බයිබලය යනු කුමක්ද?




ප්‍රශ්නය: බයිබලය යනු කුමක්ද?

පිළිතුර:
“බයිබලය” යන වචනයෙහි තේරුම ග්‍රීක හා ලතින් බසින් “පොත” යන අර්ථයයි. බයිබලය යනු සෑම මනුෂ්‍යයෙකුටම, සෑම කාලයකටම අනුකුලවූ පොතකි. මෙය වෙන පොත් හා සමකල නොහැකි පොතකි.

බයිබලය තුළ එකිනෙකට වෙනස් පොත් 66 ක් අඩංගුවී ඇත. ඒ තුළ ව්‍යවස්ථාව පිළිබඳවූ පොත් උදා: ලෙවී කථාව හා ද්විතීය කථාව; ඓතිහාසික පොත් උදා: එස්රා හා ක්‍රියා; කාව්‍යමය පොත් උදා: ගීතාවලිය හා දේශනාකාරයා; අනාගතවාක්‍ය සඳහාවූ පොත් උදා: යෙසායා හා එළිදරව්ව; චරිතකථාමය පොත් උදා: මතෙව් හා යොහන් සහ සංදේශ පොත් (ආකෘතික ලිපි) උදා: තීතස් හා හෙබ්‍රෙව් යන පොත් අන්තර්ගත වේ.

කතෘවරුන්
එකිනෙකාට වෙනස්වූ කතෘවරුන් 40 දෙනකුගේ පමණ දායකත්වය බයිබලය ලිවීමෙහි ලබා දී ඇති අතර, මෙය වසර 1500 ක් කාලයක් තුළදී ලියවී ඇත. මෙම කතෘන් අතර රජවරු, ධීවරයින්, පූජකවරු, රජයේ සේවකයින්, ගොවියන්, එ‍ෘනෙඞ්රුන් හා වෛද්‍යවරු අයත් වේ. මෙම විවිධත්වය තුළ ඉතාමත් අනර්ග එකතුවක් මෙන්ම පොදු තේමාවක් මූලික කොට ගෙන ඇත.

බයිබලය තුළ පවතින්නාවූ ඒකත්වය අවසානයේ ඒ තුළ ඇත්තේ එක් කතෘවරයෙක් බවත් ඒ දෙවියන් වහන්සේම බවටත් පිළිගන්නාවූ සත්‍යයකි. බයිබලය යනු “දේවානුභාවය” (2 තිමෝති 3:16). මනුෂ්‍ය (මිනිස්) කතෘවරුන් විසින් දෙවියන් වහන්සේ හට ලිවීමට අවශ්‍යම දේ ලියනු ලැබූ අතර, එහි ප්‍රතිඵලය වූයේ පරිපූර්ණ හා දෙවියන් වහන්සේගේ ශුද්ධවූ වචනයයි (ගීතාවකලිය 12:6; 2 පේත්‍රැස් 1:21).

බෙදා දැක්වීම
බයිබලය ප්‍රධාන කොටස් දෙකකට බෙදා ඇත. ඒවා නම් පැරණි ගිවිසුම හා අළුත් ගිවිසුම ලෙසය. මෙය සාරංශ කළ විට පැරණි ගිවිසුම තුළ ජාතිය පිළිබඳව කථා පුවතක් ඇතුලත් වන අතර අළුත් ගිවිසුම තුළ මනුෂ්‍යයෙකුගේ කථා පුවතක් අන්තර්ගත වේ. ජාතිය යනු යේසුස් ක්‍රිස්තුස් වහන්සේව මෙලොවට ගෙන ඒමේ දෙවියන් වහන්සේගේ සැලැස්ම හා ක්‍රියා මාර්ගයයි.

පැරණි ගිවිසුම මගින් ඊශ්‍රායෙල් ජාතියේ පිහිටීම හා සංරක්‍ෂණය පිළිබඳව විග්‍රහ කරනු ලබයි. දෙවියන් වහන්සේ විසින් ඊශ්‍රායෙල් ජනතාව කේන්ද්‍ර කර ගනිමින් මුළු ලෝකයටම ආශීර්වාද කිරීමට පොරොන්දුවේ (උත්පත්ති 12:2-3). ඊශ්‍රායෙලය ජාතියක් ලෙස ස්ථාපනය කිරීමත් සමග, දෙවියන් වහන්සේ විසින් එම ජාතිය තුළින් ආශීර්වාදයක් ලබා දීමට එක්තරා පවුලක් නගා සිටුවන ලදි, එම පවුල නම් දාවිත් ගේ පවුලයි (ගීතාවලිය 89:3-4). ඒ අනුව, දාවිත්ගේ පවුල තුළින් පොරොන්දුවේ ආශීර්වාදය ගෙන එන්නාවූ පොරොන්දුවේ එක් මනුෂ්‍යයෙකුගේ පැමිණිම සිදුවේ (යෙසායා 11:1-10).

අළුත් ගිවිසුම පෙල ගැසෙන්නේ මේ පොරොන්දුවේ මනුෂ්‍යයාගේ පැමිණීම මූලික කර ගෙනය. ඔහුගේ නම යේසුස්, එතුමා විසින් පැරණි ගිවිසුමෙහි සඳහන්වන්නාවූ අනාගත වාක්‍යයන් අයුරින් ඉතා ආදර්ශමත් ජීවිතයක් ගත කරමින්, ගැලවුම්කරු වශයෙන් තම ජීවිතය පුද කරමින් හා මරණයෙන් යලි උත්ථානය වීම තුළින් සම්පූර්ණ කළ සේක.

කේන්ද්‍රීය (කේන්ද්‍රික) චරිතය
යේසුස් වහන්සේ බයිබලය තුළ කේන්ද්‍රික චරිතය වන අතර මුළු බයිබලය ලියවී ඇත්තේ එතුමා පිළිබඳවය. පැරණි ගිවිසුම තුළින් එතුමාගේ පැමිණීම හා ලෝකයේ එතුමාගේ ක්‍රියාකාරිත්වය පිළිබඳව පුරෝකථනයක් දෙනු ලබන අතර අළුත් ගිවිසුම තුළින් එතුමාගේ පැමිණිම හා පාපකාරී ලෝකයට ගැලවීම ලබාදීමෙහිලා එතුමන්ගේ සේවය පිළිබඳව සඳහන්වේ.

යේසුස් වහන්සේ යනු ඓතිහාසික දර්ශනයකින් ඔබ්බට ගිය පුද්ගලයෙකි, සත්‍ය වශයෙන්ම එතුමා මනුෂ්‍යයෙකුගෙන් ඔබ්බට ගිය අයෙකි. එතුමා දේවත්වයේ මාංශයෙන් පරිපූර්ණ වූවකි, ඒ වගේම ලෝක ඉතිහාසය තුළ පවතින ඉතාමත් වැදගත්වූ සිදුවීමක් උදෙසා එතුමා පැමිණෙනු ඇත. දෙවියන් වහන්සේම මනුෂ්‍යත්ව ස්වරූපය ගෙන මෙලොවට පැමිණියේ, එතුමා පිළිබඳව පැහැදිලි ප්‍රතිරූපයක් අප හට ලබා දීම සඳහාය. දෙවියන් වහන්සේ කෙබඳු වේද? එතුමා යේසුස් වහන්සේ මෙන්ය, යේසුස් වහන්සේ යනු දෙවියන් වහන්සේගේ මනුෂ්‍ය (මිනිස්) ස්වරූපයයි (යොහන් 1:14, 14:9).

ලුහුඬු සාරාංශය
දෙවියන් වහන්සේ විසින් මනුෂ්‍යයාව මවා පරිපූර්ණවූ පරිසරයක ස්ථාපනය කරන ලදි, කෙසේ වෙතත්, මනුෂ්‍යයා දෙවියන් වහන්සේට විරුද්ධව කැරලි ගසමින්, දෙවියන් වහන්සේ විසින් මනුෂ්‍යයා තුළ වූ බලාපොරොත්තුවෙන් ඉවත් කිරීමක් සිදුවූවකි. දෙවියන් වහන්සේ විසින් පාපය නිසා මේ ලෝකය ශාපලත් ලෝකයක් බවට පත් කළ නමුත් එසැනින්ම එම දෙය තුළින් ඔවුන් ගලවා මනුෂ්‍යත්වය හා සියලු මැවීම එතුමාගේ මහිමාන්විතභාවය පෙන්වීමට නැවත ස්ථාපිත කිරීමට විධිමත් සැලැස්මක් නියම කරන ලදි.

ගැලවීම පිළිබඳව දෙවියන් වහන්සේගේ සැලැස්මෙහි අංගයක් ලෙස, දෙවියන් වහන්සේ විසින් ආබ්‍රහම්ව බබිලෝනියාවෙන් පිටතට ගෙන කානාන් දේශයට යවන ලදි (ක්‍රි. පූ. 2000 පමණ). දෙවියන් වහන්සේ විසින් ආබ්‍රහම්ට, ඔහුගේ පුත් ඊසාක්ට හා ඔහුගේ මුනුපුරා වන යාකොබ්ට (ඊශ්‍රායෙල් යනුවෙන්ද හඳුන්වයි) ඔවුන් තුළින් පැවතෙන්නන්ගෙන් ලෝකයට ආශීර්වාදයක් වීමට සලස්වන බවට පොරොන්දු විය. ඊශ්‍රායෙල්ගේ පවුල කානාන් දේශයේ සිට ඊජිප්තුවට පදිංචියට පිට විය. එය ඔවුන් ජාතියක් වශයෙන් වර්ධනයවූ ස්ථානය බවට පත් විය.

ක්‍රි. පූ 1400 වැනි කාලය තුළ දෙවියන් වහන්සේ විසින් ඊශ්‍රායෙල් තුලින් පැවත එන්නන් මෝසෙස්ගේ මග පෙන්වීම යටතේ ඊජිප්තුවෙන් පිටතට ගෙන පොරොන්දු දේශයවූ කානාන් දේශය ඔවුන් හට දෙනු ලැබීය. මෝසෙස් තුළින් දෙවියන් වහන්සේ විසින් ඊශ්‍රායෙල් ජනතාවට නීතියක් මෙන්ම ගිවිසුමකටද (ප්‍රතිඥාවකට) එළඹිණි. එය නම් ඔවුන් රූප වන්දනාවෙන් බැඳුණු පරිසරයෙන් මිදී විශ්වාසවන්තව දෙවියන් වහන්සේ හට කටයුතු කරයි නම් එවිට ඔවුන් සඵලත්වයට පත්වන බවයි. නමුත් ඔවුන් දෙවියන් වහන්සේගේ කීම අත හැර රූප වන්දනාව අනුගමනය කරන්නේ නම් එවිට දෙවියන් වහන්සේ ඔවුන්ගේ දේශය විනාශ කොට දමන බවට.

වසර 400 පසු, දාවිත් රජුගේ හා ඔහුගේ පුත් සලමොන් රජ දවසේ ඊශ්‍රායෙලය ඉතාමත් ශ්‍රේෂ්ඨ හා ශක්තිමත් රාජ්‍යයක් ලෙස මුදවාගෙන එනු ලැබීය. දෙවියන් වහන්සේ විසින් දාවිත් හා සලමොන් තුළින් පැවත එන්නන් සදාකාලික රජවරු ලෙස රජකම් කරන බවට පොරොන්දු විය.

සලමොන් රජුගෙන් පසුව ඊශ්‍රායෙල් රාජ්‍යය දෙකට බෙදා වෙන්විය. ඒ තුළින් ගෝත්‍ර 10 ක් උතුරු දිශාවට ගමන් ගත් අතර ඔවුන් “ඊශ්‍රායෙල්” ලෙස හැඳින් විය. ඔවුන් දෙවියන් වහන්සේ විසින් රූප නමස්කාරය කිරීම උදෙසා විනිශ්චය කිරීමට වසර 200 ක් පමණ පෙර සිටින ලදි. අසරියාව විසින් ඊශ්‍රායෙලය ක්‍රි. පූ. 721 පමණ වහල් භාවයට පත් කර ගනු ලැබීය. දකුණු දේශය කරා ගිය අනෙක් ගෝත්‍ර දෙක “යුදා” ලෙස නම් විය. ඔවුන්ද දෙවියන් වහන්සේගේ ගිවිසුම පරිදි ඊශ්‍රායෙලයට සාපේක්‍ෂව මදක් වැඩි කාලයක් ගත කළ නමුත් ඔවුන්ද පසු කාලයේ දේව අණට විරුද්ධ විය. බබිලෝනිය විසින් යුදා දේශය ක්‍රි. පූ. 600 දී පමණ වහල් භාවයට ගනු ලැබීය.

වසර 70 ට පමණ පසු දෙවියන් වහන්සේ කරුණා යුක්තව එයින් ඉතිරිවූ වහලුන් සියලු දෙනා නැවතත් තම පොරොන්දු දේශය කරා ගෙන එනු ලැබීය. යෙරුසලම, නැතහොත් ප්‍රධාන රාජධානිය ක්‍රි. පූ. 444 දී නැවත ස්ථාපනය කරන ලදි. ඒ තුළින් ඊශ්‍රායෙලයට නැවත තම අනන්‍යතාවය ස්ථාපිත කර ගැනීමට හැකියාව ලැබීමත් සමග පරණ ගිවිසුම අවසන් වේ.

අළුත් ගිවිසුම ආරම්භ වන්නේ ඉන් වසර 400 ක් පමණ ගතවූ පසු, බෙත්ලෙහෙමේ යේසුස් වහන්සේගේ උපතත් සමගින්ය. යේසුස් වහන්සේ යනු ආබ්‍රම් හා දාවිත් තුළින් පැවත එන්නා සේවූ පොරොන්දුවේ ප්‍රතිඵලයයි. දෙවියන් වහන්සේගේ කැමැත්ත පරිපූර්ණයට පත් කරමින්, මනුෂ්‍යය ජාතිය ගලවා ගනිමින් මැවීම යලි ස්ථාපිත කිරීම උදෙසා පැමිණි පුද්ගලයාය. යේසුස් වහන්සේ විශ්වාසවන්තව එතුමන් පැමිණි කාර්යය සම්පූර්ණ කොට, පාපය උදෙසා කුරුසපත්වී පසුව මළවුන්ගෙන් උත්ථානවූ තැණන් වහන්සේය. යේසුස් වහන්සේ අදහන්නාවූ සියලුම දෙනෙක් ඇද්ද ඔවුන් පාපයෙන් මුදවා සදාකාලික ජීවනයට පමුණුවනු ලබන සේක.

යේසුස් වහන්සේගේ උත්ථානය සමගම, එතුමන්ගේ ගෝලයන්ව එතුමන්ගේ ජීවිතය හා ගැලවීමේ බලපරාක්‍රමය පිළිබඳව සියලු දෙනාට පැවසී‍මේ පුවත ප්‍රකාශ කිරීමට පිටත් කර හරිනු ලබයි. ඒ අනුව යේසුස් වහන්සේගේ ගෝලයන් යේසුස් වහන්සේව හා එතුමන්ගේ ගැලවීමෙහි ශුභාරංචිය දසත ප්‍රකාශ කරමින් ගියේය. ඔවුන් සුළු ආසියාව, ග්‍රීසිය, රෝම අධිරාජ්‍යය තුළින් ගමන් ගත්හ. අළුත් ගිවිසුම යේසුස් වහන්සේගේ නැවත පැමිණීම අදහා නොගත්තාවූ ලෝකය විනිශ්චයට හා මැවීම ශාපයෙන් මුදවා ගැනීම පිළිබඳවූ අනාගත වාක්‍ය ප්‍රකාශ කිරීම තුළින් අවසන් වේ.



නැවතත් සිංහල මුල් පිටුවට



බයිබලය යනු කුමක්ද?