මැදහත්කාරකමේ යාච්ඤාව නම් කුමක්ද?




ප්‍රශ්නය: මැදහත්කාරකමේ යාච්ඤාව නම් කුමක්ද?

පිළිතුර:
ඉතා සරළව, මැදහත්කාරකමේ යච්ඤාව නම් අන් අය උදෙසා යාච්ඤා කිරීමේ ක්‍රියා වලියයි. පරණ ගිවිසුමේ ආබ්‍රහම්, මෝසස්, දාවිත්, සාමුවෙල්, හෙසකියා, එලියා, යෙරමියා, එසකියෙල් සහ දානියෙල් ගේ සිදුවීමි හමුවේ යාච්ඤාව මැදහත්කරුවෙකුගේ කාර්යභාරය ලෙස සුලභව තිබුණි. අළුත් ගිවිසුමේ ක්‍රිස්තුස් වහන්සේ ප්‍රධාන මැදහත්කරු ලෙස පින්තාරු කර ඇත, මේ හේතුවෙන් සියලු ක්‍රිස්තියානි යාච්ඤාවන්, මැදහත්වීම කරණකෙටගෙන දෙවියන් වහන්සේට ඔප්පු කරනු ලබන්නේ ක්‍රිස්තුස් වහන්සේගෙන් සහා උන් වහන්සේ තුලින්ය. යේසුස් වහන්සේ කුරුසියේ කුරුසපත්වීම කරණකොටගෙන අප සහ දෙවියන් වහන්සේ අතර තිබුණු පරතරය වැසූ සේක. යේසුස් වහන්සෙගේ මැදහත්වීම හේතුකොටගෙන දැන් අපට අනෙක් ක්‍රිස්තියානින් හෝ නැතිවූවන් උදෙසා දෙවියන් වහන්සේට කරන යාච්ඤාව තුළ ඔවුන්ගේ ඉල්ලීම් උන් වහන්සේගේ කැමැත්ත පරිදි ඉෂ්ඨ කර දෙන්නැයි අයැදමින් මැදිහත්වීමට පුලුවන. “මක්නිසාද ඇත්තේ එක දෙවි කෙනෙක් සහ දෙවියන් වහන්සේටත් මනුෂ්‍යයන්ටත් අතරේ එක මැදහත්කර කෙනෙකුත්ය” (1 තිමෝති 2:5). ඔවුන් වැරදිකරුවන් බව තීන්දු කරන්නේ කවරෙක්ද? අප උදෙසා මැරුණෙත්, අප උදෙසා මරණයෙන් උත්ථානවූයෙත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේය, දෙවියන් වහන්සේගේ දකුණු පස වැඩ සිටිමින් අපවෙනුවෙන් මැදහත් වන්නෙත් උන් වහන්සේය” (රෝම 8:34).

දානියෙල් 9 හී අපූරු ආදර්ශමත් මැදහත්කමේ යාච්ඤාවක් සොයා ගන්නට ඇත. සැබෑ මැදහත්කමේ යාච්ඤාවක සියලු මූලධර්ම එහි අඩංගුවී තිබේ (පදය 2) ට එහි ප්‍රතිචාර දක්වයි, ජ්වලිතකම හා ආත්ම පරිත්‍යාගය (පදය 4) තුලින් මනාව විදහා පායි. ආත්මාර්ථකාමි නොවෙමින් දෙවියන් වහන්සේගේ සෙනග සමග හඳුනාගෙන (පදය 5), පාපොච්චාරණයෙන් ශක්තිමත් කර (පදය 5-15), දෙවියන් වහන්සේගේ කල් ක්‍රියාව මත රැඳෙමින් (පදය 4,7,9,15), සහ එහි දරමුණ ලෙස දෙවියන් වහන්සේගේ මහිමය ඇත (පදය 16-19). ක්‍රිස්තියානින්ගේ නුසුදුසුකම හඳුනාගනිමින් සහ ආත්ම පරිත්‍යාගය ඇති හැඟීමකින් යුක්තව, දානියෙල්මෙන් අන් අය උදෙසා අතීශයින් කණගාටුවට පත්ව සහ පසුතැවිලිවූ ස්වභාවයකින් දෙවියන් වහන්සේගේ අභිමුඛයට පිවිසිය යුතුය. “ස්වාමිනි මට ඔබවහන්සේ වෙනුවෙන් අභියෝග කිරීමට අයිතිවාසිකමක් ඇත. කුමක් නිසාද මා ඔබවහන්සේ විසින් තෝරාගනු ලැබූ විශේෂ මැදහත්කරුවෙකු” යි දානියෙල් නොපවසයි. ඒ වෙනුවට ඔහු පවසන්නේ “ඇත්ත වශයෙන්ම මම පව්කාරයෙක්මි” කිසිම දෙයකට අභියෝග කිරීමට මට අයිතිවාසිකමක් නැත කියාය. සැබෑ මැදහත්කාරකමේ යාච්ඤාව බලාපොරොත්තු වන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්ත සහ එය ඉෂ්ඨ වනවා දැකීමට පමණක් නොව අපට එයින් ලැබෙන ප්‍රතිලාභ හෝ අපගේ පාඩුව නොසලකා එය ඉෂ්ඨ වනවා දැකීමටය. සැබෑ මැදහත්කාරකමේ යාච්ඤාව නම් අප අපගේ නොව දෙවියන් වහන්සේගේ මහිමය සෙවීමයි.

මතු සඳහන් වන්නේ අප මැදහත්කමේ යාච්ඤාවන් ඉදිරිපත් කළ යුතු අයගෙන් අඩක් පමණි, උසස් තනතුරු දරණ සියල්ලන්ද (1 තිමෝති 2:2), දේවගැතිවරුන්ද (පිලිප්පි 1:19), සභාවටද (ගීතාවලිය 122:6), මිතුරන්ටද (යෝබ් 42:8) සියලු ගම්වාසීන්ටද (රෝම 10:1), අසනීපවී සිටින්නන්ටද (යාකොබ් 5:14), සතුරන්ටද (යෙරමියා 29:7) අපට හිංසා පමුණුවන්ටද (මතෙව් 5:44), අපව මුලා කරන්නන්ටද (2 තිමෝති 4:16), සහ සියලු මනුෂ්‍යයන්ටය (1 තිමෝති 2:1).

මැදහත්කමේ යාච්ඤා ඉදිරිපත් කිරීමට විශේෂි මැදහත්කාරකමේ දේවගැති ධූරයකට අයත් විශේෂ වූ ගණයේ ක්‍රිස්තියානිවරුන් දෙවියන් වහන්සේ විසින් කැඳවා ඇති බව නූතන ක්‍රිස්තයානින්ගේ හදවත් තුළ ශුද්ධ ආත්මය තැන්පත් වී ඇති අතර දෙවියන් වහන්සේගේ කැමැත්ත පරිදි උන් වහන්සේ අප වෙනුවෙන් මැදිහත් වනවා සේම (රෝම 8:26-27), අපද එකිනෙකා වෙනුවෙන් මැදහත්කාරකම් දැරිය යුතුය. මෙය විශිෂ්ට ක්‍රිස්තියානි ප්‍රභු පිරිසකට සීමා කරගත් වරප්‍රසාදයක් නොවේ. මෙය සියල්ලන්ටම දෙන ආඥාවයි. ඇත්ත වශයෙන්ම කියතොත්, අන් අය උදෙසා මැදහත් නොවීම පාපයකි. “ඇරත් මා විසින් නුඹලා උඳෙසා යාච්ඤා නොකර සිටීමෙන් ස්වාමින් වහන්සේට විරුද්ධව පව් කිරීම මගෙන් දුරුවේවා” (1 සාමුවෙල් 12:23).

සහතික වශයෙන්ම පේදුරු සහ පාවුලු, ඔවුන් උදෙසා මැදහත් වන මෙන් අන් අයගෙන් ඉල්ලා සිටිද්දී, මැදහත්වීමට විශේෂ ලෙස කැඳවුමක් සහිත අයට ඔවුන්ගේ ආයාචනය සීමා නොකළේය. “එබැවින් පේත්‍රැස් හිරගෙයි රැකවල් කරන ලද්දේය. නමුත් සභාව ඔහු උදෙසා දෙවියන් වහන්සේට උදක්ම යාච්ඤා කළාය” (ක්‍රියා 12:5). මේ අවස්තාවේදී ඔහු උදෙසා යාච්ඤා කරනු ලැබුවේ මුලු සභාව වන අතර මැදහත්කාරකමේ දීමනා තිබුනාවූ අය නොවේ. එපීස 6:16-18 හී, එපීසයේ සියළු ඇදහිලිවන්තයන්ට සියලු අවස්තාවලදී සියලු ආකාරයේ යාච්ඤා හා ඉල්ලීම් කෙරෙහි මැදහත්වීම ඇතුලත් ක්‍රිස්තියානි ජීවිතයේ මූලධර්ම ගැන පාවුලු අනුශාසනා කරයි. මැදහත්කාරකමේ යාච්ඤාව සමස්ත ක්‍රිස්තියානි ඇදහිලිවන්තයන්ගේ ජීවිතයේ යුතුකමක් බව පැහැදිලිය.

තවදුරටත් රෝම 15:30 හී පාවුලු සියලු රෝම ඇදහිලිවන්තයන්ගෙන් ඔහු උදෙසා යාච්ඤා කරන මෙන් බලාපොරොත්තු වූහ. ඔහු එලෙසෙම කොලොස්සිවරුන්ටද ඔහු වෙනුවෙන් මැදිහත් වන මෙන් කොලොස්සි 4:2-3 ඉල්ලා සිටියේය. බයිබලය හා සම්බන්ධ කිසිඳු මැදහත්කමේ ඉල්ලීමක් නිශ්චිත පිරිසකට පමණක් කළ හැකි බව කිසිදූ හැඟවීමක් කොතනකවත් සඳහන් කර නොමැත. එය පමණක් නොව අන් අයගෙන් මැදහත්කාරකම බලාපොරොත්තු වන අයට භාවිතා කළ හැකි සියළු උපකාර ඔවුන්ට ගත හැක. මැදහත්කාරකම සඳහා එක්තරා ක්‍රිස්තියානින් පිරිසක් පමණක් ලබා ගත් කැඳවීමක් සහ වරප්‍රසාදයක් යන අදහස බයිබලයට අනුකුලව පදනමක් නොමැත. වඩාත්ම නරක නම් එය නිතරම පුහු අහංකාරකමකට සහ උසස් වූ හැඟීමකට ගෙන යන විනාශකාරි අදහසකි.

දෙවියන් වහන්සේ සියලු දෙනාට මැදහත්කරුවන්වීමට කැඳවයි. දෙවියන් වහන්සේගේ කැමැත්ත නම් සියලු ඇදහිලිවන්තයින් මැදහත්කමේ යාච්ඤාව තුල ක්‍රියාකාරි වීම සර්වබලධාරි දෙවියන් වහන්සේගේ සිහසුන අභියස නිර්භීතව එන්නට පුලුවන්කම ලැබීම කෙතරම් අපූරු සහ උත්කෘෂ්ට වරප්‍රසාදයක්ද!



නැවතත් සිංහල මුල් පිටුවට



මැදහත්කාරකමේ යාච්ඤාව නම් කුමක්ද?