settings icon
share icon
ප්‍රශ්නය

දේව වචනය හා සම්බන්ධ ආත්මික දීමනා ලැයිස්තුවක් තිබේද?

පිළිතුර


සැබවින්ම “ශුද්ධාත්මයාණන්වහන්සේගේ දීමනා” නම් වූ ආත්මික දීමනා යන නමින්ද හඳුන්වනු ලබන දේව වචනය හා සම්බන්ධ ලැයිස්තු තුනක් තිබේ. ආත්මික දීමනා විස්තර කරනු ලබන ප්‍රධාන පාඨයන් තුන රෝම 12:6–8; 1 කොරින්ති 12:4–11; සහ 1 කොරින්ති 12:28 හී සදහන් වේ. රෝම 12 හි හඳුනාගෙන ඇති ආත්මික දීමනා නම් අනාගත වචන කීම, සේවය කිරීම, ඉගැන්වීම, උපදෙස් දීම, අන්‍යයන්ට දීමල ආණ්ඩු කිරීම සහ කරුණාව පෙන්වීමය. 1 කොරින්ති 12:4–11හී සදහන් ලැයිස්තුව නම් ප්‍රඥාවේ වචනය, දැනගැන්මේ වචනය, ඇදහිල්ලල සුව කිරීමේ දීමනාව, ආශ්චර්ය කිරීමේ බලය, ධර්ම වාක්‍යය කීම, ආත්ම විමසීම, නානා වර්ග භාෂා සහ භාෂා තේරුම් කර දීම. මෙම සෑම දීමනාවක් පිළිබදව කෙටි විස්තරයක් පහත සදහන් වේ:

අනාගත වචන – මෙම පාඨයන් දෙකෙහිම සදහන් “අනාගත වචන කීම” නොහොත් “අනාගත වචන” යන ග්‍රීක භාෂාවෙන් පරිවර්තනය කරන ලද වචනයෙහි නිසි අර්ථය වනුයේ ඉදිරියට විත් කථා කිරීම නොහොත් දේව කැමැත්ත ප්‍රකාශ කිරීම, දෙවියන්වහන්සේගේ අරමුණ පහදා දීම හෝ ජනතාවට බලපෑමක් ඇති කිරීමට දෙවියන්වහන්සේගේ සත්‍යය කුමණ ආකාරයකින් හෝ දන්වා සිටීමයි. අනාගතය කිමේ අදහස මධ්‍යය යුගයේ එකතු කරන ලද්දක් වූ අතර එය පේන කීම සහ අනාගතය පිළිබදව අනාවැකි පල කිරීම පරිබව කරන්නාවූ වෙනත් බයිබල් පාඨ වලට සෘජුවම පටහැනි වේ (ක්‍රියා 16:16–18)

සේවය කිරීම – “උපස්ථාන කිරීම” ලෙසද හඳුන්වනු ලබයි. “ද්‍යාකෝනින්” යන ග්‍රීක වචනයෙන් පැවත එන ඉංග්‍රීසි භාෂාවෙන් “ඩීකන්” යන නමින් හඳුන්වන්නෙහි අර්ථය නම් ඕනෑම ආකාරයක සේවයකිග එනම් ප්‍රායෝගික උපකාර පුළුල් ලෙස අදාල කිරීමවේ.

ඉගැන්වීම – මෙම දීමනාම සම්බන්ධ වන්නේ දේව වචනය විශ්ලේෂණය කිරීම සහ ප්‍රකාශ කිරීම, අසන්නාගේ ජීවිතට අර්ථය, පෙළ යෙදුම සහ අදාල කිරීම තේරුම් කර දීමේ. දීමනාවන් ඇති ගුරුවරයා නම් විශේෂයෙන් ඇදහිල්ලේ ඉගැන්වීම ආදියට පැහැදිලිව උපදෙස් දීම සහ දැනුම සන්නිවේදනය කිරීමට අද්විතීය හැකියාවක් ඇති කෙනෙකි.

උපදෙස් දීම–“අනුශාසනා දීම” යන නමින්ද හඳුන්වන් ලබන අතරම නිරතුරුවම අන්‍යයන්ට දෙවියන්වහන්සේගේ සත්‍යය අනුගමනය කිරීමට ඉල්ලා සිටිනවුන් තුළ මෙම දීමනාව ප්‍රත්‍යක්ෂය. මෙතුළින් අන්‍යන්ව නිවැරදි කිරීම හෝ දුර්වල වූ ඇදහිල්ල ශක්තිමත් කිරීමෙන් ගොඩ නැගීම හෝ බලවත් හිරිහැරයන් තුළින් යන කළ සැනසීම ලබා දීම ආදිය දෑ සම්බන්ධ විය හැක.

අන්‍යයන්ට දීම – කුලතාපූර්ණව අන්‍යයන්ට දෙනු ලබන්නන් වූ කලී තමන් සතු දේ අන්‍යයන් හා සමග ප්‍රීතියෙන් බෙදාගන්නවුන් වන අතර ඒවා මූල්‍යමය, ද්‍රව්‍යයමය හෝ පෞද්ගලික කාලය සහ අවධානය ලබා දීම ආදීය විය හැක. අන්‍යයන්ට දෙනු ලබන්නා අන්‍යයන්ගේ අවශ්‍යතා පිළිබද උත්සුක වන සහ අවශ්‍යතාවන් පැන නගින කල ඔවුන් හා සමග භාණ්ඩල මුදල් සහ කාලය ආදී දේ බෙදා ගැනීමට අවස්ථාවන් සොයති.

ආණ්ඩු කිරීම – කුලතාපූර්ණ නායකයා වූ කලී සභාවේ සෙනග පාලනය කරනු ලබනල මුලසුන ගනු ලබන සහ කළමනාකරණය කරනු ලබන කෙනෙකි. චචනානුසාරයෙන්ම එහි අර්ථය “මග පෙන්වන්නා” වන අතරම දැවැන්ත නෞකාවක් සුක්කානමකින් පදවන තැනැත්තා යන අදහසද ඒ හා සමගම ඇතිවේ. ආණ්ඩු කිරීමේ දීමනාව ඇති තැනැත්තා පාලනය කරනු ලබන්නේ ප්‍රඥාවෙන් සහ කරුණාවෙන් වන අතර තම ජීවිතය ආදර්ශමත් ලෙස ගත කිරීම හේතුවෙන් ආත්මයාණන්වහන්සේගේ ඵල ප්‍රදර්ශනය කරනු ලබයි.

කරුණාව පෙන්වීම – උපදෙස් දීමේ දීමනාව හා සමග සම්පව බැඳී හෙයින් කරුණාවේ දීමනාව, ව්‍යසනයට පත්වූ අය කෙරෙහි අනුකම්පා දක්වන අය තුල පැහැදිලි ලෙස දක්නට ලැබෙන අතර ඔවුන්ගේ අනුවේදතාවය සහ සංවේදීතාවය, කැමැත්ත සහ සම්පත් හා සමග හවුල් කර ගනිමින් එකී අයගේ දුක් ගැහැට අවම කිරීමට කාරුණිකව සහ සතුටු සිතින් ක්‍රියා කරති.

ප්‍රඥාවේ: වචනය – මෙම දීමනාව ප්‍රඥා “වචනය” ලෙස විස්තර කර තිබීමේ කාරණය නම් එතුළින් අගවනු ලබන්නේ එය කථාමය දීමනාවක් බවය. දේව වචනයේ සත්‍යයතාවයන් වටහා ගෙන ඒවා කථා කරමින් සහ ජීවිතයේ තත්වයන් වලට සියුම් නුවණකින් යුක්තව දක්ෂ ලෙස අදාල කර ගනු ලබන පුද්ගලයකුව මෙම දීමනාව තුළින් විස්තර කරනු ලබයි.

දැනගැන්මේ වචනය – මෙයද තවත් කථාමය දීමනාවක් වන අතර එය සම්බන්ධ වනුයේ දෙවියන්වහන්සේගේ එළිදරව් කිරීම් තුළින් පමණක් එනු ලබන විනිවිද දක්නා ඥාණයකින් යුක්තව සත්‍යය තේරුම් ගැනීමය. දැනගැන්මේ වචනය නමැති දීමනාව ඇත්තවුන්ට දෙවියන්වහන්සේගේ ගැඹුරු දේවල් සහ උන්වහන්සේගේ වචනයේ අභිරහස් වටහා ගත හැක.

ඇදහිල්ල – සියලූ ඇදහිලිවන්තයන් යම් ප්‍රමාණයකට හෝ ඇදහිල්ල අත්පත් කර ඇත්තේ ඇදහිල්ලෙන් ක්‍රිස්තුස්වහන්සේ වෙතට එනු ලබන සියල්ලන්ටම ආත්මයාණන්වහන්සේ මගින් පිරිනමනු ලබන්නක් හෙයිනි (ගලාති 5:22–23). ඇදහිල්ල නමැති ආත්මික දීමනාව ප්‍රදර්ශනය කරනු ලබන්නේ දෙවියන් වහන්සේ තුළ, උන්වහන්සේගේ වචනය තුළල එතුමන්ගේ පොරොන්දු තුළ සහ ආශ්චර්‍යයන් කිරීමට යාච්ඤාවේ බලයක් ඇති ශක්තිමත් සහ නොසෙල්වෙන උසස් බලාපොරොත්තුවක් ඇති පුද්ගලයෙකුය.

සුව කිරීමේ දීමනාව – දෙවියන්වහන්සේ වර්තමානයේ තවමත් සුව කරන නමුත් මනුෂ්‍යයන්ට ආශ්චර්‍යය ජනක සුවයන් උපදවිමට ඇති හැකියාව අයත් වූයේ පළමුවන සියවසේ සභාවේ සිටි අපෝස්තුළුවරුන්ට වන අතර එතුළින් ඔවුන්ගේ පණිවුඩය දෙවියන්වහන්සේගෙන් බව තහවුරු කිරීමටය. වර්තමානයේ කිතුණුවන්ට රෝගීන්ව සුව කිරීමට බලයක් හෝ මළවුන් නැගිටුවීමට බලයක් නොමැත. ඔවුන් එසේ කළේ නම් අරෝග්‍යශාලාවන් සහ ශවශාලාවන් මෙවන් දීමනාවන් වලින් හෙබි අයවලූන්ගෙන් පිරී ඉතිරී සෑම තැන්හිම යහන් සහ මිනී පෙට්ටි හිස් කරනු ඇත.

ආශ්චර්ය කිරීමේ බලය – ආශ්චර්ය කිරීම ලෙසද හඳුන්වනු ලබන මෙය දෙවියන්වහන්සේගේ බලය පමණක් උපලක්ෂණය කරනු ලබන අධිස්වභාවික සිදුවීම ඇති කරන්නාවූ තවත් තාවකාලික ලකුණුමය දීමනාවකි. (ක්‍රියා 2:22) මෙම දීමනාව පාවුළු විසින් (ක්‍රියා 19:11–12), පේත්‍රැස් විසින් (ක්‍රියා 3:6), ස්තේඵන් විසින් (ක්‍රියා 6:8) සහ පිලිප් විසින් (ක්‍රියා 8:6–7)අන් අය අතර ප්‍රදර්ශනය කරන ලදී.

ආත්ම විමසීම:පැහැදිලි ලෙස දැකීම– – ඇතැම් පුද්ගලයින්ට අද්විතීය හැකියාවක් උරුම වී ඇත්තේ සාතන් එනම් වංචාකාරයාගේ කූට සහ වැරදි සහගත ඉගැන්වීම් සැපයීම් වලින් දෙවියන්වහන්සේගේ සත්‍යයවූ පණිවුඩය නිර්ණය කරනු වස්ය. යේසුස්වහන්සේ විසින් ප්‍රකාශ කරනු ලැබුවේ බොහෝ දෙනෙක් උන්වහන්සේගේ නාමයෙන් පැමිණ මුළා කරනු ලබන බවත් (මතෙව් 24:4–5) එනමුත් ආත්ම විමසීමේ දීමනාව සභාවට දෙනු ලබන්නේ මෙවන් කාරණා වලින් එය ආරක්ෂා කරනු පිණිසය.

නානා වර්ග භාෂා කථා කිරීම – නානා වර්ග භාෂා යන දීමනාව වූ කලී තාවකාලික ලකුණුමය දීමනාවකි. මෙය මුල් සභාවට දෙනු ලැබුවේ සුභාරංචිය ලොව මුළුල්ලේ සියලූ ජාතීන්ට සහ සෑම දන්නා භාෂාවකින්ම දේශනා කරනු පිණිසය. මෙය සම්බන්ධ වන්නේ කථිකයා මීට පෙර නොදැන සිටියාවූ භාෂාවන් වලින් කථා කිරීමට ඇති හැකියාව හා සමගය. මෙම දීමනාව සත්‍යයවත් කරනු ලබන්නේ සුභාරංචි පණිවුඩය සහ දෙවියන්වහන්සේ වෙතින් එනු ලබන ලෙස එය දේශනා කරනු ලැබූවන්ය, “අන්‍ය භාෂාවලින් කථා කිරීමේ විවිධත්වය” යන වාක්‍ය ඛණ්ඩය නොහොත් “අන්‍ය භාෂාවලින් කථා කිරීමේ විවිධ ආකාරය” “පුද්ගලික යාච්ඤා භාෂාව” ආත්මික දීමනාවක්ය යන්න ඵලදායි ලෙස ඉවත් කරනු ලබයි.

භාෂා තේරුම් කර දීම – භාෂා තේරුම් කර දීම නමැති දීමනාව ඇත්තකුට අන්‍ය භාෂා කථා කරන්නකු විසින් කථා කරනු ලබන දේ නොදැන සිටියත් ඔහු කථා කරන්නේ කුමක්ද යන්න වටහා ගැනීමට හැකිවේ. අන්‍ය භාෂා පරිවර්තකයා එවිට අන්‍ය භාෂා කථා කරන්නාගේ පණිවුඩය සෑම කෙනෙකුටම සන්නිවේදනය කරනු ලබන හෙයින් සියල්ලන්ටම තේරුම් ගත හැකිවේ.

උපකාර කිරීම – කරුණාව පෙන්වීමේ දීමනාව හා සමීප සබදතාවයක් ඇති දීමනාව නම් උපකාර කිරමේ දීමනාවයි. උපකාර කිරීමේ දීමනාව ඇත්තන් නමි සභාවේ අන් අයට දයානුකම්පාවෙන් සහ කරුණාවෙන් ආධාර හෝ උපකාර පිරිනැමිය හැකි අයවේ. මෙහි අදාල කිරීමෙි හැකියාව සදහා පුළුල් පරාසයක් ඇතග ඉතා වැදගත් ලෙස මෙහි ඇති අද්විතීය හැකියාව නම් සැකය, බිය සහ අනෙකුත් ආත්මික සටන් හේතුකොටගෙන අරගල කරන්නාවූ අයව හඳුනා ගැනීමය, කරුණාවේ වචනයකින්, අවබෝධයකින් සහ දයානාකමිපිත හැසිරීමක් හා සමග ආත්මික අවශ්‍යතා ඇති අය කරා ගමන් කිරීමත සහ වරද පෙන්වා දෙන සහ ප්‍රේමයෙන් යුක්තවූ ශුද්ධ ලියවිල්ලේ සත්‍යයතාවයන් කථා කිරීම ආදියවේ. English



නැවතත් සිංහල මුල් පිටුවට

දේව වචනය හා සම්බන්ධ ආත්මික දීමනා ලැයිස්තුවක් තිබේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries