දේව වචනයට අනුව බහු විවාහයට සහ ද්වී විවාහයට දෙවියන් වහන්සේ විසින් ඉඩ හැරියේ මන්ද?




ප්‍රශ්නය: දේව වචනයට අනුව බහු විවාහයට සහ ද්වී විවාහයට දෙවියන් වහන්සේ විසින් ඉඩ හැරියේ මන්ද?

පිළිතුර:
බහු විවාහය නම් ප්‍රශ්නය ඉතාමත් සිත් ගන්නා සුළු එකක් වන්නේ වර්තමාන කාලයේ බොහෝ මනුෂ්‍යයන් බහු විවාහය දකින්නේ දුරාචාරය ලෙස වන අතර බයිබලයේ කිසිඳු අවස්ථාවක නිශ්චිත වශයෙන්ම එය පරිභව නොකරන හෙයිනි. බහු විවාහය / ද්වී විවාහය පිළිබඳව බයිබලයේ ප්‍රථම සිද්ධිය නම් උත්පත්ති 4:19 සඳහන් ලාමෙක්ය. ලාමෙක් භාර්යාවන් දෙදෙනෙකු පාවා ගත්තේය. පැරණි ගිවිසුමේ සඳහන් පුරුෂයන් කිහිප දෙනෙකුම බහු විවාහකයන් වූහ. ආබ්‍රහම්, යාකොබ්, දාවිත්, සලමොන් සහ තවත් සමහරක් පුද්ගලයන්ට බහු භාර්යාවන් සිටියහ. දෙවියන් වහන්සේ 2 සාමුවෙල් 12:8 හී දිවැසිවර නාතාන් තුළින් කථා කරමින් කියනු ලැබුවේ දාවිත්ට භාර්යාවන් සහ උප භාර්යාවන් නොසෑහුනේ නම් උන් වහන්සේ දාවිත්ට තවත් දෙන්නට තිබුණි නම්ය. 1 රාජාවලිය 11:3 අනුරූපව සලමොන්ට භාර්යාවන් 700 ද, උප භාර්යාවන් 300 ද (අත්‍යවශ්‍යවම පහත් තරාතිරමේ භාර්යාවන්ය), පැරණි ගිවිසුමේ සඳහන් බහු භාර්යාවනාගේ සිද්ධීන් පිළිබඳව අප කුමක් කරමුද? පිළිතුරු සොයා ගැනීම සඳහා ප්‍රශ්න 3 කි: (1) පැරණි ගිවිසුමේ බහු විවාහයන්ට දෙවියන් වහන්සේ විසින් ඉඩ හැරියේ මන්ද? (2) දෙවියන් වහන්සේ විසින් වර්තමානයේ බහු විවාහය දකිනු ලබන්නේ කෙසේද? (3) එය වෙනස් වූයේ කුමක් හෙයින්ද?

(1) පැරණි ගිවිසුමේ බහු විවාහයන්ට දෙවියන් වහන්සේ විසින් ඉඬ හැරියේ මන්ද? දෙවියන් වහන්සේ බහු විවාහයන්ට ඉඩ හැරියේ මන්ද යන්න බයිබලයේ නිශ්චිත වශයෙන්ම ප්‍රකාශ නොකරයි. දෙවියන් වහන්සේගේ නිශ්චලතාවය පිළිබඳව අප විමර්ශණය කරන විට, සලකා බැලීම පිණිස ප්‍රධාන සාදක කිහිපයකි. පළමුව, ලෝක‍ෙය් නිරතුරුවම පුරුෂයන්ට වඩා ස්ත්‍රීන් සිට ඇත. වර්තමාන සංඛ්‍යා ලේඛණ වලට අනුව ලෝක ජනගහනයෙන් 50.5% ක් පමණ ස්ත්‍රීන් වන අතර පුරුෂයන්ගේ ප්‍රතිශතය 49.5% කි. පුරාණ කාලයෙහි එම ප්‍රතිශතයම වූයේ යයි උපකල්පනය කර එය මනුෂ්‍යයන් මිලියන ගණනකින් ගුණ කළහොත් පුරුෂයන්ට වඩා ස්ත්‍රීන් දස දහස් ගණනකින් වැඩිවේ. දෙවනුව, පුරාණ කාලයෙහි යුධ සටන් විශේෂයෙන්ම දරුණු වූ සහ විශ්වාස කළ නොහැකිතරමකටම අනතුරු උච්ච වී තිබුණි. එහි ප්‍රතිඵලයක් ලෙසද පුරුෂයන්ට වඩා විශාල ප්‍රතිශතයක් ස්ත්‍රීන් සිටින්නට ඇත. තෙවනුව, පීතෘමූලික සමාජයන් හේතුකොටගෙන අවිවාහක කාන්තාවන්ට තමාට අවශ්‍යය දෑ උපයා ගැනීමට බොහෝ සෙයින් අපහසු විය. කාන්තාවන් බොහොමයක් නූගත් සහ පුහුණුව නොලද්දියන් වූහ. කාන්තාවන් තමන්ගේ සැපයීම සහ ආරක්ෂාව සඳහා පියවරුන්, සහෝදරයන් සහ ස්වාමිපුරුෂයන් මත රඳා පැවතුනාහ. අවිවාහක කාන්තාවන් බොහෝ දෙනා ගණිකා වෘතියට හෝ වහල් සේවයට යොමු වී සිටියහ. පුරුෂයන්ට වඩා ස්ත්‍රීන් අතර තිබූ අර්ථාන්විත වෙනස බොහෝ කාන්තාවන්ට අනීෂ්ට තත්වයක් උදා කර දෙන්නට ඇත.

එහෙයින් මෙයින් පෙනී යන්නේ දෙවියන් වහන්සේ විසින් බහු විවාහයට ඉඩ හැරියේ වෙනත් හැටියකින් ස්වාමිපුරුෂයෙකු සොයා ගැනීමට නොහැකි ස්ත්‍රීන්ගේ සැපයිම සහආරක්ෂාව උදෙසා වන්නට පිළිවන. පුරුෂයෙකු බහු භාර්යාවන් ගෙන ඔවුන්ගේ සැපයුම්කරු සහ ආරක්ෂාකරු ලෙස සේවය කරනු ලැබූහ. නියමිත විසඳුම නොවූවත් බහු භාර්ය කුටුම්බයක ජීවත්වීම අනෙකුත් විකල්ප වන ගණිකා වෘතිය, වහල් සේවය හෝ හාමතේ සිටීමට වඩා යහපත්වේ. සැපයීම සහ ආරක්ෂාව යන කරුණු වලට අමතරව බහු විවාහය මනුෂ්‍යය වර්ගයාගේ පැතිරීමට උපකාර වූයේ දෙවියන් වහන්සේගේ ආඥාවක් වන “නුඹලා වනාහි සඵල වෙමින් බෝවෙයල්ලා, පොළොවේ අතීශයින් බෝවී එහි වර්ධනය වෙයල්ලා යයි ඔවුන්ට කීසේක” (උත්පත්ති 9:7) ඉටු කිරීමෙනි. පුරුෂයන්ට ස්ත්‍රීන් කිහිප දෙනෙකුම එකම කාල වකවානුව තුළ ගර්භණී කිරීමට හැකි වූ හෙයින් එක් දරුවෙක් පමණක් එක් වසරක බිහිකරණු වෙනුවට මනුෂ්‍යය වර්ගයාගේ වර්ධනයවීම ඉතා වැඩි විය.

(2) දෙවියන් වහන්සේ විසින් වර්තමානයේ බහු විවාහය දකිනු ලබන්නේ කෙසේද? බහු විවාහයන්ට ඉඩ හැරියත් දෙවියන් වහන්සේ විසින් විවාහයට පරමාදර්ශ කොටගත් සැලැස්මට අනුකල වන්නේ එක විවාහය ලෙස බයිබලය ගෙන හැර දක්වයි. බයිබලයෙහි ප්‍රකාශ වන්නේ දෙවියන් වහන්සේගේ මූල අභිප්‍රාය නම් එක් පුරුෂයෙක් එක් ස්ත්‍රියක් පමණක් විවාහ කර ගැනීමයි. “බැවින් පුරුෂ තෙමේ තමාගේ පියාද මවුද අත්හැර තම භාර්යාවට (භාර්යාවන් නොව) ඇලුම් වන්නේය, ඔව්හූ එක මාංශයක් (මාංශයන් නොව) වන්නෝය”(උත්පත්ති 2:24). උත්පත්ති 2:24 හී විවාහ විස්තර කරනු ලැබූවත්, ඒ තුළ පුද්ගලයන් කීදෙනෙකු ඇතුලත්ද යන්න වෙනුවට ස්ථාවරම භාවිතා වී ඇති ඒක වචනය පිළිබඳව සනිටුහන් කොට ගත යුතු වේ. ද්විතීය කථාව 17:14-20 හී සඳහන් පරිදි රජවරුන් බහු භාර්යාවන් (අශ්වයන් හෝ රත්තරන්) නොගත යුතු බව දෙවියන් වහන්සේ පවසන සේක. රජවරුන් එක විවාහයෙහි පමණක් යෙදිය යුතු යන්න ආඥාවක් ලෙස අර්ථ දැක්විය නොහැකි වූවත්, බහු භාර්යාවන් සිටින බවට නොවළහා කීමෙන් අවබෝධ වන්නේ ඒ කරණකොටගෙන ගැටළු මතුවන බවය. සලමොන්ගේ ජීවිතයෙන් මෙය පැහැදිලිව දක්නට ලැබේ (1 රාජාවලිය 11:3-4).

නව ගිවිසුමේ 1 තිමෝති 3:2, 12 සහ තීතස් 1:6 ට අනුව ආත්මික නායකතාවයට අවශ්‍ය වන සුදුසුකම් වට්ටෝරුව තුළ “එක් භාර්යාවකගේ ස්වාමිපුරුෂයා” වීමත් අන්තර්ගතවේ. නිශ්චිත වශයෙන්ම මෙම සුදුසුකමෙන් අදහස් වන්නේ කුමක්ද යන්න විවාදයට තුඩු දී ඇත්තකි. මෙම වාක්‍ය කාණ්ඩය වචනානුසාරයෙන්ම “එක් කාන්තාවක‍ෙග් පුරුෂයා” ලෙස පරිවර්තනය කළ හැක. මෙම වාක්‍ය කාණඩය අනන්‍යය වශයෙන්ම අදාළ වන්නේ බහු විවාහයට වූවත් නොවූවත්, කුමණ අන්දමකින්වත් බහු විවාහකයෙක් “එක් කාන්තාවකගේ පුරුෂයෙක්” ලෙස සැලකිය නොහැක. මෙකී සුදුසකම් නිශ්චිත ලෙසම ආත්මික නායකත්වය හා බැඳෙන හෙයින් සියළුම කිතුනුවන්ට එය සමව අදාළ කොට ගත යුතුය. සියළුම කිතුනුවන් එහෙයින් නායක තෙමේ නිර්දෝෂවූ, එක භාර්යාවකට පුරුෂයාවූ පමණ දැන හැසිරෙන්නාවූ, සිහියද පිළිවෙලක්ද ඇත්තාවූ ආගන්තුක සත්කාරයට කැමතිවූ උගන්වන්ට සමර්ථවූ කෙනෙක්ව සිටින්නට ඕනෑය. ඔහු බේබද්දෙක් නොවූ, ගහගන්නෙක් නොවූ, ඉවසිලිවන්තවූ ඩබරකාරයෙක් නොවූ, වස්තු තෘෂ්ණාව නැත්තාවූ, තමාගේම පවුල හොඳින් හසුරුවා ගනිමින්, සියලු ආකාර සන්සුන්කම ඇතුව ස්වකීය දරුවන් හික්මවාගන්නාවූ තැනැත්තෙක්ව සිටිය යුතුය (1 තිමෝති 3:2-4) විය යුතු නොවේද? අප ශුද්ධකමට කැඳවනු ලැබූවන් නම් (1 පේත්‍රැස් 1:16) මෙම ප්‍රමුතුයන් වැඩිමහල්ලන්ට උපද්ථායනයන්ටත් ශුද්ධ වේ නම් ඒවා සියල්ලන්ටමද ශුද්ධ වේ.

එපීස 5:22-33 දක්වා සුවාමිපුරුෂයන් හා භාර්යාවන් අතර ඇති සම්බන්ධතාවය පිළිබඳව කථා කරනු ලබයි. ස්වාමිපුරුෂයෙකුට (ඒක වචන) අදාළ කරන විට එය සෑම විටම භාර්යාවකුටත් (ඒක වචන) අදාළ කෙරේ. “පුරුෂයාත් භාර්යාවගේ (ඒක වචන) හිසව සිටියි. තමාගේ භාර්යාවට (ඒක වචන) ප්‍රේම කරන තැනැත්තේ තමාටම ප්‍රේම කරන්නේය. මේ නිසා මනුෂ්‍යයෙක් තමාගේ පියාද මවද අත්හැර, තමාගේ භාර්යාවට ඇලුම් වන්නේ., ඔවුන් දෙදෙනා එක මාංශයක් වන්නෝය. නුඹලා එක් එක්කෙනාත් තමතමාටම මෙන් තමාගේ භාර්යාවට (ඒක වචන) ප්‍රේම කරපල්ලා, භාර්යාවද (ඒක වචන) පුරුෂයාට (ඒක වචන) භය පක්ෂව සිටින්ට බලාගනිල්ලා.” එසේම ඊට සමාන්තරව තිබෙන පාඨයක් වන කොලොස්සි 3:18-19 හී ස්වාමිපුරුෂයන් හා භාර්යාවන් හඳුන්වනු ලබන්නේ බහු වචනයෙන්ය, කොලොස්සි ඇදහිලිවන්තයන් අතර සිටිනවුන්ට පාවුලු මෙසේ ආමන්ත්‍රණය කරන බවට පැහැදිලිය. එයින් කියා පාන්නේ ස්වාමිපුරුෂයෙක් බහු භාර්යාවන් ගත යුක්තක් පිළිබඳව නොව, ඊට ප්‍රතිවිරුද්ධ ලෙස එපීස 5:22-33 හී නිශ්චිත ලෙසම විවාහ සබඳතාව විස්තර කරනු ලබයි. බහු විවාහයට ඉඩ හැරේ නම් ක්‍රිස්තුස් වහන්සේ උන් වහන්සේගේ ශරීරය (සභාව) හී සමග ඇති සබඳතාව පිළිබඳව ඇති මුලු මහත් නිදසුන මෙන්ම සුවාමිපුරුෂ-භාර්යා සබඳතාවද බිඳ වැවේ.

(3) එය වෙනස් වූයේ කුමක් හෙයින්ද? දෙවියන් වහන්සේ විසින් පෙර ඉඩ හැරියාවූ යමකට දැන් ඉඩ හරිනු නොලැබීමට හේතුව විවාහය පිළිබඳව එතුමන්ගේ මූල සැලැස්ම යථා තත්වයට පත් කිරීමයි. ආදමි්සහ ඒව දක්වා පස්සට ගියත් දෙවියන් වහන්සේගේ මූල අභිප්‍රාය වූයේ බහු විවාහය නොවේ. දෙවියන් වහන්සේ එක් ප්‍රශ්නයක් විසඳීමට බහු විවාහයට ඉඩ හැරියත් එය පරමාදර්ශයක් නොවේ. බොහෝ නවීන සමාජයන් හී බහු විවාහයට කිසිසේත්ම අවශ්‍යතාවයක් නොගනී. බොහෝ වර්තමාන සමාජවල කාන්තාවන්ට තමාට උපයා ගැනීමටත් තමාව ආරක්ෂා කර ගැනීමටත් හැකිවේ. මෙතුලින් බහු විවාහයේ එකම “තාත්වික” ලක්ෂණය ඉවත ලනු ලබයි. තවද නූතන ජාතීන් බොහෝමයක්ම බහු විවාහය පිටුවහල් කරනු ලබයි. රෝම 13:1-7 ට අනුව රජයක් විසින් පිහිටුවන ලබන නීතින්ට ගරු කළ යුතු වේ. නීතියට ගරු කිරීමට ශුද්ධ ලියවිල්ලෙන් ලැබෙන එකම අවකාශය නම් ඒවා දෙවියන් වහන්සේගේ ආඥාවන්ට පටහැනිවේ නම් පමණි (ක්‍රියා 5:29). දෙවියන් වහන්සේ බහු විවාහයන්ට ඉඩ හැරීමක් පමණක් කර එයට ආඥා නොකරන හෙයින්, බහු විවාහය තහනම් කරන්නාවූ නීතියක් උත්ථම්භනය කළ යුතු වේ.

බහු විවාහය අදාළ කොට ගත යුතු අවස්ථා වර්තමානයේ තිබේද? එසේ වන්නට පිළිවන, එහෙත් එයට භව්‍ය වෙනත් පිළියමක් සොයා දැන ගැනීමට නොහැකි වේ. විවාහය තුළින් එක් මාංශයක් බවට පත්වීම සහ විවාහයෙහි ඇති එකඟතාවය සහ ඒකත්වය මෙන්ම බහු විවාහය ඇති අනවශ්‍යය භාවය හේතුකොටගෙන, බහු විවාහය දෙවියන් වහන්සේට ගෞරවයක් ගෙන නොදෙන කරුණක් පමණක් නොව එය එතුමන් විසින් නිර්මාණය කරනු ලැබූ විවාහයටද අදාළ නොවන බවට අපගේ ස්ථීර විශ්වාසයයි.



නැවතත් සිංහල මුල් පිටුවට



දේව වචනයට අනුව බහු විවාහයට සහ ද්වී විවාහයට දෙවියන් වහන්සේ විසින් ඉඩ හැරියේ මන්ද?