අප විසින් භාර්යාවක් හෝ සුවාමිපුරුෂයෙක් ක්‍රියාකාරි ලෙස සෙවිය යුතුද? නැතහොත් දෙවියන් වහන්සේ විසින් භාර්යාවක් හෝ සුවාමිපුරුෂයෙක් අප වෙතට ගෙන එන තෙක් බලා සිටිය යුතුද?




ප්‍රශ්නය: අප විසින් භාර්යාවක් හෝ සුවාමිපුරුෂයෙක් ක්‍රියාකාරි ලෙස සෙවිය යුතුද? නැතහොත් දෙවියන් වහන්සේ විසින් භාර්යාවක් හෝ සුවාමිපුරුෂයෙක් අප වෙතට ගෙන එන තෙක් බලා සිටිය යුතුද?

පිළිතුර:
ප්‍රශ්න දෙකටම පිළිතුර නම් “එසේය” යන්නයි. මෙම කරුණු දෙක අතර වැදගත් සමතුලිතතාවයක් ඇත. අප වියරු වැටුණුවන් ලෙස භාර්යාවක් හෝ ස්වාමිපුරුෂයෙකු නොසෙවිය යුත්තේ, එය අපගේම අසහාය පරිශ්‍රමය මත පමණක්ම රඳා පවතින්නාක් මෙන් නොවන හෙයිනි. දෙවියන් වහන්සේ යම් කිසි දිනක භාර්යාවක හෝ ස්වාමිපුරුෂයෙකු අපගේ දොරටුව අසලටම ඒමට සලස්වන බවට අකර්මණ්‍ය ලෙස නොසිතිය යුතුය. කිතුනුවන් ලෙස, අප භාර්යාවක හෝ ස්වාමිපුරුෂයෙකු සෙවීමට කාලය පැමිණ ඇතැයි තීරණය කළ විට, එම ක්‍රියා වලිය ආරම්භ විය යුත්තේ යාච්ඤාවෙන්ය. දෙවියන් වහන්සේගේ කැමැත්තට අපගේ ජීවිතය යටත් කිරීම ප්‍රථම පියවර වේ. “ස්වාමින් කෙරෙහි ප්‍රීතිමත් වෙව, උන් වහන්සේද තාගේ සිතෙහි ආශාවන් ඉෂ්ඨ කරන සේක” (ගීතාවලිය 34:4). ස්වාමින් වහන්සේ තුළ ප්‍රීතිමත් වීම යන්නෙන් අර්ථවත් වන්නේ, උන් වහන්සේව දැන හැඳින ගැනීමෙන් ලබන්නාවූ සන්තුෂ්ටිය සහ ඊට ප්‍රති ක්‍රියා වශයෙන් එතුමන් අපවද ප්‍රීතිමත් කරන බවට විශ්වාස කිරීමත්ය. උන් වහන්සේගේ ආශාවන් අපගේ හදවත් තුළ තබන සේක, එලෙසෙම භාර්යාවක හෝ ස්වාමිපුරුෂයෙකු සෙවීමේ සන්දර්භය තුළ එතුමාණෝ අප වෙනු වෙන් ආශා කරන ආකාරය මෙන්ම, එතුමාණන් විසින් හඳුනනු ලබන කෙනෙකුට ආශාවීම අපව තව දුරටත් කුල්මත් කරයි. හිතෝපදේශ 3:6 හී අපට ප්‍රකාශ කරනු ලබන්නේ නුඹේ සියලු මාර්ග වලදී උන් වහන්සේ සලකාපන්න, එවිට උන් වහන්සේ නුඹේ මාවත් සමතලා කරනවා ඇත. ස්වාමිපුරුෂයෙකු සෙවීමේ කාර්‍යයයේදී උන් වහන්සේ හා සමග එකඟ වීමෙන් අදහස් කරනුයේ එතුමන්ගේ පරම කැමැත්තට යටත් වීම සහ එතුමන් විසින් තීරණය කරනු ලබන කුමන දෙයක් වුවද එය අපට අවශ්‍යය වන, උතුම් දේ බවට ප්‍රකාශ කර සිටීමයි.

දෙවියන් වහන්සේගේ කැමැත්තට යටත්වීමෙන් අනතුරුව අප පැහැදිලි කර ගත යුත්තේ, භක්තිමත් භාර්යාවක හෝ ස්වාමිපුරුෂයෙකුගේ ගති ලක්ෂණ සහ අධ්‍යාත්මික මට්ටමෙන් සුදුසු වන කෙනෙකු සොයා ගැනීමෙනි. මෙම සුදුසුකම් පිළිබඳව පැහැදිලි අවබෝධයක් ප්‍රථම කොටම තිබිය යුතු අතර, ඒවාට ඔබින යම්කිසි කෙනෙකු ඉන් අනතුරුව සොයා ගත යුතුය. යම්කිසි පුද්ගලයෙකු සමග “ආලයෙන් බැඳුනු” පසු ඔහු හෝ ඇය අපගේ සහකාරයා වීමට අධ්‍යාත්මිකව සුදුසු නොවන බව අනාවරණය කර ගැනීමෙන්, සිත් වේදනාවක් ඇති වනවා මෙන්ම අප අපවම මහත් අසීරු තත්වයකට පත්කර ගන්නෙමු.

අප විසින් සෙවිය යුතු කරුණු පිළිබඳව දේවවචනයේ සඳහන් වන්නේ කුමක්ද යන්න අප දැන ගැනීමෙන් අනතුරුව, අපට ක්‍රියාකාරි ලෙස භාරායාවක හෝ ස්වාමිපුරුෂයෙකු සෙවීමට ආරම්භ කළ හැකි වන්නේ, දෙවියන් වහන්සේ විසින්ම ඔහුව හෝ ඇයව අප වෙත ගෙන එනු ලබයි යන වැටහීම ඇතිවත්, අප සෙවීමේ ක්‍රියාවලියේ යෙදී සිටින්නේ උන් වහන්සේගේ සම්පූර්ණ කැමැත්ත සහ කාල නියමයට අනුරූපවය යන කරුණු හේතුකොට ගෙනය. අප යාච්ඤා කරන්නෙමු නම් දෙවියන් වහන්සේ විසින් නියම කරනු ලැබූ පුද්ගලයා වෙතට අපව කැඳවා ගෙන යනු ලබන සේක. අප උන් වහන්සේගේ කාල නියමය තෙක් බලා සිටින්නෙමු නම් අපගේ පසුබිම පෞරුෂත්වය සහ අභිප්‍රායන්ට වඩාත්ම ගැලපෙන පුද්ගලයාව දෙනු ලබයි. උන් වහන්සේගේ කාල නියමය අපගේ කාල නියමය නොවූවත්, අප එතුමන් කෙරෙහි සහ එතුමන්ගේ කාල නියමය කෙරෙහි විශ්වාස කළ යුතු වෙමු (හිතෝපදේශ 3:5), සමහර අවස්ථාවලදී දෙවියන් වහන්සේ ලෝකයාට කිසිසේත් විවාහ නොවී සිටින පිණිස කැඳවුම් කරනු ලබන සේක (1 කොරින්ති 7), එනමුත් එවන් තත්වයන්හීදි විවාහය පිළිබඳව ඇති අශාව අප කෙරෙන් බැහැර කොට එය මනාව පැහැදිලි කරන සේක. දෙවියන් වහන්සේගේ කාල නියමය පරිපූර්ණය, එසේම ඇදහිල්ල සහ ඉවසිලිවන්තකම කරණකොටගෙන අපට එතුමන්ගේ පොරොන්දු ලබා ගත හැකි වනු ඇත (හෙබ්‍රෙව් 6:12).



නැවතත් සිංහල මුල් පිටුවට



අප විසින් භාර්යාවක් හෝ සුවාමිපුරුෂයෙක් ක්‍රියාකාරි ලෙස සෙවිය යුතුද? නැතහොත් දෙවියන් වහන්සේ විසින් භාර්යාවක් හෝ සුවාමිපුරුෂයෙක් අප වෙතට ගෙන එන තෙක් බලා සිටිය යුතුද?