settings icon
share icon

බයිබලය පිළිබඳ සමීක්ෂණය

බයිබලයෙහි සඳහන් යහපත් සාරාශය කුමක්ද ? බයිබලය සමීක්ෂණය කිරීම යන්නෙන් අදහස් වන්නේ කුමක්ද ?

බයිබලයේ හොඳ සාරාංශයක් / සමීක්ෂණයක් සාක්‍ෂාත් කර ගැනීම අසීරු ය. බයිබලය ගිවිසුම් 2 කින්, විවිධ පොත් 66 කින්, පරිච්ඡේද 1,189 කින්, පද 31,173 කින් සහ වචන 773,692 කින් සමන්විත වේ. බයිබලයේ විවිධ පොත්වල විවිධ මාතෘකා ආවරණය වන අතර විවිධ ප්‍රේක්ෂකයින් සඳහා ආමන්ත්‍රණය කරන ලදී. වසර 1500 ක පමණ කාලයක් පුරා විවිධ මිනිසුන් 40 ක් පමණ විසින් බයිබලයේ පොත් ලියා ඇත. එබැවින් මුළු බයිබලයේම සාරාංශයක් / සමීක්ෂණයක් ප්‍රධාන කර්තව්‍යයකි.

ඒ අතරම ශුද්ධාත්මයාණෝ බයිබලයේ "ආශ්වාදජනක" කර්තෘවරයා ද වූහ. දෙවියන්වහන්සේ උන්වහන්සේගේ වචනය "හුස්ම හෙළා" අනාගතවක්තෘවරුන් හා ප්‍රේරිතයන් යොදාගෙන උන්වහන්සේගේ වචනය ලියා තැබුවේය (2 තිමෝති 3:16-17; 2 පේතෘස් 1:21). තවද, යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි විශ්වාසය තැබූ සියළුම දෙනා තුළ ශුද්ධාත්මයාණන් වහන්සේ ඔවුන් තුළ වාසය කරති (රෝම 8: 9; 1 කොරින්ති 12:13). ශුද්ධාත්මයාණන්වහන්සේට බයිබලය තේරුම් ගැනීමට අපට උපකාර කිරීමට අවශ්‍යයි (1 කොරින්ති 2:10-16).

අපගේ බයිබල් සාරාංශය / සමීක්ෂණ කොටසේ අරමුණ වන්නේ සෑම බයිබල් පොතකටම මූලික පසුබිමක් ලබා දීමයි. බයිබලයේ සෑම පොතක් සඳහාම, කර්තෘ, ලිවීමේ දිනය, ලිවීමේ අරමුණ, ප්‍රධාන පද සහ කෙටි සාරාංශයක් දෙනු ඇත. අපගේ බයිබල් සාරාංශය / සමීක්‍ෂණ අංශය මඟින් ඔබට බයිබලය වඩාත් හොඳින් අවබෝධ කර ගැනීමට සහ වඩාත් ගැඹුරු ලෙස බයිබලය අධ්‍යයනය කිරීමට ඔබව දිරිමත් කරනු ඇතැයි අපි අවංකවම බලාපොරොත්තු වෙමු.

English



පැරණි ගිවිසුම පිළිබඳ සමීක්ෂණය

අළුත් ගිවිසුම පිළිබඳ සමීක්ෂණය



නැවතත් සිංහල මුල් පිටුවට

බයිබලය පිළිබඳ සමීක්ෂණය
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries