settings icon
share icon
ප්‍රශ්නය

සහභාවීම සඳහා සභාවක් නොමැති ප්‍රදේශයක කිතුනුවකු වන ඔහු / ඇය ජීවත් වන්නේ නම් කළ යුත්තේ කුමක්ද?

පිළිතුර


කිතුනුවන් නමස්කාර කළ යුත්තේ කවදාද, කොතැනද, කෙසේද යන්න සම්බන්ධයෙන් සීමාවන් පනවා ඇති ප්‍රදේශ ලෝකයේ බොහෝ තිබේ. සමහර රටවල කිසිදු ආකාරයකින් කිතුනු නමස්කාරයට අවසර නැත. සමහර මර්දනකාරී ආණ්ඩු ඔවුන්ගේ ඇදහිල්ල ප්‍රකාශ කිරීම හෝ ක්‍රියාත්මක කිරීම නිසා කිතුනුවන් අත්අඩභගුවට ගෙන මරා දමයි. එවැනි ප්‍රදේශවල වෙසෙන කිතුනුවන් ඕනෑම ආකාරයක සභාවේ වාතාවරණයකින් හා දෙවියන් වහන්සේට සතුරු රටක සිටියදීත් ඇදහිල්ලේ වර්ධනය හා පරිනත බව සහතික කිරීම සඳහා සැලකිය යුතු උත්සාහයක් ගත යුතුය.

බයිබලය හෝ බයිබල් අධ්‍යනයන්ට අදාළ පාඩම් ළඟ තබා ගැනීමට ඉඩ ලැබෙන රටකදී ඉතා උනන්දුවෙන් දිනපතා වචනය අධ්‍යයනය කරීම අත්‍යාවශ්‍ය වෙන අතර විශේෂයෙන් වෙනත් කිතුනුවන සමඟ ඇසුරු කිරීමට නොහැකි නමි එය ඉතා අත්‍යවශ්‍ය වේ. දිනපතා පුද්ගලිකව දේව වචනය අධ්‍යයනය කිරීම සහ යාච්ඤා කිරීම වැදගත් වේ. බයිබලය තහනම් කරනු ලැබූ රටවල සිටින ඇදහිලිවන්තයන්ට අන්තර්ජාලය උපකාර කර ගත හැකිය. බොහෝ වෙබ් අඩවියන් බයිබලය තුළට පිවිසීම සඳහා ආධාර කර ගත හැකිය. එමෙන්ම අන්තර්ජාලය හරහා ඇදහිලිවන්තයන් හා සන්නිවේදනය කිරීමට හා ධෛර්යමත් කිරිමට සබැඳි සාමාචිකත්ව කණ්ඩායම් පවා ඇත. දුර සිට කෙටි තරංග හරහා විකාශනය කළ යුතු වූවත් දේවවචනය උගන්වන ගුවන් විදුලි විකාශනයන් බොහෝ රටවල තිබේ.

තහනම් කළ ප්‍රදේශවල සිටින ඇදහිලිවතුන් සොයා එකට එක්ව දේව වචනය ඉගෙන ගැනීම සඳහා මෙන්ම යාච්ඤාව සඳහාද "භුගත" ගෘහ ශෛල ආරම්භ කළ හැකිය. චීනයේ ගෘහ ශෛල ආරම්භ වීමත් සමඟම ඉතාමත් ශක්තිමත් සහ දීප්තිමත් පීඩා විඳින කිතුනුවන් බිහිවී ඇත. මැද පෙරදිග ඉංග්‍රිසි භාෂාව කතා කරන කම්කරුවන් අතර දෙවියන් වහන්සේගේ වචනයට ඉමහත් කුසගින්නක් හට ගෙන ඇති බව භුගත ගෘහ භෛල ආරම්භ කරන ලද අය සොයා ගෙන ඇත. මෙම විශ්වාසවන්ත ඇදහිලිවන්තයින් සෑම සතියකම තමන් රැස්වීම් පවත්වන ස්ථානය සතිපතා මාරු කරමින් කට වචනයෙන් ආරාධනා දෙමින් ඔවුන්ගේ ඇදහිල්ල තුළ දුෂ්කර කාලයන්හිදී ඉමහත් ලෙස ශක්තිමත්ව වර්ධනය වී ඇත.

දෙවියන් වහන්සේගේ දරුවෙක්ව දෙවියන් වහන්සේගේ ප්‍රේමයෙන් වෙන් කරන්නට කිසිවෙකුටත් නොහැකිය (රෝම 8:38-39). කිතුනුවෙක් අන් ඇදහිලිවතුන් අතරෙන් හුදෙකලා වූ විටද, ඇයට / ඔහුට දෙවියන් වහන්සේස මඟ ඉතා කිටීටු සමීප සම්බන්ධතාවයක් පවත්වා ගතහොත් දෙවියන් වහන්සේ ඔහු / ඇය ධෛර්යමත් කරමින් හා ශක්තිමත් කරමින් ගොඩ නඟනවා ඇත. ඇදහිලිවතුන්ට අප තුළ වාසයකරන ශුද්ධාත්මයාණන් වහන්සේ වන ත්‍යාගය ලබා දී ඇත (එපීස 1:13-14). තර්ජනාත්මක අවස්ථාවන්හිදී සැනසිලිදායකයාණන් වහන්සේ උපකාර කරයි. ක්‍රිස්තියානි ධර්මයේ ඉතියාසය පිරී ඇත්තේ දරුණු පීඩාකාරී කාලවලදී ශක්තිමත්ව ඇදහිල්ලේ රැදුනා වූ ඇදහිලිවන්තයන් ගේ කතාන්දර වලින්ය. ඇදහිලිවන්තයන් තුළ වාසය කරන ශුද්ධාත්මයාණන් වහන්සේ ගේ බලය කිසි විටෙකත් අඩු තක්සේරු කළ නොහැක.

English



නැවතත් සිංහල මුල් පිටුවට

සහභාවීම සඳහා සභාවක් නොමැති ප්‍රදේශයක කිතුනුවකු වන ඔහු / ඇය ජීවත් වන්නේ නම් කළ යුත්තේ කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries