settings icon
share icon
ප්‍රශ්නය

එළිදරව් පොතෙහි සඳහන් වැසිමහල්ලන් විසිහතර දෙනා (24) කවුරුන්ද?

පිළිතුර


4:4 හි ප්‍රකාශවන්නේ "ඒ සිංහාසනය වටේට සිංහාසන විසිහතරක් තිබුණේය. ඒ සිංහාසන මත්තෙහි වැඩිමහල්ලන් විසිහතර දෙනෙක් සුදු වස්ත්‍ර පැළඳ, තමුන්ගේ හිස් මතුයෙහි රන් ඔටුනු ඇතුව වාඩිවී සිටිනවා දුටිමි". එළිදරව් පොතෙහි කිසිදු ස්ථානයක විශේෂයෙන් මෙම වැඩිමහල්ලන් විසිහතර දෙනා කවුරුන්ද යන්න පිළිබඳ හදුන්වාදීමක් සිදුවන්නේ නැත. බොහෝවිට මොවුන් සභාව නියෝජනය කළ අය ලෙස පෙන්වා දිය හැකිය. සමහරුන් යෝජනා කරන ආකාරයෙන් ඔවුන් දේව දූතයන්ද විය නොහැකිය. ඔවුන් සිංහාසනාරූඬව සිටීමෙන් අරුත් ගන්වන්නේ ඔවුන් ක්‍රිස්තුස් වහන්සේ සමඟ රජකම් කරන බවය. ලියවිල්ලෙහි කිසිදු ස්ථානයක දේව දූතයන් පාලනය කරන බවක් හෝ සිංහාසනාරූඬව සිටින බවක් සඳහන් වී නොමැත. නමුත් සභාවට නැවත නැවත පවසා සිටින්නේ ක්‍රිස්තුස් වහන්සේ සමඟ පාලනය හා රජකම් කළ යුතු බවය (එළිදරව් 2:26-27, 5:10, 20:4, මතෙව් 19:28, ලූක් 22:30).

මීට අමතරව මෙහි "වැඩිමහල්ලන්" ලෙස පරිවර්තනය කර ඇති ග්‍රීක් වචනය දේව දූතයන් සඳහා පරිහරණය කර නැති අතර, මනුෂ්‍යයන් සඳහා පමණක් ගෙන ඇති අතර එහිද යම් වයස් මට්ටමකට පැමිණියාවූ, මෙහෙරුත්වයට පත්ව ඇති සභාව පාලනය කළ හැකි අයට පමණි. වැඩිමහල්ලා යන පදය දේව දූතයන්ට අදාළ නොවේ මන්ද යත් ඔවුන්ට වයසට යාමක් නොමැති හෙයිනි. ඔවුන්ගේ ඇදුම් පැළදුම් වල විලාශය පවා ඔවුන් මනුෂ්‍යයන් බවට හඟවා දෙනවා ඇත. දේව දූතයන් ධවල වර්ණයෙන් පෙනී සිටින අතර, ශ්වේත වර්ණයෙන් යුත් ඇදුම් පැළදුම් , ගැළවීම ලැබිමේදී ක්‍රිස්තුස් වහන්සේගේ ධර්මිෂ්ඨකම අපට ආරෝපිත කළ බවට සළකුණක් ලෙස ඇදහිලිවතුන් පොදුවේ පරිහරණය කරන බව දැකිය හැකිය (එළිදරව් 3:5,18, 19:8).

එම වැඩිමහල්ලන් රන් ඔටුනු පැළඳ සිටීමත් ඔවුන් දේව දූතයන් නොව මනූෂ්‍යයන් බවට ඇඟවීමට තවත් කරුණක් වේ. කිසි දිනක දේව දූතයන්ට ඔටුනු පොරොන්දු නොවූ අතරම කිසිම දිනක දේව දූතයන් ඔටුනු පැළඳ සිටිනවාද දැක නැත. මෙහි පරිවර්තනයවී ඇති "ඔටුන්න" යන වචනය යොමු වන්නේ ජයග්‍රාහකයින්ගේ ඔටුන්නටය, එනම් ක්‍රිස්තුස් වහන්සේ පොරොන්දු වූ සාර්ථක ලෙස තරඟ වැඳ ජය ගත්තවුන් හට අයිති ඔටුන්නය, (එළදරව් 2:10, 2 තිමොති 4:8, යාකොබ් 1:12).

සමහරක් මෙම වැඩිමහල්ලන් විසිහතර දෙනා ඊශ්‍රායලය නියෝජනය කරන බවට විශ්වාස කරයි. නමුත් මෙම දර්ශණය ලබන වේලාව වන විට ඊශ්‍රායලය ජාතියක් ලෙස මුදා ගැනීමක් සිදු වී තිබුණේ නැත. වැඩිමහල්ලන්ට පීඩා කාලයේ ශාන්තුවරයන් නියෝජනය කළ නොහැක මන්ද යොහාන්ට දර්ශණය ලැබෙන විට සියල්ලන් සම්පූර්ණයෙන් හැරවීමක් සිදු වී තිබුණේ නැත. ඉතාමත් උචිත මතය විය හැක්කේ මිදීමේ ගීතයන් ගායනා කරන්නාවූ ඔසවා ගනු ලැබූ සභාව ලෙසයි (එළිදරව් 5:8-10). ඔවුන් ජයග්‍රහනයේ ඔටුනු පැළඳ සිටින අතර තමන්ගේ මිදුම්කාරයාණන් වහන්සේ විසින් ඔවුන් උදෙසා පිළියෙල කරන ලද ස්ථානයට ඔවුන් ගොසින්ය (යොහාන් 14: 1-4).

English



නැවතත් සිංහල මුල් පිටුවට

එළිදරව් පොතෙහි සඳහන් වැසිමහල්ලන් විසිහතර දෙනා (24) කවුරුන්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries