settings icon
share icon
ප්‍රශ්නය

අප විසින් ශුද්ධාත්මයාණන්වහන්සේට නමස්කාර කළ යුතුද?

පිළිතුර


දෙවියන්වහන්සේට පමණක් නමස්කාර කළ යුතු බව අප දනිමුව. නමස්කාරය දෙවියන්වහන්සේ පමණක් නියම කොට ඇති අතර නමස්කාර ලැබීමට යෝග්‍යය වන්නේ දෙවියන්වහන්සේ පමණිග අප විසින් ශුද්ධාත්මයාණන්වහන්සේට නමස්කාර කළ යුතුද යන පැණයට සරලව පිළිතුරු ලබා දෙන්නේ ශුද්ධාත්මයාණන්වහන්සේ යනු දෙවියන්වහන්සේද යන නිර්ණය කිරීමෙනිග සමහර නිකායන්හී අදහස් වලට පටහැනි ලෙස ශුද්ධාත්මයාණන්වහන්සේ හුදෙක් “බලවේගයක්” නොව පුද්ගලතාවයක් ඇති කෙනෙකු ලෙසයග උන්වහන්සේව හඳුන්වනු ලබන්නේ පුද්ගලයෙකු ලෙසය (යොහාන් 15:26; 16:7–8, 13–14). උන්වහන්සේ ක්‍රියාත්මක වනු ලබන්නේ පුද්ගලතාවයක් ඇති කෙනෙකු ක්‍රියා කරන ආකාරයට වේ – උන්වහන්සේ කථා කරන සේක (1 තිමොති 4:1), උන්වහන්සේ ප්‍රේම කරන සේක (රෝම 15:30), උන්වහන්සේ උගන්වනු ලබන සේක (යොහාන් 14:26), උන්වහන්සේ මැදහත් කාරකම් කරන සේක (රෝම 8:26) යනාදිය වේ.

ශුද්ධාත්මයාණන්වහන්සේ දේවත්වයේ ස්වභාවය දරනු ලබන සේක – උන්වහන්සේ තුළ දෙවියන්වහන්සේගේ ගුණාංගද ඇත. සැබවින්ම උන්වහන්සේ දේව දූතමය හෝ මනුෂ්‍යයමය නොවේ. උන්වහන්සේ සදාකාලිකය (හෙබ්‍රව් 9:14). උන්වහන්සේ සෑම තැනකම විද්‍යාමානවේ (ගීතාවලිය 139:7–10). ආත්මයාණන්වහන්සේ සර්වඥයල එනම් උන්වහන්සේ සියලූ දේ එසේය දෙවියන්වහන්සේගේ ගැඹුරු දේවල්ද දන්නා සේක (1 කොරින්ති 2:10–11). ඔහු අපෝස්තුළුවරයන්ට සියලූ දේ ඉගැන්වූ සේක (යොහාන් 14:26). උන්වහන්සේ මැවිල්ලේ ක්‍රියාවලියට සම්බන්ධ වී සිටිසේක (උත්පත්ති 1:2). ශුද්ධාත්මයාණන්වහන්සේ පිළිබද කථා කරන විට පියාණන් වහන්සේ සහ පුත්‍රයාණන්වහන්සේ යන දෙදෙනාගේ සමීප සබදතාවය හා බැදේ (මතෙව් 28:19; යොහාන් 14:16). පුද්ගලයකු ලෙස අපට එතුමාණන්ට බොරු කළ හැක (ක්‍රියා 5:3–4) එතුමාණන්ව වේදනාවට පත් කළ හැක (එපීස 4:30). තවදුරටත් පැරණි ගිවිසුමේ සමහර පාඨයන් දෙවියන්වහන්සේ කෙරෙහි උපලක්ෂණය කොට නව ගිවිසුමේ ආත්මයාණන්වහන්සේ කෙරෙහි යොමු කොට ඇත (යෙසායා 6:8 සමග ක්‍රියා 28:25, සහ නික්මයාම 16:7 සමග හෙබ්‍රව් 3:7–9 බලන්න).

දිව්‍යමය පුද්ගලයකු නමස්කාරය ලැබීමට යෝග්‍යයවේ. දෙවියන්වහන්සේ ප්‍රශංසා ලැබිය යුතු ස්වාමින්ය (ගීතාවලිය 18:3). දෙවියන්වහන්සේ උතුම්ය. බොහෝ සෙයින් ප්‍රශංසා කටයුතුය (ගීතාවලිය 48:1). අපට දෙවියන්වහන්සේට නමස්කාර කිරීමට ආඥා කොට ඇත (මතෙව් 4:10; එළිදරව් 19:10; 22:9) එසේ නම් ආත්මයාණන්වහන්සේ දේවත්වය නම්, අපගේ ත්‍රිත්වයේ දෙවියන් වහන්සේගේ තෙවන තැණන්වහන්සේ නම් උන්වහන්සේ නමස්කාර ලැබීමට යෝග්‍යයවේ. පිලිප්පි 3:3 හි අපට ප්‍රකාශ කරනු ලබන්නේ සැබෑ ඇදහිලිවන්තයෝ නම් තමන්ගේ හදවත් චර්මඡේදනය කරනු ලැබූවන්ද, ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන මහිමය දෙමින් නමස්කාර කරනු ලබන්නන් සහ ක්‍රිස්තුස්වහන්සේ තුළ ප්‍රීතිවන්නන්ද වේ. මෙයින් දැක්වෙන්නේ දේවත්වයේ තැණන්වහන්සේලා තිදෙනාටම නමස්කාර කරනු ලබන අලංකාර චිත්‍රයකි.

අප ශුද්ධාත්මයාණන්වහන්සේට නමස්කාර කරන්නේ කෙසේද? පියාණන් වහන්සේටත් පුත්‍රයාණන්වහන්සේට නමස්කාර කරන ආකාරයටමය. කිතුණු නමස්කාරය ආත්මිකය, එය ශුද්ධාත්මයාණන්වහන්සේගේ අභ්‍යන්තර ක්‍රියාකාරිත්වය තුළින් ගලා එන අතර එයට අප විසින් ප්‍රතිචාර දක්වනු ලබන්නේ අපගේ ජීවිත උන්වහන්සේට පුද කිරීමෙනි. (රෝම 12:1) අප ආත්මයාණන්වහන්සේට නමස්කාර කරනු ලබන්නේ උන්වහන්සේගේ ආඥා වලට කීකරු වීමෙනි. ක්‍රිස්තුස්වහන්සේ ගැන සදහන් කරමින් අපෝස්තුළුවූ යොහාන් පැහැදිලි කරනු ලබන්නේ උන්වහන්සේගේ ආඥා පවත්වන්නා උන්වහන්සේ තුළ පවතියි. උන්වහන්සේද ඔහු තුළ පවතින සේක. උන් වහන්සේ අප තුළ සිටින බව අප දැන ගන්නේ උන්වහන්සේ අපට දුන් ආත්මයෙන්යග (1 යොහාන් 3:24).අපට මෙහිදී ක්‍රිස්තුස්වහන්සේට කීකරු වීම සහ අප තුළ වාසය කරනු ලබන මෙන්ම හරි වැරදි දේ අපට පෙන්වා දෙන ශුද්ධාත්මයාණන්වහන්සේ අතර ඇති සම්බන්ධතාවය අපට දක්නට ලැබෙන්නේ විශේෂයෙන්ම කීකරුකම තුළින් නමස්කාර කිරීමේ අවශ්‍යතාවය සහ නමස්කාර කරනු වස් අපව බලවත් කිරීමත්ය.

නමස්කාරය වූ කලී එයම ශුද්ධාත්මයාණන්වහන්සේගේ කාර්‍යයකි. යේසුස් වහන්සේ විසින් ප්‍රකාශ කරනු ලබන්නේ ආත්මයෙන්ද සැබෑ කමෙන්ද නමස්කාර කළ යුතු බවය (යොහාන් 4:24) අප උන්වහන්සේට අයත් බව අපට සාක්ෂි දරනු ලබන්නාවූ ආත්මයණන්වහන්සේ තමන් තුළ වැඩ වාසය කරනු ලබන්නන් ආත්මික අයවේ. (රෝම 8:16) අපගේ හදවත් වල උන්වහන්සේගේ අභිමුඛත්වය තුලින් ආත්මයෙන් උන්වහන්සේ වෙත නැවත නමස්කාරය පුද කිරීමට හැකිවේ. උන්වහන්සේ අප තුළ සිටින ලෙස අපද උන්වහන්සේ තුළ සිටින්නේ ක්‍රිස්තුස්වහන්සේ පියාණන්වහන්සේ තුළද ආත්මයාණන් කරණකොටගෙන පියාණන්වහන්සේ අප තුළද සිටින ආකාරයටමග (යොහාන් 14:20, 17:21).

English



නැවතත් සිංහල මුල් පිටුවට

අප විසින් ශුද්ධාත්මයාණන්වහන්සේට නමස්කාර කළ යුතුද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries