settings icon
share icon
ප්‍රශ්නය

මාංශය යනු කුමක්ද?

පිළිතුර


ජොන් නොක්ස් (සී 1510-1572) යනු ස්කොට්ලන්තයේ ප්‍රෙස්බ්‍රෙටීරියන් නිකායේ පුරෝගාමියා වන අතර, ප්‍රොතෙස්තන්ත්‍ර ප්‍රතිසංස්කරණයේ නායකයෙකු වන වූ පූජකවරයෙකි. සමකාලීන දේවධර්මාචාර්යවරුන් විසින් දෙවියන් වහන්සේ වෙනුවෙන් ඔහු ජ්වලිත පුද්ගලයෙක් ලෙස සලකනු ලැබූ අතර ලියවිල්ලෙහි සත්‍යතාවය සහ ශුද්ධ දිවියකට කැපවූන මනූෂ්‍යයෙක් ලෙස සලකන ලදී. මෙම දෙවියන් වහන්සේගේ ශාන්තුවරයා මරණාසන්නවූ කළද, ආදම්ගෙන් තමන්ට උරුම වූ පාපය කරණකොටගෙන තමාගේ පුද්ගලික ජීවිතයේ පාපය සමඟ තිබු අරගලය ඒත්තු ගත්තේය (රෝම 5:12). ලෝකයේ කිසිම ආරක්‍ෂාවක් නොමැතිව මරණය ළඟාවන වන කල්හි කුරුසියේ තදබල පීඩාවත් සමඟ මාංශය හා ආත්මය අතර සටන කෙතරම් උග්‍රද යන්නද, මාංශය පිළිබඳව අප්‍රසාදය සහ කෙදුරුම් පිළිබඳවද තමන් දන්නා බවත් නොක්ස් ප්‍රකාශ කරන ලදී.

• නෝක්ස් ගේ මෙම ප්‍රකාශය විවෘතව තමන්ගේ පාපිෂ්ට ස්වභාවය සමහ තිබෙන අරගලය පිළිගත් පාවුල්තුමාගේ විශිෂ්ට ප්‍රකාශයට සමාන වේ. "මක්නිසාද ව්‍යවස්ථාව ආත්මික බව අපි දනිමුව. නමුත් මම මාංශිකව පාපයට විකුණනු ලැබ සිටිම්. මක්නිසාද මා කරන දේ මම නොදනිමි. මා කරන්නේ මා කැමති දේ නොව මා ද්වේෂකරන දේය. ඉඳින් මම අකමැති එක කරම් නම්, ව්‍යවස්ථාව යහපත් බව ඒත්තු ගනිමි. එහෙයින් එය කරන්නේ මා නොව මා තුළ වාසය කරන පාපයය. මක්නිසාද මා තුළ එනම් මාගේ මාංසය තුළ කිසි යහපතක් වාසය නොකරන බව දනිමි. මක්නිසාද කැමැත්ත මට ඇත්තේය, නමුත් යහපත් දෙය කිරීම මට නැත්තේය. මක්නිසාද මම කැමති යහපත නොකර අකමැති නපුර කරමි. ඉඳින් මම කැමති නැති දේ කරම් නම්, ඒක කරන්නේ මා නොව මා තුළ වාසය කරන පාපයය. එබැවින් යහපත කරන්ට කැමති වූ මා හට නපුර තිබීම යන ව්‍යවස්ථාව ඇති බව පෙනේ. මක්නිසාද අභ්‍යන්තර මනුෂ්‍යයාගේ ප්‍රකාරයටම මම දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාවට ප්‍රිය වෙමි. නුමුත් මාගේ සිතේ ව්‍යවස්ථාවට විරුද්ධව යුද්ධකරන්නාවූ, මාගේ අවයව තුළ තිබෙන පාපයාගේ ව්‍යවස්ථාව යටතෙහි මා වහල්කමට පමුණුවන්නාවූ අන්‍ය ව්‍යවස්ථාවක් මාගේ අවයව තුළ තිබෙන බව මට පෙනේ. අනේ, මම කාලකණ්ණි මනුෂ්‍යයෙක්ය! මේ මරණයේ ශරීරයෙන් මා මුදවන්නේ කවූද?" (රෝම 7:14-24).

පාවුල්තුමා රෝමවරුන්ට යවන ලද ලිපියෙහි තමාගේ ශරීරයෙහි "අවයවයන් තුළ" ඔහු ප්‍රකාශ කරන ආකාරයට "මාගේ මාංසය", කිතුණු දිවිය අසීරු කරමින් පාපයේ සිරකරුවකු කළ බවය සඳහන් කරයි. මාටින් ලූතර් රෝමවරුන්ගේ පොතට පෙරවදන ලියන කල්හි "මාංශය" යන වචනය පරිහරණය කිරීම ගැන ප්‍රශංසා කරනු ලැබුයේ "ඔබ "මාංශය" වටහා ගත යුතු නැත, මන්දයත් 'මාංශයට' සම්බන්ධ වන්නේ නොදැමුණු, සරාගීදේ පමණක් බවය. එහෙත් පාවුල්තුමා 'මාංශය' ගැන සදහන් කරන කල්හි සම්පූර්ණ මනුෂ්‍යයා, ශරීරය සහ ප්‍රාණය, විචාර ශක්තිය සහ ඔහුගේ ඉන්ද්‍රියය මණ්ඩලයම ඇතුළත් වේ. මන්ද යත් ඔහු තුළ තිබෙන්නාවූ සියල්ල මාංශය සඳහා බොහෝ ආශාවන් සමග සටන් වදී". ලූතර්ගේ සටහන අනුව දෙවියන් වහන්සේට විරුද්ධව යන්නාවූ ලිංගික වින්දනයන් සහ ආශාවන් පමණක් නොව ජීවිතයේ සියලු පැතිකඩවල් 'මාංශයට' සමාන වන බව පෙන්වා දෙයි.

'මාංශය' යන පදය පිළිබඳ අව්‍යාජ / ස්ථීර අරුතක් ලබා ගැනීම සඳහා ලියවිල්ලෙහි එම පදය පරිහරණය වන ස්ථානයන් සහ හදුන්වාදි ඇති ආකාරය මෙන්ම ඇදහිලිවන්තයන්ගේ සහ නොඇදහිලිවන්තයන්ගේ ජීවිතවල එය ප්‍රකාශ වන්නේ කෙලෙසද කියාද එයින් නිපදවෙන ප්‍රථිඵල කුමක්ද කියාද අවසානයේදී එය ජය ගත හැක්කේ කෙසේද කියාද යන්න විමසා බැලිය යුතුය.

'මාංසය' යන පදයට නිර්වචනයක් / අර්ථ විග්‍රහයක්.

"මාංශය" යන පදයට අදාල වූ අළුත් ගිවිසුමෙහි ග්‍රීක් වචනය නම් සාක්ස් ය, එම පදය බොහෝවිට ලියවිල්ලෙහි මාංසික ශරීරය සඳහා යොදා ගනු ලැබේ. කෙසේ වුවද අළුත් ගිවිසුමෙහි ග්‍රීක්-ඉංග්‍රීසි ශබ්ද කෝෂය සහ මුල් කාලීන කිතුණු සාහිත්‍යයෙහි වචනය මෙලෙස විග්‍රහ වේ. "මාංශික වූ ශරීරය භාවය / වස්තුව ලෙස ක්‍රියා කරයි. විශේෂයෙන් පාවුල් ගේ සිතිවිලි වලට අනුව මුළු ශරීරයේ ඉන්ද්‍රියයන් කෙතරම් දුරට පාපය විසින් පාලනය කරනු ලබන්නේද මාංශය කොතනක වේද සියලු ආකාරයේ පාපයද එලෙසම ප්‍රචර්වතනය වන අතර කිසිම හොඳක් / යහපතක් ඒ තුළ පවතින්නට නොහැකිය."

• බයිබලය ඉතා පැහැදිලිව මනුෂ්‍ය ප්‍රජාව මෙලෙස ආරම්භ නොවූ බව පෙන්වා දෙයි. උත්පත්ති පොතට අනුව මනුෂ්‍ය වර්ගයා යහපත්ව සහ පරිපූර්ණව නිර්මාණය කරන ලදී. "තවද දෙවියන් වහන්සේ අපගේ ස්වරූපයෙන් අපගේ සමානත්වය ලෙස මනුෂ්‍යයා සාදම්හ: ඔව්හු මුහුදේ මත්සෘයන් කෙරෙහිද ආකාශයෙහි පක්ක්‍ෂීන් කෙරෙහිද තිරිසනුන් කෙරෙහිද මුළු පොළොව කෙරෙහිද පොළොව පිට බඩගා යන සියල්ලන් කෙරෙහිද ආණ්ඩුකෙරෙත්වයි කීසේක. දෙවියන්වහන්සේ තමන් ස්වරූපයෙන් මනුෂ්‍යයා මැවූ සේක, දෙවියන් වහන්සේගේ ස්වරූපයෙන් ඔහු මැවු සේක: පුරුෂයාද ස්ත්‍රීයද කොට ඔවුන් මැවූ සේක" (උත්පත්ති 1:26-27). මන්ද දෙවියන් වහන්සේ පරිපූර්ණය, සහ අභිප්‍රාය සැමවිට නිදේශනය යොදවනු ලබන හේතුව වන්නේ එහි සාරය උකහා ගැනීමටයි එනම් මුළුමනින්ම යහපත් දෙවියන් වහන්සේට පමණයි යහපත් දෙය නිර්මාණය කළ හැක්කේ, යේසුස් වහන්සේ කී පරිදි "හොඳ ගසක නරක ඵල හටගන්නට බැරිය" (මතෙව් 7:18), ආදම් සහ ඒව යන දෙදෙනාම පාපය රහිතව යහපත් ලෙස නිර්මාණය කරන ලද මුත් ආදම් සහ ඒව පව් කළ බැවින් ඔවුන්ගේ ස්වභාවය දූෂිත වූ අතර එම ස්වභාවය ඔවුන් ගෙන් පැවතෙන්නන් සියලු දෙනා කරා පැමිණියේය. "ආදම් එකසිය තිස් අවුරුද්දක් ජීවත්වූ පසු තමාගේම ස්වරූපය මෙන් පුත්‍රයෙකු උපදවා ඔහුට සෙත් යන නම තැබුවේය" (උත්පත්ති 5:3 අවධාරණය කිරීම් එකතු කරන ලදී).

පාපිෂ්ට ස්වභාවය ගැන ලියවිල්ලෙහි බොහෝ ස්ථාන වල ඉගැන්වීම් කර ඇති අතර, දාවිත්ගේ ප්‍රකාශය අනුව "බැලුව මැනව. මම අයුතුකම සහිතව සාදනු ලැබීමි. මාගේ මෑණියෝ පාප සහිතව මා ගැබ් ගත්තාය" (ගීතාවලිය 51:5). දාවිත් ඉන් ප්‍රකාශ කරන්නට අදහස් කරනු ලැබුවේ වෛශ්‍යා සබදතාවයකින් තමන් හටගත් බවක් නොවන නමුදු ඔහුගේ දෙමව්පියන් ගෙන් පාපය / පාපිෂ්ට ස්වභාවය ඔහුට පැමිණි බවය. දේව ධර්මයට අනුව සමහරවිට මෙය 'අපකීර්තියට පත්වීම' යන 'ට්‍රඩූසියන්' (ලතින් පදයේ අරුත 'ශාඛාවකින්' ) වන අතර මනුෂ්‍ය ස්වභාවයේ දැක්මට අනුව ට්‍රැඩූසියන් දැක්ම / මතය වන්නේ මනුෂ්‍යයෙකුගේ ප්‍රාණය දෙමව්පියන් හරහා නිර්මාණය වන අතර ඒ සමඟම දරුවා වැටුණු ස්වභාවය උරුම කර ගනී.

මනුෂ්‍යය ස්වභාවයේ බයිබල් දැක්ම / මතය ග්‍රීක දර්ශණ විද්‍යාවෙන් වෙනස් වන අතර එම ලියවිල්ලෙහි සඳහන් වන්නේ මනුෂ්‍යය සංහතියේ / මනුෂ්‍යය වර්ගයාගේ භෞතික ස්වභාවය සහ ආත්මික ස්වභාවය ආරම්භයේ පටන් යහපත්ව තිබූ බවය. නමුත් ප්ලූටෝ වැනි දාර්ශණිකයන් ද්වෛතවාදය හෝ ද්විධාකරණය කරණකොටගෙන මනුෂ්‍යයවර්ගයාගේ යම් අසමානතාවයක් දකින ලදී. මෙවැනි සිතිවිලි අවසානයේදී ශරීරය (භෞතික) අයෝග්‍යයව තිබූණ නමුත් ආත්මය යහපත්ව තිබූ බවට සිද්ධාන්තය ප්‍රභුත විය. මෙම ඉගැන්වීම් ඥනවාදය මත රැදුණු පුරාණ ක්‍රිස්තියානි දර්ශණවාදී සමූහයන් විසින් භෞතික ලෝකය උපදේවතාවක් වන "ඩෙමියොජ්" ගේ වරද්දාගත් නිර්මාණයක් බව විශ්වාස කළ අයට බලපැම් එල්ල කළේය. ඥානවාදය මත රැදුණු පුරාණ ක්‍රිස්තියානි දර්ශණවාදී සමූහය ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයකින් ලොව පහළවීම යන මතයට විරුද්ධ වූයේ ශරීරය අනර්ථකාරී බැවින් දෙවියන් වහන්සේ කිසිදිනක මාංසවත් නොවන බව විශ්වාස කළ හෙයින්ය. අපොස්තුළු යෝහාන් ඔහුගේ දවස් වලදී මෙයාකාරයෙන් වූ ඉගැන්වීම් වලට පොරට සිටිමින් ඊට විරුද්ධව තරවටු කරන ලදී. "ප්‍රේමවන්තයෙනි, බොහෝ බොරු ප්‍රොපේතවරු ලෝකයට පැමිණ සිටින බැවින් සියලු ආත්ම විශ්වාස නොකොට ඒ ආත්ම දෙවියන් වහන්සේ ගෙන්දැයි පරීක්‍ෂා කරපල්ලා. මෙයින් නුඹලා දෙවියන් වහන්සේගේ ආත්මයාණන් වහන්සේ දැනගන්නහුය. එනම්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මාංශයෙන් යුක්තව ආ බව ඒත්තු ගන්නාවූ සෑම ආත්මයෝ දෙවියන් වහන්සේ ගෙන්ය. යේසුස් වහන්සේ ඒත්තු නොගන්නාවූ සියලු ආත්මයෝ දෙවියන් වහන්සේගෙන් නොවෙති. එන්නේයයි නුඹලා ඇසුවාවූ දැනටම ලෝකයෙහි සිටින්නා වූ විරුද්ධ- ක්‍රිස්තුස් වහන්සේගේ ආත්මය මේය (1 යොහාන් 4: 1-3).

තවදුරටත් මනුෂ්‍යයා ශරීරයෙන් සිදු කෙරෙන දෙය කුමක් වුවද එය ගනන් ගත යුතු නැති බවත් වැදගත් වන්නේ ආත්මය බවත් ඥානවාදීන් විසින් උගන්වන ලදී. මෙම ප්ලේටොනික ද්වෛතවාදය පළවෙනි ශත වර්ෂයේදීද වර්තමානයේදී මෙන්ම, මෙලෙසම බලපෑමක් ඇති කළ අතර එය බයිබලය නුසුදුසු බව ප්‍රකාශ කරන ශ්‍රමණභාවයට හෝ සල්ලාලභාවයට ගෙන යයි (කොලොස්සි 2:23, යූද් 4).

එබැවින් ග්‍රීක සිතිවිල්ලට පටහැනිව, බයිබලය පවසන්නේ මනුෂ්‍යයවර්ගයාගේ ස්වභාවය වන මාංසය / ශරීරය සහ ආත්මය වන ද්විත්වයම යහපත් නමුදු පාපය ඊට විරුද්ධව විකෘති කළ බවය. පාපිෂ්ඨ ස්වභාවයේ අවසාන ප්‍රතිඵලය වන්නේ, දෙවියන් වහන්සේට විරුද්ධව පාපකාරී පරිතුෂ්ටිය සොයා යන ලියවිල්ල පෙන්වා දෙන "මාංශය" ලෙසය. සභාපාලක මාර්ක් බුබෙක් මාංසය මෙලෙස විග්‍රහ කරයි: මාංශය යනු ස්වභාවික මනුෂ්‍යයාට දෙවියන් වහන්සේව ප්‍රසන්න කරණ පිණිස හෝ සේවය කරණ පිණිස යාකොට සෑදූ විකලය නියමය වේ. එය අත්හළ නොහැකි / අනිවාර්ය ඇතුළාන්තර බලපැමක් / බලයක් වන අතර එමඟින් එහි සාමාන්‍ය සහ විශේෂිත දෙවියන් වහන්සේට සහ එතුමාගේ ධර්මිෂ්ටකමට විර්ද්ධව වන කැරළි ගැසීම් ප්‍රකාශ වේ. මාංසය කිසි දිනක නැවත ප්‍රතිසංස්කෘත කිරීමක් හෝ වඩා යහපත් බවට පමුණුවීමක් කළ නොහැකිය. මාංසයේ නියමයෙන් ගැළවීමට ඇති එකම මඟ නම් පූර්ණ හස්තාංකනය කිරීමක් / සම්පාදනය කිරිමක් සහ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ නව ජීවනයක් උදෙසා ආදේශනය / ප්‍රතිසම්පාදනය වීමක් සිදුවීමය."

මාංසයේ ප්‍රකාශවීම සහ මාංසය සමඟ ඇති අරගලය / පොර බැඳීම

මනුෂ්‍යයා තුළ මාංසය, එයම විද්‍යාමාන වන්නේ කෙසේද? බයිබලය ඊට මෙලෙස පිළිතුරු සපයයි: "ඉඳින් මාංසයේ ක්‍රියා ප්‍රකාශව තිබේ. එනම් වෛශ්‍යාකම, අපවිත්‍රකම, සල්ලාකම, රුප වැඳීම, මායාව, සතුරුකම්, විවාදය, ඊර්ෂ්‍යා, ක්‍රෝධ, පක්‍ෂවාදීකම්, භේද, ලබ්ධි භේද, වෛර, බීමත්කම, මංගල්‍ය ඝෝෂා සහ තවත් එවැනි දේවල්ය. මෙබදු දේ කරන්නන්ට දෙවියන් වහන්සේගේ රාජ්‍යයෙහි උරුම නොලැබෙන බව මම නුඹලාට ප්‍රථම කී ලෙසම දැනුත් කලින් නුඹලාට කියමි" (ගලාති 5:19-21).

මාංසයේ පරිබාහිර ක්‍රියාවන් ලොව තුළ ප්‍රත්‍යක්‍ෂ වේ. ඇමෙරිකාවේ වර්තමාන සමීක්‍ෂණයක් මඟින් එළිදරව් වූ අශ්ශීල රචනා / කාමෝද්දීපන රචනා කරණකොරගෙන සිදුවූ දුක්ඛිත සිදුවීම් කිහිපයක් උදාහරණයක් අපි සළකා බලමු.

මෙම අධ්‍යනයන්ට අනුව අමෙරිකා තුළ සෑම තත්පරයකට වරක්

• ඩොලර් 3,075.64 අශ්ශීල රචනා / කාමෝද්දීපන රචනා වෙනුවෙන් වැය කෙරේ.

• 28,258 අන්තර් ජාලය පරිහරණය කරන්නන් මෙම අශ්ශිල රචනා / කාමෝද්දීපන රචනා ආලෝචනය කරයි.

• 372 අන්තර් ජාල පරිහරණය කරන්නන් විසින් වැඩිහිටි ගවේෂණ නියමයන් ගවේෂණ යන්ත්‍ර වලට ඇතුළත් කරනු ලබයි.

සෑම මිනිත්තු 39 කට වරක් අශ්ශීල රචනා / කාමෝද්දීපන රචනා වීඩියෝවක් අමෙරිකා එක්සත් ජනපදය තුළ නිෂ්පාදනය වේ. එවැනි සංඛ්‍යාලේඛනයන් ප්‍රොපේත යෙරමියා විසින් වැළපෙමින් කරණ ලද ප්‍රකාශණයන් අවධාරණය කරයි "සියල්ලට වඩා සිත රැවටිලිකාරව තිබේ. ඒක දුෂ්ටවම තිබේ. ඒක කාට දැනගන්ට පුළුවන්ද?" (යෙරමියා 17:9).

මාංසයේ ප්‍රතිවිපාක

මාංසයෙහි / මාංසය තුළ ජීවත්වීම බොහෝ අවාසනාවන්ත ප්‍රතිවිපාක නිපදවයි. පළමුව, මාංසයට අනුව ජීවත්වන අය කිසිදිනක වෙනස්විමකට ආශාවක් බලාපොරොත්තුවක් නැති, තමාගේ පාපිෂ්ට හැසිරීම් වලින් හැරී පසුතැවීමකට ආශා නොවන අය පිළිබඳව ලියවිල්ල මෙසේ සඳහන් කරයි ඔවුන් දෙවියන් වහන්සේගෙන් ද්විත්ව වෙන්වීමක්මේ ජීවිතයේදි සහ මතු ජීවිතයේදී අත්දකිනු ඇත.

• "ඉඳින් නුඹලා දැන් යම් දෙයකට ලැජ්ජාව සිටීවුද, එකල්හි ඒ දෙයින් කුමන ඵලයක් ලැබුවහුද? මක්නිසාද ඒ දේවල කෙළවර නම් මරණයය (රෝම 6:21).

• මක්නිසාද නුඹලා මාංසිකව ජීවත් වෙනවා නම් මැරෙන්ට ඕනෑය. නුමුත් ආත්මයෙන් ශරීරයේ ක්‍රියා නසනවා නම් ජීවත්වෙනවා ඇත (රෝම 8:13).

• නොරැවටෙල්ලා: දෙවියන් වහන්සේට සරදම් කරන්ට කාටවත් බැරිය. මක්නිසාද මනුෂ්‍යයෙක් තමා වපුරන දේම කපා ගන්නේය. ඒ හැටියට තමාගේ මාංසය සඳහා වපුරන්නා මාංසයෙන් කුණුවීම කපාගන්නේය: ආත්මයාණන් වහන්සේ සඳහා වපුරන්නා ආත්මායාණන් වහන්සේගෙන් සදාකාල ජීවනය කපාගන්නේය" (ගලාති 6:7-8).

තව දුරටත් මනුෂ්‍යයා ඔහුගේ / ඇයගේ කාමුක / ලෞකීක ස්භාවයට වහල්ලෙක් වනු ඇත. "නුඹලා කීකරුකම පිණිස දාසන් කොට යමකට නුඹලාම භාරදෙන්නහුද, එය මරණයට පමුණුවන්නාවූ පාපය වේවා, ධර්මිෂ්ඨකමට පමුණුවන්නාවූ කීකරුකම වේවා, නුඹලා කීකරුවන එකට දාසයන් වන බව නොදනීවුද?" (රෝම 6:16). මෙම දාස ස්වභාවය / වහල්භාවය විනාශකාරී ජීවිත රටාවකට සහ පිරිහෙන දිවියකට මඟ පෙන්වන්නේ හොෂෙයා පවසන ලද ආකාරයට "ඔව්හු සුළඟ වපුරා, සුළිහුළඟ කපා ගත්තෝය" (හොෂෙයා 8:7).

මෙයට හේතුවන කරුණ නම් මාංසයට කීකරුවීම සැමවිට දෙවියන් වහන්සේගේ සදාචාරාත්මක නියමයන් කඩා දැමීමේ ප්‍රතිඵලය වේ. එසේ නමුත්, සැබෑ තාත්ත්වික අවබෝධය තුළ මනුෂ්‍යයෙකුට දෙවියන් වහන්සේගේ සදාචාරාත්මක නියමයන් කිසි දිනක කඩා බිඳ දැමිය නොහැකි වූවද ඔහුට සැබවින්ම ඊට අකීකරු විය හැකිය. උදාහරණයක් ලෙස මනුෂ්‍යයෙකුට වහල මත නැඟ තම බෙල්ල වටා කාප්පයක් බැඳ, ගුරුත්වාකර්ෂණ නියමය බිඳින බලාපොරොත්තුවෙන් වහලයෙන් බිමට පනින්නට හැකි වූවත්, තමාට පියාඹන්නට නොහැකි බව වහා ඉක්මනින් ඉගෙන ගන්නවා ඇත. ඔහුට ගුරුත්වාකර්ෂණ නියමය බි්දින්නට නොහැකිය. අවසානයේදී ගුරුත්වාකර්ෂණ නියමය සැබෑ කරමින් ඔහු ඔහුවම බිද ගන්නවා ඇත. එය සදාචාරාත්මක ක්‍රියාවෙහිද සත්‍යය වේ. මාංසමය වූ ජීවන රටාවක නියැලෙමින් යමෙකුට දෙවියන් වහන්සේගේ සදාචාරාත්මක නියමයන්ට අකීකරු විය හැකි වූවත්, තමාගේම බිදුණු ස්වභාවයකින් දෙවියන් වහන්සේගේ සදාචාරාත්මක නියමයන් සැබෑ බව ඔප්පු කරනු ඇත.

මාංසය ජයගැනීම

මාංසය ජයගැනීම සහ දෙවියන් වහන්සේ සමඟ නැවත නිවැරදි සම්බන්ධතාවයකට ඇතුළුවීම සඳහා බයිබලය අදියර තුනකින් යුත් ක්‍රියාවලියක් සපයා දෙයි. පළවෙනි අදියර නම් දෙවියන් වහන්සේ ඉදිරියෙහි තමාගේ පාපිෂ්ට හැසීරීම් රටාව පිළිගෙන සත්‍යවාදි ගමනකට ඇතුළුවීම. මෙහිදී මනුෂ්‍යය දෙමවිපියන් ගෙන් පැවත එන අය පිළිබඳව බයිබලය පවසන්නා වූ දෙයට එකඟවීමද ඇතුළු වේ. එනම් මනුෂ්‍යය ප්‍රජාව පව්කරුවන් බවත් ඔවුන් ලොවට ප්‍රවිෂ්ට වන්නේ ඔවුන් මවන ලද දෙවියන් වහන්සේ හා සමඟ බිදුණු සබඳතාවයක් සමඟය.

• "ස්වාමිනි ඔබ අයුතුකම් ගණනට තබා ගන්නාසේක් නම්, ස්වාමීනි, කාට සිටින්ට හැක්කේද?" (ගීතාවලිය 130:3)

• "අපට පාපය නැතයි කියමු නම්, අපි අපම රවටාගනිමුව. සැබෑවද අප තුළ නැත. අපි පව් කළේ නැතයි කියමුනම් අපි උන්වහන්සේව බොරුකාරයෙක් කරමුව. උන්වහන්සේගේ වචනද අප තුළ නැත" (1 යොහාන් 1:8,10).

ඊළඟ අදියරආත්මයාණන් වහන්සේ තුල ගමනකි. එනම් මාංසයේ ආශාවන්ට අවනත නොවී දෙවියන් වහන්සේ තුළ නිවැරදිව ජීවත්වීමට ගැළවීම සහ ශුද්ධාත්මයාණන් වහන්සේගේ බලය ලබා ගැනීම සඳහා දෙවියන් වහන්සේට හඬ ගැසීමකි. මෙම පරිවර්තනය සහ ජීවිතයේ නව ගමන පිළිබඳ ලියවිල්ලෙහි සමහර ස්ථාන වල විග්‍රහ කර ඇත.

• " මම ක්‍රිස්තුස් වහන්සේ සමඟ කුරුසියෙහි ඇණ ගසනු ලැබ සිටිමි: එසේවී නමුත් මම ජීවත්වෙමි: නමුත් තවත් මා නොව ක්‍රිස්තුස්වහන්සේ මා තුළ ජීවත්වනසේක. තවද මා දැන් මාංසයෙහි ජීවත්වන ජීවිතය මට ප්‍රේම කළාවූ, මා උදෙසා තමන්ම පාවා දුන්නාවූ දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන්වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් ජිවත්වෙමි" (ගලාති 2:20).

• "එලෙසම නුඹලාත් පාපයට මැරී සිටින්නන් කොටද යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ දෙවියන්වහන්සේට ජීවත්ව සිටන්නන් කොටද සිතාගනිල්ලා" (රෝම 6:11).

• "නමුත් ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන හැසිරියල්ලා. එවිට නුඹලා මාංසයේ තෘෂ්ණා සමිපූර්ණකරන්නේ නැතැයි කියමි" (ගලාති 5:16).

• "මක්නිසාද නුඹලාගෙන් ක්‍රිස්තුස් වහන්සේ තුළට බෞතීස්මකරනු ලැබූ සියල්ලෝ ක්‍රිස්තුස්වහන්සේ පැළඳගත්තෝය" (ගලාති 3:27).

• "නුමුත් තෘෂ්ණා පූර්ණකරන පිණිස මාංසයට පංගාඩමක් නොකොට, ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පැළඳ ගනිල්ලා" (රෝම 13:14).

• "මුද්‍රිකපානයෙන් මත් නොවෙල්ලා එයින් අනාචාරකම් හටගන්නේය. නුමුත් ආත්මයාණන්වහන්සේගෙන් පූර්ණවී " (එපීස 5:18).

• " ඔබට විරුද්ධව පව් නොකරන පිණිස ඔබගේ වචනය මාගේ සිතේ නිධාන කරගනිමි" (ගීතාවලිය 119:11).

අවසාන අදියර මරණයෙහි ගමන වේ. එහිදී මාංසය ආශාවන් සඳහා හාමතේ සිටිය බැවින් අවසානයේදී ඒවා මියයයි. මනුෂ්‍යයෙක් දෙවියන් වහන්සේගේ ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන නැවත ඉපදීම ලැබුවද, ඔහු වටහා ගතයුතු කරුණ නම් තවමත් ඔහුගේ පරණ ස්වභාවය එහි ආශාවන් සමඟ අරක්ගෙන සිටින බවත්, ආත්මයාණනවහන්සේ තුළ හටගත්තාවූ නව ආශාවන් සමඟ නිරතුරු යුද වදින බවත්ය. ප්‍රායෝගික ප්‍රතිපත්තීන් මත, කිතුණුවන් උවමානාවෙන්ම / හිතාමතාම පරණ මාංසික ස්වභාවය පෝෂණය කිරිමෙන් වළකින අතර ඒ වෙනුවට ආත්මයාණන් වහන්සේ කරණකොටගෙන උත්පාදනය වූ නව හැසිරීම් පුහුණු කිරිම සිදු කරයි.

• "නමුත්, දෙවියන් වහන්සේගේ මනුෂ්‍යය, නුඹ වනාහි මේවායින් පලාගොස්, ධර්මිෂ්ඨකමද භක්තිවන්තකමද ඇදහිල්ලද ප්‍රේමයද ස්ථීරකමද මොළොක් ගුණයද පස්සේ පලයන්න" (1 තිමොති 6:11).

• "යෞවන වයසේ තෘෂ්ණා වලින් දුරුව" (2 තිමොති 2:22).

• "නුමුත් මාගේ ශරීරය දමනය කොට වාල්කමට පමුණුවමි. එසේ කරන්නේ අනුන්ට දේශනාකළාට පසු කොයි ලෙසකින්වත් මාම එපා කරනු නොලබන පිණිසය" (1 කොරින්ති 9:27).

• " එබැවින් පොළොවේ තිබෙන නුඹලාගේ අවයවයන් එනම් වෛශ්‍යාකමත් අපිරිසිදුකමත් කාමරාගයත් නපුරු තෘෂ්ණාවත් රූප වැඳීම වූ තණ්හාවත් නසාපල්ලා" (කොලොස්සි 3:5).

• "තවද ක්‍රිස්තුස්වහන්සේට අයිති නැත්තෝ මාංසය එහි ආශා සහ තෘෂ්ණා සමඟ කුරුසියෙහි ඇණගැසුවෝය" ( ගලාති 5:24).

• "මින්මතු අප පාපයට සේවය නොකරන ලෙස පාප ශරීරය නැතිවන පිණිස, අපේ පරණ මනුෂ්‍යයා උන්වහන්සේ සමඟ කුරුසියෙහි ඇණ ගසන ලද බව දනිමුව" (රෝම 6:6).

• "නමුත් නුඹලා ක්‍රිස්තුස් වහන්සේව එසේ ඉගෙන ගත්තේ නැත. එනම් සැබෑව යේසුස්වහන්සේ තුළ තිබෙන ප්‍රකාර නුඹලා උන්වහන්සේගෙන්ම අසා, උන්වහන්සේ තුළ උගන්වනු ලැබුවහුය. (එසේ ඉගෙන ගත්තේ) නුඹලාගේ ජීවිතයේ පළමු හැසිරීම ලෙස රැවටිල්ලේ තෘෂ්ණාවල් අනුව දූෂ්‍යවන්නාවූ පරණ මනුෂ්‍යයා පහකරදමා නුඹලා නුඹලාගේ චිත්තාත්මයෙන් අලුත් කරනු ලැබ, සැබෑවේ ධර්මිෂ්ඨකමින්ද ශුද්ධකමින්ද දෙවියන් වහන්සේට සමානව මවන ලද්දාවූ අලුත් මනුෂ්‍යයා පැළඳගන්නා ලෙසය" (එපීස 4:20-24).

අවසානය

සුසන්නා වෙස්ලි, විශිෂ්ට දේශනාකරුවන් හා ගීතිකා රචකයන් වූ ජොන් සහ චාල්ස් වෙස්ලිගේ මැණියන් පාපය සහ මාංසය මෙලෙස විග්‍රහ කරනු ලැබුවාය. " ඔබගේ තර්කණය දුර්වල කරන්නාවු කුමක් වුවත්, ඔබගේ හෘදසාක්‍ෂියෙහි කරුණාවන්තකම / මොළොක් බව හානි කරන්නාවූ, දෙවියන් වහන්සේ පිළිබඳ දැනගැන්ම නොපැහැදිලි කරන්නාවූ / අදුරු කරන්නාවූ හෝ ආත්මික දෙයට ඇති රසානය / අභිලාෂය ඔබගෙන් අයින් කරන, කෙටියෙන් පවසතොත් ආත්මය අභිබවා මාංසයට ඇති අධිකාරිත්වය හා බලය වර්ධනය කරන යමක්වේද, කුමන යහපතක් එහි ගැබ් වුවද එය ඔබට පාපයක් වේ". කිතුණු දිවියේ එක් ඉලක්කයක් වන්නේ මාංසය අභිබවා ආත්මය ජයග්‍රහනය කිරිම සහ ජීවිතයේ වෙනස්වීමය. එයින් දෙවියන් වහන්සේ ඉදිරියෙහි ධර්මිෂ්ඨ දිවිය ප්‍රකාශවනවා ඇත.

පොර බැඳීම / අරගලය කෙතරම් සත්‍යය වුවද (බයිබලය ඉතාමත් පැහැදිලි ලෙස පෙන්නුම් කරන) කිතුණුවන්ට ඇති සහතිකය නම් අවසානයේ දෙවියන් වහන්සේ මාංසය අභිබවා ජය දෙන බවය. " නුඹලා තුළ යහපත් වැඩක් පටන්ගත් උන්වහන්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දවස දක්වා ඵ්ක සම්පූර්ණකරන සේකැයි යන මේ විශ්වාසය ඇතුව සිටිමි" (පිලිප්පි 1:6).

English



නැවතත් සිංහල මුල් පිටුවට

මාංශය යනු කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries