙන් භාරවීම උගන්වන අතර එවිට එතුමාගේ කැමැත්ත සම්පූර්ණ කරණ පිණිස අවශ්‍ය කරන සියල්ල සපයනවා ඇත.

පහත සඳහන් ප්‍රතිපත්ති මත නිවරද්‍යවූ බයිබල් පරිවර්ථනයක් ගොඩ නඟා ඇත.

1. සංදර්භය: සම්පූර්ණ වශයෙන් වටහා ගැනීමට, කුඩා වශයෙන් ආරම්භ කර පසුව පිටතට ප්‍රසාරණය වන්නට, පදය, උපුටා ගත් කොටස, පරිච්ජේදය, පොත, කතෘවරයා, සහ ප්‍රඥප්තිය / ගිවිසුම

2. මෙම කොටස මුල් කාලීන ප්‍රේක්‍ෂකයන් වටහා ගත් ආකාරය තේරුම් ගැනීමට උත්සාහ කරන්න.

3. මුල් කාලීන ප්‍රේක්‍ෂකයන් හා ඔබගේ සංස්කෘතිය අතර ඇති වෙනස වටහා ගැනීමට සැළකිලිමත් වන්න.

4. පරණ ගිවිසුමෙහි සදාචාරාත්මක අණක් නැවත අළුත් ගිවිසුගෙහි සඳහන් වේ නම් එය සදාකාලික දෙයක් ලෙස සළකන්න.

5. සෑම පරිච්ජේදයකටම ඇත්තේ එකම නිවරද්‍ය පරිවර්ථනයක් බව මතකයේ තබා ගන්න. නමුත් යොමු කරවීම් හා අදාළ කර ගැනීම් බොහෝ තිබිය හැක. (සමහර ඒවා අනිත් ඒවාට වඩා හොඳවිය හැක.)

6. සැමවිටම යටහත් පහත් වන්න. පරිවර්ථනය කිරීමේදී ශුද්ධාත්මයාණන් වහන්සේගේ ක්‍රියාවලිය පිළිබඳ අමතක නොකරන්න. සියලු සත්‍යතාවයන් කරා අපව ගෙන යන්නට එතුමා පොරොන්දු වූ සේක (යොහාන් 16:13).

පෙර සඳහන් කළ පරිදි බයිබලීය අර්ථකථනය කලාවක් මෙන්ම විද්‍යාවද වේ. එහි නීති සහ ප්‍රතිපත්තීන් ඇති අතර බොහෝ අසීරු කොටස් වලදී පරිවර්ථනය කිරීමෙීදී ඉමහත් පරිශ්‍රමයක්ද අනි ඒ්වාට වඩා දැරිය යුතුවේ. ශුද්ධාත්මයාණන් වහන්සේ විසින් වැරදි යයි හඟවා සාක්‍ෂිද ඊට අනුබල දෙන්නේ නම් ඕනෑම අවස්ථාවක පරිවර්ථනය වෙනස් කිරීමට අප විවෘත වී සිටිය යුතුය.



English



නැවතත් සිංහල මුල් පිටුවට

වර්තමානයේ සිටින අපට බයිබලයේ කිනම් කොටස් අදාළ වන්නේදැයි අප දැන ගන්නේ කෙසේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries