settings icon
share icon
ප්‍රශ්නය

මම දෙවියන් වහන්සේගෙන් සමාව ලබන්නේ කෙසේද?

පිළිතුර


(ක්‍රියා 13 : 38) ප්‍රකාශ කරනවා, සහෝදරයෙනි, උන් වහන්සේ කරණකොට ගෙන පව් කමා කිරීම නුඹලාට ප්‍රකාශ කරනු ලබන බව දැන ගන්න.

සමාව යනු කුමක්ද? එය මට අවශ්‍යය වන්නේ ඇයි?

සමාව යනු සම්පූර්ණයෙන් ගල්ලෑල්ලක් පිස දැමීම වාගෙයි. ණයක් සම්පූර්ණයෙන් ගෙවා දැමීමයි. අපි යමෙකුට වරදක් කල විට අපි ඔහුගෙන් සමාව ලබාගෙන බිඳුණු සබන්ධතාවය නැවත නිවැරදි කර ගනිමු. සමාව දෙන්නේ කෙනෙකු එය ලැබීමට සුදුසු නිසා නොවෙයි. කිසිවෙක් සමාව ලැබීමට සුදුසු නැත. සමාව ප්‍රේමයේ, දයාවේ සහ කරුණාවේ අනුග්‍රහයේ ක්‍රියාවකි. සමාව යනු කෙනෙකු කල වරදට එරෙහිව ක්‍රියා නොකිරීමට ගන්නාවු තීරණයකි.

බයිබලය පෙන්වා දෙන අන්දමට අපි සියල්ලෝම දෙවියන් වහන්සේගේ සමාව අවශ්‍යයයි. අපි සියල්ලෝම පව් කලෙමු. (ධර්මදේශකයා 7 : 20) ප්‍රකාශකරනවා, පව් නොකර යහපතම කරන ධර්මිෂ්ඨ මනුෂ්‍යයක් සැබවින්ම පොළොවෙහි නැත. (1 යොහාන් 1 : 8) පවසනවා, අපට පාපයක් නැතැයි කියමු නම්, අපි අපම රවටා ගනිමු. සත්‍යය ද අප තුල නැත. සියලු පාපය දෙවියන් වහන්සේට විරුද්ධව කැරලි ගැසීමකි (ගීතාවලිය 51 : 4). ඒ හේතුවෙන් අපිට දෙවියන් වහන්සේගේ සමාව අවශ්‍යයයි. අපගේ පාප වලට සමාව නොලැබුනොත්, අපිට සදාකාල දඬුවමක් සහ උදහසත් අයිති වෙයි (මතෙව් 25 : 46, යොහන් 3 : 36).

සමාව - එය මා ලබාගන්නේ කෙසේද?

දෙවියන් වහන්සේ ප්‍රේමනීය අනුකම්පා සහගතවූ, අපගේ පාපයට සමාව දීමට කැමති නිසා ස්තුති කරමු. (2 පේත්‍රැස් 3 : 9) අපට දන්වනවා, ප්‍රමාදයයි සමහරුන් සලකන හැටියට ස්වාමීන් වහන්සේ තමන්ගේ පොරොන්දුව ගැන ප්‍රමාද නොවන සේක. නමුත් සියල්ලන්ම පසුතැවිලි වෙනවාට මිස කිසිවෙක් විනාශ වෙනවාට උන් වහන්සේ නොකැමැතිව, නුඹලා කෙරෙහි බොහෝ කල් ඉවසන සේක. දෙවියන් වහන්සේ සමාව දීමට කැමති නිසා, අපිට සමාව දෙන සේක.

අපේ පාපයට සුදුසු දඬුවම මරණයයි. (රෝම 6 : 23) පළමු කොටසේ ප්‍රකාශ කරනවා, මක්නිසාද පාපයේ කුලිය නම් මරණයයි. සදාකාල මරණය අප ලැබූ උරුමයයි. දෙවියන් වහන්සේගේ සැලසුම නිසා මනුෂ්‍යයෙකු ලෙස ලොවට බිහිවුනා යේසුස් ක්‍රිස්තුස් ලෙස (යොහන් 1 : 1, 14) යේසුස් කුරුසියේ මැරුණේ අපේ පාපයේ දඬුවම නිසයි. (2 කොරින්ති 5 : 21) අපට කියා දෙනවා, අප උන් වහන්සේ තුළ දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම වන පිණිස පාපයක් නොදන්නාවූ උන් වහන්සේ අප වෙනුවට පාපය වෙන්ට (දෙවියන් වහන්සේ) සැලැස්සූ සේක. යේසුස් කුරුසියේ මැරුණා අපේ දඬුවම වෙනුවෙන්. යේසුස්ගේ මරණය නිසා මුලු ලෝකයේ පාපය වෙනුවෙන් දෙවියන් වහන්සේගේ සමාව ලැබුණා. (1 යොහන් 2 : 2) ප්‍රකාශ කරනවා, උන් වහන්සේ අපේ පව් උදෙසා ශාන්ති කර පූජාවය, අපේ පව් උදෙසා පමණක් නොව මුළු ලෝකයාත් උදෙසාය. යේසුස් වහන්සේ මරණයෙන් නැවත නැගිට පාපයටත් මරණයටත් එරෙහි ජයග්‍රහනය ප්‍රකාශ කලා (1 කොරින්ති 15 : 1 : 28) යේසුස් ක්‍රිස්තුස්ගේ මරණයත් නැවත නැගිටීමත් ගැන දෙවියන් වහන්සේට ස්තුති වේවා! (රෝම 6 : 23) දෙවන කොටසේ ප්‍රකාශ කරනවා, නමුත් දෙවියන් වහන්සේගේ දීමනාව නම්, අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ සදාකාල ජීවනයය.

ඔබට ඔබගේ පාපයට සමාව ලැබීමට අවශ්‍යයද? පාපයෙන් බේරීමට හා මිදීමට බැරි අපහසුතාවයක් ඔබ තුල තිබේද? යේසුස් ක්‍රිස්තුස් ඔබගේ ගැලවුම්කරු ලෙස පිලිගන්නේ නම් සමාව ඔබට තිබේ. (එපීස 1 : 7) අපට කියනවා, ඒ ප්‍රේමවන්තයාණන් වහන්සේ තුළ, උන් වහන්සේගේ කරුණාවේ සමිපතේ ප්‍රකාරයට, උන් වහන්සේගේ ලේ කරණකොටගෙන අපේ මිදීම වන අපේ වරද වලට කමාව අපට ඇත්තේය. යේසුස් අපගේ නය ගෙවා අපට එමගින් සමාව දුන්නා. ඔබ කල යුත්තේ යේසුස් නිසා දෙවියන් වහන්සේගෙන් සමාව ඉල්ලීම පමණයි. යේසුස් මැරුණේ ඔබගේ සමාව උදෙසා වන්දියක් ලෙස බව විශ්වාස කරන්න. දෙවියන් වහන්සේ ඔබට සමාව දෙන සේක. (යොහන් 3 : 16 : 17) ඇතුළත් වෙනවා මෙම ආශ්චර්යවත් පණිවිඩය, මක්නිසාද දෙවියන් වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් දෙන තරම් ලෝකයාට ප්‍රේම කළ සේක. එසේ කළේ උන් වහන්සේ කෙරෙහි අදහ ගන්න සැම දෙනම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය.

සමාව එතරම් පහසුද?

ඔව් එතරම් පහසුයි. සමාව උපදවා ගත නොහැක. සමාව වෙනුවෙන් ගෙවීමටද නොහැක. නමුත් ඔබට එය ලබාගත හැකියි. විශ්වාසයෙන්, දෙවියන් වහන්සේගේ කරුණාව සහ අනුකම්පාව නිසා ඔබට එය ලබාගත හැක. ඒ සඳහා ඔබට උපකාරක යාච්ඤාවක් පහත දැක්වේ.

දෙවියන් වහන්ස මම ඔබට විරුද්ධව පව් කල බවත්, ඒ සඳහා දඬුවම් ලැබීමට සුදුසු බවත් දනිමි. යේසුස් ක්‍රිස්තුස් මා ලැබිය යුතු දඬුවම රුගෙන ඒ මගින් මට ගැලවීම ඇති බව විශ්වාස කරමි. මම පාපයෙන් මිදී ඔබගේ ගැලවීම කෙරෙහි විශ්වාස කරමි. ඔබගේ අනුග්‍රහය, සමාව සහ සදාකාල ජීවනය ගැන ස්තුතියි. ආමෙන්! (ආමෙන් යන වචනයේ තේරුම - එසේම වේවා)

මෙය කියවීමෙන් පසු ඔබ ක්‍රිස්තුස් වහන්සේ පිළිබඳව තීරනයක් ගත්තාද? එසේ නම් මම අද ක්‍රිස්තුස් පිලිගතිමි කියා පහත සඳහන් බොත්තම ක්ලික් කරන්න.

English



නැවතත් සිංහල මුල් පිටුවට

මම දෙවියන් වහන්සේගෙන් සමාව ලබන්නේ කෙසේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries