යේසුස් වහන්සේ පිළිබඳව කිසිම දවසක දැන ගැනුමට අවස්ථාවක් නොලැබුනු පුද්ගලයෙකුට කුමක් සිදුවේද? දෙවියන් වහන්සේ තමන් වහන්සේ ගැන නොඇසූ පුද්ගලයෙකුව වරදට පත්කරයිද?




ප්‍රශ්නය: යේසුස් වහන්සේ පිළිබඳව කිසිම දවසක දැන ගැනුමට අවස්ථාවක් නොලැබුනු පුද්ගලයෙකුට කුමක් සිදුවේද? දෙවියන් වහන්සේ තමන් වහන්සේ ගැන නොඇසූ පුද්ගලයෙකුව වරදට පත්කරයිද?

පිළිතුර:
සෑම මනුෂ්‍යයෙකුම දෙවියන් වහන්සේට ගණන් දිය යුතුයි, ඔහු / ඇය උන් වහන්සේ ගැන අසා තිබුනත් නැතත්. බයිබලයේ පැහැදිලිව ප්‍රකාශ කරනවා (එළිදරව් කරනවා) උන් වහන්සේ මේ විශ්වය තුළත් (රෝම 1:20) එමෙන්ම මනුෂ්‍යයන්ගේ හදවත් තුළ (දේශනාකාරයා 3:11). ප්‍රශ්නය නම් මුළු මිනිස් සංහතියම පාපිෂ්ඨයි, අප සියලු දෙනාම උන් වහන්සේ ගැන දැන ගැනීම එපා කර උන් වහන්සේට විරුද්ධව කැරලි ගසයි (රෝම 1:21-23). උන් වහන්සේගේ කරුණාව නොමැති නම්, දෙවියන් වහන්සේ අපගේ පව්කාර ස්වභාවයට අපව විනාශයට හරින්නට යුතුව තිබෙයි. එමෙන්ම උන් වහන්සේ අපට තේරුම් ගැනීමට ඉඩ හරිනවා. උන් වහන්සේ නොමැති මේ ජීවිතය නිෂ්ඵල සහ අවුල් සහගත බවට, මෙය උන් වහන්සේ කරන්නේ උන් වහන්සේව එපා කරන අයට (රෝම 1:24-32).

සත්‍ය වශයෙන්ම කිසිම මනුෂ්‍යයෙක් උන් වහන්සේ ගැන නොඅසා නැත. සිදුවී ඇති දෙය නම් ඔවුන් අසා තිබෙන දේ හා විශ්වය තුළින් පැහැදිලිව පෙනෙන දේ පිළිගැනීම ප්‍රතික්ෂේප කිරීමයි. විතීය කථාව 4:29 ප්‍රකාශ කරනවා එහෙත් එතන සිට නුඹලා නුඹේ දෙවිවූ ස්වාමීන් වහන්සේ සොයමින් නුඹේ මුළු සිතෙන්ද නුඹේ මුළු ආත්මයෙන්ද සොයන්නහු නම් උන් වහන්සේ නුඹට සම්බවන සේක.” මෙම පදයෙන් ඉතා වැදගත් මූල ධර්මයක් අපට උගන්වයි. උන් වහන්සේව සැබැවින් සොයන කෙනෙකුට උන් වහන්සේ සම්බවෙයි. යම් කෙනෙකු උන් වහන්සේ පිළිබඳ දැන ගැනීමට සැබැවින් කැමති නම්, දෙවියන් වහන්සේ උන් වහන්සේව දැන ගැනීමටද ඉඩ හරියි.

ප්‍රශ්නය (ගැටළුව) නම් “තේරුම් ගන්නාවූ කිසිවෙක් නැත, දෙවියන් වහන්සේ සොයන්නාවූ කෙනෙක් නැත” (රෝම 3:11). දෙවියන් වහන්සේ විසින් මනුෂ්‍යයාගේ හදවතේ හා විශ්වයේ තබා ඇති, උන් වහන්සේ පිළිබඳ දැන ගැන්ම මනුෂ්‍යයා විසින් එපා කරයි. ඒ වෙනුවට ඔවුන් ඔවුන්ගේම “දෙවිවරු” නමස්කාර කරයි. උන් වහන්සේ පිළිබඳව නොඇසූ කෙනෙක් නිරයට දැමීම ගැන විවාද කිරීම බොළඳ විහිලුවක්. දෙවියන් වහන්සේ විසින් මේ වන විටත් මනුෂ්‍යයාට එළිදරව් කර ඇති දේ පිළිබඳව මනුෂ්‍යයා උන් වහන්සේට වගකිව යුතු (ගණන් දිය යුතු) වේ. මනුෂ්‍යයා විසින් මෙම සත්‍යතාව ප්‍රතික්ෂේප කරන බව බයිබලය සඳහන් කරයි. එම නිසා දෙවියන් වහන්සේ ඔවුන්ව වරද කරුවන් ලෙසට තීරනය කරයි.

කිසිම දවසක උන් වහන්සේ ගැන නොඇසූ පුද්ගලයෙක් පිළිබඳව වාද කිරීම වෙනුවට අපි කිතුනුවන් වශයෙන් ඔවුන්ට උන් වහන්සේ පිළිබඳව දැන ගැනීමට සැලැස්විය යුතුයි. මුළු විශ්වය පුරාවට උන් වහන්සේගේ ශුභාරංචිය ප්‍රචලිත කිරීමට අප කැඳවා ඇත (මතෙව් 28:19-20; ක්‍රියා 1:8). දෙවියන් වහන්සේ විසින් ස්වභාව ධර්මය හරහා මනුෂ්‍යයාට එළිදරව් කර ඇති දේ ප්‍රකාශ කිරීම මනුෂ්‍යයා එපා කිරීම අප දන්නා කරුණක් වීමම යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරණකොටගෙන ගැලවීම ඇති බව ප්‍රකාශ කිරීමට අප පෙලඹෙනු ඇත. ක්‍රිස්තුස් වහන්සේ කරණකොටගෙන ලැබෙන්නාවූ දේව කරුණාව පිලිගැනීම පමණයි මනුෂ්‍යයෙකුගේ පාප වලට සමාව ලැබෙන්නෙත්, පාතාලය (නිරය) වෙනුවට ස්වර්ගීය ස්ථානයක් ඔහුට හිමි වන්නෙත්.

දෙවියන් වහන්සේ පිළිබඳව කිසිම විටක නොඇසූ පුද්ගලයෙකු දේව කරුණාව ඇති බව සනාත කිරීමට අප උත්සහ දැරුවොත් අපට විශාල ප්‍රශ්නයකට මූණ දීමට සිදුවේ. දෙවියන් වහන්සේ පිළිබඳව නොඇසූ පුද්ගලයෙක් ගැලවීම ලැබුවොත් (සුභාරංචිය නොඇසූ), එසේ නම් කිසිම පුද්ගලයෙකුට සුභාරංචිය නොයැවීම අප වග බලා ගතයුතු වීම එම තර්කයේ යථාර්ථයයි. අපහසුම කාරණාව නම් අප පවසන සුභාරංචිය මනුෂ්‍යයන් විසින් එපා කිරීමයි. එම දේ සිදුවුනොත් එම වෙලාවේදීම ඔහු හෝ ඇය දෙවියන් වහන්සේ විසින් වරද කරුවකු ලෙස ගණන් ගනු ලබයි. සුභාරංචිය නොඇසූ පුද්ගලයන් වරද කරුවන් බවට පත්වේ, එසේ නොවුනොත් ඉවැන්ජලිස්ත සේවයට ඉඩක් නැත. කෙසේ වෙතත් සුභාරංචිය නොඇසූ පුද්ගලයෙක් ගැලවෙනවා නම් සුභාරංචිය පවසා එය ඔවුන් එපා කිරීමෙන් වරදට පත් කිරීම වැනි අවදානම් තත්වයකට යා යුත්තේ ඇයි?



නැවතත් සිංහල මුල් පිටුවට



යේසුස් වහන්සේ පිළිබඳව කිසිම දවසක දැන ගැනුමට අවස්ථාවක් නොලැබුනු පුද්ගලයෙකුට කුමක් සිදුවේද? දෙවියන් වහන්සේ තමන් වහන්සේ ගැන නොඇසූ පුද්ගලයෙකුව වරදට පත්කරයිද?