settings icon
share icon
ප්‍රශ්නය

මා මිය ගිය විට ස්වර්ගයට යන බව දැන ගන්නේ කෙසේද?

පිළිතුර


ඔබ ඒකාන්තයෙන්ම දන්නවාද ඔබට සදාකාලික ජීවනයක් තිබෙන බව හා මිය ගිය විට ස්වර්ගයට යන බව? දෙවියන් වහන්සේ ඔබට නිසැකයෙන්ම කියා සිටිනවා! ශුද්ධ බයිබලය ප්‍රකාශ කරන පරිදි, “දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන්ගේ නාමය කෙරෙහි අදහන්නාවූ නුඹලාට මේ දේ මා ලියා එව්වේ නුඹලාට සදාකාල ජීවනය ඇති බව නුඹලා දැන ගන්නා පිණිසය” (1 යොහන් 5 : 13). සිතන්න මේ මොහොතේ ඔබ දෙවියන් වහන්සේ ඉදිරි පිට සිටගෙන සිටින බව, එවිට උන් වහන්සේ ඔබගෙන් විමසනවා, “ඇයි මම ඔබට ස්වර්ගයට යන්න අවසර දෙන්නේ කියා?” ඔබ මොනවද පවසන්නේ? (ඔබට කියන්නට ඇති දේ මොනවාද?). ඔබට මොන පිළිතුරක් දෙන්නද කියා සිතා ගැනීමට අපහසුයි. ඔබ දැන ගැනීමට අවශ්‍යයි දෙවියන් වහන්සේ අපිට මොන තරම් ප්‍රේමය (ආදරය) දක්වනවාද හා නිසැකවම සදාකාලිකත්වය සඳහා අපට සපයා ඇති මාර්ගය ගැන. ශුද්ධ බයිබලය ප්‍රකාශ කරනවා මේ මග, “මක්නිසාද දෙවියන් වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් දෙන තරම් ලෝකයාට ප්‍රේම කළ සේක. එසේ කළේ උන් වහන්සේ කෙරෙහි අදහාගන්න සැම දෙනම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය” (යොහන් 3 : 16).

අපි පළමුව තේරුම් ගන්නට (වටහාගන්නට) අවශ්‍යයි අප ස්වර්ගය වෙතින් ඈත් කර ඇති ගැටළුව කුමක්ද කියා. ගැටළුව නම් මෙයයි - අපේ පාපකාරී ස්වරූපය (ස්වභාවය) නිසා අප දෙවියන් වහන්සේ සමඟ ඇති සම්බන්ධයෙන් ඈත්වීමයි. අපි සියලු දෙනාම පව්කාරයන් ස්වභාව ධර්මයෙන් හා අභිමතය කරණකොටගෙන. “මක්නිසාද සියල්ලෝම පව්කොට දෙවියන් වහන්සේගේ මහිමයෙන් හීනව සිටිති” (රෝම 3 : 23). අපට අපිවම ගලවා ගැනීමට අපහසුයි. “මක්නිසාද ඇදහිල්ල කරණකොටගෙන ඒ අනුග්‍රහයෙන් නුඹලා ගැලවී සිටින්නහුය. එය නුඹලාගෙන්ම නොව දෙවියන් වහන්සේගේ දීමනාවය. කිසිවෙක් පාරට්ටු කර නොගන්න පිණිස ඒක ක්‍රියා වලින් නොවේ” (එපීස 2 : 8-9). අපි මරණයට සහ නිරයට සුදුසුයි. “මක්නිසාද පාපයේ කුලී නම් මරණයය” (රෝම 6 : 23).

දෙවියන් වහන්සේ ශුද්ධයි, සාධාරණයි පාපයට දඬුවම්කරන සුලුයි, නමුත් එතුමා අපට ආදරෙයි, දයාවන්තයි අපේ පාපවලට ක්ෂමාව සලසනවා. යේසුස් ඔබට කියන සේක, “මාර්ගයද සැබෑවද ජීවනයද මමය. මා කරණකොටගෙන මිස කිසිවෙක් පියාණන් වහන්සේ වෙතට පැමිණෙන්නේ නැත” (යොහන් 14 : 6). යේසුස් අප වෙනුවෙන් කුරුසිය මත මරණයට පත් උනා: “මක්නිසාද දෙවියන් වහන්සේ ළඟට අප පමුණුවන පිණිස ධර්මිෂ්ඨවූ ක්‍රිස්තුස් වහන්සේ අධර්මිෂ්ඨයන් උදෙසා පව් ගැන වරක් වධ වින්ද සේක” (1 පේත්‍රැස් 3 : 18). යේසුස් මළවුන්ගෙන් නැගිටවනු ලැබුවා: “උන් වහන්සේ වනාහි අපේ වරද නිසා පාවාදෙනු ලැබ, අප ධර්මිෂ්ඨ කොට ගණන් ගනු ලැබීම සඳහා නැගුටුවනු ලැබූ සේක” (රෝම 4 : 25).

එබැවින් නැවත මුල් ප්‍රශ්නයට යමු - “මා මිය ගිය විට ස්වර්ගයට යන බව දැන ගන්නේ කෙසේද?” පිළිතුර නම් මෙයයි - ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි විශ්වාස කරන්න, ඔබ ගලවනු ලබයි (ක්‍රියා 16 : 31). “නමුත් යම් පමණ දෙනෙක් උන් වහන්සේ පිළිගත්තෝද, එනම් උන් වහන්සේගේ නාමය කෙරෙහි අදහාගන්නෝද, ඔවුන්ට දෙවියන් වහන්සේගේ දරුවන් වෙන්ට උන් වහන්සේ බලය දුන් සේක” (යොහන් 1 : 12). ඔබට සදාකාලික ජීවනය නොමිලේ තෑග්ගක් ලෙස ලබා ගන්නට පුලූවන. “නමුත් දෙවියන් වහන්සේගේ දීමනාව නම්, අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ සදාකාල ජීවනයය” (රෝම 6 : 23). ඔබට දැන් නිවැරදි සාර්ථක සම්පූර්ණ ජීවිතයක් ගත කරන්නට පුළුවන. යේසුස් ඔබට කියන සේක, “මා ආවේ ඔවුන්ට ජීවනය ලැබෙන පිණිසත් එය අධික ලෙස ලැබෙන පිණිසත්ය” (යොහන් 10 : 10). යේසුස් පොරොන්දුවූ පරිදි ඔබට සදාකාලික ජීවනයක් එතුමන් සමඟ ගත කිරීමට පුලුවන්: “මම ගොස් නුඹලාට ස්ථානයක් පිළියෙළ කරමි නම්, මා සිටින තැන නුඹලාත් සිටින පිණිස මම නැවත ඇවිත් නුඹලා මා ළඟට ගන්නෙමි” (යොහන් 14 : 3).

ඔබට යේසුස් ක්‍රිස්තුස් ඔබගේ ගැලවුම්කාරයා ලෙස පිළිගෙන දෙවියන් වහන්සේගෙන් ක්ෂමාව ලබා ගැනීමට අවශ්‍ය නම්, මෙන්න යැදීම සඳහා යාච්ඤාවක්. මෙම යාච්ඤාව හෝ වෙන යම්යාච්ඤාවක් කිරීමෙන් ඔබ ගැලවෙන්නේ නැත. ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි විශ්වාස කිරීමෙන් පමණක් ඔබව පාපයෙන් ගලවා ගත හැක. මෙම යාච්ඤාව ඉතා සරලව දෙවියන් වහන්සේ කෙරෙහි ඔබ දක්වන විශ්වාසය පෙන්වීමටත් ඔබට ගැලවීම ප්‍රදානය කිරීම ගැන ස්තුති කිරීමටත් සුදුසුවේ.

ශුද්ධ දෙවියන් වහන්ස මම ඔබට විරුද්ධව පව් කල බවත්, ඒ සඳහා දඬුවම්ලැබීමට සුදුසු බවත් දනිමි. යේසුස් ක්‍රිස්තුස් මා ලැබිය යුතු දඬුවම රැගෙන ඒ මගින් මට ගැලවීම ඇති බව විශ්වාස කරමි. මම පාපයෙන් මිදී ඔබගේ ගැලවීම කෙරෙහි විශ්වාස කරමි. ඔබගේ අනුග්‍රහය, සමාව සහ සදාකාල ජීවනය ගැන ස්තුතියි. ආමෙන්!

මෙය කියවීමෙන් පසු ඔබ ක්‍රිස්තුස් වහන්සේ පිළිබඳව තීරනයක් ගත්තාද? එසේ නම් මම අද ක්‍රිස්තුස් පිලිගතිමි කියා පහත සඳහන් බොත්තම ක්ලික් කරන්න.

English



නැවතත් සිංහල මුල් පිටුවට

මා මිය ගිය විට ස්වර්ගයට යන බව දැන ගන්නේ කෙසේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries