settings icon
share icon
ප්‍රශ්නය

විශාලතම පාපය නම් කුමක්ද?

පිළිතුර


සදාතන අර්ථයකින් බලන කළ කිසිම පාපයක් වෙනත් පාපයකට වඩා විශාල නොවේ. සියලූ පාප අපව දෙවියන්වහන්සේගෙන් වෙන් කරනු ලබන අතර සියලූ පාප වලට කමාව ලබා ගත යුතුවේ. කතෝලික සභාව උගන්වන ආකාරයට "මරණීය" සහ "සුළු" පාප යනුවෙන් "විශාලතම පාපයක්" නොමැත. සෑම පාපයක්ම "මරණීය" පාපයන් වන අතර එක් පාපයකින් පවා වැරදිකරු අධ්‍යාත්මික මරණයට සහ දෙවියන්වහන්සේගෙන් සදාකාලිකව වෙන්වීමට සුදුස්සෙක් බවට පත් කරයි. ඒ අතරම විනිශ්චය දිනයේදී සමහර පාපයන් අනෙක් පාපයන්ට වඩා විශාල දඩුවමක් ලැබිය යුතු බව දේව වචනයෙහි පවසයි (මතෙව් 11:22, 24; ලුක් 10:12, 14).

යොහාන් 19:11හී යේසුස්වහන්සේ එක් පාපයක් "වඩා මහත්" පාපයක් ලෙස (විශාලතම පාපය නොවූවත්) සදහන් කරනු ලැබූ සේක. පොන්තියුස් පිලාත් සමග කථා කරමින් උන්වහන්සේ පිලාත්ට භාර දුන් තැනැත්තා "වඩා මහත්වූ පාපයකට" වැරදිකරු බව පැවසූ සේක. උන්වහන්සේ අදහස් කරනු ලැබුවේ තමන්වහන්සේ මෙසියස්වහන්සේ මෙන්ම දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් ලෙස ඉතා පැහැදිලිවම යොමු කරනු ලබන, එතුමාණන්ගේ ආශ්චර්‍යයන් සහ ඉගැන්වීම් පිළිබද ඉතා ප්‍රබල සාක්ෂ්‍යයන් දැකීමෙන් අනතුරුවත් උන් වහන්සේව පාවා දීම නමැති චේතාන්විත සහ අනුකම්පා විරහිත ක්‍රියාව කරණකොටගෙන යූදස් හෝ කායාපස් හෝ ඕනෑම කෙනෙකු උන්වහන්සේව පිලාත්ට පාවා දීමේ වරදකාරිත්වය පිළිබදවය. මෙය වනාහී යම් අයවලූන් උන් වහන්සේව නොදැන සිටිමට වඩා පාපයකි. මෙයින් ඇගවෙනු ලබන්නේ යේසුස්වහන්සේව දෙවියන්වහන්සේගේ පුත්‍රයා ලෙස දැනගෙන තවමත් උන් වහන්සේව ප්‍රතික්ෂේප කරන අයට උන්වහන්සේ පිළිබද නොදැන සිටින අයට වඩා මහත්වූ දඩුවමක් ලැබෙනු ඇති බවය: "යේසුස්වහන්සේ ඔවුන්ට කියන සේක්: නුඹලා අන්ධයෝ නම් නුඹලාට පාපයක් නැත; නමුත් දැන් අපට පෙනේ යයි නුඹලා කියන නිසා නුඹලාගේ පාපය පවතින්නේයයි ඔවුන්ට කීසේක" (යොහාන් 9:41).

කෙසේ වෙතත් මෙම සිදුවීමි සියල්ලම තුළින් එක් පාපයක් "විශාලතම පාපය" ලෙස සනාථ කරනු නොලබයි. හිතෝපදේශ 6:16-19 වූ කලී දෙවියන්වහන්සේ පිළිකුල් කරන සහ උන්වහන්සේට පිළිකුල් පාප සතෙහි නාමාවලියකි: "උඩගු ඇස්ය, බොරුකාර දිවය, නිදොස් ලේ වගුරුවන අත්ය, දුෂ්ට උපා යොදන සිත්ය, නපුරට දුවන්ට ඉක්මන් වන පාදයෝය, මුසාබස් නික්මවන බොරු සාක්ෂිකාරයාය, සහෝදරයන් අතරේ භේද පතුරවන්නාය," එනමුත් එම පාපයන් සතෙන් කිසිවක් මහත් වූ පාපයක් ලෙස හෝ විශාලතම පාපය ලෙස හෝ හඳුනාගෙන නොමැත.

දේව වචනයෙහි කිසිඳු පාපයක් විශාලතම පාපය ලෙස නම් කොට නැති වූවත් කමාව දිය නොහැකි පාපයක් ලෙස අවිශ්වාසකමේ පාපය සදහන් කරනු ලබයි. අවිශ්වාසයෙන් මිය යන්නාවූ පුද්ගලයාට කමාවක් නොමැත. දේව වචනයෙහි පැහැදිලිව සදහන් වනුයේ දෙවියන්වහන්සේට මනුෂ්‍යය වර්ගයා කෙරෙහි ඇති ප්‍රේමය කරණකොටගෙන "උන්වහන්සේ කෙරෙහි අදහාගන්නාවූ සෑම දෙනම" වෙනුවෙන් ගැළවීමේ මාර්ගයක් එනම් – යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ කුරුසිය මත උන්වහන්සේගේ මරණය සලසා දුන් සේකග (යොහාන් 3:16) කමාව දෙනු නොලබන එකම කොන්දේසිය වන්නේ ගැළවීමේ එකම මාර්ගය ප්‍රතික්ෂේප කරනු ලබන අයවේ. යේසුස්වහන්සේ විසින් ප්‍රකාශ කරනු ලැබුවේ "මාර්ගයද සැබෑවද ජීවනයද මමය. මා කරණකොටගෙන මිස කිසිවෙක් පියාණන් වහන්සේ වෙතට පැමිණෙන්නේ නැත." (යොහාන් 14:6), දෙවියන්වහන්සේ වෙතට සහ ගැළවීම කරා යන මාර්ගය උන්වහන්සේ සහ උන්වහන්සේ පමණක් බව පැහැදිලි කිරීම පිණිසය. ගැළවීමේ එකම මාර්ගය ප්‍රතික්ෂේප කිරීම කමාව දිය නොහැක්කක් වන අතර ඒ ආකාරයෙන් ගත් කළ සියල්ලෙන්ම විශාලතම පාපය එයවේ.

English



නැවතත් සිංහල මුල් පිටුවට

විශාලතම පාපය නම් කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries