ප්‍රශ්නය
මහා ආඥාව යනු කුමක්ද?
පිළිතුර
මහා ආඥාව යනුවෙන් හඳුන්වන්නාවූ දේ කුමක්ද යන්න මතෙව් 28:19–20 හි අඩංගුවේ. එබැවින් නුඔලා ගොස් සියළු ජාතීන් ගෝලයන් කරපල්ලා, පියාණන්ගේත් පුත්‍රයාණන්ගෙත් ශුද්ධාත්මයාණන්ගෙත් නාමයට ඔවුන් බව්තීස්ම කරපල්ලා. මා විසින් නුඔලාට අණ කළ සියල්ලම පවත්වන්ට ඔවුන්ට උගන්වාපල්ලා. මමද ලෝකාන්තිමය දක්වා සෑම කල්හීම නුඔලා සමග සිටිමියි කීසේක. යේසුස් වහන්සේ මෙම ආඥාව අපෝස්තුළුවරුන්ට දෙනු ලැබුවේ ස්වර්ගයට නැගීමට සුළු මොහොතකට ප්‍රථමයෙන් වන අතර එතුළින් ඉඳුරාම සනිටුහන් වන්නේ යේසුස් වහන්සේ උන් වහන්සේගේ අප්‍රාප්තියේදී අපෝස්තුළුවරුන්ගෙන් සහ ඔවුන්ව අනුගමනය කරන්නාවූ සියල්ලන්ලෙන් අපේක්ෂා කළ දේ පිළිබදවය.
ග්‍රීක මූලයට අනුව මතෙව් 28:19–20හි සදහන් වන එකම විශේෂිතම ආඥාව ගෝලයන් කරපල්ලා යන්න වීම සිත්ගන්නා සුළුය. මහා ආඥාව තුළින් අපට උපදෙස් දෙනු ලබන්නේ අප මේ ලොව මුළුල්ලේ ගමන් ගන්නා අතරතර සහ අපගේ දෛනික ක්‍රියාකාරකම් මධ්‍යයේදී ගෝලයන් කරනු ලබන ලෙසයි. අප ගෝලයන් කළ යුත්තේ කෙසේද? යේසුස් වහන්සේ අණ කළ සියල්ලම ඔවුන්ට උගන්වමින් සහ ඔවුන්ව බව් තීස්ම කරමිනි. මහා ආඥාවේ අණ නම් ගෝලයන් කරපල්ලා, යන්නයි අප විසින් ගෝලයන් කරපල්ලා, යන අණ සම්පූර්ණ කිරීමේ විධික්‍රමයන් වූ කලී ඔබ යන අතරතුරණී, බව්’තීස්ම කරමින් සහ උගන්වමින‍් යනාදිය වේ.
බොහෝ අය ක්‍රියා1:8 පදයද අවබෝධ කොට ගෙන ඇත්තේද මහා ආඥාවේ කොටසක් ලෙසය. නමුත් ශුද්ධාත්මයාණන් වහන්සේ නුඔලා කෙරෙහි පැමිණි කළ නුඔලා බලය ලබන්නහුය. ඔවිට නුඔලා යෙරුසලමෙහිද මුළු යුදයෙහිද සමාරියෙහිද පොළොවේ සීමාව දක්වාද මාගේ සාක්ෂි කාරයෝ වන්නහුයයි කීසේක. මවට බලය ලැබී ඇත්තේ ශුද්ධාත්මයාණන් වහන්සේගේ බලය කරණකොටගෙනය. අප විසින් අපගේ නගර වල: යෙරුසල මේ– අපගේ ජනපද හා රටවල: යුදය සහ සමාරිය– සහ දෙවියන් වහන්සේ විසින් අපව යවනු ලබන කොතැනක වූවත් :පොළොවෙි සීමාව දක්වා– මහා ආඥා ව සම්පූර්ණ කරමින් ක්‍රිස්තුස් වහන්සේගේ සාක්ෂිකාරයෝ විය යුතු වෙමු.
English
මහා ආඥාව යනු කුමක්ද?