මිනිසා දෙවියන් වහන්සේ නොමැතිව ජීවත්වීම?




ප්‍රශ්නය: මිනිසා දෙවියන් වහන්සේ නොමැතිව ජීවත්වීම?

පිළිතුර:
ශතවර්ෂ පුරාවට අදේවවාදීන් හා නාස්තික දෘෂ්ටිකයින් පැවසූ දෙයට පටහැනිව, මිනිසකු දෙවියන් වහන්සේ නොමැතිව ජීවත්විය නොහැක. මිනිසෙකුට ශාරීරික පැවැත්මක් දෙවියන් වහන්සේව නොදැන සිටියත් ලබාගත හැක, නමුත් දේවසත්‍ය නොමැතිව නොවේ.

මැවුම්කරු හැටියට දෙවියන් වහන්සේ මනුෂ්‍ය ජීවිතය උපද්දෙව්වා. මිනිසෙකුට දෙවියන් වහන්සේ නොමැතිව ජීවත්විය හැකි යැයි පැවසීම හරියට ඔරලෝසුවකට හැකියාව තිබෙනවා ඔරලෝසුව සාදන්න නොමැතිව පැවතීමට හෝ කථාන්තරයක් එය පවසන්නා නොමැතිව පවතින බවට සමානය. උන් වහන්සේගේ ස්වරූපයට අපව මවා තිබෙන හෙයින් අප උන් වහන්සේට නය ගැතිය (උත්පත්ති 1:27). අපගේ පැවැත්ම පවතින්නේ දෙවියන් වහන්සේ මතය, උන් වහන්සේගේ පැවැත්ම අප විශ්වාස කලත් නැතත්.

උසුලන්නා හැටියට දෙවියන් වහන්සේ දිගටම පවරා දෙනවා ජීවිතය (ගීතාවලිය 104:10-32). උන් වහන්සේ ජීවිතයයි (යොහන් 14:6), එසේම මුළු මැවිල්ලම උන් වහන්සේගේ බලය මත රඳා පවතී (කොලොස්සි 1:17). දෙවියන් වහන්සේව එපා කරන අයටත් පෝෂණය (නඩත්තුව) දෙවියන් වහන්සේගෙන් ලබයි. “මක්නිසාද උන් වහන්සේ නපුරන්ටත් යහපතුන්ටත් තමන් ඉර උදාකරවන සේක, ධර්මිෂ්ඨයන්ටත් අධර්මිෂ්ඨයන්ටත් වැසි වස්වන සේක” (මතෙව් 5:45). මනුෂ්‍යයෙකුට දෙවියන් වහන්සේ නොමැතිව ජීවත්විය හැකි යැයි පැවසීම හරියට සූරියකාන්ත මලක් ආලෝකය නොමැතිව පැවතීමට හැකිය යන්න හා රෝස මලකට වතුර නොමැතිව පැවතිය හැකි යැයි පැවසීමට සමානය.

ගැලවුම්කාරයා හැටියට, විශ්වාස කරන අයට දෙවියන් වහන්සේ සදාකාල ජීවනය ලබා දෙයි. ක්‍රිස්තුස් වහන්සෙගේ ජීවිතය මිනිසාගේ ආලෝකයවූ (යොහන් 1:4). යේසුස් වහන්සේ ආවේ අපට ජීවනය ලැබෙන පිණිසය “එය අධික ලෙස ලැබෙන පිණිස” (යොහන් 10:10). උන් වහන්සේ කෙරෙහි විශ්වාස කරන සියලු දෙනාට සදාකාල ජීවනය පොරොන්දුවී ඇත (යොහන් 3:15-16). මිනිසා ජීවත්වීමට-සැබවින්ම ජීවත්වීමට-උන් වහන්සේව දැනගත යුතුය (යොහන් 17:3).

දෙවියන් වහන්සේ නොමැතිව, මිනිසාට ශාරීරික ජීවිතයක් පමණක් තිබේ. දෙවියන් වහන්සේ ආදම් සහ ඒව පව්කල දවසේදී ඔවුනට පැවසුවා ඔවුන් “සැබවින්ම මැරෙන” බව (උත්පත්ති 2:17). අප දන්නා පරිදි, ඔවුන් අකීකරු උනා, නමුත් ඔවුන් ශාරීරිකව එදාම මැරුනේ නැත, නමුත් ඔවුන් ආත්මිකව මැරුනා. ඔවුන් තුළ තිබූ යමක් මැරුනා-ඔවුන් දැන සිටි ආත්මික ජීවිතය, දෙවියන් වහන්සේ සමග සහභාගිත්වය, උන් වහන්සේව භුක්තිවිදීමට තිබූ නිදහස, ඔවුන්ගේ ආත්මයේ පිරිසිදු භාවය-සියල්ල නැති විය.

ආදම්, දෙවියන් වහන්සේ සමග සබඳකම් පැවතීමට හා ජීවත්වීමට මවන ලදි, සම්පූර්ණ කායික පැවැත්ම ශාපයට ලක්විය. දෙවියන් වහන්සේ දූවිල්ලෙන් ආදේ මහිමයට පත්වීමට සිතු නමුත් දැන් එය දූවිල්ලෙන් දූවිල්ලට, ආදම්සේ අදටත් දෙවියන් වහන්සේ නොමැති මිනිසා අදටත් පවතිනවා. එවැනි මිනිසුන්ද සතුටින් සිටිනවා දැකිය හැක. සියල්ලට පසු මේ ජීවිතයේ සතුට ප්‍රීතිය මේ ජීවිතයේ තිබේ. නමුත් ඒ සතුට ප්‍රීතිය දෙවියන් වහන්සේ සමග සබඳතාවක් නොමැතිව සම්පූර්ණයෙන්ම ලබා ගැනීමට නොහැකිය.

දෙවියන් වහන්සේව එපා කරන සමහර අය ජීවත්වන ජීවිතය වෙනතකටයාම හා විනෝදාත්මක ලෙස ජීවත්වේ. ඔවුන්ගේ මාංසයවූ ජීවත්වීම කිසිම අර්ථයක් නැති පැවැත්මක් නැති ඒවා ලෙස වේ. බයිබලයේ පවසනවා පාපය තුලද සිටිනවිට යම්තාක් දුරට සතුටක් ලබන බව (හෙබ්‍රෙව් 11:25). නමුත් ප්‍රශ්නය නම් ඒවා තාවකාලිකයි. මේ ලෝකයේ ජීවිතය කෙටිය (ගීතාවලිය 90:3-12). ඉක්මනින් හෝ පසුව, සුචම්ෂකවූ, අකීකරු පුත්‍රයාගේ උපමාවේ අකීකරු පුත්‍රයාසේ, තේරුම් ගන්නවා ලෞකික දෙයට පැවැත්මක් නැති බවට (ලූක් 15:13-15).

දෙවියන් වහන්සේව එපා කරන සියලු දෙනාම හිස්වූ වස්තු සොයන්නෝද නොවේ, කෙසේ වෙතත්, නොගැලවූ බොහෝ අය සිටිනවා විනීතවූ, සන්සුන් ජීවිත-සතුට පිරිපුන් ජීවිත ගත කරන, කෙසේ වෙතත්. බයිබලය සමහර සදාචාරාත්මක මූලධර්ම පවසනවා මේ ලෝකයේ භක්තිවන්තකම, අවංකකම, හික්මවීම, හා තවත්. නමුත් නැවතත් දෙවියන් වහන්සේ නොමැති මිනිසාට ඇත්තේ ටම් ලෝකය පමණි. මේ ජීවිතය හෙමිහිට දිගටම ගියාට එය අපගේ සදාකාල ජීවිතයට සහතිකයක් නොව. පොහොසත් ගොවියාගේ කථාව ලූක් 12:16-21 හී ඇති අවධානය යොමු කරන්න. යේසුස් වහන්සේද පොහොසතා සමග හුවමාරු කර ගැනීම (නමුත් ඉතාම සදාචාර) තරුණ මිනිසෙකු වේ මතෙව් 19:16-23.

දෙවියන් වහන්සේ නොමැතිව, මිනිසා සම්පූර්ණ නැත, මේ මැරෙනසුලු ජීවිතයේදීද. මිනිසා තමාට සමාන මිනිසා සමගද සමාදානයෙන් නොසිටි, මන්ද ඔහුට ඔහු පිළිබඳවද සමානාදනයක් නැත. මනිසාට තම ජීවිතයේ විවේකයක් නැත. මන්ද ඔවුනට දෙවියන් වහන්සේ සමග සමාදානයක් නොමැති නිසා. ප්රීමතිය සතුට ආශාව ඇවිත් ඇතුලාන්ත ක්‍රියාවලියක්, සුතට, ධනය සෙවූ අය පුරාණයේ සිටම තාවකාලික වින්දනයක් පමණක් ලැබුවා. “යමක් වැරදුනා” යන දොස් තැබීමේ හැඟීම සෙලවීමට නොහැකිය. සලමොන් පැවසුවා මේ පොළොවේ කිසිවක් තේරුමක් නැති බවට. ඔහු ඒ පිළිබඳ සොයා බැලීම දේශනාකාරයා පොතේ සඳහන් කරයි.

සලමොන් ඒ ප්‍රඥාව ලබා ගත්තා, ඒ සියල්ලම නිෂ්ඵලයි (දේශනාකාරයා 1:12-18). ධනය ප්‍රීතිය සියල්ල නිශ්ඵල බව ඔහු සොයා ගත්තා (2:1-11), ඥානය පවා නිශ්ඵලයි (2:12-23), හා සැප විඳීමද නිශ්ඵල බව (6 වන පරිච්ඡේදය). සලමොන් නිගමනයකට එනවා ජීවිතය දේව ත්‍යාගයක් බවට (3:12-13) ජීවත්වීමට ඇති ඥානවත්ම ක්‍රමය දේවභය ඇතිව සිටීමයි. “සියල්ල අසනලදි, මුළු කාරණයේ තීන්දුව නම් මේය, දෙවියන් වහන්සේට භයව උන් වහන්සේගේ ආඥා පවත්පාවන්න, මේ වනාහි සියලු මනුෂ්‍යයන්ගේ යුතුකමය. මක්නිසාද යහපත් වේවා, නපුරු වේවා, සියලු ක්‍රියාද සියලු රහස් දේද දෙවියන් වහන්සේ විනිශ්චයට පමුණු වන සේක (12:13-14).

වෙනත් වචනවලින්, ශාරීරික සතුට භුක්ති විඳීමට වඩා දේ ජීවිතයේ තිබේ. යේසුස් වහන්සේ මේ කොටස දිග හිරිනවා උන් වහන්සේ පවසන විට “මනුෂ්‍යයා දෙවියන් වහන්සේගේ මුඛයෙන් නික්මෙන සියලු වචනවලින් ජීවත් වෙනවා මිස රොටි පමණකින් ජීවත් නොවන්නේය” (මතෙව් 4:4). රොටි නොව (ශරීරයට) නමුත් දේවවචනය (ආත්මයට) අපව ජීවත් කරවයි. අපගේ සෑම අසම්පූර්ණ දේවලට පිළිතුරු නොසෙවිය යුතුය. මිනිසාට ජීවිතයේ සම්පූර්ණත්වය ලබා ගැනීමට නම් ඳෙවියන් වහන්සේව තේරුම් ගත යුතුය.

දෙවියන් වහන්සේ නොමැතිවූ මිනිසාගේ ඉරණම-අපායයි. දෙවියන් වහන්සේ නොමැති මිනිසා ආත්මිකව මැරිලා, ඔහුගේ ශාරීරික ජීවිතය නිමාවන විට, ඔහු දෙවියන් වහන්සේගෙන් සදාකාලික වෙන් නෙවා. යේසුස් වහන්සේ තුළ පොහොසත් මිනිසා හා ලාසරුස්ගේ කථාව (ලූක් 16:19-31). පොහොසත් මිනිසා ජීවත් වෙනවා ඉතා සැප පහසු ජීවිතයක් දෙවියන් වහන්සේ ගැන තකන්නේවත් නැතිව. ඒ වගේම ලාසරුස් ඉතා දුක්බර දිවියක් ඳෙවියන් වහන්සේව දැනගෙන සිටිනා අතරම විඳිනවා මේ දෙදෙනාම ජීවිත කලයේදී ගත් තෝරා ගැනීම් වලට ප්‍රතිවිපාක ලබන්නේ මරනෙන් පසුවය. පොහොසත් මිනිසා තේරුම් ගන්නවා, පරක්කු වැඩි බවත්, ලෞකික සැප සම්පතට වඩා දෙයක් ජීවිතයේ තිබෙන බවට. එසේම පාරාදීසයේ ලාසරුස්ව සනසනු ලබනවා, මිනිසුන් දෙදෙනාටම, මේ පොළොවේ කෙටි කාලය තුළ සදාකාලික ජීවිතය ගත කරනා තැන තීරණ විය.

මිනිසා අද්විතීය මැවීමකි. දෙවියන් වහන්සේ අපගේ හදවත් තුළ සදාකාල පිළිබඳ හැගීමක් තබා ඇත (දේශනාකාරයා 3:11), හා ඒ කාලසීමාවක් නැති ඉරණමට පමණයි පුලුවන් දෙවියන් වහන්සේ පිළිබඳ සමිපූර්ණත්වයකට අපව ගෙන ඒමට.



නැවතත් සිංහල මුල් පිටුවට



මිනිසා දෙවියන් වහන්සේ නොමැතිව ජීවත්වීම?