settings icon
share icon
ප්‍රශ්නය

බයිබලයෙහි (දේව වචනයෙහි) ද්වීලිංගිකත්වය පිළිබදව කුමක් පවසනු ලබයිද?

පිළිතුර


ද්වීලිංගිකත්වය වූ කලී ස්ත්‍රී ලිංගිකභාවයක් හෝ පුරුෂ ලිංගිකභාවයක් නොදැරීමවේ. ද්වීලිංගිකත්වය නොහොත් ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයේම සිටීමේ ශෛලය ස්ත්‍රී පුරුෂ භාවයේ අනන්‍යතාවයේ රේඛා බොද කරයි හෝ යම් ආකාරයකින් පුරුෂ සහ ස්ත්‍රී අංග හෝ විශේෂාංග ඒකාබද්ධ කරනු ලබයි. පුද්ගලයෙකුට ජීවන රටාවක් හෝ ඇඳුම් ආයිත්තම් කට්ටලයක් අන්‍යෝනය ලෙස සැලකීමට නම් එයට හඳුනාගත හැකි ලිංගික අනන්‍යතාවයක් නොතිබිය යුතුවේ. සැබවින්ම ද්වීලිංගික පුද්ගලයෙකු පිරිමි ළමයෙකු හෝ ගැහැණු ළමයෙකු ලෙස පහසුවෙන් හඳුනාගත නොහැක – එමෙන්ම ව්‍යාකූලත්වය අපේක්ෂා කෙරේ.

බොහෝ දේ (අධ්‍යාපනය, රැකියාව, මෝටර් රථ ආදිය) පුරුෂ ලිංගික හෝ ස්ත්‍රී ලිංගික නොවන අතර පුද්ගලික ද්වීලිංගිකත්වය කලාතුරකින් අහම්බයක් වේ. බොහෝ අය දේශපාලන හෝ සදාචාරාත්මක ප්‍රකාශයක් කිරීමට තෝරා ගනු ලබන්නේ ද්වීලිංගික පෙනුමවේ. තමන්ගේ හිස කෙස් ඉතාමත් කොටට කපාගන්නා වූත්, පියයුරු බැද ගන්නාවූ මෙන්ම එල්ලී වැටෙන ඇඳුම් පළදින ගැහැණුන් ඔවුන්ගේ ස්ත්‍රීත්වය වසං කිරීමට උත්සාහ කරති. ඒ හා සමානව සාම්ප්‍රදායික ස්ත්‍රී විලාසිතාවන්ගෙන් කම හිසකෙස් සකසන, සිනිඳු ස්ත්‍රී ඇඳුම් පළදින හෝ වේශ නිරූපණය කරන පුරුෂයන් ඒකාකෘති පුරුෂ පෙනුමට අභියෝග කිරීමට උත්සාහ කරති. ද්වීලිංගිකයන් ලෙස පෙනී සිටීමට තෝරා ගන්නා බොහෝ අය ලිංගික අනන්‍යතා ගැටළුල සංක්‍රාන්ති ලිංගිකත්වය හෝ සමලිංගිකත්වය සමගද අරගල කරති. එහෙත් පුද්ගලයෙකුගේ බාහිර පෙනුම පෞද්ගලික තේරීමක් නම් සලකා බැලිය යුතු සදාචාරාත්මක හා ආත්මික සාධක තිබේද? ද්වීලිංගික වීම පිළිබදව දේව වචනයේ කුමක් පවසත්ද?

දෙවියන්වහන්සේ විසින් තමන්වහන්සේගේ මැවිල්ලේ එකිනෙකට වෙනස් භූමිකාවන් දෙකකට සේවය කරනු වස් විශේෂ ලිංග දෙකක් නිර්මාණය කළ සේක (උත්පත්ති 1ථ27). දෙවියන්වහන්සේ විසින් ආදම්ව මැවිවේ විශේෂ මැවිල්ලක් ලෙසිනි (උත්පත්ති 2ථ7). ඉන් අනතුරුව උන්වහන්සේ විසින් ආදම්ගේ ඉළ ඇටයකින් ඒව නම් කාන්තාව මවනු ලැබුවේ ඔහුට සහයිකාවක් වීමටය (උත්පත්ති 2ථ20-22). ආදම්ට සහ ඒවට එකිකෙනට වෙනස් භෞතික ගුණාංග තිබිණි. ඔවුන් පැහැදිලිවම වෙනස් වූයේ දෙවියන්වහන්සේ ඔවුන්ව වෙනස් ලෙස නිර්මාණය කළ නිසාත්, උන්වහන්සේ ඒ ආකාරයට කැමති වූ නිසාත්ය (උත්පත්ති 1ථ31). පුරුෂයා සහ ස්ත්‍රිය නිර්මාණය කර ඇත්තේ ප්‍රජනනය සදහා වන අතර එමගින් දෙවියන්වහන්සේගේ ස්වරූපය දරන ජීවින්ගෙන් පෘථිවිය පිරී යනු ඇත (උත්පත්ති 1ථ28). නව මිනිසෙකු නිර්මාණය කළ හැක්කේ පුරුෂයෙකු සහ ස්ත්‍රියෙකුට පමණක් වන අතර එය සිදු කිරීමට එම භෞතික ලිංගික වෙනස්කම් අවශ්‍යවේ.

දෙවියන්වහන්සේ විසින් ව්‍යවස්ථාව ඉශ්‍රායෙල් සෙනගට දුන් විට ස්ත්‍රී පුරුෂභාවය අවිශදතාවයට ලක් කිරීමට එරෙහිව උන්වහන්සේ තහනම් කළ සේක. ද්වීතීය කථාව 22:5 සදහන් කරනුයේ “ස්ත්‍රියකු විසින් පුරුෂයෙකුගේ ඇඳුමක්වත් පුරුෂයෙකු විසින් ස්ත්‍රියකුගේ ඇඳුමක්වත් නොහැදිය යුතුය. මක්නිසාද මෙසේ කරන කවරෙක් නමුත් නුඹේ දෙවිවූ ස්වාමින්වහන්සේට පිළිකුලක්ය.” ඉන් අදහස් වනුයේ කැළි කසල හා සම්බන්ධව කාර්‍යයක යෙදෙන ස්ත්‍රියක් කලිසමක් පැළද ගැනීම හෝ සත්ත්ව මාංශ දැල් කවුළුවක් මත තබා පුළුස්සා ගන්නාවූ පුරුෂයෙක් ඒප්‍රනයක් පැළද ගැනීම හෝ නොවේ. දෙවියන් වහන්සේ විසින් ලබා දී ඇති ලිංගභේදය ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රයත්නයක් ලෙස පුරුෂයන් හෝ ගැහැණුන් සිතාමතාම වසන් කිරීම: මෙම පදය වර්තමානයේ ඉහළ යාමේ ප්‍රවණතාවයක් පිළිබදවව සදහන් කරනු ලබයි.

දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව සෑම විටම හදවත කෙරෙහි අවධානය යොමු කරනු ලබයි. අපගේ ක්‍රියාවන්හී ප්‍රතිඵල වලට වඩා අපගේ අභිප්‍රායන් සහ හදවතේ ආකල්පයන් කෙරෙහී බොහෝ සෙයින් සැලකිලිමත් වන සේක.

උන්වහන්සේ විසින් ඔවුනට ලබා දුන් ලිංගභේදය සිතාමතාම ප්‍රතික්ෂේප කරන මනුෂ්‍යයන් උන්වහන්සේව මෙන්ම උන්වහන්සේගේ නිර්මාණයන් ප්‍රතික්ෂේප කරති. සාරංශයක් ලෙස ද්වීලිංගිකයෙකු ලෙස ඇඳ පැළද සිටින ස්ත්‍රියකු විසින් ප්‍රකාශ කිරීමට තැත් කරනුයේ “ඔබවහන්සේට වැරදීමක් වී ඇත” යන්නය. ස්ත්‍රී ඇඳුම් හෝ බහුවර්ථ ඇඳුම් පළදින පුරුෂයෙකු දෙවියන්වහන්සේට ප්‍රකාශ කරනුයේ “ඔබට මාගේ අවශ්‍යතා සපුරාලිය නොහැක” “ඔබවහන්සේ කරන්නේ කුමක්ද යන්න නොදන්නා සේක” යන්නය. මේ දෙආකාරයෙන්ම අපගේ ජීවිත කෙරෙහි ස්වාමින්වහන්සේ වීමට දෙවියන්වහන්සේට ඇති අයිතිය කඩ කිරීමේ මාර්ගවේ. යම් කෙනෙකුගේ ලිංගභේදය ප්‍රතික්ෂේප කිරීම හෝ එය සගවා ගැනීම අපව පාලනය කිරීමට දෙවියන්වහන්සේට ඇති අයිතිය ප්‍රතික්ෂේප කළ හැකි වඩාත්ම අපහාසාත්මක ක්‍රමයකි. උන්වහන්සේට අපගේ ලිංගභේදයවත් නිවැරදි කර ගත නොහැකි නම් උන්වහන්සේ වෙනත් කිසිවත් නිවැරදි කොට ගනුයේ කෙසේද?

සමහරුන් විසින් තර්ක කරනු ලබන්නේ ද්වීලිංගිකයන් ලෙස පෙනී සිටීමෙන් ඔවුන් තම ලිංග භේදය ප්‍රතික්ෂේප නොකරන බවත්, ඔවුන් විසින් ප්‍රතික්ෂේප කරනු ලබන්නේ එම ලිංග භේදයට සම්බන්ධ සමාජ ඒකාකෘති පමණක් බවත්ය.

කෙසේ නමුත් එම තර්කය නැගී සිටීමට නොහැකි තරම් දුර්වලයල මන්ද පුරුෂයින් සහ ස්ත්‍රීන් අද්විතීය කරවන චරිත ලක්ෂණ තවමත් සමරන අතරම ඒකාකෘති ඉවත් කිරීමට විකල්ප ක්‍රම දුසිම් ගණනක් ඇති හෙයිනි. සංස්කෘතිය ස්ත්‍රීත්වය ඒ ආකාරයෙන් නිරූපණය කර ඇති පමණින් කාන්තාවන් බොළද කාමුක සිතිවිලි ඇති කරවන හෝ අනාවරණය කරන විලාසිතාවන්ට අනුගත විය යුතු නොවේ. සම වයසේ මිතුරන් බලහත්කාරයෙන් පටවන හැගීම් විරහිත දැඩි පුරුෂ ගති වලට එරෙහි වීමට පුරුෂයන්ට අයිතියක් ඇත. එනමුත් පුරුෂත්වය සහ ස්ත්‍රීත්වය බාහිරව පිළිඹ්බු වන දෙයට වඩා බොහෝ ගැඹුරින් අපගේ ආත්මයට කාවැදී ඇතග ලිංගභේදය වනාහී පුද්ගලයන් වශයෙන් අප කව්රුන්ද යන්නට මූලික හේතුව වේ.

ස්ත්‍රියෙකුට ඇගේ පෙනුමෙන් ස්ත්‍රීත්වය සමරන අතර ප්‍රහාරක ගුවන් නියමුවරියෙකු, ඉදිකිරීමි ප්‍රධානියෙකු හෝ බර වාහන රියදුරුවරියෙක්ද විය හැකිය. පුරුෂයෙකුට තමාගේ පුරුෂත්වය කැප කිරීමෙන් ගෘහස්ථ පියෙකු, හෙදියෙකු හෝ ලේකම්වරයෙකු විය හැකිය. ද්වීලිංගිකත්වය ප්‍රශ්නය තව තවත් ව්‍යාකූල කරනු ලබයි. පුද්ගලයෙකුගේ මූලිකම කොටස වන ඔහුගේ හෝ ඇයගේ ලිංගභේදය සගවා තැබූ විට එය සත්‍යය වශයෙන්ම දැන ගැනීමට හෝ ප්‍රකට වීමට නොහැකිය. ද්වීලිංගික පෙනුම තෝරා ගන්නා අයට ඔවුන් විසින් දන්වාලන මිශ්‍ර පණිවුඩය නොදැන සිටිය හැකිය. ඔවුන් සැබවින්ම තමන් යැයි විශ්වාස කරන අය කෙරෙහි අවධානය යොමු කිරීමේ උත්සාහයක් ලෙස ඔවුන් ස්ත්‍රී පුරුෂ භාවය අවතක්සේරු කරන බව විශ්වාස කළ හැකිය. යථාර්ථය නම් ඔවුන්ට හමුවන සෑම කෙනෙකුගෙම මනසෙහි “ඒ කුමක්ද?” යන ප්‍රශ්නය අවුස්සමින් ලිංගභේදය කෙරෙහි අවධානයක් යොමු කරති.

නව විලාසිතා සංස්කෘතියෙහි ස්ත්‍රී පුරුෂ භාවය උමතු වෙමින් පවතින අතර සාමාන්‍ය බුද්ධිය සහ යථාර්ථය ඉවත් කර ලමින් “උත්කෘෂ්ඨ” සහ “ප්‍රගතිශීලි” වීමට ප්‍රයත්න දරති. ද්වීලිංගිකත්වය වර්තමානයේදී සමරනු ලබන අතර ස්ත්‍රී පුරුෂභාව-යථාර්ථය දෙස උපේක්ෂාවෙන් බලා ඇති නමුත් යමක් සැමරීම එය නිවැරදි නොකරයි, යමක් හෙළා දැකීම එය නිවැරදි නොකරයි. වහල්භාවය වරක් සමරනු ලැබීය; එය නිවැරදි කළේ නැත. ළමා ශ්‍රමය ලෝකයේ බොහෝ ප්‍රදේශ වල පිළිගෙන ඇත; එනමුත් එය නිවැරදි නොවේ. ගණිකා වෘත්තිය සහ ළමා ජාවාරම බොහෝ රටවල බහුලව දක්නට ලැබේ; එය ඔවුන් නිවැරදි නොකරයි. එසේම ස්ත්‍රී පුරුෂ සමාජභාවයේ ව්‍යාකූලත්වයල සංක්‍රාන්ති ලිංගිකත්වය සහ ද්වීලිංගිකත්වය අද ජනප්‍රියත්වයේ රැල්ලට හසුවී තිබුනත් එය ඔවුන් නිවරුදි නොකරති.

English



නැවතත් සිංහල මුල් පිටුවට

බයිබලයෙහි (දේව වචනයෙහි) ද්වීලිංගිකත්වය පිළිබදව කුමක් පවසනු ලබයිද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries