.
settings icon
share icon
ප්‍රශ්නය

පූර්ව නිගමන නිදහසට කරුණු කීම රැ පූර්ව නිගමනවාදය නම් කුමක්ද?

පිළිතුර


පූර්ව නිගමන නිදහසට කරුණු කීම වූ කලී කිතුණු ඇදහිල්ල සදහා තාර්කික පදනමක් ඉදිරිපත් කිරීම සහ වෙනත් විශ්ව දර්ශනයන්ගේ තාර්කික දෝෂ නිරාවරණය කිරීමේ විරෝධතාවලින් එය ආරක්ෂා කිරිම අරමුණු කරගත් නිදහසට කරුණු කීමේ ප්‍රවේශයක් වන අතර එසේ හෙයින් යථාර්ථය පිළිබදව ස්ථාවර හැගීමක් ඇති කළ හැකි එකම විශ්ව දර්ශනය දේවවචනානුකූල දේවවාදය බව පෙන්නුම් කිරීමය.

පූර්ව නිගමන නිදහසට කරුණු කීම සාක්ෂ්‍යය භාවිතා කිරීම අවම නොකරන නමුත් එවැනි සාක්ෂ්‍යය සම්ප්‍රදායික ආකාරයෙන් භාවිතා නොකෙරේ - එනම් නොඇදහිලිවන්තයාගේ ස්වයංපාලන හේතුවක් සදහා අධිකාරිත්වයට කරන්නාවූ ආයාචනයකි. කිතුණු විශ්ව දර්ශනයකින් තොරව ස්වයංපාලන හේතුවක් ඇති බවට උපකල්පනය කිරීමට ස්ථාවර පදනමක් නොමැති බව පූර්ව නිගමන නිදහසට කරුණු කීම ධාරණය කරනු ලබයි. නිගාමී හේතුවකට ආයාචනා කිරීමෙන් කිතුණු ධර්මය නිශ්ප්‍රභා කිරීමට භෞතිකවාදීයා උත්සාහ දරණ විට සත්‍යය වශයෙන්ම ඔහු කිතුණු විශ්ව දර්ශනයන් තාවකාලිකව ලබා ගන්නා අතර ඔහු විසින් ප්‍රකාශිත පූර්ව නිගමන වලට අසංගත නොවේ.

නිදහසට කරුණු කීමේ ප්‍රවේශයට ඇති පූර්ව නිගමන කිතුණු සහ කිතුණු නොවන අයට ඇරයුම් කරනුයේ ඔවුන්ගේ ස්වකීය විශ්ව දර්ශනයන් අහ්‍යන්තර විමර්ශණයක නියැලිම සහ මෙලෙස ඒවා අභ්‍යන්තරව සංස්ථායිද එසේ නොවේද යන්න නිර්ණය කළ යුතුවේ. පූර්ව නිගමන නිදහසට කරුණු කීමේ හරය වනාහී කිතුණු නොවන කෙනෙකුගේ විශ්ව දර්ශනය ඔහුව විෂයවාදයට, අහේතුවාදයට මෙන්ම සදාචාරාත්මක ආකූලත්ව තත්වයකට බලපෑමී කරන බව නිදර්ශණය කරන්නාවූ ප්‍රයත්නයකි.

නොඇදහිලිවන්තයාගේ විශ්ව දර්ශනය විෂයමූලිකව අසත්‍යය බැවින් අවශ්‍යයෙන්ම සුවිදර්ශනීය විසංවාදයන් අන්තර්ගතවේ. (නිදසුනක් වශයෙන් ඔහු සදාචාරාත්මක විනිශ්චයන් වල නිරතවන නමුත් ඔහුට කිතුණු රැ දේවවාදී විශ්ව දර්ශනයක් නොමැතිව සදාචාර අත්තනෝමතිකයන්ට ගණන් දීමට නොහැකි බවය). කිතුණු රාමුව තුළ සිටින්නාවූ ඇදහිලිවන්තයාට තාර්කිකත්වය, තර්කශාස්ත්‍රය, ස්වභාවධර්මයේ සදාචාරය, විද්‍යාව යනාදිය පිළිබදව ගණන් දිය හැක්කේ කිතුණු විශ්ව දර්ශනය ශ්‍රේෂ්ඨ යථාර්ථයකට අනුගත වන බැවිනි.

සාරාංශයක් ලෙස ගත් කළ පූර්ව නිගමන නිදහසට කරුණු කියන්නා ලබා දී ඇති විශ්ව දර්ශනයක් අභ්‍යන්තර විවේචනයක යෙදෙන අතර එය අත්තනෝමතික, ඒතුළම අසංගත සහ ඥාව විභාගය සදහා පූර්ව කොන්දේසි හිග බව නිදර්ශණය කරනු ලබයි. පූර්ව නිගමන නිදහසට කරුණු කියන්නාට මෙලෙස නොඇදහිලිවන්තයා විසින් ලබා දෙන ලද වටිනාකමක් ලබා ගත හැකි අතරම ඔහුගේම විශ්ව දර්ශනය සත්‍යයක් නම් එම විශ්වාසයම ආකූල නොහොත් අර්ථ ශූන්‍ය වන බව නිදර්ශණය කල හැකිවේ. පූර්ව නිගමන නිදහසට කරුණු කීම මගින් කිතුණු ධර්මය සනාථ කිරීමට තැත් කරනුයේ ඊට පටහැනිව ඇති අශක්‍යතාවය පිළිබදව නිර්දේශනය කිරීමෙනිග වෙනත් වචන වලින් කිවහොත් කිතුණු විශ්ව දර්ශනය සචේතනික නොහොත් උපව්ඥානාත්මක මට්ටමක පවතීද යන්න පූර්ව නිගමන නොකරන්නේ නම් කිසිවක් සනාථ කිරීමට ශක්‍යතාවයක් නොමැත.

English



නැවතත් සිංහල මුල් පිටුවට

පූර්ව නිගමන නිදහසට කරුණු කීම රැ පූර්ව නිගමනවාදය නම් කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries