settings icon
share icon
ප්‍රශ්නය

ගෝලයන් 12 දෙනා කව්ද? / ගෝලයන් යේසුස් වහන්සේගේ අපෝස්තුලුවරුන්ද?

පිළිතුර


“ගෝලයන්” යන වචනය අදහස් කරන්නේ ඉගෙන ගන්නා හෝ අනුගාමිකයෝ. “අපෝස්තුලු“ යන වචනයේ අර්ථය “පිටතට යවන ලද්දා.” යේසුස් වහන්සේ පොළොවේ සිටින අවස්තාවේ උන් වහන්සේගේ අනුගාමිකයන් දොළොස්දෙනා ගෝලයන් වශයෙන්ද ආමන්ත්‍රණය කරන ලදි. ගෝලයන් දොළොස්දෙනා යේසුස් ක්‍රිස්තුස් වහන්සේව අනුගමනය කළා, උන් වහන්සේගෙන් ඉගෙන ගත්තා, එමෙන්ම උන් වහන්සේ විසින් පුහුණු කරනු ලැබුවා. උන් වහන්සේගේ උත්ථානය හා ඔසවා ගැනීමට පසුව, යේසුස් වහන්සේ උන් වහන්සේගේ ගෝලයන්ව උන් වහන්සේගේ සාක්‍ෂිකරුවන් ලෙස යවනු ලැබුවා (මතෙව් 28:18-20; ක්‍රියා 1:8). එම අවස්ථාව වන විට ඔවුන්ව අපෝස්තුලුවරු දොළොස්දෙනා ලෙසට හඳුන්වනු ලැබුවා. කෙසේ වෙතත් යේසුස් වහන්සේ පොළොවේ සිටින කාලයේදී පවා “ගෝලයෝ” යන වචනය පාවිච්චි කරනු ලැබුවා හුවමාරු කර ගැනීමක් වශයෙන්.

මුල් ගෝලයන් දොළොස්දෙනා / අපෝස්තුලුවරු මතෙව් 10:2-4 හී ලැයිස්තු ගත කර ඇත. ගෝලයෝ දොළොස්දෙනාගේ නම් මේවාය: “පළමු වැන්නා සීමොන් (පේත්‍රැස් ලෙස ආමන්ත්‍රණය කරන ලද්දා) හා ඔහුගේ සහෝදරයා වන අන්ද්‍රැය, යාකොබ් සෙබදිගේ පුත්‍රයා හා ඔහුගේ සහෝදරයාවූ යොහන්, පිලිප් හා බර්තලොමෙවුස්, තෝමස් හා බදු අය කරන්නාවූ මතෙව්, අල්පෙවුස්ගේ පුත්‍රවූ යාකොබ්, හා තද්දියුස් කානානීය සීමොන් සහ උන් වහන්සේව පාවාදුන් යූදස් ඉස්කාරියොත්ය.” එමෙන්ම බයිබලයේ මාර්ක් ශුභාරංචියේ 3:16-19 හා ලූක් 6:13-16, මෙම බයිබල් කොටස් තුන සංසන්දනය කරන විට නම් වල සුළු වෙනස්කම් අපට දැකිය හැක. එනම් තද්දියුස් “යූදස්” ලෙසද හඳුන්වයි යාකොබ්ගේ පුත්‍රවූ (ලූක් 6:16) හා (මතෙව් 10:3) ජවලිතයායැයි කියන ලද සීමොන් කානාහීය සීමොන් ලෙසද හඳුන්වනු ලබයි (මාර්ක් 3:18). යූදස් ඉස්කාරියොත් යේසුස් වහන්සේව පාවා දෙන්නා. එම ස්ථානයට මත්තියෙස්ව පත්කරන ලදි දොළොස්දෙනා අතරට (ක්‍රියා 1:20-26 බලන්න). සමහර බයිබල් ගුරුවරු පෙන්වා දෙනවා මත්තියෙස් “අවලංගු” (වලංගු නැති) අපෝස්තුලු වරයෙකු ලෙසට හා ඔවුන් විශ්වාස කරනවා පාවුලු යුදස් ඉස්කාරියොත්ගේ ස්ථානය පිරවීමට දෙවියන් වහන්සේ විසින් තෝරා ගත් කෙනා ලෙසට.

ගෝලයන් දොළොස්දෙනා / අපෝස්තුලු සාමාන්‍ය මනුෂ්‍යයන් දෙවියන් වහන්සේ විසින් අසාමාන්යද ලෙස පාවිච්චි කරන ලද. මේ දොළොස්දෙනා අතර මාළු අල්ලන්නෝ, බදු අය කරන්නෝ හා විප්ලවවාදීන්. ශුභාරංචියේ වාර්තා කරනවා, අසාර්ථකවීම, අපහසුතාවයට පත්වීම, හා යේසුස් කියස්තුස් වහන්සේව අනුගමනය කළ අපෝස්තුලුවරුන්ගේ සැකයන්. යේසුස් වහන්සේව සාක්ෂි දැරීමෙන් පසුව උත්ථානය හා ඔසවා ගැනීම ස්වර්ගය, ශුද්ධාත්මයාණන් වහන්සේ ගෝලයන්ව / අපෝස්තුලුවරුන්ව දෙවියන් වහන්සේගේ බලවත්වූ මිනිසුන් ලෝකයේ අනෙක් පැත්තට හරවන අය ලෙසට මාරු කරවන ලදි (ක්රි්යා 17:6). වෙනස කුමක්ද? ගෝලයන් / අපෝස්තුලු “යේසුස් වහන්සේ සමග” සිටියා (ක්‍රියා 4 :13) අප ගැනද මෙසේ ඔවසන සේක්වා!

English



නැවතත් සිංහල මුල් පිටුවට

ගෝලයන් 12 දෙනා කව්ද? / ගෝලයන් යේසුස් වහන්සේගේ අපෝස්තුලුවරුන්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries