settings icon
share icon
ප්‍රශ්නය

දේව දූතයන් බොහෝ දෙනෙකුට පව් කළ හැකිද?

පිළිතුර


1 තිමොති 5:21 හී අපට ප්‍රකාශ කරනු ලබන්නේ කලින් නිශ්චය කරගනවත් පක්ෂපාතකමින්වත් කිසිවක් නොකර මේ සියල්ල පවත්වන්ට දෙවියන්වහන්සේද ක්‍රිස්තුස්වහන්සේද තෝරාගත් දේව දූතයන්ද ඉදිරියෙහි නුඹට අණ කරමි. ඔබ තෝරා ගැනීම පිළිබදව කුමන මතය දැරුවත්, දේව වචනයේ පැහැදිලිව සදහන් කරනුයේ ගැළවීම ලබන්නනේ කව්රුන්ද යන්න තෝරා ගනු පිණිස දෙවියන්වහන්සේ සම්බන්ධ වන බවත් – නොහොත් මේ අවස්ථාවේදී දේව දූතයන් අතුරින් කව්රුන් පව් නොකරයිද යනන්ය.

දෙවියන්වහන්සේගේ ශ්‍රේෂ්ඨ තෝරාගැනීම් දේව වචනය පුරාවටම දක්නට ලැබේ: බොහෝ ජාතීන්ගේ පියා වනු පිණිස උන්වහන්සේ ආබ්‍රහම්ව තෝරා ගත් සේක. (උත්පත්ති 17:4–5); උන්වහන්සේගේ විශේෂ සෙනග ලෙස ඉශ්‍රායෙල් ජාතිය තෝරා ගත් සේක. (උත්පත්ති 17:7); යේසුස්වහන්සේ මැණියන් විමට මරියා තෝරා ගත් සේක. (ලුක් 1:35–37); ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ හා සමග වසර තුනක් සිටීමටත් උන්වහන්සේගෙන් ඉගෙන ගැනීමටත් අපෝස්තුළුවරුන් දොළසක් තෝරා ගත් සේක. (මාර්ක් 3:13–19); එසේම පෞද්ගලිකව සහ ඔහුගේ ලිපි තුලින් සුභාරංචිය බොහෝ ජාතීන්ට දීමට උන්වහන්සේ පාවුළුව තෝරා ගත් සේක (ක්‍රියා 9:1–19). ඒ ආකාරයෙන්ම උන්වහන්සේ සෙනගව තෝරා ගනු ලැබුවේ “සියලූ ගෝත්‍ර වලින්ද භාෂාවන්ගෙන්ද සෙනගගෙන්ද ජාතීන්ගෙන්ද” (එළිදරව් 5:9) ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ලට පැමිණෙනු සදහාය. උන්වහන්සේ විසින් තෝරා ගනු ලබන්නන් එතුමන් වෙතට පැමිණෙනු ලබන අතර උන්වහන්සේ කිසිවිටක ඔවුන් පලවා නොහරින සේක.

අපට පෙනී යන්නේ දෙවියන්වහන්සේ දේව දූතයන් අරභයා තීරණයක් ගනු ලැබූ සේක් බවය. දෙවියන්වහන්සේගේ ශුද්ධ දූතයන් “තෝරාපත් කරනු ලෑබූවන්ය”–ඉන් අර්ථවත් වන්නේ දෙවියන්වහන්සේ ඔවුන්ව තෝරා ගනු ලැබ ඇති බවය. සමහර විට දෙවියන්වහන්සේ දේව දූතයන් සියලූ දෙනාට උන් වහන්සේට කීකරු වීමට හෝ නොවීමට එක් වරක් තෝරා ගැනීමක් දෙනු ලැබුවා විය හැක. ඒ කෙසේ වෙතත් පාපයට වැටී ලූසිෆර් අනුගමනය කරනු ලැබූවන් නැතීවූ සහ දඩුවම් නියම කරනු ලැබූවන්ය. දෙවියන්වහන්සේට විශ්වාසවන්තව සිටීමට තීරණය කරනු ලැබූවන් එම තීරණයෙහි සුරක්ෂිතව සිටිනු ලබති. දේව දූතයන් බොහෝ දෙනෙකුට පව් කිරීමට හැකි බව විශ්වාස කිරීමට කිසිඳු හේතුවක් දේව වචනයෙහි අපට දක්නට නොලැබේ. තෝරාගත් අයව සදහටම අහිමි වනු ඇතැයි විශ්වාස කිරීමට හේතුවක් අපට නොමැත.

English



නැවතත් සිංහල මුල් පිටුවට

දේව දූතයන් බොහෝ දෙනෙකුට පව් කළ හැකිද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries