settings icon
share icon
ප්‍රශ්නය

ස්වර්ගයෙහි විනාඩි 90 ක්, නිරයෙහි විනාඩි 23 ක් වැනි ග්‍රන්ථයන් දේව වචනානුකූලව පදනම් වී තිබේද?

පිළිතුර


මෑතදී බෙහෙවින්ම අලෙවි වන ග්‍රන්ථ වන ටොඩි බර්පෝගේ ස්වර්ගය තාත්විකය, ඩොන් පයිපර්ගේ ස්වර්ගයෙහි විනාඩි 90 ක් සහ බිල් වයිස්ගේ නිරයෙහි විනාඩි 23 ක් ආදිය තුළින් පැණ නගිනු ලබන ප්‍රශ්නය නම් – දෙවියන්වහන්සේ විසින් වර්තමානයේදී මනුෂ්‍යයන්ට ස්වර්ගය හෝ නිරය පිළිබදව දර්ශන ලබා දෙන සේක්ද? දෙවියන්වහන්සේ මනුෂ්‍යයන්ව ස්වර්ගයට සහ / හෝ නිරයට ගෙන යනු ලබා ඉන් අනතුරුව අපට පණිවුඩය ගෙන ඒම පිණිස ඔවුන්ව නැවත ආපසු එවනු ලැබීම විය හැක්කක්ද? මෙම නවීන ග්‍රන්ථයන්හී ජනප්‍රියභාවය මෙම සංකල්පය පෙරමුණට ගෙන එන අතරම වැළදගනු ලබන හිමිකම වූ කලී අළුත් දෙයක් නොවේ. මේරි බැක්ස්ටර්ගේ නිරය පිළිබදව දිව්‍යමය එළිදරව්ව සහ ස්වර්ගය පිළිබදව දිව්‍යමය එළිදරව්ව සහ රොබටිස් ලියාඩන්ගේ අප ස්වර්ගය දුටුවෙමු යන ග්‍රන්ථයන් වසර ගණනාවක් පැවතී තිබී ඇත. ප්‍රධානතම ප්‍රශ්නය නම් – මෙවන් හිමිකම් දේව වචනානුකූලව ස්ථිරව පවතීද?

ප්‍රථමකොට, වැදගත් ලෙස සැලකිල්ලට ගතයුතු වන්නේ නියත වශයෙන්ම දෙවියන්වහන්සේට යම් පුද්ගලයෙකුට ස්වර්ගය හෝ නිරය පිළිබදව දර්ශනයක් ලබා දිය හැකි බවය. දෙවියන්වහන්සේ විසින් අපෝස්තුළුවූ පාවුළුට මේ ආකාරම දර්ශනයක් 2 කොරින්ති 12:1–6 හී සදහන් පරිදි ලබා දෙනු ලැබූ සේක. යෙසායා 6 හී වාර්තා කර ඇති පරිදි යෙසායා විශ්මජනක අත්දෑකීම් ලබා ගත්තේය. එසේය, පයිපර්ල වයිස්ල බැක්ස්ටර් සහ අනෙකුත් අය සැබවින්ම ස්වර්ගයට හෝ නිරයට ගෙන යනු ලැබ නැවතත් පැමිණ සිටීම විය හැක්කකි. අවසානයේදී මෙම හිමිකම් සත්‍යයද නොහොත් ඒවා අපබෝධය, අතිශයෝක්තිය හෝ ඉතාමත් භයානක ලෙස එකහෙලාම මුළාකිරිමක ප්‍රතිඵලයද යන්න දෙවියන්වහන්සේ පමණක් දන්නා සේක. අපට පැහැදිලි ලෙස වටහා ගත හැකි එකම මාර්ගය නම් දර්ශන සහ අත්දැකීම් දේව වචනය හා සමග සන්සන්දනය කිරීම තුළින් පමණකි.

දෙවියන්වහන්සේ විසින් සැබවින්ම යම් පුද්ගලයෙකුට ස්වර්ගය හෝ නිරය පිළිබදව දර්ශනයක් ලබා දිය යුතු වූ සේක් නම් සහතික වශයෙන්ම අපට දැනගත හැකි කරුණක් වන්නේ එය උන්වහන්සේගේ වචනය හා සම්පූර්ණයෙන්ම එකගතාවයක් ඇති බවය. ස්වර්ගය පිළිබදව දෙවියන් වහන්සේ විසින් දෙනු ලැබූ දර්ශනයක් කිසිඳු ආකාරයකින් ශුද්ධ ලියවිල්ලේ එළිදරව් 21–22 වැනි පරිච්ඡේදයන් හා සමග ප්‍රතිවාචනය නොවේ. තවදුරටත්, දෙවියන්වහන්සේ විසින් සැබවින්ම ස්වර්ගය හෝ නිරය පිළිබදව දර්ශනයන් බහුවිධ පුද්ගලයන්ට ලබා දිය යුතු වූ සේක් නම් දෙවියන්වහන්සේ විසින් දෙනු ලැබූ දර්ශනයන් කිසිඳු අර්ථයකින් එකිනෙක හා ප්‍රතිවාචනය නොවේ. එසේය, දර්ශන අසමාන මෙන්ම වෙනස විස්තර කෙරෙහි ඉලක්ක කොට ගත හැකි නමුදු ඒවා ප්‍රතිවාචනය නොවේ.

ඕනෑම කතුවරයෙකු විසින් ලියන ලද ඕනෑම ග්‍රන්ථයක මෙන් "සියල්ල සෝදිසි කර බලා යහපත් දේ තදින් අල්ලාගන්න. සියලූ අන්දම් වල නපුරෙන් වැලකෙන්න." (1 තෙසලෝනික 5:21–22) ඔබ එම ග්‍රන්ථ කියවන්නෙහිය නම් ඒවා පැහැදිලි ලෙස වටහා ගත හැකි මනසකින් කියවිය යුතුවේ. කතෘවරයා ප්‍රකාශ කරනු ලබන දේ සෑම විටම ශුද්ධ ලියවිල්ල හා සමග සසදන්න. ඉතාමත් වැදගත් ලෙසල කිසිම විටක යම් කෙනෙකුගේ අත්දැකීම් සහ එම අත්දැකීම් පිළිබදව ඔහු කරන්නාවූ අර්ථ නිරූපනයන්, ශුද්ධ ලියවිල්ල පිළිබදව ඔබගේ අවබෝධය හැඩගස්වා ගැනීමට අවකාශ සලසා දිය යුතු නොවේ. ශුද්ධ ලියවිලි භාවිතා කළ යුත්තේ අත්දැකීමක අර්ථ නිරූපනය කරනු පිණිස වන අතර වෙනත් ආකාරයකට නොවේ. වෙනත් මනුෂ්‍යයන්ට සිදුවූ දේ කරණකොටගෙන ආශිර්වාද ලබන්න එලෙසම ධෛර්මත්වන්න, එනමුත් ඔබගේ ඇදහිල්ල හෝ දෙවියන්වහන්සේ හා සමග යන්නාවූ මේ ගමනේදී ඔවුන්ගේ අත්දැකීම් අත්තිවාරම විමට ඉඩ දිය යුතු නොවේ.

සමස්ත වශයෙන්, ඩොන් පයිපර්ගේ ස්වර්ගයෙහි විනාඩි 90 ක් සහ ටොඩි බර්පෝගේ ස්වර්ගය තාත්විකය යනාදිය දැනට පවත්නා ග්‍රන්ථ අතුරින් බෙහෙවින්ම දේච වචනානුකූළ මෙන්ම විශ්වාස කළ හැකි බවට අපට නිශ්චය කර ගත හැකි විණි. පයිපර් සහ බර්පෝ මෙම ගැටළුව කරා නිහතමානිකමින් සහ අවංකභාවයෙන් ප්‍රවේශ වූ බවක් දක්නට ලැබිණ. දර්ශන සැබවින්ම දෙවියන්වහන්සේගෙන් වූවත් නොවූවත් අත්දැකීම් ආශ්චර්‍යජනක ලෙස පෙනී යයි. නැවතත් මෙය, වටහා ගැනීමේ ශක්තිය හිතකර ප්‍රමාණයකින් යුක්තව සහ දේව වචනයට ඇති කැපවීම අත්තනෝමතික සත්‍යයේ මූලාශ්‍රයක් ලෙස කියවනු ලබන්නකි.

අපෝස්තුළුවූ පාවුළු "පාරාදීසයට ඇද ගනු ලැබූ කළ" ඔහු "කියන්ට බැරිවූ මනුෂ්‍යයයෙකු විසින් නොකිය යුතුවූ වචන" ඇසුවේය (2 කොරින්ති 12:4). එපරිද්දෙන්ම අපෝස්තුළුවූ යොහාන් (එළිදරව් 10:3–4) සහ ප්‍රොපේතවූ දානියෙල්ට (දානියෙල් 8:26; 9:24; 12:4) උපදෙස් දෙනු ලැබූවේ ඔවුනට ලැබුනු දර්ශනයන්හී ලක්ෂණ වසං කරන ලෙසය. දෙවියන්වහන්සේ විසින් ඔවුන්ට අනාවරණය කරනු ලැබූ කාරණාවන්හී ලක්ෂණ පාවුළු, දානියෙල් සහ යොහාන් විසින් අත්හිටුවනු ලැබීම බොහෝ සෙයින් පුදුම සහගත වන්නේ වසර 2000 කට පසුව වර්තමාන ජනතාවට සම්පූර්ණ හෙළිදරව්වකට බලවත් දර්ශන හා සමග අවසර ලබා දීම හේතුකොටගෙනය. ස්වර්ගයට සහ නිරය පිළිබදව ඇති දර්ශන සහ සංචාරයන් පිළිබදව හිමිකම් ඇති මෙම ග්‍රන්ථයන් අනුමාන ලෙස සම්ප්‍රේක්ෂණය කළ යුතු බව අපගේ තර්කයක් විය යුතු අතර ඉතා වැදගත් ලෙස එය දේව වචනානුකූල විය යුතුවේ.

English



නැවතත් සිංහල මුල් පිටුවට

ස්වර්ගයෙහි විනාඩි 90 ක්, නිරයෙහි විනාඩි 23 ක් වැනි ග්‍රන්ථයන් දේව වචනානුකූලව පදනම් වී තිබේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries