settings icon
share icon
ප්‍රශ්නය

වර්තමාන පාප්වහන්සේ හෝ ඉක්බිතිව පත් වනු ලබන පාප්වහන්සේ අන්ත ක්‍රිස්තුස් වේද?

පිළිතුර


අන්ත ක්‍රිස්තුස්ගේ අනන්‍යතාවය පිළිබදව බොහෝ සමපේක්ෂණයන් තිබේ. මෙම සමපේක්ෂණයේ නිරන්තර “ගොදුරක්” නම් රෝමානු කතෝලික සභාවේ පාප්වහන්සේය. රෙපරමාදු ප්‍රතිසංස්කරණ වකවානුවේදී මාටින් ලුතර් සහ අන් සමහර ප්‍රතිසංස්කාරකයන් ඒත්තු ගෙන තිබුනේ එවකට සිටියාවූ පාප්වහන්සේ අන්ත ක්‍රිස්තුස් බවටය. දෙවන යොහාන් පාවුළු සහ දහසය වන බෙනඩික්ට් යන පාප්වහන්සේ වරුන් හඳුනාගෙන තිබූයේ අන්ත ක්‍රිස්තුස් ලෙසයග වර්තමාන පළමුවන ප්‍රැන්සිස් පාප්වහන්සේ ඒ හා සමාන ජනප්‍රිය ඉලක්කයක් වනු ඇත. ඒ මන්ද? පාප්වහන්සේ අන්ත ක්‍රිස්තුස් බවට අගවන යම් කරුණක් දේව වචනයේ සදහන් වී තිබේද?

පාප්වහන්සේ අන්ත ක්‍රිස්තුස් විය හැකි බවට ඇති සමපේක්ෂණය පරිශ්‍රමණය වන්නේ එළිදරව් 17:9 වටාය. දුෂ්ට අවසාන කාල ක්‍රමයෙහි විස්තර කිරීම සංකේතවත් කරනු ලබන්නේ මෘගයකු මත ගමන් ගන්නාවූ ස්ත්‍රියක් මගිනි. එළිදරව් 17:9 හී ප්‍රකාශ කරනු ලබන්නේ “ප්‍රඥාව ඇති සිත මෙහිය. හිස් සත නම් ස්ත්‍රිය වාඩිවී හිදින කඳු සතය.” පුරාතන යුගයේ රෝමය නමැති නගරය “කඳු සතක් මත ඇති නගරය” ලෙස හඳුන්වනු ලැබුවේ නගරය වට කරනු ලැබූ කැපී පෙනෙන කඳු සතක් තිබූ හෙයිනි. එසේ හෙයින් සිතුවිලි ගමන් කරනු ලබන්නේ අපට කෙසේ හෝ මෙය රෝමය හා සම්බන්ධ වූවක් බවටය. එසේ හෙයින් දුෂ්ට අවසාන කාලයේ ක්‍රමය රෝමය හා බැදී පවතී නම් ඉතාලියේ කේන්ද්‍ර ගත වී ඇති රෝමානු කතෝලික සභාව හා සමග ඇති විභව සම්බන්ධතාවය පිළිබදව අපට සිතා ගත හැක. දේව වචනයේ ඇති අනේක පාඨයන් අවසාන කාලයේදී අන්ත ක්‍රිස්තුස් ව්‍යාපාරය වෙත මග පෙන්වනු ලබන “අන්ත ක්‍රිස්තුස්” පිළිබදව විස්තර කරනු ලබයි (දානියෙල් 9:27; 2 තෙසිලෝනික 2:3–4; එළිදරව් 13:5–8). එහෙයින් දුෂ්ට අවසාන කාලයේ ලෝක ක්‍රමය ඉතාලියේ කේන්ද්‍ර ගත වී සහ තනි පුද්ගලයකු මගින් මෙහෙයවනු ලබයි නම් පාප්වහන්සේ එසේ විය හැකි අපේක්ෂකයෙකු බවට පත්වේ.

කෙසේ නමුත් බොහෝ බයිබල් විචාරකයින් ප්‍රකාශ කරනු ලබන්නේ ස්ත්‍රිය කතෝලික සභාව නොවිය හැකි සහ කඳු සත රෝමය ලෙස හැදින්විය නොහැකි බවය. ඔවුන් විසින් මෙම කාරණය සදහන් කරනු ලබන්නේ මෘගයකු මත ගමන් ගන්නාවූ ස්ත්‍රිය බබිලෝනිය නගරය ලෙස එළිදරව් 17–18 හී පැහැදිලිව හඳුනාගනු ලබන හෙයිනි (බබිලෝනිය පුරාතන නගරය පිහිටා තිබූයේ වර්තමානයේ බැග්ඩෑඩ් නුවර ආශ්‍රිතවය). ඊට අතිරේකීව 10 වන පදයෙහි සදහන් කරනු ලබන්නේ කඳු සත රජවරුන් සත් දෙනෙකු එනම් ඉන් පස් දෙනෙකු “වැටී ගියෝය එක්කෙනෙක් දැන් සිටින්නේය අනින් තැනැත්තා තවම ආවේ නැත” ලෙසය. පැහැදිලිවම මෙය රෝමයේ කඳු සත ලෙස හැදින්විය නොහැක. ඒ වෙනුවට රජවරුන් සත් දෙනෙකු මගින් පාලනය කරනු ලබන ලෝක අධිරාජ්‍යයන් සත පිළිබදව යොමු කිරීමකි. එළිදරව් වකවානුවෙහි ලෝක අධිරාජ්‍යයන් පස් දෙනෙකු තිබී නැතිවී ගොස් තිබිනි-එනම් ඊජිප්තුව, අසිරියාවල බබිලෝනිය, මෙදෝ පර්සියාව සහ ග්‍රීසියයි. පවතිනු ලැබුවේ එක රෝමයක් වන අතර අන්ත ක්‍රිස්තුස්ගේ ලෝක අධිරාජ්‍යය තවමත් පැමිණ නොමැත.

අන්ත ක්‍රිස්තුස් කොයි කවුරුන් වූවත් වැදගත් කාරණය නම් ඔහුගේ පැමිණීම පිළිබදව අනතුරු අගවා තිබීම සහ ඔහුව සහ ඔහුගේ ආත්මය සතුව ඇති අන් සියල්ලන්ව හඳුනා ගැනීමය. 1 යොහාන් 4:2–3 හී අපට පවසන්නනේ අන්ත ක්‍රිස්තුස්ගේ ආත්මය හඳුනා ගන්නා ආකාරයය: “මෙයින් නුඹලා දෙවියන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ දැන ගන්නහුය. එනම් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මාංශයෙන් යුක්තව ආ බව ඒත්තු ගන්නාවූ සෑම ආත්මයෝ දෙවියන්වහන්සේගෙන්ය. යේසුස්වහන්සේ ඒත්තු නොගන්නාවූ සියලූ ආත්මයෝ දෙවියන්වහන්සේගෙන් නොවෙති.” වර්තමාන පළමුවන ප්‍රැන්සිස් පාප්වහන්සේ විසින් යේසුස්වහන්සේ දෙවියන්වහන්සේගෙන් පැවත එනු ලබන තැණන්වහන්සේ බවත් උන්වහන්සේ මාංශයෙන් යුක්තව පැමිණුන බවත් පිළිගනු ලබයි (1 යොහාන් 4:2 බලන්න). අප පළමුවන ප්‍රැන්සිස් පාප්වහන්සේ හා සමග කතෝලික ඉගැන්වීම් පිළිබද නොයෙක් අංශ කෙරෙහි එකග නොවන අතරම යේසුස් ක්‍රිස්තුස්වහන්සේ නම් පුද්ගලයා පිළිබදව ඔහුගේ මතය දේව වචනය හා අනුකූලවේ. එසේ හෙයින් පළමුවන ප්‍රැන්සිස් පාප්වහන්සේ අන්ත ක්‍රිස්තුස් යයි විශ්වාස කිරීම අපහසු කරුණකි. පාප්වහන්සේ කෙනෙකුට අන්ත ක්‍රිස්තුස් වීම විය හැකි කරුණක් ලෙස අප විසින් විශ්වාස කරනු ලැබුවත් එය ආධානගාහී කිරීම පිණිස නියත ප්‍රමාණවත් තොරතුරු දේව වචනය තුළින් ලබා නොදේ. ඉදිරි අනාගතයෙහි යම් පාප්වහන්සේ කෙනෙකු ඉතා හොදින්ම අන්ත ක්‍රිස්තුස් හෝ අන්ත ක්‍රිස්තුස්ගේ ව්‍යාජ ප්‍රොපේතවරයා විය හැක (එළිදරව් 13:11–17). එසේ නම් මෙම අනාගත පාප්වහන්සේව පැහැදිලිව හද්‍රනාගත හැකි වන්නේ යේසුස්වහන්සේ මාංශිකව පැමිණෙන බවට ප්‍රතික්ෂේප කිරීම තුළිනි.

English



නැවතත් සිංහල මුල් පිටුවට

වර්තමාන පාප්වහන්සේ හෝ ඉක්බිතිව පත් වනු ලබන පාප්වහන්සේ අන්ත ක්‍රිස්තුස් වේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries