දෙවියන් වහන්සේ ගෙන් සමාව ලැබීම
 
 

මම දෙවියන් වහන්සේ ගෙන් සමාව ලබන්නේ කෙසේද?



ප්රතශ්නය: මම දෙවියන් වහන්සේ ගෙන් සමාව ලබන්නේ කෙසේද?

පිළිතුර:
පිළිතුර (ක්රිනයා 13 : 38) ප්රයකාශ කරනවා, සහෝදරයෙනි, උන් වහන්සේ කරණකොට ගෙන පව් කමා කිරීම නුඹලාට ප්ර කාශ කරනු ලබන බව දැන ගන්න.

සමාව යනු කුමක්ද? එය මට අවශ්යද වන්නේ ඇයි?

සමාව යනු සම්පූර්ණයෙන් ගල්ලෑල්ලක් පිස දැමීම වාගෙයි. ණයක් සම්පූර්ණයෙන් ගෙවා දැමීමයි. අපි යමෙකුට වරදක් කළ විට අපි ඔහුගෙන් සමාව ලබා ගෙන බිඳුණු සම්බන්ධතාවය නැවත නිවැරදි කර ගනිමු. සමාව දෙන්නේ කෙනෙකු එය ලැබීමට සුදුසු නිසා නොවෙයි. කිසිවෙක් සමාව ලැබීමට සුදුසු නැත. සමාව, ප්රේුමයේ, දයාවේ සහ කරුණාවේ අනුග්රටහයේ ක්රි යාවකි. සමාව යනු කෙනෙකු කළ වරදට එරෙහිව ක්රිසයා නොකිරීමට ගන්නාවූ තීරණයකි.

බයිබලය පෙන්වා දෙන අන්දමට අපි සියල්ලෝම හට දෙවියන් වහන්සේගේ සමාව අවශ්ය්යි. අපි සියල්ලෝම පව් කළෙමු. (ධර්මදේශකයා 7 : 20) ප්රනකාශ කරනවා, පව් නොකර යහපතම කරන ධර්මිෂ්ඨ මනුෂ්යළයෙක් සැබැවින්ම පොළොවෙහි නැත. (1 යොහාන් 1 : 8) පවසනවා, අපට පාපයක් නැතැයි කියමු නම්, අපි අපම රවටා ගනිමු. සත්ය‍ය ද අප තුළ නැත. සියලු පාපය දෙවියන් වහන්සේට විරුද්ධව කැරලි ගැසීමකි (ගීතාවලිය 51 : 4). ඒ හේතුවෙන් අපිට දෙවියන් වහන්සේගේ සමාව අවශ්යමයයි. අපගේ පාප වලට සමාව නොලැබුනොත්, අපිට සදාකාල දඬුවමක් සහ උදහසත් අයිති වෙයි. (මතෙව් 25 : 46, යොහාන් 3 , 36).

සමාව - එය මා ලබාගන්නේ කෙසේද?

දෙවියන් වහන්සේ ප්රේබමනීය අනුකම්පා සහගත වූ, අපගේ පාපයට සමාව දීමට කැමති නිසා ස්තුති කරමු. (2 පේත්රැඅස් 3 : 9) අපට දන්වනවා, ප්රනමාදයයි සමහරු සලකන හැටියට ස්වාමීන් වහන්සේ තමන්ගේ පොරොන්දුව ගැන ප්රරමාද නොවන සේක. නමුත් සියල්ලන්ම පසුතැවිලි වෙනවාට මිස කිසිවෙක් විනාශ වෙනවාට උන් වහන්සේ නොකැමතිව, නුඹලා කෙරෙහි බොහෝ කල් ඉවසන සේක. දෙවියන් වහන්සේ සමාව දීමට කැමති නිසා, අපිට සමාව දෙන සේක.

අපේ පාපයට සුදුසු දඬුවම මරණයයි. (රෝම 6 : 23) පළමු කොටසේ ප්රටකාශ කරනවා, මක් නිසාද පාපයේ කුලිය නම් මරණයයි. සදාකාල මරණය අප ලැබූ උරුමයයි. දෙවියන් වහන්සේගේ සැලසුම නිසා මනුෂ්යෙයෙකු ලෙසට ලොවට බිහි වුණා යේසුස් ක්රිමස්තුස් ලෙස (යොහාන් 1 : 1, 14) යේසුස් කුරුසියේ මැරුණේ අපේ පාපයේ දඬුවම නිසයි. (2 කොරින්ති 5 : 21) අපට කියා දෙනවා, අප උන් වහන්සේ තුළ දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම වන පිණිස පාපයක් නොදන්නා වූ උන් වහන්සේ අප වෙනුවට පාපය වෙන්ට (දෙවියන් වහන්සේ) සැලැස්සූ සේක. යේසුස් කුරුසියේ මැරුණා අපේ දඬුවම වෙනුවෙන්. යේසුස්ගේ මරණය නිසා මුලු ලෝකයේ පාපය වෙනුවෙන් දෙවියන් වහන්සේගේ සමාව ලැබුණා. (1 යොහාන් 2 :2) ප්රදකාශ කරනවා, උන් වහන්සේ අපේ පව් උදෙසා ශාන්ති කර පූජාවය, අපේ පව් උදෙසා පමණක් නොව මුලු ලෝකයාත් උදෙසා ය. යේසුස් වහන්සේ මරණයෙන් නැවත නැගිට පාපයටත් මරණයටත් එරෙහි ජයග්රමහණය ප්රහකාශ කළා (1 කොරින්ති 15 : 1 28) යේසුස් ක්රිරස්තුස්ගේ මරණයත් නැවත නැගිටීමත් ගැන දෙවියන් වහන්සේට ස්තුති වේවා ! (රෝම 6 : 23) දෙවන කොටසේ ප්ර කාශ කරනවා, නමුත් දෙවියන් වහන්සේගේ දීමනාව නම්, අපගේ ස්වාමී වූ යේසුස් ක්රි ස්තුස් වහන්සේ තුළ සදාකාල ජීවනයය.

ඔබට ඔබගේ පාපයට සමාව ලැබීම අවශ්ය යද? පාපයෙන් බේරීමට හා මිදීමට බැරි අපහසුතාවයක් ඔබ තුළ තිබේද? යේසුස් ක්රියස්තුස් ඔබගේ ගැලවුම්කරු ලෙස පිළිගන්නේ නම් සමාව ඔබට තිබේ. (එපීස 1 : 7) අපට කියනවා, ඒ ප්රේගමවන්තයාණන් වහන්සේ තුළ, උන් වහන්සේගේ කරුණාවේ සම්පතේ ප්රේකාරයට, උන් වහන්සේගේ ලේ කරණකොට ගෙන අපේ මිදීම වන අපේ වරද වලට කමාව අපට ඇත්තේය. යේසුස් අපගේ ණය ගෙවා අපට එමඟින් සමාව දුන්නා. ඔබ කළ යුත්තේ යේසුස් නිසා දෙවියන් වහන්සේගෙන් සමාව ඉල්ලීම පමණයි. යේසුස් මැරුණේ ඔබගේ සමාව උදෙසා වන්දියක් ලෙස බව විශ්වාස කරන්න. දෙවියන් වහන්සේ ඔබට සමාව දෙන සේක. (යොහාන් 3 : 16 17) ඇතුළත් වෙනවා මෙම ආශ්චර්යවත් පණිවිඩය, මක්නිසාද දෙවියන් වහන්සේ ස්වකීය ඒකජාතක පුත්ර්යාණන් දෙන තරම් ලෝකයාට ප්රේදම කළ සේක. එසේ කළේ උන් වහන්සේ කෙරෙහි අදහ ගන්න සැම දෙනාව විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසයි.

සමාව එතරම් පහසුද?

ඔව් එතරම් පහසුයි. සමාව උපදවා ගත නොහැක. සමාව වෙනුවෙන් ගෙවීමටද නොහැක. නමුත් ඔබට එය ලබා ගත හැකියි. විශ්වාසයෙන්, දෙවියන් වහන්සේගේ කරුණාව සහ අනුකම්පාව නිසා ඔබට එය ලබාගත හැක. ඒ සඳහා ඔබට උපකාරක යාච්ඤාවත් පහත දැක්වේ.

දෙවියන් වහන්ස මම ඔබට විරුද්ධව පව් කළ බවත්, ඒ සඳහා දඬුවම් ලැබීමට සුදුසු බවත් දනිමි. යේසුස් ක්රිළස්තුස් මා ලැබිය යුතු දඬුවම රැගෙන ඒ මඟින් මට ගැලවීම ඇති බව විශ්වාස කරමි. මම පාපයෙන් මිදී ඔබගේ ගැලවීම කෙරෙහි විශ්වාස කරමි. ඔබගේ අනුග්රුහය, සමාව සහ සදාකාල ජීවනය ගැන ස්තුතියි. ආමෙන් ! (ආමෙන් යන වචනයේ තේරුම - එසේම වේවා)

මෙය කියවීමෙන් පසු ඔබ ක්රනස්තුස් වහන්සේ පිළිබඳව ඔබ තීරණයක් ගත්තාද? එසේ නම් මම අද ක්රි්ස්තුස් පිළිගතිමි කියා පහත සඳහන් බොත්තම ක්ලික් කරන්න.



නැවතත් සිංහල මුල් පිටුවට



මම දෙවියන් වහන්සේ ගෙන් සමාව ලබන්නේ කෙසේද?