හින්දු ධර්මය යනු කුමක්ද, හින්දු භක්තිකයන් විශ්වාස කරනු ලබන්නේ කුමක්ද?




ප්‍රශ්නය: හින්දු ධර්මය යනු කුමක්ද, හින්දු භක්තිකයන් විශ්වාස කරනු ලබන්නේ කුමක්ද?

පිළිතුර:
හින්දු ධර්මය වූ කලී ආදීයේ සිට දන්නාවූ සැකසුම් වූ ආගමකි. එහි පූජනීය ලිවීම් වලට දින යෙදෙන්නේ ක්‍රි. පූ. 1400 සිට 1500 තෙක්ය. එසේම එය නානාප්‍රකාර සහ සංකීර්ණ වන අතර දෙවිවරු දසලක්ෂ ගණනක් ඇත. හින්දු භක්තිකයන්ට පුළුල් නානාවිධ මධ්‍යය විශ්වාසයන් ඇතිවා සේම බොහෝ නිකායන් තුලද පවතීයි. ලෝකයේ තුන්වන විශාල ආගම වන නමුත් හින්දු ධර්මය මූලිකවම පවතින්නේ ඉන්දියාවේ සහ නේපාලයේය.

හින්දු ධර්මයේ ප්‍රධාන මූල ග්‍රන්ථයන් නම් වේදාස් (මෙය ඉතාමත්ම වැදගත් ලෙස සැලක්) උපනිශදාස්, මහ භාරතය සහ රාමායනය. මෙම ලිවීම වල හින්දු භක්තිකයන් ඔවුන්ගේ විශ්වාසයන් පදනම් කර ගත් බැති ගීත, මන්ත්‍රනයන්, දර්ශණයන්, පූජාවිධි, කාව්‍යයන් අන්තර්ගතවේ. හින්දු ධර්මයේ ඇතුලත් වන අනෙකුත් මූල ග්‍රන්ථයන් නම් බ්‍රහ්මණල සූත්‍ර සහ අරණායක යන ඒවාය.

හින්දු ධර්මය බොහෝ විට බහු දේවවාදී ලෙස අවබෝධ කර ගෙන දෙවි වරුන් 33 කෝටියක් හඳුනා ගෙන ඇතත් ඔවුන්ටම උත්තරීතරවූ එක් දෙවි කෙනෙකු ඇත – එනම් බ්‍රහ්මාය, බ්‍රහ්මා වූ කලී යථාර්ථයේ සෑම කොටසකම වාසය කරන්නාවූ මුළු විශ්වය පුරාවටම පවතින්නාවූ භාවයකිග බ්‍රහ්මා අපුද්ගල සහ අවිඥෙයය සහ නිතරම විශ්වාස කරනු ලබන්නේ විවික්ත ආකාර 3 කින් පවතින බවය. බ්‍රහ්මා – නිර්මාතෘ; විශ්නු – ආරක්ෂාකරු; සහ ශිවා – විනාශකරු. බ්‍රහ්මාගේ මෙම “මුහුණස” තවත් බොහෝ එක් එක් එක් ආත්මභවයන් ගෙන්ද හඳුනා ගැනේ. හින්දු දේව ධර්මය සාරංශගත කිරීමට අපහසු වන්නේ විවිධවූ හින්දු ශික්ෂාලයන්හී සියළු දේව ධර්මය පිළිබද ක්‍රියා පිළිවෙලයන් වල පාහේ ඇති මූලද්‍රව්‍යයන් අඩංගුවේ හින්දු ධර්මය;

1) අද්වෛතවාදී විය හැක – පවතින්නේ එක් දෙයක් පමණි: සංකර ශික්ෂාලය

2) සර්වේශ්වරවාදී විය හැක – පවතින්නේ එක් දිව්‍යමය දෙයක් පමණි; එයින් දෙවියන් ලෝකයට අනන්‍යවේ; බ්‍රහ්මණ ධර්මය

3) ඊශ්වරාංශුවාදී විය හැක – ලෝකය දෙවියන්ගේ කොටසකිත රාමානුජා ශික්ෂාලය

4) දේවවාදී – එක දෙවි කෙනෙකි, මැවිල්ලෙන් වෙන්ව පැවතුණාවූත භක්ති හින්දු ධර්මය

අනෙකුත් ශික්ෂාලයන් සෝදිසි කර බැලීමෙන් හින්දු ධර්මය අදේවවාදී, දේවතාවාදී හෝ ශුන්‍යවාදීද විය හැක. “හින්දු” යන නාමයේ මෙතරම් නානාවිධත්වයක් ඇතුලත්ව තිබියදීත් මූලිකවම තමන්ව “හින්දු” බවට පත් කරන්නේ කුමක්ද යන්න කෙනෙකු දැන ගැනීමට කැමැත්තෙන් සිටිනු ඇත. එකම සැබෑ ඵලය නම් විශ්වාස ක්‍රමයක් වේදාස් පූජනීය ලෙස හඳුනා ගනීද නැද්ද යන්නය. එසේ වේ නම් එය හින්දුය. එසේ නොවේ නම් එය හින්දු නොවේය.

වේදාස් යනු දේව ධර්ම ග්‍රන්ථ වලට වඩා දෙයකිගඒවාහී සාරවත් සහ විචිත්‍ර දේව මිත්‍ය කථා සංග්‍රහයක් අඩංගු වේ, මෙය වනාහී ඉතා ඕනැකමින් කථාන්ථර ආකාරයට ආගමික මූලයන් මුදුන්පත් කරගැනීමට මිථ්‍යාවලදේව ධර්මය සහ ඉතිහාසය එකට සමිමිශ්‍ර වූ ආගමික මිත්‍ය කථා සංග්‍රහයකිග දේව මිත්‍ය කථා සංග්‍රහය ඉන්දියාවේ ඉතිහාසයේ සහ සංස්කෘතියේ ඉතාමත් තදින් මුල් බැසගෙන ඇති හෙයින් වේදාස් ප්‍රතික්ෂේප කිරීම සැලකෙන්නේ ඉන්දියාවට විරුද්ධ වීමක් ලෙසය. එසේ හෙයින් යම් ප්‍රමාණයකට හෝ ඉන්දියානු සංස්කෘතිය වැළද නොගන්නෙහි නම් විශ්වාස ක්‍රමයක් හින්දු ධර්මය මගින් ප්‍රතික්ෂේප කරනු ලබයි. එම ක්‍රමය ඉන්දියානු සංස්කෘතිය සහ දේව මිථ්‍ය කථා සංග්‍රහය පිළිගනු ලබයි නම් එය දේව ධර්ම දේවවාදී, ශුන්‍යවාදී හෝ අදේවවාදී වූවත් “හින්දු” ලෙස වැළද ගත හැක. මෙම පරස්පරයන්ට ඇති විවෘත භාවය, ආගමික අදහස් උදහස් තුළ තර්කානුකූල අනුරූපත්වය සහ සහේතුක ආරක්ෂාභාවය සොයන්නාවූ සමහර බටහිර වැසියන්ට හිසරදය් වී ඇත. එහෙත් සාධාරණ වීමට නම්, කිතුණුවන් යාවේ දෙවිඳුන් කෙරෙහි තම විශ්වාසය ප්‍රකාශ කරන විට තව දුරටත් යුක්ති සහගත නොවන නමුත් ප්‍රායෝගික අදේවවාදීන් ලෙසද ඔවුන්ගේ ජීවිත වලින් ක්‍රිස්තුස්වහන්සේ ප්‍රතිෂේධනය කරමින් ජීවත් වෙති. හින්දු භක්තිකයන්ට ගැටුම් වූ කලී අව්‍යාජ තර්කානුකූල පරස්පරවීම්ය. කිතුණුවන්ට ගැටුම් වූ කලී බොහෝ විට සරල කුහකකමකි.

හින්දු ධර්මය මනුෂ්‍ය වර්ගයා දිව්‍යමය ලෙස දකියි. මන්දයත් බ්‍රහ්මා ඔවුන්ගේ සියල්ලයි. හින්දු ධර්මය විසින් සියල්ලන්ම දිව්‍යමය බව තහවුරු කරනු ලබයි. අටිමන් නොහොත් තමා බ්‍රහ්මණයා හා සමග ඒකත්වයෙන් සිටියි. බ්‍රහ්මණයාට පිටතින් ඇති සියළු යථාර්ථය සැලකෙන්නේ හුදෙක් මායාවක් ලෙසය. හින්දු භක්තිකයකුගේ අධ්‍යාත්මික ඉලක්කය නම් බ්‍රහ්මා සමග ඒකත්වයකට පැමිණීමය, එහෙත් තම පෞද්ගලික මායාන්විත ආකාරයෙන් පැවතීම නවතා ලයි. මෙම නිදහස සඳහන් වන්නේ “මෝක්ෂය” ලෙසය. මෝක්ෂය අත්පත් කරගන්නා තෙක් හින්දු භක්තිකයකු විශ්වාස කරනු ලබන්නේ ඔහු හෝ ඇය පුන පුනා පුනරුත්පත්තිය ලබන්නේ ඔහුට හෝ ඇයට සත්‍යයේ: සත්‍යය නම් පැවතෙන්නේ බ්‍රහ්මණයන් මිස පමණක් වෙනත් කිසිවෙක් නොවන බවත්ය– ආත්ම සාත්ෂාත්කරණය කරා කටයුතු කිරීමට හැකි වනු පිණිසයග පුද්ගලයකු පුනරුත්පත්තිය ලැබීම නිර්ණය වන්නේ කර්මය මතය. මෙය ස්වභාව ධර්මයාගේ සමතුලිතභාවය මත පාලනය වන්නාවූ කාරණය සහ ඵලයෙහි මූලධර්මයකිග යමෙකු අතීතයේදී කළ දේ අනාගතයේ වන්නට යන දේට බලපෑමක් සහ අනුරූපත්වයක් ඇති වේල. මන්දයත් අතීතයේ සහ අනාගතයේ ජීවිත එයට ඇතුලත් වන බැවිනි.

මෙය කෙටි සාරංශයක් වූවද පහසුවෙන් දැකිය හැක්කක් නමි, බයිබලය හා සම්බන්ධවූ කිතුණු ආගමට එම විශ්වාස ක්‍රමයේ සෑම අංශයකටම පාහේ හින්දු ධර්මය ප්‍රතිවීරෝධ වන බවය. කිතුණු ආගමට ඇත්තේ පෞද්ගලික සහ දතමනා වූ එක් දෙවි කෙනෙකි: (ද්වීතිය කථාව 6:5, 1 කොරින්ති 8:

6) එයට ඇත්තේ එක් ශුද්ධ ලියවිලි කාණ්ඩයකි; දෙවියන්වහන්සේ ලෝකය සහ එහි ජීවත් වන සියල්ලන්ද මැවූ බවත්: (උත්පත්ති කථාව 1:1, හෙබ්‍රව් 11:3) මනුෂ්‍යයා නිර්මාණය වී ඇත්තේ දෙවියන්වහන්සේගේ ස්වරූපයෙන් බවත් ඔවුන් ජීවත් වන්නේ එක් වරක් බවත්: (උත්පත්ති කථාව 1:27, හෙබ්‍රව් 9:27 – 28) ගැළවීම යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළින් පමණක් බවත්ය. (යොහාන් 3:16, 6:44, 14:6, ක්‍රියා 4:12) හින්දු ධර්මය ආගමක් ලෙස අසාර්ථක වන්නේ යේසුස්වහන්සේ අසහාය ලෙස ශරීරමත් වූ දෙවියන්වහන්සේ – මනුෂ්‍යයා සහ ගැළවුම්කාරයාණන් මෙන්ම මනුෂ්‍යය වර්ගයාගේ ගැළවීමට ප්‍රමාණවත් වන්නාවූ එකම මූලාශ්‍රය බව හඳුනා ගැනීමට අසමත් වන් හෙයිනි.



නැවතත් සිංහල මුල් පිටුවට



හින්දු ධර්මය යනු කුමක්ද, හින්දු භක්තිකයන් විශ්වාස කරනු ලබන්නේ කුමක්ද?